English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
සෑම නළුවෙකුම ආවේශය ලැබිය යුතු තාරකා මණ්ඩලයක තරු වැනි ඉර්ෆාන්ගේ රංගන උරුමය, - නස්රුදීන් ෂා
(2020-05-10)

<< Go Back
Share |   


ඉර්ෆාන් කාන් ජීවිත ගනුදෙනුව විශිෂ්ඨයි.”

කැපකිරීම්, ජිවිතාවබෝධය සහ දයානුකම්පාව විසින් ඔප්නංවන ලද ඉර්ෆාන් කාන්ගේ අතිවිශාල දක්ෂතාව ගැන,  කෘතහස්ත නළු නස්රූදීන් ෂාගේ දැක්ම මෙසේ ඔහු අලාකා සහනිගේ නම් ඉන්දියානු ජනමාධ්‍යවේදිනයක් පැවැති සාකච්ඡාවක දී අදහස් දක්වා තිබුණා. මවිසින් කලින් ඉර්ෆාන්ගේ රංගන ජීවිතය ගැන ලියන ලිපිය සඳහා නස්රුදීන් ෂා ගේත්, නානා පටේකාර්ගේ අදහස් සොයා ගියත් ඒ අවස්ථාවේදීත් හමුවුනේ නැහැ. නමුත් දින කිහිපයක පසුව මෙම ලිපිය පළ වී තිබුණා. ලිපිය කියවද්දී මගේ හැගීම වූයේ මුල් අවස්ථාවේදී නස්රුදීන් ෂා අදහස් දක්වා නොතිබුණේ ඔහු තුළ වූ කම්පනය නිසා වෙන්නට පුළුවන්. මේ ලිපිය කියවද්දී ටොම් හැක්ස් වගේම ඉර්ෆාන් කාන් විසින් කම්පනයට නස්රුදීන් ෂා ත් තමන්ගේ වැනි රංගනයෙන් වශීකර ඇති බව පේනවා මුල් අවස්ථාවේ දීම.

මේ නස්රුදීන් ෂා ඉර්ෆාන් කාන් ගැන දැක්වූ අදහස්.

ඉර්ෆාන්ගේ අහිමිවීම ගැන මට තියෙන හැගීම මට වචන වලට පෙළගස්වන්න අමාරුයි. මම ඔහු හෝ ඔහුගේ පවුලට එතරම් සමීප නෑ. නමුත් ඉර්ෆාන් කියන නළුවාට මම ඊර්ෂයා කරනවා. බොහෝ දෙනෙක් දන්නේ නැහැ නළුවෙකු වීම සඳහා ඉර්ෆාන් විසින් දරන ලද අරගලය. ඔහු හිසේ කෙස් ගානට සුළු චරිත ටෙලි නාට්‍යවල සහ චිත්‍රපටිවල කරලා තියෙනවා, ඔහුගේ රඟපෑමට යම් හඳුනාගැනීමක් ඒමට පෙර. වසර ගණනාවක ප්‍රතික්ෂේප කිරීම් ඔහු තුළ අප්‍රසන්නකමක් ඇති කළේ නැහැ. ඒ නිසා ඔහු ගැන තියෙන ආත්ම විශ්වාසය නැති වුනේ නැහැ.

මුම්බායි වලදී මට නළුවන් හමුවෙලා තියෙනවා ඔවුන් කියනවා, මම අවුරුදු දෙකයි උත්සාහ කරන්නේ ඒක හරියන්නේ නැත්තන්, ගෙදර යනවා කියලා. මම ඔවුන්ට කියන්නේ දැන්ම යන්න. ඒ අවුරුදු දෙකත් නාස්ති කරන්නේ නැතුව කියලා. අවුරුදු දෙකක් තුළ කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඉර්ෆාන් තමන්ට එහෙම අවසන්, නිශ්චිත කාලයක් දැම්මේ නැහැ. ඔහු දන්නවා මේ ඔහුගේ ජීවන වෘත්තිය කියලා. ඔහු තීරණය කළා පාවෙමින් ඉන්න. ඔහු ඉතාමත් අසීරුවෙන් වසර ගණනාවක් හිටියා ඔහුට Warrior (2001) චිත්‍රපටය ලැබෙනතුරු. ඉක්මනින්ම තමන්ගේ අවස්ථාව බලාපොරොත්තුවන තරුණ නළුවන්ට මෙයම ඉතා හොඳ ආවේශයක්. 

මරණය මම හැමදාම හිතුවා ජීවිතේ අතපල්ලෙන් වැටුනු දෙයක් කියලා. ඔබ කවදද මැරෙන්නේ, කොහොමද මැරෙන්නේ කියන එක එච්චර වැදගත් නෑ. වැදගත් වන්නේ ඔබ ඔබගේ ජීවිතයෙන් ඔබ මොනවද කළේ කියන එක. ඉර්ෆාන් ඔහුගේ ජීවිතය එක්ක විශිෂ්ඨ විදියට ගනුදෙනුවක් කලා. මට නැවත මගේ කලින් විශ්වාසය පරීක්ෂා කරන්න සිදුවෙලා තියෙනවා. ඉර්ෆාන්ගේ මරණය සිදුවීමේදී කාල නියමය හා ස්වරූපය වැදගත්. ඔහුට බොහෝ දේ දෙන්න තිබුණා. අපි අමාරුවෙන් දුටු සාක්ෂිය වූයේ ඉර්ෆාන්ගේ අපරිමිත කුසලතාවය හා කැපවීමේ අයිස් කුට්ටියක මුදුන පමණයි. 

අපි අවාසනාවන්ත වුනා ඉතිරිය නැරඹිය නොහැකිව. නමුත් එයින් කෙනෙකුට මුහුණ දෙන්න සිදුවුනු මෙවන් තත්ත්වයකදී ආදර්ශයක් ලෙස ඉර්ෆාන් දෙස අවස්ථාවක් ලැබෙනවා. අතිදක්ෂ නළුවෙකු වශයෙන් පමණක් නොව, ඔහුගේ පවුලට ඉතා ලෙන්ගතුයි. ඔහුගේ ජීවිතය දෙස බැලූ අයුරු, ජීවිත කාලය තුළදී ඔහු ලද දේ ගැන ඔහුගේ කෘතඥතාවය පිළිබඳ අවබෝධයකින් ඔහු දෙස බැලිය යුතු වෙනවා. ඔහු තමන්ගේ ඇතුලාන්තයට ගිය පුද්ගයෙක්, ඔහුගේ බිරිඳ Sutapa (Sikdar) ත් එහෙමයිග තමන් සම්බන්ධව ආත්මානුකම්පාවක් ඔහු තුළ නැහැ. ඔහුගේ ගමන් මගේ කටුක වේදනාවන් ගැන ඔහු සඳහන් කරන්නේ නැහැ. ඔහු කිව්වේ, “විස්මයට පත් කරවන දෙය නම් බෙලහීන සිරුර වේදනාවට විමානයක් වීමයි.”       

ඉර්ෆාන් අවසානය දක්වා මිනිසුන් ප්‍රබෝධයට පත් කළා. බිය උපදන ව්‍යාධියට එරෙහිව සටන් සටන් කරද්දීත්, සර්ව සුබවාදීව, විෂයමූලිකව කටයුතු කිරීම මා පුදුමයට පත් කළා. මෙම ව්‍යාධිය ඔහුට පහර දුන් වෙලාවේ මට හිතාගන්න බැරි වුනා තත්ත්වය වටහාගෙන ඔහු කැළඹෙයි ද කියලා. මට ඔහු හා සම්බන්ධ වෙන්න බැරි වුනා. නමුත් ඉර්ෆාන් මට පණිවිඩයක් එව්වා...“තට්ටු කරනවා.. තට්ටු කරනවා (knock knock) නසීර් මහත්තයා.” ඊට පස්සේ ඔහුට ප්‍රතිකාර කරන සඳහා ලන්ඩන්හී ඉන්න අවස්ථාවේදීත් මම කිහිප වතාවක් ඔහු සමග කතා කළා. එය ඔහු වෙත අනිවාර්යයෙන් එන බව ඔහු දැන සිටියා. “කී දෙනෙක්ට මරණය තමන් වෙත එන බව අත්දකින්න පුළුවන් ද? මම වාසනාවන්තයි. මට දැන් එය දකින්න පුළුවන් මරණය මට කිට්ටු වෙනවා කියලා. මම මරණයට ආචාර කරනවා.” කියලා ඔහු කිව්වා. ඔහු එය කියද්දි මම තිගැස්සුණා. මරණයට සමීප වෙන්න පුළුවන් හොඳම විදිය එය තමයි කියලා පස්සේ මට අවබෝධ වුනා.       

හැමෝම දන්නවා ඉර්ෆාන්ගේ නිර්මාණ සදහටම පවතීවි. කිසිඳු සැකයකින් තොරවම ඔහු ඉන්දියාව බිහිකරපු විශිෂ්ඨතම නළුවන් අතරේ කෙනෙක්. ඔබ ඔහුව දකින විට ඔබට දැනෙනවා ඔබට ඔහුගේ මනස කියවන්න පුළුවන් කියලා. ඔහු කිසිම අවස්ථාවක ඔබ වෙත එන්න උත්සාහ කළේ නැහැ. නළුවෙක් හැටියට ඉර්ෆාන්ව තේරුම් ගැනීමට අපහසු (Paradox) අවස්ථාවක් එය. නළුවෙක් හැම විටම ප්‍රේක්ෂකයන් වෙත යන්න ප්‍රයත්න දරනවා.

ඉර්ෆාන් දැනගෙන හිටියා ප්‍රේක්ෂකයන් ඔහු වෙත එන බව. ඔහුගේ නිර්මාණයන් තුළින් ඔහු දකින ජනතාව ඔහු වෙත පුද්ගලිකව යා වුනා. එය මාහැඟි දෙයක් නළුවෙකුට ප්‍රේක්ෂකයන් සඳහා කළ හැකි. ඉර්ෆාන්ට හුරුවක් තිබුණා ඔබගේ ශිරාවන්ටම ගොස් ඔහු ඔබගේ බව ඔබට හැගීමට ඉඩ හරින්න. ඒ නිසා තමයි ඔහුගේ අහිමිවීම පිටාර ගලන කම්පාවක් වුනෙත් ඔහුව බොහෝ නොදන්නා නමුත් දන්නා අයට ඔහුව මැණිකක් බව අවබෝධ වූවේ. 

එයින් පෙනෙනවා ඔහුගේ කලා කෞෂල්‍යයේ පරම නිපුණත්වය හා තමන්ගේ හැකියාව ගැන තිබුණු විශ්වාසය. ඒ නිසයි ඔහු කළ දේ ඔහු කුළුගැන්වූවේ. රගපෑමේ දී ඔහු විසින් නොනැවතී පෙන්වන ලද ප්‍රතිභාන සම්පන්න භාවය දුර්ලබ ගුණයක්. එයින් තමාගේම අනුහසක් ඔහුගේ රංගනයේ දී තිබෙනවා. බෞද්ධ ශ්‍රමණයන් විසින් පැටළලි සහගත චිත්‍ර අඳිනවා විවිධ වර්ණැති කුඩු වර්ග වලින්. ඒ සඳහා සීමා රහිත ඒකාග්‍රතාවයක් ඊට අවශ්‍ය වෙනවා. එය ඇඳීමෙන් අනතුරුව ඔවුන් එය මකා දමනවා. එය කිසිවෙක් නොදැකීම ඒ භික්ෂූන්ට ගැටළුවක නොවෙයි. ඔවුන් එය නිර්මාණය කිරීමට ඔවුන්ගේ උපරිමය ලබාදීමේ ප්‍රතිවිපාකය කුමක්ද? ඉර්ෆාන්ව නරඹද්දී මට මෙම භික්ෂූන් සිහිපත් වුනා. ඔහු කිසිවිට ඔහුගේ රංගනයන් ගැන හෝ ඔහුගේ ක්‍රියාවන් ගැන පුරසාරම් දෙඩුවේ නැහැ. ඔහු නිහඩම එය කළා. ඔහුට තව දුරටත් මෙවැනි රංගනයන් කිරීමට ඉඩ නොදීම අසාධාරණ බව දැනෙන විට මට මේ ව්‍යාධිය ගැන ඇති වෙන්නේ කෝපයක්,  

ඔහුව මට මුලින්ම මුණ ගැහුනේ ඔහු විසින් Jazeere (1991) ටෙලි චිත්‍රපටයක් කරද්දි. අධ්‍යක්ෂණය Govind Nihalani, Ratna (Pathak Shah) සහ Mita Mita Vashisht. එය හෙන්රික් ඉබ්සන්ගේ Little Eyolf ඇසුරින් නිර්මාණය වූවක්. එය කියවීමට උත්සාහ කරද්දි මට ඇති වුනේ ඇඳුරු සහ නොපැහැදිලි ස්වභාවයක්.  

එහිදී තමයි මට මගේ ඇස් වලින් මේ හින්දෑරි හාදය දකින්න ලැබුණේ. මම නවදිල්ලියේ ජාතික නාට්‍ය පාසැලේ ඉගැන්වීම් කළත්, මට කිසි දිනෙක ඔහුගේ පන්තිය සමග වැඩ කරන්න ලැබී තිබුණේ නැහැ. පසුව මම රගපෑවා Private Detective: Two Plus Two Plus One (1997) කියලා චිත්‍රපටයක. ඔහු එහි ඉතා කුඩා කොටසක රගපෑවා. කිසිඳු උත්සාහයකින් තොරව ඔහු එහි පෙනී සිටියා. පසුව මම එංගලන්තයේ සිටිද්දී, The Warrior (2001) චිත්‍රපට නරඹද්දි මම සලිත වුනා. මම කෙසේ හෝ ඔහුගේ අංකය ගෙන ඔහුට කතා කලා. ඔහු ඉතා සතුටු වුනා. ඉන්දියාවේ සිටින බොහෝ දෙනෙක් එම චිත්‍රපටය නරඹා නැහැ.    

මට ඔහුව හොඳින්ම හඳුනගන්න ලැබුණේ Vishal Bhardwaj විසින් අධ්‍යක්ෂණය කරන ලද Maqbool (2003) චිත්‍රපටයේදීයි. චිත්‍රපටය අනෙකාකාර, විපරිණාමය නළුනිළි වරණයන් සිදු කර තිබුණා. Vishal යම් කිසිවිදියක අවේශයක එළියක් මතුව තිබුණා. ඔහු ඉර්ෆාන්ව යම් කිසි චරිතයක් සඳහා තෝරාගෙන තිබුණා. Maqbool චිත්‍රපටය ඉන්දියාව තුළ ඉර්ෆාන් යම් පිළිගැනීමක් ලැබීම ආරම්භ වූ චිත්‍රපටයක්. එවිට ඔහු ඔහු තිස්ගණන් වල මුල් අවදියේ හිටියේ. මා Om Puri, Pankaj Kapur ඇතුළු කණ්ඩායමක් සමග ඔහු තමන්ට අවශ්‍ය විදියට කටයුතු කලා. ඔහු රගපාන අවස්ථාවන්හිදී, මට Mozart and (Antonio) Salieri සිහිවෙනවා. Salieri සෑම වෙලාවෙම දෙවියන්ට කිව්වා, “ඇයි මම ආරක්ෂකයා වෙලා ඉන්නේ ශාන්ත අවිශ්ටතාව. මොහුද හවුල්කාරයා අහඹු ලෙස කුරුටුගාන, උත්තරීතර මාගේ කාලය සහ කාලය සංගීතය සංරචනය කිරීමේ මහන්සියට.”  Why am I the patron saint of mediocrity? Is this fellow’s random scribbling superior to my hours and hours of labour in composing music?”

මට කියන්න ඕන වුනේ මම ඉර්ෆාන් රගනවා දකින විට මට දැනෙන්නේ එහෙමයි කියලා. මම පැතුවා මමත් මගේ ඒ වයසෙදි ඒතරම් දක්ෂ වුනානම් කියලා. මම ඇත්තටම අසමර්ථ විදියට ඔහුව අගය කලා. මම හිතන්නේ නැහැ මම ඉර්ෆාන් තරම් කිසිම නළුවෙකුව අගය කරලා තියෙනවා කියලා. ඒ ඔහුගේ රගපෑම නිසාම නෙමෙයි. ඔහු ඉතා ආචාර සම්පන්න, හිතෛෂි, ත්‍යාගශිලී මිනිසෙක්. ඔහු හා බෙදාගන්නා ලද මොහොතවල් මම වටිනා නිධානයක් කොට සලකනවා. මම කල්පනා කරනවා, මම වාසනාවන්ත වුනා කියලා ඉර්ෆාන්ගේ නැගීමට සාක්ෂි දැරීමට හැකිවීම ගැන. 

වරෙක විශිෂ්ඨ ගුරුවරයෙක් කිව්වා කුසලතාවය කියලා දෙයක් නෑ, නමුත් මන්ද කුලතාවයක් කියා දෙයක් තිබෙන බව. මන්ද කුසලතාවය මතුවෙන්නේ තමන් නිවැරදි තැන නොසිටින්නේ නම්. මට සම්පූර්ණයෙන්ම කියන්න තියෙන්නේ ඉර්ෆාන්, මුලදීම නිසි තැන හිටියා. ගුණාත්මකභාවය හඳුනාගත්තා. එවා අහඹු ලෙස නොපැමිණෙන බව දැන සිටියා. එය පැමිණෙන්නේ සහනුකම්පාවෙන්, ජීවිතය හඳුනාගැනීමෙන්, විශාල ලෙස විහිදුවාලන කරුණාවෙන්. හරිම ලෙහෙසියි කියන්න ඉර්ෆාන් ස්වභාවිකයි කියලා. නමුත් එහෙම කියලා දෙයක් නැහැ.  

මයිකල් ඇන්ජිලෝට පවා ඔහුගේ කලා කෞශල්‍යය තුළ අති විශිෂ්ඨයෙකු වීමට වෙහෙසෙන්න සිදුවුනා. මා දැඩි ලෙස විශ්වාස කරනවා ඉර්ෆාන් ඔහුගේ රංගන කෞෂල්‍යය සඳහා අපරිමිත වෙහෙසක් දරන්න ඇති කියලා. විශාල පෙර සූදානමක් එහි තිබෙනවා. ආත්ම විශ්වාසය අහිමිවීමේ දුක්ඛිත තත්ත්වයන් ඉදිරියට යාමට නොදී, කෙළවරක් නොමැති හදවත දැවීම් මතින් හොඳ නළුවෙකු බිහිවෙනවා. ස්තුතිවන්ත වෙනවා ඔහුගේ ජීවිතයෙන් තත්ත්වානුකූලවීම ගැන හින්දි සිනමාවෙන් හින්දි සිනමාවේ ආභාෂයක් නොමැතිවම. ස්ථානගතව නොමැති නම් ඉර්ෆාන්ව දකින්න අමාරුයි. ඔහු Life of Pi (2012) හී දර්ශන කිහිපයක හැරුණු විට, ඔහු උත්සාහ කලා American-Canadian ස්වරණය අනුකරණය කරන්න. නමුත් එම උත්සාහ හරි ගියේ නෑ. මම ඒ ගැන ඔහුට කතා කරන වාරයක් පාසා ඔහු එය පිළිගත්තා. “නසීර් මහත්තයා ...මම යම් දෙයක් කරන්න උත්සාහ කළා” යි ඔහු පැවසුවා.   

මෙහෙම කියන කොට මට Maqbool චිත්‍රපටයේ රූපගත කිරීමේදී සිදුවූ සිදුවීමක් සිහිවෙනවා. මක්බූල් හා කාකා අතර දර්ශනයක් තිබෙනවා, එය රගපෑවේ Piyush Mishra. එය ශේක්ෂ්පියර්ගේ මැක්බත් හී ජනප්‍රිය සිදුවීමක්. එය තමයි Macbeth එය විසින් Banquo’s අවතාරය අභිමුඛවීම භෝජන ශාලාවේදී. Maqbool චිත්‍රපටයේ කකාගේ සිරුර චිතකය වෙත ආ විට, ඉර්ෆාන් දණගසා ශෝකය පෙන්වමින් සිටිද්දී මළ සිරුර දෙනෙත් අරිනවා. අප මෙම දර්ශනයේ පෙර පුහුණුවීම් වලදී, පියුෂ් චිතකයේ වැතිර සිටියා. ඉර්ෆාන් වාඩි වී සිටිද්දී මම ඔහුගේ පසුපසින් සිටියා. මට අවබෝධයක් තිබුණේ නැහැ පුහුණුවීම් ඇරඹුණු බව. මොහොතකින් ඉර්ෆාන් පසුපසට ඇද වැටුණා. මම ඔහුගේ සහයට ළගට ගියා. මම හිතුවේ ඔහුට ඔහුගේ සමබරතාවය බිඳුනා කියලා. ඔහුගේ මොණර පිහාටුවක ඇති ඇස් වලින් Ismat Chughtai කියන විදියට Saadat Hasan Manto දෙනෙක් හා සමාන දෙනෙත් වලින් මා දෙස බලා, “නසීර් මහත්තයා, මම රගපාන්න උත්සාහ කළේ. ඔබ මොකද මට උදව් වෙන්නේ?” මට කිසිම දිනෙක මෙවැනි දෙයක් වෙලා නෑ. මම නළුවෙක් රගපානවා බලා හිටියා ඔහු එය තාත්විකව රගපෑවා. ඔහුගේ දර්ශන චිත්තවේගී පිපිරුමක් වගෙයි. ඔහුගේ අනුරාගය හා දැවීම හැමවිටම ඔබව මවිත කරනු ලබනවා මන්ද ඒ ඔහු ඒ දර්ශනයට ප්‍රවේශ වෙන විදිය අනුව. 

ඔහුව කිසිදින මා වේදිකාවේදී දැක නැහැ. ඔහු නැවතත් වේදිකාවට ගෙන එන්න මම උත්සාහ කලා. ඔහු ඊට ලැදියාවක් දැක්වූවේ නැහැ. ඔහුගේ මගේ වේදිකා නාට්‍ය බලන්න පැමිණි නමුත් කිසිදින වේදිකාවේ කොටස්කරුවෙක් වෙන්න කැමැත්තක් දැක්වූවේ නැහැ. පසුව මට වැටහුණේ ඔහු Robert De Niro හෝ  Daniel Day-Lewis මෙන් අධික ලෙස චිත්තවේගී රගපෑම්වලට හැකියාව අයෝජන කර ඇති බවයි. එවැනි විසල් චිත්තවේගී අයෝජනයක් වේදිකාවේදී කිරීම අපහසුයි. ඉර්ෆාන් වේදිකාවෙන් සැගවී යන්න හේතුව එය බවයි මගේ උපකල්පනය. ඒ නිසා තමයි Day-Lewis සහ  Marlon Brando වැනි නළුවන් වේදිකාවෙන් සමුගත්තේ. ඒ ඔවුන් ලැබූ විශාල ජනප්‍රියත්වය නිසා නොව වේදිකාව විසින් කරන ඉල්ලුමට ඔවුන්ට අනුවර්තනය වීමට අසීරු වූ නිසායි.

මම මුළුමනින්ම අපහසුතාවකට පත්වුනා මා විසින් අධ්‍යක්ෂණය කරන ලද Yun Hota Toh Kya Hota (2006) විවිධ හේතු නිසා ඉර්ෆාන්ගේ දර්ශන අකාරුණික ලෙස කපාදමා තිබුණා. අවසානයේදී ප්‍රායෝගිකව කිසිවක් ඉතුරුවෙලා තිබුණේ නැහැ. නමුත් කිසිඳු අවස්ථාවක ඔහු ඒ ගැන දොසක් කිව්වේ නැහැ. මා විසින් ඔහුට අනිසි  ගනුදෙනුවක් සිදු කළ බවට හෝ කිසිඳු හැගීමක් හෝ ඔහු වෙතින් පළ වුනේ නැහැ. ඔහු මා හා කතා කළේ දැඩි ස්නෙහයෙන්. ඔහු චිත්‍රපට කරන්න කැමති වුනා කිසිඳු මුදලක් හෝ චරිතයක් ගැන සාකච්ඡා නොකර. මට ඔහු හා සමාන වන්න සිදුවුනා. ඉර්ෆාන්ගේ කතාව මුල සිට අගටම සත්‍යය ලෙසම දිරිගන්වන සුළුයි. ඔහු අප සමග උන් කාලය විස්තර කිරීමට Faiz Ahmad Faiz කවියක් උපුටා දක්වන්න කැමතියි.  

හිරකරුවනි,

ඒ හදවත් තුළ

කඳෝපැණි බලාපොරොත්තු වූ

මුතු මැණික් එබ්බවූ අරුණෝදය

තරුඑළියෙන් පිළිස්සුම් වැනි

උමතුවෙන් හා කලබලයෙන් 

හිරකිරීම් වූ දිගු රෑ රැසක්

 

2020 මැයි 03 වෙනි දින ඉන්ඩියන් එක්ස්ප්‍රස් වෙබ් පිටුවෙන්, නෂ්රුදීන් ෂා ගේ කියූ අයුරින් ලියූ අලාකා සහනිගේ සටහනකිනි.

 

සුදේශ් ද සිල්වා

2020 මැයි 08



Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.