English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
දකුණු පළාතේ පළමු මානව හිමිකම් ප‍්‍රථමාධාර කාර්යාලය !
(2016-07-11)

<< Go Back
Share |   


දකුණු පළාතේ මාතර දිස්ත‍්‍රික්කයේ මානව හිමිකම් ප‍්‍රථමාධාර කාර්යාලය ජුලි 09 වන දා, කඹුරුගමුව ගැමි පියස මධ්‍යස්ථානයේදි මාතර දිස්ත‍්‍රික් ලේකම් වී ඒ සි විධානගමආරච්චි මිය අතින් විවෘත කළ බව රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය ප‍්‍රකාශ කළේය.


මීට පෙර පැවති රජයයන්ට සාපේක්‍ෂව ගත්කළ මානව හිමිකම් දිනාගැනීම උදෙසාවු පරිසරය නිර්මානය වීමත් හා අවශ්‍ය නීති අලූතින් සම්පාදනය වී ඇති හෙයින් එම අවස්ථාවන් ප‍්‍රයෝජනයට ගෙන අයිතිවාසිකම් දිනාගැනීම සඳහා සියලූ පාර්ශවයන් කටයුතු කළ යුතු බව සඳහන් කළ රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ් විධායක ලේකම් පිලිප් දිසානායක, රටේ පවතින පවතින නීතිය ක‍්‍රියාත්මක නොවන ආකාරය පිළිබඳව ගැටළු රාශියක් පවතින බව උදාහරණ සහිතව පැහැදිළි කළ අතර එසේ ක‍්‍රියාත්මක නොවන නීතීන් ක‍්‍රියාත්මක කරවා ගැනීම සඳහා රජයට බලපෑම් කළයුතු බව සමාරම්භක උත්සව අවස්ථාවේ දි පැවසීය.
 


මෙම සමාරම්භක අවස්ථාව සඳහා මානව හිමිකම් ආරක්‍ෂා කිරීමේ අවශ්‍යතාවය අගය කරන මෙන්ම එහි නියැලෙමින් සිටින බොදුණු හා කිතුණු ගෞරවනීය පුජක උතුමන් ද මානව හිමිකම් ක‍්‍රියාධරයින් ද සහභාගි වුහ. 



මානව හිමිකම් ආරක්‍ෂා කිරිමෙහිලා රජය , මහජනතාව හා සිවිල් සංවිධාන යන පාර්ශව තුනම ඒකරාශීව කටයුතු කරනු ලබන මධ්‍යස්ථානයක් ලෙසට මෙම නව ප‍්‍රථමාධාර කාර්යාලය සිය කටයුතු දියත්කරනු ඇති බවත් සඳහන් කළ පිලිප් දිසානායක, ප‍්‍රාදේශීය වශයෙන් ජනතාව මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් මානව හිමිකම් ආරක්‍ෂා කිරීම සම්බන්ධයෙන් පුහුණුව ලත් කණ්ඩායමක් විසින් එම ගැටළු රජයේ මානව හිමිකම් ආරක්‍ෂා කිරීමේ යාන්ත‍්‍රණය වෙතට යොමුකරනු ලබන බවත් පැවසීය.

තොරතුරු මුලාශ‍්‍රය හා ඡායාරූප - http://www.right2lifelanka.org/new/sinhala.php

-    මෙලනි






Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.