English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
සංහිඳියාව ගොඩනඟන්නට සිවිල් සංවිධාන වලින් ඉදිරි පියවරක් !
(2016-07-18)

<< Go Back
Share |   



ජුලි මස 15 වෙනිදා, කොළඹ මහවැලි කේන්ද්‍රයට එක්රැස්වු සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් විසින් සංහිදියාව ඇතිකිරිමේ කාර්ය පටිපාටියේදි  සිවිල් සංවිධානවලින් කුමන ආකාරයක දායකත්වයක් දැක්විය යුතුද යන්න පිළිබඳව සාකච්ඡා කර ඇති අතර, එහිදි රට තුළ සංහිඳියාව ඇතිකරලීමෙහිලා ඉදිරි පියවර තැබීමට යම් එකඟතාවන් වලට පැමිණි බව රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ විධායක ලේකම් ප‍්‍රකාශ කරයිි.


 



ඉදිරියේදි එක්සත් ජාතින්ගේ සාම අරමුදල මගින් අමාත්‍යංශ 11ක් හරහා ක‍්‍රියාත්මක කිරීමට නියමිත සංහිඳියාව, යහපාලනය, සංක‍්‍රාන්ති යුක්තිය යන කාරණා ක‍්‍රියාත්මක වන්නේ කෙසේද යන්න සිවිල් සංවිධානවල නිරික්‍ෂණයට බඳුන්කර ගන්නේ  කෙසේද යන්න පිළිබඳවත් ශ‍්‍රි ලංකාව බහු ආගමීක හා බහු වාර්ගීක රටක් වශයෙන් පිළිගැනීම , බලය බෙදාහැරීම පිළිබඳ එකඟතාව හා සංහිඳියාව යන කාරණා මත ක‍්‍රියාත්මක වන සිවිල් සංවිධාන එකතුවක් නිර්මාණය කිරීම සහ සංහිඳියාව පිළිබඳ එක්සත් ජාතින්ගේ සංවිධානයේ යෝජනාව අනුව සිවිල් සංවිධාන වශයෙන් දකුණේ ජනතාවගේ මනස වෙනස් කළයුත්තේ කෙසේද යන්න පිළිබඳ කාරණාවන් සිවිල් සංවිධාන නියෝජිතයින් විසින් මෙදින සාකච්ඡා කළ බව රයිට් ටු ලයිෆ් සංවිධානයේ විධායක ලේකම් පිිලිප් දිසානායක අයිතියට ප‍්‍රකාශ කළේය.



"සංහිඳියාව, සංක‍්‍රාන්ති යුක්තිය, වගවීම , යහපාලනය හා නැවත පදිංචිකරවීම වෙනුවෙන් ස්ථිර විසඳුම්  සඳහා කැපවු සිවිල් සමාජ එකතුවක්" මැයෙන් පැවැත්වු මෙම සිවිල් සංවිධාන නියෝජිත හමුවට, සිවිල් සංවිධාන නියෝජිතයින් 60 දෙනෙකු සහ දිවයිනේ විවිධ පළාත්වල ක‍්‍රියාකරන සිවිල් සමාජ ක‍්‍රියාකාරීන් 50 දෙනෙකු පමණ සහභාගී වී ඇත.

ඡායාරූප -  රයිට් ටු ලයිෆ් වෙබ් අඩවිය
-     මෙලනි








Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.