English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
විකල්ප CAT වාර්තාවට සිවිල් සංවිධාන රාශියකගේ සහය
(2016-06-03)

<< Go Back
Share |   



2016
නොවැම්බර් මස ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වධහිංසාවට එරෙහි කමිටුව වෙත ඉදිරිපත් කිරීම සඳහා සැලසුම් කෙරෙන, ශ්‍රී ලංකාවේ සිවිල් සංවිධාන එක්සත් වාර්ථාව සකස් කිරීමේ තවත් එක් සාකච්චාවක් 2016.05.31 දින කොළඹ 06 පිහිටි ජාතික සාම මණ්ඩලය [NATIONAL PEACE COUNCIL ] හිදී පැවැත්විය.

මෙහිදී මෙම වාර්ථාව තුලින් කෲර වධහිංසාව, නීති විරෝධී ඝාතන, බලහත්කාරයෙන් පැහැරගෙන යෑම්, අතුරුදන්කරවීම්, සිරමැදිරි තුල සිදු කරන ඝාතන, බන්ධනාගාරයන් තුල සිදුවූ මානව විරෝධී ක්‍රියාකාරකම්, අධිකරණ පද්දතිය තුල සිදු වන්නාවූ නීති විරෝධී කටයුතු ඇතුළු අංශ ගණනාවක් සම්බන්දව කරුණු මෙම වාර්තාව සඳහා ඇතුලත් කිරීමට මෙහිදී විශේෂයෙන් සාකච්චා විය.

එමෙන්ම මෙම වාර්ථාව එක්සත් ජාතීන්ගේ කමිටුව වෙත යැවීමට ප්‍රථම මේ පිළිබඳව රජය සමඟ සාකච්චා කිරීමත්, පොලිස් හා මානව හිමිකම් කොමිෂන් සභා වෙත ඉදිරිපත් කිරීමටත් එහිදී එකඟත්වයකට පැමිණියහ.


උපුටා ගැනීම - http://www.right2lifelanka.org/new/newsview.php?id=1815


-  මෙලනි






Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.