English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
උතුරේ ජන ජීවිත ගැන ආණ්ඩුකාරවරයා මෙසේ කියයි -
(2016-05-09)

<< Go Back
Share |   


වව්නියාව, කැලෑබෝගස්වැව ප‍්‍රදේ්ශයේ නැවත පදිංචිකර ඇති යුධ අනාථයින්  ස්ථීර නිවාස නොලැබීම, ගමනාගමන අපහසුකම් සහ උග‍්‍ර සෞඛ්‍ය ගැටලූවලට මුහුණ දෙනු ලබන බව, එම ප‍්‍රදේශයේ කළ සංචාරයකින් පසුව උතුරේ ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ ප‍්‍රකාශ කරයි.  


සිය සංචාරයෙන් අනතුරුව මාධ්‍යට අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා මෙසේ ප‍්‍රකාශකර ඇත.


"උතුරේ මේ වන විට රෝහල් 10ක කිසිම වෛද්‍යවරයෙක් නැහැ. තවත් රෝහල්වල හෙදියන්වත් සේවකයෝවත් නැහැ. වෛද්‍යවරයාටම තමයි බෙහෙත් ටිකත් දෙන්න සිද්ධවෙලා තියෙන්නෙ. පිට පළාත්වල ඉඳලා මේ පළාතට වෛද්‍යවරු එන්නෙ නැහැ. මොකද ඔවුන්ට මෙහෙ ඇවිත් ඉන්න පහසුකම් නැහැ. මේ ප‍්‍රදේශවලින් හෙද හෙදියන් බඳවා ගන්න විධියක් නැහැ මොකද හෙද විභාගෙට ලියන්න ඔවුන්ට දැනුම සුදුසුකම් නැහැ. මේක මහා ගැටලූවක්."

එමෙන්ම, උතුරේ දමිළ යුධ අනාථයින් ගේ ඉඩම් සම්බන්ධයෙන් ද අදහස් දක්වා ඇති ආණ්ඩුකාරවරයා අවධාරණය කර ඇත්තේ යමෙක් සතුව තිබු ඉඩම් නැවතත් ඒ අයිතිකරුවන් වෙත ලබාදීම යුතුකමක් බවයි.

වරෙක මෙරට වෙරළබඬ ප‍්‍රදේශවල ඉඩම් පරංගින් සිට ලන්දේසින් සහ ඉංග‍්‍රිසීන් අල්ලාගෙන සිටි බවත් පසුව එල්ටීටීඊ ය සහ අයිපීකේෆ් අල්ලාගෙන සිටි බවත් සඳහන් කළ ආණ්ඩුකාරවරයා , "ඔවුන් ඒ ඉඩම් නැවත අපටම තියලා ගියා. ඒ වගේ අපේ හමුදාවන් ඔවුන්ගේ භාවිතයට අරගෙන තිබෙන ඉඩම්වල අයිිතිකරුවන් සිටින්නේ නම්, ඒ ඉඩම් ඔවුන්ට ලබාදීම ඉක්මනින් සිදුකළ යුතුයි." යනුවෙන් ප‍්‍රකාශකර ඇත.

මෙම අවස්ථාවට උතුරු පළාත් සභා මන්ත‍්‍රි වී ජයතිලක සහ වව්නියාව දකුණ ප‍්‍රාදේශීය ලේකම් එම් එස් ජානක යන අය සහභාගි වු බව වාර්තා වෙයි.

තොරතුරු මුලාශ‍්‍රය හා ඡායාරූපය - රොමේෂ් මධුසංඛ

-මෙලනි






Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.