English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
ජන ජීවිතයේ අතීතය - බැසිල් ප්‍රනාන්දු
(2020-05-08)

<< Go Back
Share |   


ලංකාෙව් අතීත ඉතිහාසය කොපමන කාලපරිච්ඡේදයකට දිව යන්නේද යන ප‍්‍රශ්ණය පැන නැගුවහොත් ඊට ක්ෂනිකවම ලැබෙන පිළිතුර වන්නේ ලංකාවට අවුරුදු 2500 වැඩි ඉතිහාසයක් පවතින බවයි. මෙය බොහෝ දුරට නීර්ණය කර ඇත්තේ විජය රජු හා ඔහු සමග පැමිණි කණ්ඩායම පැමිණි දින සිට පටන්ගන්නා ඉතිහාසයක් වශයෙනි. විජය රජු පිළිබද මිත්‍යා කතා වටා ඇත්තේ ලංකාවට සංක‍්‍රමණිකයන් පැමිනීමත්, එම සංක‍්‍රමණිකයන් අතරින් පටන්ගත් ඉතිහාසයක් ලංකාෙව් පහළ වූ බවය.

එහෙත් ඉතිහාසය පිළිබදව වර්තමානයේදී කරනු ලබන සාකච්ඡාවල් එයට බොහෝ ඈත කාලයක් පිළිබදව කෙරෙන කතාවක් සේ පවතී. ලෝකයේ පැවැත්ම වසර බිලියන ගනනාවකට පෙර සිදුවූවක් සේ අද විද්‍යාත්මකව පිළිගනු ලබයි. එහි ඇති විවිධ අවධීන් තුලින් ඉස්මත්තට අවුත් මිනිසුන්ගේ පටන්ගැන්ම අවුරුදු හැත්තෑ දහසකට පමණ පෙර සිදු වූවක් සේද සලකනු ලබයි. ඉතිහාසය පිළිබදව මේ පළල් දැක්ම අත්‍යාවශ්‍ය එකක් සේ සලකනු ලබන්නේ ඒ මගින් මනුෂ්‍යයාගේ පරිණාමය පිළිබදවත්, මනුෂ්‍යය වර්ගයාගේ පරිණාමය පිළිබදවත්, එම පරිනාමට බද්ධ වූ ස්වභාවධර්ම වර්ධනයේ පරිණාමය පිළිබදවත්, එකානෙකින් වෙන් නොකර කරන සාකච්ඡාවක් වශයෙන් ඉතිහාසය පිළිබද කෙරෙන සාකච්ඡාව වර්තමාන ලෝකයේදී සිදු කරනු ලබන නිසාය.

මෙහිදී මනුෂ්‍යයන් ලංකාව තුල මුලින්ම ඇතිවූයේ කවදා ද? මොන ආකාරයෙන්ද? යන ප‍්‍රශ්ණය ඇති වේ. මේ පිළිබදව විශාල දැනුමක් දැනට ඒකරාශීවී නොමැත. එසේ උවත් පොදු ජන විවහාරයේ පවා දන්නා දෙයක් නම් සංක‍්‍රමණිකයන් ලංකාවට පැමිණි කාලයට පෙර ආදිවාසී ජනතාවක් ලංකාෙව් ජීවත්වූ බවය. මෙම ආදිවාසී ජනතාව වැද්දන් ලෙස නම් කරනු ලැබ ඇත. ඔවුන්ගේ ඉතිහාසය කොපමණ දුරක ඈතට යන්නේද යන්න පිළිබදව වැඩි දැනීමක් ඇතිකර ගැනීමට හැකිවන තරමට, ලංකාව තුල ගොඩනැගී ඇති සමාජ සංවිධාන රටාව මෙන්ම සංස්කෘතිය පිළිබදවත් වඩා ගැඹුරු අවබෝධයක් ඇතිකර ගත හැකිය. වර්තමානයේ පවතින විවිධ සමාජ විෂමතාවයන් ඇතිවීම සම්බන්දයෙන් සොයා බැලීෙම්දී මෙම අතීත දැනීම ඉතා වැදගත් වේ.

සංස්කෘතික සාකච්ඡාවල් තුලින් වැදි ජනතාව එනම් ලංකාෙව් ආදිවාසීන් වෙන්කර කතා කිරීම බොහෝ දුරට සිදුවන්නේ ලංකාෙව් ඉතිහාසයේ පටන් ගැන්ම මෙම ආදිවාසී ජනතාව පරාජය කිරිමෙන් පසුව පටන්ගත් එකක්සේ මෙතෙක් සලකා තිබීම නිසාය. මෙසේ කරනු ලබන වෙන්කිරිම තුලින් කියවෙන්නේ ලංකාෙව් ආදිවාසී ජනතාවට සංස්කෘතියක් නොතිබුනාය යන්නය. එවැනි මතයන් වෙනත් රටවල් තුලද එක්තරා කාලයකදී පැවත ඇත. එහෙත් ආදිවාසීන් පිළිබදව ඇති දැනීම වැඩිවීමත් සමගම ඔවුන්ට සංස්කෘතියක් නොතිබුනාය යන සංකල්පය ඉතා වැරදි සහගත අදහසක් සේ හෙළිදරව් වී ඇත.

ලෝක ඉතිහාසය දෙස බලනකල ආදිවාසීන් ජීවත්වූ කාලය හා ඉන්පසු සංවිධාත්මක කෘෂිකර්මය බිහිවීම අතර විශාල සංස්කෘතික වෙනස්වීමක් සිදු වූ බව ගෙව්ෂණය කොට ඇත. සංවිධානාත්මකව ගොවිතැන දියුණු කිරීම මත පදනම් වන ජන සංවිධාන බිහිවීම සිදුවූයේ දැනට අවුරුදු දොළොස් දහසකට පමණ පෙරයැයි දැන් පවතින ගෙව්ෂණ මත පොදුෙව් පිළිගත් මතයක් සේ පවතී.

මේ අනුව ලංකාෙව් ආදිවාසීන්ගේ යුගය එනම් දඩයමෙන් ජීවත්වූ මිනිසුන්ගේ යුගය පසුකොට සංවිධානාත්මකව ගොවිතැන් කිරීම මත පදනම් වන යුගය පටන් ගත්තේ කවදාද යන්න නිශ්චය කර ගැනීම ලංකාෙව් සංස්කෘතික වර්ධනය පිළිබදව හෝ සංස්කෘතික පසුබෑම් පිළිබදව අවබෝ්ධයක් ඇතිකර ගැනීම සදහා අවශ්‍යයව ඇත.

කෙසේ වුවත් පිටරට සංක‍්‍රමණිකයන් ලංකාවට පැමිණ පදිංචි වීමට බොහෝ කාලයකට පෙර සිටම ලංකාෙව් ආදිවාසීන් ජීවත් වූ බව විවාදයෙන් තොරව පිළිගතහැකි කරුණකි. ලංකාව පුරාම විශාල වශයෙන් කැලෑව පැවතුන අතර එම කැලෑවන්හි මෙම ආදිවාසීහු ජීවත් වූහ. ආදිවාසීනගේ් සමාජය පැවති කාලය හා සංවිධානාත්මක ගොවිතැන පටන්ගත් කාලය අතර ඇති ප‍්‍රධාන වෙනස නම් ධනය ඒක රාශීකර ගැනීම මත සමාජ විශමතාවයන් ඇතිවූ කාලය පටන්ගනු ලබන්නේ සංවිධානාත්මකව කෘෂිකර්මය පදනම් වූ ආර්ථිකයක් ඇතිවීමත් සමගය යන්න පිළිබදව අද ගෙව්ෂකයන් අතර ඇති පොදු එකගතාවය මතය.

ආදිවාසීන් ජීවත්වූ සමාජය තුල පරිසරය පිළිබදව පැවතියේ සංවිධානාත්මක කෘෂිකර්මාන්තය පටන්ගත් කාලයේ පැවති මිනිසුන් තුල ඇතිවූ සංකල්පයනට වඩා වෙනස් අදහස්ය. ඔවුහු තමන්ගේ එදිනෙදා ජීවිතය සදහා දඩයම් කිරීමෙන් හෝ විවිධ ප‍්‍රමාණයන්ගෙන් යම් වැවිලි වල යෙදීමෙන්ම ස්වභාවධර්මයේ වෙනත් සම්පත් අත්කර ගැනීම මත ඔවුන්ගේ ජීවිකාව ගෙන ගියහ. සවභාවධර්මය විනාශවී යන ආකාරයකට ස්වභාවධර්මයේ සම්පත් යොදාගැනීම පිළිබද අදහසක් හෝ ඒ මත පදනම් වූ ගතිපැවතුම් ආදිවාසී සමාජය තුල පැවතියේ නැත. එය ස්වභාවිකවම ඇති වූ පරිසරය හා ආදිවාසී ජනතාව අතර තිබූ සම්බන්දය තුලින්ම පැන නැගුණකි. ඔවුන් ජීවත් වූ පරිසරය ඔවුන් විසින්ම නිර්මාණය කරගත් පරිසරයක් නොෙව්. එය බොහෝදුරට ස්වභාවධර්මය විසින් දායාද කරන ලද පරිසරයක් වේ. එම පරිසරයේ ඇතිවූ භව බෝග හා සතුන් තමන්ගේ ආහාරය හා පැවැෙම් වෙනත්දේ, උදාහරණයක් වශයෙන් වෙදකම සම්බන්දයෙන් යොදාගත් ඔවුහු ධනය රුස්කිරීම පිළිබද අදහස්වූ සංකල්පයන් කරා අවතීර්ණයවී තිබුනේ නැත. මේ නිසා අද ලෝකයේ විශාල ප‍්‍රශ්ණයක් බවට පත්ව ඇති අධිවේගී ආකාරයකින් ස්වභාවධර්මය විසින් දෙන ලද සම්පත් පාරිභෝජනය සදහා යොදා ගැනීම තුලින් ඇතිවී ඇති මහා පරිමාණ ගැටලුවල පටන් ගැන්ම සිදුවූයේ මෙම ආදීවාසී කාලයන්හි නොවීය. එය ඇති වූයේ ඉන්පසු කාලයකදීය.

සංවිධානාත්මකව කෘෂීකර්මය පටන්ගැනීමත් සමගම ධාන්‍ය ඒකරාශී කිරීම සම්බන්දවද විශාල වෙනස්කම් ඇතිවීමට පටන් ගත්තේය. ෙම් පිළිබදව කතා සෑම සංස්කෘතියක් තුලම ඇත.

බෞද්ධ සංස්කෘතිය තුල මෙය සිදුවූ ආකාරය බුදුන් වහන්සේ මෙසේ සදහන් කොට ඇත. මුලින්ම මිනිස්සු උදේ නැගිට අසල්වාසීන් සමග කැලයට ගොස් එහි ඇති වූ ධාන්‍ය එදිනෙදාට සෑහෙන්න ප‍්‍රමාණයක් පමණක් ගෙන පැමිණියහ. මෙය බොහෝ කාලයක් පැවති සිරිතක් බවට පත් විය. එහෙත් එක් දිනයකදී එක් අසල්වැසියෙක් තවත් එක් අයෙකුට කතාකොට අපි ධාන්‍ය ගෙන ඒමට යමුයි යෝජනා කල විට ඔහු කියා සිටියේ මට අද යෑමට අවශ්‍යය නැත. මන්දයත් මම ධාන්‍යය අදටත් හෙටටත් අවශ්‍යය ප‍්‍රමාණයට ඊයේ එකතු කරගෙන ආ නිසාය. මෙය ඇසූ අසල්වැසියා එදින ධාන්‍ය එකතු කිරීෙම්දී එදාට පමණක් නොව තවත් දින ගණනකට සෑහෙන පමණකට ධාන්‍ය එකතු කරගෙන පැමිණියේය. මෙසේ කිරීම සියලුදෙනා අතරම පැතිරගිය පුවතක් බවට පත් විය. මෙහි ප‍්‍රතිඵලය වූයේ එතෙක් පැවති ධාන්‍ය ඉක්මනින් නැතිවී යාමත් සමගම ඇති වූ හිගයයි.

මෙවනි කතා විවිධ සංස්කෘතීන්හි සටහන්වී ඇත. මෙයින් පෙනී යන්නේ එක්තරා අවධියකදී ආදිවාසීන් තුල පෙර පැවති පුරුද්ද එනම් එදිනෙදාට අවශ්‍ය වන සේ ස්වභාවධර්මෙයන් තමන්ට අවශ්‍ය දේ ලබා ගැනීෙම් පුරුද්ද නැතිවී ගොස් ඉන් පසු අනාගතය සදහා ධනය එකතු කිරීම පිළිබදව මෙන්ම සමාජය තුල යම් බලගතුකම් ඇති කිරීම සදහාත්, මිනිසුන් තුල පලපුරුදු පිළිබදව විශාල වෙනසක් ඇතිවූ බවය. එය එක් එක් සමාජයන් තුල විවිධ මට්ටමින් වර්ධනයවීම එක්තරා කාලයක් ඔස්සේ සිදු විය.

මෙහිදී අපට වැදගත් වන්නේ පරිසරය හා ඉතිහාසය එක්කොට සලකා ජීවන උපක‍්‍රමයන් යොදා ගැනීම පැවති කාලයක් තිබූ බවත්, එම කාලය ක‍්‍රමයෙන් අහෝසිවීමක් සිදුවූ බවත් යන කරුණූය. මෙය සමාජය තුල ඇති වූ එකිනෙකා අතර සම්බන්දයන් කෙරෙහි බලපෑ මූලික සම්බන්දයක් බට පත්වන්ට විය.

ඉඩම් හිමිකර ගැනීම් තුලින් වැඩි ධාන්‍ය ප‍්‍රමාණයක් එකතු කිරීෙම් හැකියාව ඇත්තන් එසේ කරන්නට වූ අතර එසේ සාර්ථකව කල අයට වෙනත් අයට වඩා බලයක් ඇතිව ජීවත් වීමටත් හැකි විය. මෙය රටක ආචාරධර්ම වර්ධනය මෙන්ම රෙට් මිනිසුන් අතර පැවති සාමූහිකත්වය පිළිබදව ගැටලු මතුවන ප‍්‍රථම අවස්ථාව වශයෙන් සලකනු ලබයි. පසු කාලීන ඉතිහාසය තුල ප‍්‍රබලවම මතුවන කරුණක් වන්නේ, මෙසේ ධනය එකතු කර ගැනීම තුලින් බල පුලුවන්කාර කමක් ඇති කර ගැනීම තුලින් සමාජයේ වැඩි බලයක් ඇති පුද්ගලයන් ඇති වීමත් සමග, සමාජ සම්බන්ධ තාවයන්ගේ ඇතිවන විවිධ අසමබර තාවයන් හා ඒ වටාපිටාව අනුව ඇතිවන මානසික තත්වයන්ද, එම මානසික තත්වයන් යටතේ ඇතිවන විවිද ගැටුම් බවද පෙනී යයි.

මේ නිසා ජනතාවගේ ඉතිහාසය හෝ ජනතාවගේ කතාව යම් රටක් තුල වර්ධනය වූයේ කෙසේද යන්න සොයා බැලීෙම්දී ඉතිහාසය පිලිබද අතීතයේදී ඉදිරිපත් කර ඇති මතවාදයන් නැවත් සලකා බැලීම වටී. එම සලකා බැලීෙම්දී සිදුවිය යුතු ප‍්‍රධානම කරුණක් වන්නේ ස්වභාවධර්මයත් ජනතාවත් අතර ඇති සම්බන්දය කොතෙක් දුරට සාමූහික වගකීමෙන් යුතු එකක්ද, නැතහොත් එසේ නොවන එකක්ද හා පරිසරය ආරක්ෂා කරන එකක්ද, නැතහොත් පරිසරය තුල ප‍්‍රශ්ණ ඇති කරන පැවැත්මක්ද යන්නය. එම අවබෝධය අතීතය ගැන පමණක් නොව වර්ථමානය හා අනාගතය හදුනා ගැනීම සදහාත් අවශ්‍යය.

බැසිල් ප‍්‍රනාන්දු
මෙම ලිපියේ පළමු කොටස මෙහි බලන්න -
http://www.aithiya.lk/n_other.php?id=288



Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.