English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
මහින්ද රාජපක්‍ෂ අපිට ද්‍රෝහින් කියන නිසා, අපි මහින්ද රාජපක්‍ෂ පරාජය කළ යුතුයි
(2015-01-06)

<< Go Back
Share |   




"වියරුවට එරෙහිව-වීදියේ විරෝධය" හලාවත නගරයේ ඉදිරිපත් කිරීම ජනවාරි 03වෙනිදා සැළසුම් කරතිබු ආකාරයෙන් ම දියත් කරන්නට අවකාශ නොලැබිණි. ඊට බලපෑ එකම හේතුව වුයේ, විදියේ විරෝධය ආරම්භයේදි නීතිය සුරකින හා මහජන ආරක්‍ෂාව සපයන පොලිසිය විසින් සහය ලබාදුන්න ද විදීයේ විරෝධය ආරම්භකර හෝරාවක් පමණ ගතවු පසුව හලාවත මූලස්ථාන පොලිස් පරික්‍ෂක පී. කස්තුරිආරච්චි සහ හලාවත සහකාර පොලිස් අධිකාරි එස්. වික‍්‍රමසූරිය විසින් විදීයේ විරෝධය නවත්වන ලෙසට කළ ඉල්ලීමයි. පාගමන් යන්නට, පත්තරය අලෙවි කරන්නට, මෙගාෆෝන් භාවිතා කරන්නට සහ පති‍්‍රකා බෙදන්නට ඉඩදිය නොහැකි බවට ඔවුන් අවවාද කළේය. අවසානයේදි සහකාර පොලිස් අධිකාරිවරයා විසින් කියා සිටියේ පැය භාගයක පමණ වෙිලාවක් තුළ විදීයේ විරෝධය සමාප්ත කරන ලෙසටය. එය ඉතාම කාරූණීක ඉල්ලීමක් විය. "අපට වැටහෙනවා ඔබලා කරන දේ. නමුත් මේ නිල ඇඳුම ඇඳගෙන ඉන්නේ ඔබලා වගේම පුද්ගලයෙක් බව තේරුම් ගන්න උත්සාහා කරන්න. අපිට සහය වෙන්න." එසේ කීයු සහකාර පොලිස් අධිකාරිවරයාගෙත්, මූලස්ථාන පොලිස් පරික්‍ෂකවරයගෙත් මුවින් නොකි දෑස් වලින් විදියේ් විරෝධයට කියා පෑ දේ අපිදු තේරුම් ගතිමු.

මෙම සිදුවීම සම්බන්ධයෙන්, අයිතිය වෙබ් අඩවියට මෙසේ අදහස් ප‍්‍රකාශ කළේ අතුරුදහන්වුන්ගේ පවුල් එකතුවේ සභාපති මෙන්ම විදියේ විරෝධයේ සංවිධායකයෙකු වන බි‍්‍රටෝ ප‍්‍රනාන්දු ය.

අද හලාවත අපේ් වීදියේ විරෝධය සංචාරයේදි පොලීසිය එක් පැත්තෙකින් අපිට සහයෝගය දුන්නා අනෙක් අතට පොලීසිය තර්කයක් ගෙනාවා අපිට මේ ආකාරයෙන් පාරවල්වලට බැහැලා මැතිවරණ අපේක්‍ෂකයෙකුට සහය දැක්වීමේ කටයුත්තක් කරන්නට බැරිය කියලා. නමුත් අපි පොලීසියට පැහැදිළි කළා අපි සිවිල් සංවිධාන හැටියට අපි ඉදිරිපත් කරන ඉල්ලීම් සියලූම ජනාධිපති අපේක්‍ෂකයින්ට පොදුයි, ඒවා ගැන මහජනතාවට කියන්නයි අපි පාරට බැස්සෙ කියලා. නමුත් පොලිස් නිළධාරියා අපිට කීවා අපේ ජන බලය කියන පත්තරය අලෙවි කරන එක නවත්වන්න කියලා. ඔව් අපි පිළිගත්තා මහින්ද රාජපක්‍ෂ අපිට ද්‍රෝහින් කියන නිසා, අපි රට පාවා දෙන්නන් කියන නිසා, සිවිල් සංවිධාන විධියට මහින්ද රාජපක්‍ෂ පරාජය කළ යුතුයි කියලයි අපි පත්තරය ඉදිරිපත් කරන්නෙ කියලා නමුත් පත්තරේ කිසිම ඡුන්ද ලකුණක්වත් අපේක්‍ෂයෙකුගෙ නමක්වත් ඒකේ තිබුණේ නැහැ රටේ තත්ත්වය හා සිවිල් සංවිධාන කළ යුත්තේ කුමක්ද කියලා සඳහන්කරලා තිබුණා. අනෙක් කරුණ තමයි පස්දෙනාට වැඩිය එකතු වෙන්න බැහැයි කිව්වා. නමුත් ඒ කියමන වැරදියි, පස්දෙනාට වඩා ඉන්න බැරි හදිසි නීතිය යටතේ පමණයි. අපි මහජනතාවට අවහිර කරන්නෙ නැත්නම්, ගමනාගමනයට අපි බාධා කරන්නෙ නැත්නම් අපිට අපේ වැඬේ කරන්න පුළුවන්. මෙගාෆෝන් එක පාවිච්චි කරන්න එපා කිව්වා නමුත් ඩෙසිබල් 66ට අඩුනම් අපිට පුළුවනි මෙගාෆෝන්එක පාවිච්චි කරන්න. අද ස්වීප් විකුණනවා, විවිධ ප‍්‍රචාරක කටයුතු කරනවා නමුත් පොලීසිය ඒවට බාධා කරන්නේ නැහැ. නමුත් අපිවයි පොලීසිය නවත්වන්නේ. අපි නිත්‍යානුකූලවයි අපේ වැඬේ කරන්නේ. අපි පොලීසියට බාධාකරන්න කැමති නැහැ. අපිට තේරේනවා අද පොලීසියේ තත්ත්වය. ඒක තේරුම් අරගෙන මෙගාෆෝන් පාවිච්චිය පැත්තකට දාලා අපි මෙහෙම වීදීයේ හිටගෙන ඉන්නවා ජනතාවට පේන්න අපේ විරෝධය. 

අපිට මහින්ද රාජපක්‍ෂ දෙ‍්‍රා්හීන් කියනවානම්, අපි රට පාවා දෙන්නෝ කියලා කියනවානම් අපි කොහොම එයාගෙන් සිවිල් සංවිධාන ඉල්ලීම් ඉල්ලන්නෙ? අපි හිතනවා මේ රටේ බුද්ධියක් තිබෙන මිනිස්සු මහින්ද රාජපක්‍ෂව පරාජය කරයි කියලා. ඒ පරාජය තුළ බොහෝවිට පත්වන්නට සිටින්නේ මෛත‍්‍රිපාල සිරිසේනයි. ඒ නිසයි අපි එයාට කියන්නේ. අපි එයාට කියනවා, මහින්ද අපිට ද්‍රෝහියෝ කියනවානම්, රට පාවාදෙන්නෝ කියනවානම්, අපි ඔයාටයි කියන්නෙ. මනුෂ්‍යත්වයේ නාමයෙන්, මේ රටේ ජිවත්වෙන මිනිස්සු වෙනුවෙන් , අපේ මේ පත‍්‍රිකාවේ තිබෙන ඉල්ලීම් ගැන සළකා බලන්න කියලා. ඒ සඳහා අවශ්‍යකරන පසුබිම ජනවාරි 08 වෙනිදාට මේ රටේ මිනිස්සු ඉටුකරාවි කියලා අපි විශ්වාස කරනවා.

සටහන හා ඡායාරූප - මෙලනි මානෙල් පෙරේරා



2015-01-06


Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.