English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
යුක්තිය ඉටුකරවා ගැනිමට සත්‍යග‍්‍රහයක් - ජාතික සංවාද ඇමතිගේ සහය
(2016-05-27)

<< Go Back
Share |   



වතු කම්කරුවන්ට සිදුවි ඇති අසාධාරණය නිවරැදිකර සාධාරණය ඉටුකරන ලෙසට ජාතික සංවාධ පිළිබඳ අමාත්‍යවරයා ඉල්ලා සිටියි. පෞද්ගලීක අංශයේ සේවකයින් වෙත ලබාදුන් රුපියල් 2500/- දීමනාව වතු කම්කරුවන් වෙතද ලබාදිය යුතුය යන්න ඔහු ඇතුළු වැවිලි කර්මාන්ත වෘත්තීය සමිති යේ එකම ඉල්ලීමයි. මේ වෙනුවෙන් තවදුරටත් ඉවසීමට නොහැකි බව ද ඔහු කියයි.

වතු කම්කරු ජනතාවට ද රුපියල් 2500 යේ දීමනාව ලබාදිය යුතු බවට කම්කරු අමාත්‍යවරයා පිළිගෙන ඒ හා සම්බන්ධ ගැසට් පත‍්‍රයක් ද නිකුත්කර ඇති බව පාර්ලිමේන්තුවේදි ප‍්‍රකාශ කළ නමුත් සමාගම් පාඩු ලබන බව ප‍්‍රකාශ කරමින් එම දීමනාව මේ වන තෙක් ලබාදීමට අදාළ සමාගම් විසින් කටයුතු කර නොමැති බව ජාතික සංවාධ අමාත්‍ය මනෝ ගණේෂන් ප‍්‍රකාශ කළේය.


ඔහු මෙසේ ප‍්‍රකාශ කළේ රුපියල් 2500 දීමනාව ලබාගැනීම වෙනුවෙන් රජයට බලකර සිටීම සඳහා වැවිලි කර්මාන්ත වෘත්තීය සමිති සම්මේලනය විසින් සංවිධානය කර කොටුව දුම්රිය පොළ ඉදිරිපිට දි පවත්වන්නට යෙදුණු සත්‍යග‍්‍රහයකට සහභාගි වෙමිනි.

ඊයේ (26දා) පැවති මෙම සත්‍යග‍්‍රහය සඳහා සහය පලකරමින් රජයේ මැති ඇමතිවරු කිහිප දෙනෙක් ද සහභාගි වු අතර ෂත්‍යග‍්‍රහයේ මුලිකත්වය ගෙන තිබු එක් කැබිනට් අමාත්‍යවරයෙකු වන අමාත්‍ය මනෝ ගණේෂන් මාධ්‍යට අදහස් දක්වමින් මෙසේ ද ප‍්‍රකාශ කළේය.


 
”වැවිලි කර්මාන්ත වෘත්තීය සමිති හැටියට අපේ ස්ථාවරය පැහැදිළියි. වතුකම්කරු ජනතාවට වෙලා තිබෙන අසාධාරණය නිවරැුදි කරලා සාධාරණය කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. වතුකම්කරු ජනතාවට තමන්ගේ වැටුප ලබාගන්න සාමුහික ගිවිසුම හරහා. අවුරුදු දෙකකට සැරයක් අත්සන් කරනවා. නමුත් අවසානයේ 2015 මාර්තු මාසේ 31 වෙනිදා ඒක අවසන් වුණා. පසුව සමාගම් සමග අත්සන් තබන වෘත්තීය සමිති කිසිම උනන්දුවක් දැක්වුයේ නැහැ. මේක බලන් ඉන්න බැහැ. ඉවසීමේ කට්ට පැනල තියෙන්නෙ. අපේ ආණ්ඩුව අනිකුත් පෞද්ගලීක ආයතනවල සේවකයින්ට ලබාදුන්න ඒ සහනය අපේ වතු කම්කරුවන්ටත් අනිවාර්යයෙන්ම අයිති විය යුතුයි. අපිට 2500  ඕනෙ.”
   
ලාභ ලබන විට ඒ ලාභය කම්කරුවන් සමග බෙදා නොගත්තේ යැයි සඳහන් කළ මනෝ ගණේෂන් අමාත්‍යවරයා සාමුහික ගිවිසුම නැවත අත්සන් කරන තෙක් තාවකාලික වශයෙන් හෝ වතුකම්කරුවන් සඳහා රුපියල් 2500ක දීමනාව ලබාදීමට කටයුතු කරන ලෙසට එකී සමාගම්වලින් ඉල්ලා සිටියේය. ඒ සඳහා සති දෙකක කාලසීමාවක් ලබාදෙන බවත් ඒ කාලය තුළදී මෙම ඉල්ලීම ඉටුකරන්නට අපොහොසත් වුවහොත් දැවැන්ත වැඩවර්ජනයකට යොමුවන බවත් ප‍්‍රකාශ කළේය.
 


"මම සමාගම් වලටත් කියනවා ඒවගේම ගිවිසුම් වලට අත්සන් තබන වෘත්තීය සමිතිවලටත් කියනවා ජනතාවට බොරු කරන්න එපා , ජනතාව රවට්ටන්න එපා. ආණ්ඩුව තුළ ඇමතිවරු හැටියට අපි වගකීම ඉෂ්ට කරලා තියෙනවා, අගමැතිතුමාට කියලා කම්කරු ඇමතිතුමාට කියලා ගැසට් පත‍්‍රයක් නිකුත් කරල තියෙනවා. ” යැයි පැවසු අමාත්‍ය මනෝ ගණේෂන් , සමාගම් පාලනය කරන්නට නොහැකි නම් සමාගම් ආණ්ඩුවට ලබාදෙන ලෙසට සමාගම් හිමිකරුවන්ට දන්වා සිටියේය.

මෙම සත්‍යග‍්‍රහය සඳහා කැබිනට් අමාත්‍ය පලනි දිගම්බරන් , අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී රාධක‍්‍රිෂ්ණන් හා එක්සත් සමාජවාදි පක්‍ෂයේ නායක සිරිතුංග ජයසුරිය ඇතුළු මහජන නියෝජිතයින් කිහිප දෙනෙකු එක්ව සිටියහ.
 
පිංතුර  -  ඬේලිමිරර්
-මෙලනි







Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.