English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
වසංගතයෙන් බංකොලොත්වූ ගෝලීය ආර්ථිකය
(2020-05-16)

<< Go Back
Share |   


ඉදිරි සති කිහිපය තුල මූල්‍ය වෙලඳපොලවල මතුවන ප්‍රධාන ගැටලුව වනුයේ, චීන ආර්ථිකයට වෛරසය මඟින් ඇති කල හැකි පූර්න බලපෑමයි.  2002-2003 කාලය තුල සාස් (SARS) වෛරසය පැතිරීම සමඟ සැසඳීම් කර ඇත. 2003 පලමු කාර්තුවේදී එහි වර්ධන වේගය සියයට 11.1 සිට දෙවන කාර්තුවේදී සියයට 9.1 දක්වා කෙටි පසුබෑමකින් පසු චීන ආර්ථිකය යථා තත්ත්වයට පත්විය.  කෙසේ වෙතත් ඒ වන විට, චීනයේ වර්ධන වේගය වාර්ෂිකව සියයට 10 ක් පමන වූ අතර, 1970 ගනන් වලින් පසුව ඉහලම ගෝලීය වර්ධනයට තුඩු දුන් ලෝක ආර්ථිකයේ ඉහල නැඟීමක්, 2008 මූල්‍ය අර්බුදයට පෙර කාල පරිච්ඡේදය තුල සටහන් විය.  අද තත්වය බෙහෙවින් වෙනස් ය. සමස්තයක් ලෙස ලෝක ආර්ථිකය පවතින්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල “සමස්ත මන්දගාමිත්වයක්” ලෙස හඳුන්වන ආකාරයකිනි. චීන ආර්ථිකයේ වර්ධන වේගය යන්තම් සියයට 6 ට වඩා ඉහල මට්ටමක පවතී. එය දශක තුනක කාලය තුල පැවති අවම මට්ටමයි.

වෙලඳපල පහත වැටීම පිලිබඳව අදහස් දක්වමින් සොසයිට් ජෙනරල් හි මූලෝපායඥයෙකු වන කිට් ජූක්ස් ෆිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතට මෙසේ පැවසීය: “ මූල්‍ය වෙලඳපොලවල් සඳහා ඉදිරි මාවතේ ඇති ගැඹුරුම වලවල්, අඩු පොලී අනුපාතයන් වලින් පුරවනු ඇතැයි හා පිරවිය හැකිය යන විශ්වාසය ගැඹුරින් මුල්බැස තිබේ. එහෙත්, එය කොපමන කාලයක් පවතිනු ඇතැයි ද හා එය ආර්ථිකයට ඇතිකරන හානිය කෙතරම් ලොකු වනු ඇත් ද යන්න අප නොදන්නා නමුත් එම වෛරසය වේගයෙන් පැතිරයාමේ ආර්ථික බලපෑමක් පවතියි.” නිසාන් සහ රෙනෝල්ට් ඇතුලු ජාත්‍යන්තර මෝටර් රථ නිෂ්පාදකයින්, විදේශීය කාර්ය මන්ඩලය රටින් පිටතට යැවීමට පටන් ගෙන ඇති අතර, මෙම වසංගතය රටේ දැනටමත් අවපාතයට ලක්ව ඇති මෝටර් රථ වෙලඳපොලට කෙසේ බලපානු ඇත්ද යන්න පිලිබඳව කනස්සල්ලට පත්ව සිටී.

ආර්ථික බලපෑම් අවම කිරීම සඳහා චීන බැංකු නියාමන කොමිෂන් සභාව පවසා ඇත්තේ, “නය පොලී අනුපාත සුදුසු පරිදි පහත හෙලීමට දිරිගැන්වීම, නය කොන්දේසි අලුත් කිරීමේ ප්‍රතිපත්ති සඳහා විධිවිධාන අනුමත කිරීම සහ මධ්‍ය කාලීන නය වැඩි කිරීම වැනි ක්‍රියාමාර්ග තුලින් සමාගම්වලට සහාය ලැබෙන බවයි.” සමස්ත වර්ධනයෙන් තුනෙන් එකකට පමන චීනය දායක වන තතු හමුවේ, ආසියා-පැසිෆික් කලාපයෙන් පටන්ගෙන, සමස්තයක් වශයෙන් ලෝක ආර්ථිකයට එහි ප්‍රතිපල දැනෙනු ඇත. සිංගප්පූරුවේ ප්‍රධාන කොටස් වෙලඳපොල දර්ශකය සියයට 2.6 කින් පහත වැටීමෙන් මෙම අපේක්ෂාව සලකුනු කල අතර කලාපයට එහි බලපෑම “දැවැන්ත” විය හැකි බවට එය අනතුරු ඇඟවීමකි. සම්පූර්න බලපෑම සති හෝ මාස ගනනක් යනතෙක් දැකගත නොහැකි වනු ඇත.  

සුප්‍රසිද්ධ මූල්‍ය විශ්ලේෂකයෙකු සහ විචාරකයෙකු වන මොහොමඞ් එල්-ඒරියන් බ්ලූම්බර්ග් වෙත පැවසුවේ, වෛරසය කෙරේ වෙලඳපල දැක්වූ ප්‍රතිචාරය හුරුපුරුදු රටාවක් අනුගමනය කර ඇති බවයි. ඉක්මනින් විකුනා දැමීමෙන් පසුව ආයෝජකයින් “පහත වැටුනු මිලට” ගැනීමට පටන්ගැනීමත් සමඟ ප්‍රකෘතියක් ඇතිවන බවය. ප්‍රධාන සමාගම්වල ගෝලීය සැපයුම් දාමයේ කොටසක් වන, මැද මට්ටමේ නිෂ්පාදනයන්හි ලොව විශාලතම අපනයනකරු චීනයයි. එවන් භාන්ඬවල ගෝලීය සමස්ත නිෂ්පාදන යෙන් සියයට 20 ක් සහ දකුනු කොරියාව, ජපානය, වියට්නාමය සහ කාම්බෝජය යන රටවල නිෂ්පාදනය සඳහා සියයට 40 ක ප්‍රභවය වන්නේ චීනයයි.  එහි ප්‍රතිපල දැනටමත් දැනෙන්නට පටන් ගෙන තිබේ. අලෙවිය අනුව ලොව පස්වන

විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා වන හියුන්ඩායි නිවේදනය කලේ, චීනයෙන් එන උපාංඟ නතරවී ඇති බැවින්, දකුනු කොරියාවේ සියළුම මෝටර් රථ කර්මාන්තශාලා වසා දමන බවයි. යුරෝපීය මෝටර් රථ නිෂ්පාදනයට ද එය ඉක්මනින්ම බලපානු ඇත. කොන්ටිනෙන්ටල් සහ තයිසෙන්කෘප් යන කොටස් නිෂ්පාදකයින් දෙදෙනාම මේ සතියේ අර්බුද රැස්වීම් පැවැත්වූ බව ෆිනෑන්ෂල් ටයිම්ස් වාර්තා කරයි. චීනයේ සංචාරක සීමාවන් සාමාන්‍ය වැඩ නැවත ආරම්භ කිරීම වලක්වා ඇති අතර සමාගම් පවසා ඇත්තේ, ලබන සතියේ නිෂ්පාදනය නැවත ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි. ඒ ගැන කිසිම සහතිකයක් නැත.



Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.