English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
එක්සත් ජනපද ආණ්ඩුව කෝවිඩ්-19 මරන සිය දහස් ගනනක් සඳහා සූදානම් වේ!
(2020-05-09)

<< Go Back
Share |   


කොරෝනා වෛරස් වසංගත කාලය තුල “වාසස්ථානවල රැදී සිටීම” අවසන් කිරීමට නිර්දේශ කරන ෆෙඩරල් මාර්ගෝපදේශයන්ට ජනාධිපති ට්‍රම්ප් විසින් ඉඩ දීමත් සමඟ මැයි 1 වන සිකුරාදා ඇමරිකානු ජනතාවට එරෙහි සිදුවෙමින් පවතින සමාජ අපරාධවල නව අවධියක් සනිටුහන් විය. වොෂිංටනයේ ආශිර්වාදය ඇතිව ප්‍රාන්ත ආන්ඩු දුසිම් ගණනක් අගුළු දැමීමේ නියෝග ඉවත් කොට වෙලඳසැල්, ආපනශාලා සහ සිනමාහල් පවා නැවත විවෘත කිරීමට ඉඩ දී ඇති අතර, විරැකියා ප්‍රතිලාභ කපා හැරීමෙන් පීඩා විඳින කම්කරුවන්ට නැවත සිය රැකියාවන්ට යාමට නියෝග කර තිබේ.  ට්‍රම්ප් පරිපාලනය “නිවසේ රැඳී සිටීමේ සීමාවන් ලිහිල් කිරීම හා සම්බන්ධ අන්තරායන් සැලකිල්ලට ගනිමින් සිටින” බව නම සඳහන් නො කල “ධවල මන්දිරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු” ඊමේල් පනිවුඩයක් මගින් තහවුරු කර ඇති බව එන්.බී.සී (NBC) ප්‍රවෘත්ති සේවය වැඩිදුරටත් සඳහන් කලේය. අප්‍රේල් 25 දින පැවති රැස්වීමක  විශාල වශයෙන් මරණ සංඛ්‍යාව ඉහල යාමේ සම්භාවිතාව සාකච්ඡා කොට ඇති අතර ඊට සෞඛ්‍ය සහ සෞඛ්‍ය සඳහා මානව සේවා සහකාර ලේකම් විශ්‍රාමික අද්මිරාල්වරයෙකු වන බ්‍රෙට් ගිරොයර්, කොරෝනා ‍වෛරස් කාර්ය සාධක බලකායේ සැපයුම් දාම නායකයා වන ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ සැපයුම් කටයුතු පිලිබඳ උප අධ්‍යක්ෂ රියර් අද්මිරාල් ජෝන් පොලොව්සික් සහ ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක මන්ඩලයේ කාර්ය මන්ඩලය සහභාගී වී ඇත.   

එක්සත් ජනපද ප්‍රාන්ත 50 න් 23 ක පමන ඒකාබද්ධ ජනගහනය මිලියන 115 ක් පමණ වන අතර සඳුදා වන විට ඒවායේ බොහෝ කොරෝනා වෛරස් සීමා ඉවත් කරනු ඇත. මිලියන 53 ක ඒකාබද්ධ ජනගහනයක් සහිත තවත් ප්‍රාන්ත අටක් මැයි මැද භාගය වන විට එය ම අනුගමනය කිරීමට සැලසුම් කර තිබේ.  තවමත් කිසියම් ආකාරයක අගුළු දමා ඇති මිලියන 161 ක ජනතාවක් සිටින ප්‍රාන්ත 19 ක් මෙයින් ඉවත්ව යනු ඇති අතර, නිවසේ රැඳී සිටීමේ නියෝගවල බොහෝ අඩුපාඩු තිබේ. බෝයිං සමාගම විසින් ප්‍රාන්ත සීමාවන් නොතකා සියැටල්, වොෂිංටන් ප්‍රදේශයේ කම්කරුවන් 27,000 ක් සිය රැකියාවන්ට කැඳවීමට සහ මිචිගන්හී ඔටෝ කම්හල් නැවත විවෘත කිරීමට සැලසුම් කර ඇති බවට සාක්ෂ්‍ය තිබේ. ටෙක්සාස් ප්‍රාන්තය වසංගතයේ දරුනුතම දිනය අත්විඳි අතර, මරණ 50 ක් සහ නව ආසාදන 1,000 ක් අප්‍රේල් 30 වන දින, එනම් ආන්ඩුකාර ග්‍රෙග් ඇබට් විසින් ප්‍රාන්තය නැවත විවෘත කරන ලෙස නියෝග කිරීමට පෙර දින වාර්තා විය. දැනට ටෙක්සාස් හී කොරෝනා වෛරස් රෝගීන්ගෙන් වැඩි ප්‍රමාණයක් සිටින හූස්ටන්, සැන් ඇන්ටෝනියෝ, ඔස්ටින් සහ ඩලාස් හි ප්‍රාදේශීය නිලධාරීන් විසින් සකස් කරන ලද පුළුල් අගුළු ලෑම් ඇබට් විසින් ඉවත් කරන ලදී.

මිසූරි හී ආණ්ඩුකාර මයික් පාර්සන්ස් පැවසුවේ, “අපි ප්‍රාන්තය විවෘත කරන විට, ඔබට නැවත වැඩට යාමට සිදුවුවහොත්, ඔබේ ලොක්කා ඔබට අමතා නැවත රැකියාවට යා යුතු යැයි පැවසුවහොත්, ඔබ නැවත වැඩට යා යුතුය.”අයෝවා ආන්ඩුකාර කිම් රෙනෝල්ඩ්ස් පැවසුවේ, “ඔබ සේවා යෝජකයෙකු නම් සහ ඔබේ සේවකයා නැවත සේවයට ගෙන ඒමට ඔබ ඉදිරිපත් වන්නේ නම් සහ ඔවුන් එසේ නො කිරීමට තීරනය කරන්නේ නම්, එය ස්වේච්ඡාවෙන් ඉවත්ව යාමක් වනු ඇත… එබැවින් ඔවුන් විරැකියා මුදල් සඳහා සුදුසුකම් නොලබයි.” මේ අතර, අප්‍රේල් 23 වන විට අයෝවා හි සියොක්ස් නගරයේ කොරෝනා වෛරස් රෝගීන් 158 ක් පමනක් සිටි අතර, මුලු සතිය තුල 851 දක්වා හය ගුනයකින් ඉහල ගොස් තිබුනේ විශාල වශයෙන් දේශීය මස් ඇසුරුම් කම්හල්වල කම්කරුවන් අතර රෝගයේ පැතිරීම නිසා ය.  රැකියා විරහිත වන්දි අහිමිවීමේ තර්ජනය සහ නිවාස කුලී ගෙවීම සහ ඔවුන්ගේ පවුල් පෝෂනය කිරීමට ඇති හැකියාව හේතුවෙන් දැන් සේවයෙන් ඉවත් කර ඇති මිලියන සංඛ්‍යාත කම්කරුවන්ට නැවත සේවයට පැමිනීමට සිදුවන හෙයින්  මස් ඇසුරුම් කර්මාන්තය ඉදිරියේ දී සිදුවීමට යන දෙය පිලිබඳ බිහිසුනු ඇඟවුම් සපයනු ලබයි.

වොෂිංටන්හි වාලුලා හි, ප්‍රාන්තයේ විශාලතම ටයිසන් ෆුඩ්ස් ඝාතකාගාරයක දී, එක් අයෙකු මිය ගිය පසුව කල පරීක්ෂාවේ දී කම්කරුවන්ගෙන් සියයට 15 ක් කොරෝනා වෛරසයෙන් ආසාදික බව හඳුනා ගත්හ. ඉන්දියානා හී ලෝගන්ස්පෝර්ට් හී තවත් ටයිසන් කම්හලක කම්කරුවන් 2,200 න් 890 කට වෛරසය ආසාදනය වී ඇත. කොරොනා වෛරස් වසංගතයේ බර ආර්ථික වශයෙන් මෙන් ම දුක් වේදනා හා මරණ සම්බන්ධයෙන් ද කම්කරු පන්තිය මත පැටවීම ධනේශ්වර පාලක ප්‍රභූවේ නැවත වැඩට කැදවීමේ ව්‍යාපාරය හරහා ඉලක්කයව පවතී. එමගින් මරනය සාමාන්‍ය තත්වයට පත් කිරීම, අවම වශයෙන් වැඩ කරන ජනතාව සඳහා ආසාදනය හා මහා මරන හුදෙක් ජීවිතයේ කොටසක් බව ඒත්තු ගැන්වීමට උත්සාහ දරණු ලබයි. එබැවින් මරණ සංඛ්‍යාව අවතක්සේරු කිරීමට හෝ වසන් කිරීමට අඛණ්ඩව යත්න දරන්නේ, අගුළු දැමීමට එරෙහිව නිෂ්පාදිත ජනප්‍රිය ව්‍යාපාරයක් නිර්මාණය කිරීමට සහ හාමතට වැටෙන කම්කරුවන් නැවත ඔවුන්ගේ රැකියාවලට යොමු කරමින් විරැකියා සහ වෙනත් ප්‍රතිලාභ ප්‍රතික්ෂේප කිරීම සඳහා නීතිමය පදනමක් ඇති කිරීම සඳහා ය.



Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.