English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
කැලූම් සුබසිංහ නඩුව සැප්තැම්බර් 08 වෙනිදාට
(2016-07-18)

<< Go Back
Share |   



2014 වසරේ ජුනි මස 23 වෙනිදා දිවුලපිටිය ප‍්‍රදේශයේදි පොලිස් වෙඩි පහරකින් ජීවිතක්‍සට පත්වු 22 හැවිරිදි කැලූම් සුබසිංහ යන තරුණයාගේ මව විසින් ගොණු කරන ලද මුලික අයිතිවාසිකම් පෙත්සම අද එනම් ජුලි මස 18 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ කරුණු තහවුරු කිරීම සඳහා කැඳවු අතර වැඩිදුර විභාග කිරීම සඳහා යළි ඔක්තෝබර් මස 08 වෙනිදාට කැඳවන බව විනිසුරුවන් විසින් නියෝගකර ඇත.

මෙකී නඩුවේ පෙත්සම්කාරිනිය ලෙසට මියගිය කැලූම් සුබසිංහගේ මව වන ලීලා පතිරත්න පෙනීසිටින අතර , රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය නීති උපදෙස් සහ නීති සහය ලබාදෙනු ඇත. පෙත්සකරුවන් වෙනුවෙන් නීතිඥ ලක්ෂාන් ඩයස් කටයුතු කරයි.

මෙදින නඩුව කැඳවු  අවස්ථාවේදි, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වන ප‍්‍රියසාත් ඩෙප් සහ ප‍්‍රියන්ත ජයවර්ධන යන විනිසුරුවන් ඉදිරියේ පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි  නීිතිඥ ලක්ෂාන් ඩයස් කරුණු දක්වමින් ,මීගමුව අධිකරණය විසින් කැලූම් සුබසිංහගේ අධිකරණ වෛද්‍ය වාර්තාව ඉදිරිපත්කර නොමැති බැවින් කරුණු තහවුරු කිරීම සඳහා නැවත දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

කැලූම් සුබසිංහගේ අධිකරණ වෛද්‍ය වාර්තාව මෝසමක් මාර්ගයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටත් , ලඝු නොවන නඩුවේ තොරතුරු ද අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටත් විනිසුරු පි‍්‍රයසාත් ඩෙප් විසින් පෙත්සම්කාර පාර්ශවයට දැනුම් දෙනු ලැබිණි.

මෙම නඩුව යළි ඔක්තෝබර් මස 08 වෙනිදා විභාගයට ගන්නා ලෙසට විනිසුරුවරුන් විසින් නියෝග කළේය.

තොරතුරු සහ ඡායාරූපය   -   රයිට් ටු ලයිෆ් වෙබ් අඩවිය
-    මෙලනි







Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.