English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
පිට පාරේ යන්න බැරි වෙන්න, ජනවාරි 06 දා සිට නැවතත් විදියේ විරෝධය !
(2015-04-01)

<< Go Back
Share |   



2015 ජනවාරි මාසයේදී පැවති ජනාධිපතිවරණය මුලික කරගෙන රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක් එකතුවී වියරුවට එරෙහිව ජීවිතය උදෙසා යන අරමුණ ඇතිව, වීදියේ විරෝධය මැයෙන් මහජනතාව දැනුවත් කළ වැඩසටහන් මාලාවක් දියත් කළා. එහිදි ඔබලාගේ අවශ්‍යතාවය නැතිනම් එම වීදියේ විරෝධයේ සැබෑ අරමුණ සාක්‍ෂාත් වුණා. එනම් රාජපක්‍ෂ රෙජීමය පරජාය කර වෙනසක් උදෙසා නව ජනතා නායකත්වයක් පත්වුණා. විදීයේ විරෝධය විසින් රට තුළ යහපාලනයක් උදෙසා ඉදිරිපත් කළ යෝජනා ඉල්ලීම් රාශියක් ද තිබුණා. ප‍්‍රතිසංස්කරණ සමග වෙනසක් අවශ්‍ය බවයි කියා සිටියේ. ඉදිරියේ දි පත්වන නව ආණ්ඩුව කෙරෙහි ඇස ගසා සිටින බවක් තමයි එදා වීදියේ විරෝධය රටවටා ගොස් මහජනතාවට ප‍්‍රකාශකර සිටියේ.

එහෙත් වර්තමානයේදි විදියේ විරෝධයේ ක‍්‍රියාකාරිත්වයක් පිළිබඳව නොඇසෙන, නොපෙනෙන බැවින් විිීදියේ විරෝධය කණ්ඩායමේ කැ`දවුම්කාර මණ්ඩලයේ සභික පිලිප් දිසානායකගෙන් අයිතිය මෙසේ විමසුවා.
 
ඇයි දැන් වීදියේ විරෝධය කණ්ඩායම නිශ්ශබ්ද? මහජනතාව වෙනුවෙන් ඔබලාගේ යුතුකම් ඉටුකර හමාරයැයි සිතනවා ද?

කිසිසේත්ම නැහැ. අපි නිහ`ඩ නැහැ. පසුගිය මාස දෙක අප වෙහෙසුනේ විදියේ විරෝධය අභ්‍යන්තරය ශක්තිමත් කිරීම සදහායි. මැතිවරණයට පෙර දින 35 මෙහෙයුම තුළ අප කි‍්‍රයාධරයන් සම`ග සාකච්ඡාවකට එතරම් වෙලාවක් තිබුනේ නැහැ.  එ් නිසාම අප වහාම ජයග‍්‍රහණයෙන් සතියකට පසු අප කි‍්‍රයාකාරීන් සම`ග කළ දෙදින සාකච්ඡාවකින් පසුව විදියේ විරෝධයේ ඉදිරි කි‍්‍රයාකාරීත්වය සම්බන්ධව සැලැස්මක්  ගොඩ නැගුවා. විදියේ විරෝධය පැවැත් වු දිස්ති‍්‍රක්ක 10න් දිස්ති‍්‍රක්ක 7 ක අප ප‍්‍රධාන කි‍්‍රයාකාරීන් ගේ හමු පැවැත්වූවා. ඉන් පසුව ජාතිවාදයට එරෙහිවත්, අප ඉදිරිපත් කළ ප‍්‍රතිසංස්කරණ යෝජනා පිළිබදව දැනුවත් කිරීමත් ස`දහා ‘‘දාා්තට ගනිමු’’ දේශපාලන හා සංස්කෘතික වැඩසටහන් ගාල්ල, මාතර, හම්බන්තොට හා අනුරාධපුර යන දිස්ති‍්‍රක්කයන් හි සාර්ථකව පැවැත් වුවා.

ඔබ කිවා මෙන් ජයග‍්‍රහණයෙන් පසු අපි එලිමහන් කි‍්‍රයාකාරීත්වයට පැමිණියේ නැහැ. නමුත් අගවිනිසුරු මොහාන් පීරිස් ගෙදර යැවීමටත්, පොර්ට් සිටි ව්‍යාපෘතියට එරෙහිවත් විදියේ විරෝධය සංවිධානාත්මකව මැදිහත් වුනා.

ඔබ ඇතුලූ වීදියේ විරෝධය කණ්ඩායමට එරෙහිව මඩ ප‍්‍රචාරයන්, මරණීය තර්ජනයන්ට මෙන්ම බරපතල ප‍්‍රහාරයන්ට පවා ගොදුරු වුනා. ජනවාරි 06 දා මරාදැමු බල්ලන්ගේ ඔලූ කි‍්‍රයාධරයන්ගේ නිවෙස් ඉදිරිපිට පවා ගෙනවිත් දමා තිබුනා. කවුද මේවා කළේ ? නව ආණ්ඩුව මේ සම්බන්ධයෙන්  කි‍්‍රයාමාර්ග ගෙන තිබේද?

ඔව් අපිට බරපතල තර්ජනයන් තිබුනා. ස්වාධීන ?පවාහිනිය අපගේ ඡායාරූප ඉදිරිපත් කරමින් දිගින් දිගටම අපිට විරුද්ධව ප‍්‍රබල අවලාද නැගුවා. පසුගිය ඔක්තෝබර් 25 දා අප කි‍්‍රයාධරයන්ගේ ඡායාරූප අතුලත් කළ මඩ පොස්ටර් ව්‍යාපාරයක් දියත් කර තිබුනා. ඊට පසු දින බි‍්‍රටෝ සහෝදරයාගේ නිවසට ගල් ප‍්‍රහාරයක් එල්ල කලා. ඉන් පසුව දෙසැම්බර් 05 ජයතිලක බණ්ඩාර ඇතුලූ අප කණ්ඩායමට අනුරාධපුර එප්පාවලදී පොලීසිය බලා සිටියදී මැර ප‍්‍රහාරයට ලක් වුනා. දෙවැනි ප‍්‍රහාරය දෙසැම්බර් 21 හම්බන්තොට දී ජයතිලක, සම්පත්, සජීව, ප‍්‍රසංග හා මා අමානුෂික ප‍්‍රහාරයට ලක් වුනා. මෙම සියලූ ප‍්‍රහාර සිදුකලේ මහින්ද රාජපක්‍ෂගේ හෙච්චයියෝ.

මේ අතර ජනවාරි 05 දා අපි වෙනුවෙන් අහිංසක බල්ලො දෙන්නෙක දිවි පුදනවා. බි‍්‍රටෝ හා ප‍්‍රසංගගේ නිවෙස් ඉදිරිපිට එ් බල්ලො දෙන්නගෙ ඔලූ ෂොපින් බෑග්වල දාල ගෙනත් දාමා තිබුණා. ජනවාරි 07 දා බි‍්‍රටෝ, ප‍්‍රසංගට හා මට දුරකතනයෙන් තර්ජනය කර පවුල් පිටින් මරාදමන බවට තර්ජනය කළා. මේ සියලූ අභියෝග මැද්දෙ තමයි වීදියේ විරෝධය ඉදිරියට ගෙන ගියේ.

අපි මේ සෑම සිද්ධියක් සම්බන්ධව ම පැමිණිළිි කරල තිබෙනවා. අපට පහරදීම සම්බන්ධව එප්පාවල හා හම්බන්තොට මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩු ගොනු වී තිබෙනවා. නමුත් එ් කිසිම නඩුවක ගිනි අවි පෙන්වා අපට පහරදී මරණීය තර්ජනය කළ බව පොලීසිය විසින් සඳහන් කර නැහැ.

මේ සියලූම සිද්ධීන් සම්බන්ධව විස්තර ඉදිරිපත් කරමින් කඩිනම් හා අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන ලෙසට අපි පොලිස් පතිටත් ලිපියක් මගින් ජනවාරි 21 දා දැන් වුවා. නමුත් තවමත් සැලකිය යුතු පරීක්ෂණයක් ආරම්භ වෙලා නැහැ.
 
නව රජය තුළ විදීයේ විරෝධයේ ක‍්‍රියාකාරිත්වය නැති නම් ගමන් මග කුමක් ද ?
 

නව රජය ගෙන එනු ලැබූ නව නීති වල ගුණාත්මක භාවය වැඩි කිරීමට රජය සමග සාකච්ඡාවට අපි සූදානමින් සිටියා. නමුත් එයට අවස්ථාවක් ලබා ගන්න බැරි වුනා. අපි දන්නවා එයාලට වැඩ වැඩි බවත් කාලයක් නොමැති බවත්. නමුත් එ් සදහා එක් එක් ක්ෂේත‍්‍රයේ විශාල අත්දැකීම් සහිත සිවිල් සමාජයේ අදහස් ලබා ගැනීම ඉතා වැදගත්. දැනටමත් සම්මත නව නීතිවල ගුණාත්මක භාවයේ ප‍්‍රශ්ණ තිබෙන බවට අපට වාර්තා වෙලා තිබෙනවා.

මෙම ජයගහණය සදහා බෙදිල වෙන්වෙලා හිටපු ජාතීන් එකට එකතු වුනා. මහින්ද රාජපක්‍ෂගේ රෙජීමය විසින් රජයේ මෙන්ම පෞද්ගලික මාධ්‍ය ද යොදාා ගෙන වැපුරූ ජාතිවාදී මතවාදයන් අවසානයේ සිංහල බෞද්ධයන් පවා ප‍්‍රතික්ෂේප කලා. එ්කයි එ් පළාත් තුළින් ගියවරට වඩා මෙවර ඡන්ද අඩුවුනේ. එ් මතවාද එ් තරමට කෲරයි.

මෙම කෲර මතවාදය තාවකාලිකව පරාජය කලාට නැවත හිස ඔසවන්න පුලූවන්. පොඩි පෙට්ට‍්‍රල් ටිකක් ඇති ලොකු ගින්නක් අවුලූවන්න. දැන් ඇම්බැට්ටයො කිහිප දෙනෙක් දාල වැඬේ පැට්ට‍්‍රල් ඉහගෙන යනවා. මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරන්න නම් මේ ජාතිවාදී නඩය ගෙදරම යවන්න  ඕන. නමුත් ජාතිවාදයට මතවාදීමය වශයෙන් මුහුණ දීමේ වැඩ පිළිවෙලක් තිබෙන බවක් මේ රජයෙන් අපට තවම පෙනෙන්නෙ නැහැ.

නව ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති සහ ක‍්‍රියා කළාපයන් පිළිබඳව විදීයේ විරෝධය කණ්ඩායමේ ප‍්‍රතිචාරය කුමක් ද ?

අප විදියේ විරෝධය ලෙසට සංවිධාන 112 ක් එක්ව මේ රටට අවශ්‍ය ප‍්‍රතිසංස්කරණ ඇතුලත් සිවිල් සමාජ ප‍්‍රතිසංස්කරණ යෝජනා මාලාවක් සකසා වර්තමාන අගමැති හා  ජනාධිපති වෙත පිලිවෙලින් පසුගිය නොවැම්බර් 25 හා දෙසැම්බර් 10 වන දින භාරදෙනු ලැබුවා. අප ඉදිරිපත් කළ ප‍්‍රධාන යෝජනා කිහිපයකුත් දින 100 වැඩ පිළිවෙල තුළ අන්තර්ගත වෙලා තිබෙනවා. දැනටමත් ඉන් නීති දෙකක් සම්මත වෙලා. බලාපොරොත්තු වූ වේගයෙන් නොවුනත් රජයේ ගමන් මග පිළිබදව තවමත් උපේකෂාවෙන් සිටිනවා.

අපේ අතීත අත්දැකීම පළමු මාස හය හෝ අවුරුද්ද අතර කාලය තමයි රජයකින් ප‍්‍රතිසංස්කරණ ලබා ගත හැකි වන්නෙ. සියලූ පොරොන්දු ඉටු කරයි කියල විශ්වාසයක් අපට කොහෙමත් නැහැ. නමුත් අත්‍යවශ්‍ය ප‍්‍රතිසංස්කරණ මේ රජය සිදු කළ යුතුයි. නැත්නම් ආසියාවේ අඩුම කාලයකින් කඩා වැටුනු ආණ්ඩුව මෙය විය හැකියි.

මෙම ජයග‍්‍රහණය මෛතී‍්‍රපාල මහතාගේ හෝ රනිල් වික‍්‍රමසිංහ මහතගේ ජයක් නොවෙයි. මෙය මේ රටේ ජනතාව ලැබූ ජයග‍්‍රහණයක් ජාති ආගම් කුල කිසිවක් නොතකා රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇති කිරීම ස`දහායි අපි සියලූම දෙනා එකට අත්වැල් බැද ගත්තෙ. නව රජය මොනව කලත් එ් එක්සත් කම තවම තිබෙනවා.
 
ඔබලා එදා පැවසුවා මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා තවත් මහින්ද රාජපක්‍ෂ කෙනෙකු නොකරන්නට වගබලා ගතයුතුයි කියා. එසේ නොවන්නට ඉදිරියේ ක‍්‍රියාත්මක කිරීම සඳහා කුමන හෝ වැඩපිළිවෙළවල් , සැළැසුම් තිබේද ?

ඔව්! 1994 දී මෙන් නෙවෙයි අද රට. මිනිසුන් ඉතා උනන්දුවෙන් හා උද්යෝගයෙන් ඉන්නෙ. මේ රජය බලයට ගෙන එන්න කටයුතු කළ අප ඇතුලූ සියලූම කණ්ඩයම් ඉන්නෙ යම් කිසි විවේචනාත්මක නමුත් සහයෝගයෙන්. රජය අවශ්‍ය ප‍්‍රතිසංස්කරණ සිදු නොකලොත් මේ සියලූ බලවේග නැවත මේ රජයට විරුද්ධ වෙන එක වලක්වන්න බැහැ. අපි දන්නවා සුචරිතවාදී පාලයනක් මේ අයට ගෙනියන්නේ බැහැ කියලා.  නමුත් දින 100 නොවෙයි දින 300 ක් හරි අරගෙන පොරොන්දු වූ ස්වාධීන කොමිෂන් සභා, විධායක කප්පාදු කිරීම, අනෙකුත් අණ පනත් හා දුෂණ වැලැක්වීම සහ ජාතික සමගිය ගොඩනැගීමට අවශ්‍ය කාරනා ඉටු කළ යුතුයි. අපි ඉන් එහා දෙයක් මේ රජයෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ.

ඊට වැඩියල ලැබුනොත් බෝනස්. කොහොමත් එය ඉටු නොකර මේ රජයට වෙන ගමනකුත් නැහැ. රජයට පිට පාරේ යන්න බැරි වෙන්න අපි ජනවාරි 06 දා සිට නැවත පාරට එනවා විදියේ විරෝධය සමගින්..........
 
පිට පාරේ ගියොත් මහින්ද එලෙව්වා වගේ අපි මේ රජයත් එලවන්න එක්සත්ව කටයුතු කරනවා. නමුත් එ් නැවත මහින්දව බලයට ගෙන එන්න නම් නොවෙයි. 



ඡායාරූපය හා සංවාදය - මෙලනි මානෙල් පෙරේරා















Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.