English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
මාතර මානව හිමිකම් ප‍්‍රථාමාධාර සමිතිය පිහිටුවීම ජුලි 09
(2016-05-28)

<< Go Back
Share |   


ශාරීරික දණ්ඩනය ජාත්‍යන්තර හා ජාතික නීති මගින් තහනම් කර තිබුනත්, මා ගුරුවරියක වශයෙන් පාසැලේ විනය පවත්වාගෙන යාමේදී ප‍්‍රායෝගික ගැටලූ වලට මුහුණ දෙන අවස්ථා තිබෙනවා. පරිපලනයේ දී තවමත් බොහෝ පාසැල් දන්ඩනය පාවිච්චි කරනවා. පාසැල් විනය පවත්වාගෙයාම  සදහා තවමත් වෙනත් විකල්ප අපට හදුන්වා දී නැහැ. ඒ පිළිබදව බොහෝ ගුරුවරුන්ට අවබෝධයක් පවා නැහැ. සිසුවෙකුගෙන් විනය විරෝධ කටයුත්තක් සිදු වුනාම මානව හිමිකම් ප‍්‍රශ්ණ එන නිසා සමහර වෙලාවට ගැටලූ වලට මුහුණ දෙන්න වෙලා තිබෙනවා.


මින් පෙර අප විවිධ වැඩසටහන් වලට සහභගී වී සිටියත් අපේ අයිතිවාසිකම් මොනවාද යන්න විධිමත්ව දැනගන්නට ලැබුනේ අද. ඒ නිසා අද මෙම වැඩසටහන අපේ ජීවිතයට ඉතා වැදගත් බවත්, ඉදිරියේ දී මාතර ගොඩනැගෙන මානව හිමිකම් ප‍්‍රථමාධාර සමිති සදහා අප සකී‍්‍රය ලෙස මා මැදිහත්වෙන්න සුදානම් ඒ වගේම පාසැල් දරුවනුත් මීට සම්බන්ධ කරන්න මා සුදානම්. මේ අදහස් ප‍්‍රකාශ කලේ ගුරුවරියක වූ මාලනී සමරසිංහ මහත්මිය විසිනි.

ඇය මෙම අදහස් ප‍්‍රකාශ කලේ මානව හිමිකම් ප‍්‍රථාමාධර සමිති පිහිටුවීම සම්බන්ධව මැයි 28 දින මාතර කඹුරුගමුවේ ගැමි පියස මධ්‍යස්ථානයේ පැවැති අධ්‍යාපන වැඩමුලූවකට සහභාගී වෙමිනි. මෙම වැඩසටහන රයිට් ටු ලයිෆ් සංවිධානය විසින් සංවිධානය කර තිබු අතර නීතිඥ සම්පත් පුෂ්පකුමාර, පිලිප් දිසානායක, ප‍්‍රසංග ප‍්‍රනාන්දු යන මෙහි සම්පත් දායකයන් ලෙස සහභාගී විය.  

මානව හිමිකම් පිළිබ`දව විධිමත් අවබෝධයක් ලබා දීමත් එම අවබෝධය තුලින් පළාතේ සිදු වන මානව හිමිකම් කඩවීම් පිළිබදව සකී‍්‍රය ලෙස මැදිහත්වීමත් විශේෂයෙන් නව කොමිෂන් සභාවන් හි කි‍්‍රයාකාරීත්වය අධීක්ෂණය කිරීමත් මෙම මානව හිමිකම් ප‍්‍රථමාධාර සමිති පිහිහිටු වීමේ මූලික අරමුණයි.  මාතර දිස්ති‍්‍රක් මානව හිමිකම් ප‍්‍රථමාධාර සමිති පිහිටුවීම ජුලි 09 වන දින සිට ආරම්භ කිරීමට මෙහි දී තීරණය විය.





Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.