English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
වයිරසය ජයගන්න ස්වදේශියක ජනයාට සවන් දෙන්න, අනුගමනය කරන්න - කොලොම්බියාවේ හිටපු ජනාධිපති
(2020-05-16)

<< Go Back
Share |   


මිනිසා විසින් මිහිතලයට තර්ජනයක් වූ ආකාරය සම්බන්ධයෙන් ස්වදේශීය ජනයා පවසන දෙයට අප ඇහුම්කන් දිය යුතු කොළොම්බියාවේ හිටපු ජනාධිපතිවරයා පවසයි. කොලොම්බියාවේ හිටපු ජනාධිපතිවරයා වන්නේ ජුවාන් මැනුවෙල් සන්තෝස් ය. ඔහු 2016 වසරේ දී කොලොම්බියාවේ දීර්ඝ කාලීන සිවිල් යුද්ධය අවසන් කිරීම උදෙසා ගන්නා ලද ක්‍රියා මාර්ගයන් හේතුවෙන් නොබෙල් සාම ත්‍යාගය දිනූ පුද්ගලයාය.

හිටපු කොලොම්බියානු ජනාධිපතිවරයා ලෝක නායකයන්ගේ ගෙන් ඉල්ලා සිටින්නේ ස්වදේශික ජනයාට, විශේෂයෙන් ඔවුන්ගේ පරිසරය ගැන ඔවුන්ගේ අදහස් වලට ඇහුම් දිය යුතු බවයි.

ඔහු මෙසේද පැවසීය.

කොරෝනා වයිරසයේ වසංගත තත්ත්වය යටතේ ගෝලීය තර්ජනය විසින් අපෙන් ඉල්ලා සිටිනවා නැවත කල්පනා කරන්න සොබාදහම හා මිනිසා අතර ඇති සම්බන්ධතාවය. ලෝක නායකයින් විද්‍යාව හා ලෝක ව්‍යාප්ත සහයෝගීතාවයන්ගෙන් පසුබසින අවස්ථාවක ස්වදේශික ජනතාවගේ ප්‍රඥා සම්පන්නභාවය නිසා ඔවුන්ට අපට මග පෙන්විය හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.  

ස්වදේශික ජනයා ලෝක ජනගහනයෙන් 5% වුවත්, ඔවුන් විසින් ලොව සෞඛ්‍ය සම්පන්නම පරිසර පද්ධතිය නොනසා පවත්වාගෙන යනු ලබනවා. ඔවුන් පොළොවේ හතරෙන් එකක් පාලනය කරනවා. ලෝකයේ 80%ක ජෛව විවිධත්වයක් ආරක්ෂා කරනු ලබනවා.  

තමන් හා කොලොම්බියාවේ ස්වදේශික ජනයා අතර ඇති සම්බන්ධය සම්බන්ධය සම්බන්ධයෙන් ඔහු පැවසුවේ මෙවැනි අදහසක්.

මම 2010 දී කොලොම්බියාවේ ජනාධිපති වූ දිනයේ අපගේ වැඩිමහළු සහෝදරයින් වූ සියරා නෙවාඩා ඩි සැන්ටා මාර්තා කඳු වැටියේ වාසය කරන ස්වදේශික ජනයා මට ඉතා වැදගත් පණිවිඩයක් දුන්නා. කොළොම්බියාවේ සාමය හා සමගි සන්ධානය ඇති කරන්න ඒ වගේම එම සමගි සන්ධානය මිහිමව සමගත් එය කරන්න. මන්ද මිහිමව උමතු වී සිටින්නේ. ඇය උමතු වී සිටින්නේ විශාල ලෙස වැරදි සහගත ලෙස ඇයව සලකා හැර තිබීම නිසා කියලා ඔවුන් කියනවා.    

මේ මිහිතලයේ සිටින සෑම මිනිසෙක්ම, සෑම රජයක්ම වර්තමානයේ එම අවවාදය ඕනෑ කමින් සලකා බැලිය යුතු අනතුරු ඇඟවීමකි.

මනුෂ්‍යයත්වය හා සොබාදහම වෙන කිසිම දිනකටත් වඩා එකට ගැලපී තිබේ. ලෝකය බේදයන්ගෙන් විනාශ වෙමින් තිබුණි. මිලියනකට වඩා ජනතාවක් විනාශ වීමේ අනතුරක් තිබේ. ගෝලීය උණුසුම ඉහළ යමින් පවතී. ගංවතුර වැඩිවී තිබේ. වනාන්තර ගිනිගැනීම් ලෝකය පුරාම. මිනිසාගේ බලහත්කාරකම් නිසා සොබාදහම සහමුලින්ම යටපත් කරන අර්ථශාස්ත්‍ර හා ජීවිත වෙත වසංගතය විසින් මුදා හැර තිබෙනවා    

මට තේරුම් ගන්න පුළුවන් ආවේගය. නමුත් මම මගේ සහෝදර ජාතික නායකයන්ගෙන් ඉල්ලා සිටිනවා, එය ප්‍රතික්ෂේප කරන්න.

කොලොම්බියාවේ හිටපු ජනාධිපතිවරයා ධූරයට පත්වූ දිනයේ ස්වදේශික නායකයින් සමග සිදුවූ සිදුවීම ද ඔහු එහි විස්තර කර තිබුණා. එහි දී ඉතා ගැඹුරු පණිවිඩයක් ජනාධිපතිවරයාට ලබා දී තිබුණා. 

මාගේ ජනාධිපති සමාරම්භක දිනයේ මම ස්වදේශික නායකයන් හමුව, සංකේතාත්මකව ඔවුන්ගේ අවසරය පැතුවා බලය බාර ගැනීමට. ඔවුන් ඊට එකඟව වූ පසුව මට අධිකාරී බලයේ යෂ්ඨිය ලබා දුන් අතර, ගල් සතරකින් යුතුවූ සංක්තේත්මක ගෙල පළඳනාවක් දී පිරිනමනු ලැබුවා. එහි මුල්ම ගලින් කියවෙන්නේ භූමිය ආරක්ෂා කළ යුතු බවයි. දෙවැනි සංකේතය වූයේ ජීවිතයට නිධානයක් බඳු වූ ජලයයි. තෙවැන්න සංකේතවත් වූයේ මිනිසා විසින් සුසංයෝගයෙන් ජීවත්විය යුතු සොබාදහම. අවසාන ගලින් සංකේතවත් වූවේ රජය විසින් සොබාදහමට හා නිර්මාණකරුගේ කැමැත්තට ගරු බහුමානයෙන් සැලකිය යුතු බව      

මේ ස්වදේශික නායකයන් විසින් පොළොව හා එහි සම්පත් සම්බන්ධයෙන් වූ මගේ දර්ශනය පරිවර්තනය කළා. දේශයක භාරකාරත්වය මනුෂ්‍යයත්වයට හොරණෑවක් නොවනවා සේම, මනුෂ්‍යයත්වය, සොබාදහමෙන් වෙන් කළ නොහැකි බවත් ඔවුන් මට කියා දුන්නා. 

මෙය මගේ මනසේ දරාගෙන මම ඊළග වසර අටක කාලය ජනාධිපති ලෙස ගත කළා. මගේ පරිපාලනය විසින් භීෂණකාරී මනුෂ්‍ය හා පරිසරික වැයකිරීමක් වූ, අඩසියවසක කාලයක් තිබුණු සිවිල් යුද්ධය අවසන් කලා. ජර්මනියට වඩා විශාල බිම් කඩක් තුළ දිගුකාලීන රැකවරණයක් ඇති කළා සහ දේශගුණය වෙනස්කම් සඳහා සටන් කිරීමට කාබන් බද්ධක් පැනවීමක් සිදුකළා.   

මෙම ක්‍රියාමාර්ගයන් කොලොම්බියාවටත් පොදුවේ පෘතුවි තලයටත් සුබවාදී ඒවා. ලෝකයේ වර්ග කිලෝමීටරයක් තුළ ජෛවවිවිධත්වය වැඩිම රටක් කොලොම්බියාව. අසමසම වෙරළබඩ තීරය, සමුද්‍රය, කඳු සමූහය තුළ ඇති පාරිසරික පද්ධතිය, මුළු කලාපයටම ප්‍රතිලාභයක් ලබනවා.     

ලෝකයේ සෑම රටක්ම වගේ කොලොම්බියාවටත් හුදකලාව සිටින්න බෑ. අපත් අපගේ සීමාවන්ට එපිටින් තිබෙන ක්‍රියාකාරිත්වයන් නිසා සැමවිටම අනතුරුදායක තත්ත්වයක සිටිනවා. එම නිසයි අප දිගුකාලීන සංවර්ධන ඉලක්ක 2012 පැවති රියෝ 20 සමුළුවේදීත්, පැරිස් එකඟතාවයන් සඳහා ශක්තිමත් සහයෝගයක් ලබා දුන්නේ. ඒ නිසයි මම පසුගිය කාලයේදී බොහෝ සෙයින් අධෛර්යයට පත් වී සිටියේ සමහර ජාතීන් ගෝලීය එකඟත්වයන්ගෙන් පසු බසිමින් සිටීම ගැන.

විද්‍යාව සහ අප විසින් ස්වදේශික ජනයාගෙන් උගත් පාඩම් අතර ගැටළු බොහෝ විට ඇති වෙනවා. උදාහරණයක් හැටියට, ඔවුන්ගේ වාසභූමීන්ගේ වෙන් කරන කැලෑ සතුන්ව විශාල ජන ඝනත්වයක් ඇති නගර වලට ගෙනවිත් වසංගතයේ අනතුර සමඟ නොතකා හැර තිබෙනවා. ඒ අතරේ දේශගුණ වෙනස්වීම් ප්‍රමුඛතාගත කිරීම සහ පාරිසරික සුරක්ෂිතභාවය ලෝක නායකයන් අතර හිඟවෙමින් පවතිනවා.  

දැන් අපි ලෝක පොදු සෞඛ්‍ය ව්‍යසනයකට මුහුණ දෙමින් සිටිනවා. මේ වන විටත් ජීවිත 264,000 ක් අහිමිව, ආර්ථිකයන් විනාශ කරමින් සහ ජාතීන් සහ ජාත්‍යයන්තර සංවිධාන ඔවුන්ගේ භේදනීය සලකුණු පරීක්ෂාවකට ලක්කරමින් තිබෙනවා. සාමය ස්වභාවයෙන් මතු නොවන බව ඉතිහාසය අපට උගන්වා තිබෙනවා. අපි සහතික විය යුතුයි, දිනන මනුෂයත්වය මෙම වෛරස් යුද්ධය අවසානයේ දී මනුෂ්‍යයත්වය ජයග්‍රහණය කරන බව. අපි ජාතිකත්වයත්, ඒකාධිපතිවාදයත් නැගීමට අපි එරෙහි විය යුතුයි. නමුත් ජාත්‍යයන්තර පාලම් ගොඩනැගීම හා තුවාල සුවවීම් ද සිදුවිය යුතුයි.

ස්වදේශිය ජනයා අපට එහි දිසාව පෙන්වනු ලැබුවා. ඔවුන් මිනිසා සහ සොබාදහම අතර ඇති බැඳීම දේශපාලඥයන්ට හා විද්‍යාඥයින්ට වඩා දැන සිටියා සහ ඒ ගැන බලාපොරොත්තුවෙන් සිටියා. ඔවුන්ගේ ප්‍රඥාවන්තභාවයට ඇහුම්කන් දෙමින්ම, අපට අපත්, මිහිතලයත් බේරාගත හැකියි. 

World Economic Forum හී පළවූ ලිපියක් ඇසුරින් පළ කෙරිණි.



Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.