English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
ජනතා ඉතිහාසයක අවශ්‍යතාවය - බැසිල් ප‍්‍රනාන්දු
(2020-05-04)

<< Go Back
Share |   


ඉතිහාසය නායකයන්ගේ හා බලවතුන්ගේ ක‍්‍රියාකාරකම් පිළිබදව සටහනක් සේ සැලකීම සාමාන්‍ය සිරිතකි. එවැනි ආකාරයේ ඉතිහාසය ලිවීම බොහෝ කාලයක් පුරාම පැවත ඇත. විවිධ රජවරුන්ගේ හෝ බලවත් සෙනෙවියන්ගේ හෝ පසු කාලීනව රාජ්‍ය නායකයන්ගේ කෙරුම්කාරකම් පිිළිබදව ලියවී ඇති ඉතිහාස ග‍්‍රන්ත අපමණය.

ඉතිහාසය හුදෙක් රජවරුන්ගේ හා බලවතුන්ගේ ක‍්‍රියාකාරකම් පිළිබදව සටහනක් නොවන බවත,් සමාජයන්හි විසූ මිනිසුන් කලකී හා හිතූදේ බවත් ලිවීම, ඓතිහාසික ක්ෂේත‍්‍රයට එලබුනේ මෑත කාලයේදීය. මේ අනුව ඇමරිකානු ඉතිහාසය සම්බන්දයෙන් ජනතා ඉතිහාසය ලියවී ඇති අතර ඒ තුලින් සාමාන්‍ය ඉතිහාස ග‍්‍රන්ත වලට ඇතුලත් නොවන බොහෝ කරුනු හෙලිදරව් විය. මේ ආකාරයටම ඉන්දියාව තුලද ඉතිහාසය පිළිබදව, ලිවීම පිළිබදව අදහස් වෙනස් වීමක් 20 වන ශත වර්ෂය පුරා දැක ගත හැකියි. බි‍්‍රතාන්‍ය අධිරාජ්‍ය කාලයේදී ලියවුනු ඉතිහාස පොත් වල ඉන්දියාව පිළිබදව ලිය වී ඇත්තේ බොහෝ දුරට ඉන්දියාෙව් ප‍්‍රබල කුලය වූ බ‍්‍රාහ්මණයන් විසින් ඉන්දියාව පිළිබදව ප‍්‍රකාශයට පත් කරන ලද අදහස්ය.

මේ තුලින් පැන නැගුනු විවිධාකාර මත බොහෝ කාලයක් තිස්සේ විශේෂයෙන්ම යුරෝපයේ ඉන්දියාව පිළිබදය තිබූ අවබෝධය නිර්මානය කලේය. මෙම අවබෝධයට අභියෝග එල්ලවීමට පටන් ගත්තේ ඉන්දියාව තුල ඇතිවූ නව බුද්ධිමතුන් විසින් එතෙක් ඉන්දියාව පිළිබදව ලියවී තිබූ වංශකතාවට වෙනස් කතාවක් නිර්මානය කිරීමට පටන්ගත් පසුයි.

ලංකාව පිළිබදවද ඉතිහාසයේ බොහෝ දුර ලියවී ඇත්තේ මුල් කාලයේදී මහාවංශය පදනම් කරගත්  වෘතාන්තයන් තුලත්, පසු කාලයේදී විශේෂයෙන්ම පෘග‍්‍රීසින්ගේ පැමිනීමේ සිට බි‍්‍රතාන්‍යයෙන් නිදහස්වීම අතර කාලය තුල විවිධ ආණ්ඩුකාරයන් විසින් කරන ලද ක‍්‍රියාවලීන් පිළිබදව විස්තර කිරීමක් වශයෙනි.

සාමාන්‍ය ජනයා කල කී දේවල්
මේ කාලවලදී සමාජයේ ජීවත් වූ මිනිසුන් කලේ මොනවාද? ඔවුන් ඔවුන් අතර පැවති සම්බන්ධකම් මොනවාද? ඔවුන් තමන්ගේ පැවැත්ම සදහා විවිධ කර්මාන්තයන් වැවිලි කර්මාන්තයන් වර්ධනය කර ගත්තේ කෙසේද? සමාජය තුල ඇති වූ සංවිධානයට පදනම් වූයේ කුමන අදහස්ද? එම සමාජ ක‍්‍රමය තුල සමාජයේ විවිධ තරාතිරම් වල අය බිහිවූයේ කෙසේද හා එසේ විවිධ තරාතිරම් වල ඉහල මට්ටමක යැයි සැලකූවන් හා එසේ නොවූවන් අතර සම්බන්දය පැවතුනේ මොන ආකාර වලින්ද? මෙසේ පැවති විවිධ ක‍්‍රියාකාරකම් තුලින් ඉස්මතුවූ මානසික තත්වයන් මොනවාද? මේ මානසික තත්වයන් කොතෙක් දුරට රටේ පැවති සංස්කෘතිය නිිර්මාණය කිරීම කෙරෙහි බලපා තිබේද? ආදී විවිධ කරුණු සලකා බැලීම මගින් ඒ ඒ කාලවලදී ජනතාව ජීවත්වූයේ කෙසේදැයි සලකා බැලිය හැකිය.

මෙසේ ජනතා ඉතිහාසයක් පිළිබදව සලකා බැලීෙම්දී ඉතාම වැදගත් කරුණක් වන්නේ එම සමාජය තුල කාන්තාව ජීවත් වූයේ කුමන ආකාරයෙන්ද යන්න පිළිබදව අවබෝධයක් ඇතිකර ගැනීමය. ඉතිහාසය වනාහි පුරුෂයන් විසින් කරනු ලබන වැඩකටයුතු පිළිබද සටහනක්ය යන අදහස ඉතා ගැඹුරින්ම පැලපදියම් වී ඇති අදහසකි. එහෙත් කාන්තාවන් එම සමාජය තුල ජීවත්වූයේ කෙසේද? එසේ ජීවත්වීම කෙරෙහි බලපෑ කරුණු මොනවාද? පුද්ගලික ජීවිතයෙහි එනම් පවුල් ජීවිතය තුල කාන්තාව සතු කාර්ය මෙන්ම සමාජය තුලද ඇය සතු කාර්යක් පැවතුනේද? යම් සමාජයක් අවබෝධ කර ගැනීම සදහා මෙම කරුණු අත්‍යාවශ්‍යය කරුණු සේ පවති.

නූතන කාලයේදී විවිධ පුද්ගලයින් පිලිබද චරිතාපදාන ලියවී තිබුනත් බොහෝ විට දේශපාලන නායකයන් තමන්ගේ ජීවිත කතාවන් ලිියා තිබෙන්නේ කිසියම් සත්‍යයක් ගෙව්ෂණය කරන්නන් ලෙස නොව බොහෝ දුරට තමන් පිළිබදව වැඩි ප‍්‍රචාරයක් ලබා ගැනීම සදහා පමණක් බව ඉතා පැහැදිළිව පෙනීයයි. රටේ අග‍්‍රාමාත්‍යවරුන් වූ ජනාධිපතිවරුන් බවට පත්වූවන් ඔවුන් අතර සමහරුන් ඔවුන්ගේ ජීවිත කතා ලියා ප‍්‍රසිද්ධ කර ඇතත් ඒවා පිළිබදව ජනප‍්‍රිය භාවයක් පැවතුනා නම් එය ඔවුන්ගේ පාලන කාලයට පමණක් සීමාවූ එකක් බව ඉතා පැහැදිළිව පෙනීයයි.

මේ අනුව රටක ජනතාවක් ඇති වූයේ කෙසේද? එම ජනතාවගේ මානසික වර්ධනය වීමක් සිදුවී තිබේද? එම ජනතාවගේ සමාජ සහභාගීත්වයෙහි වෙනස්කම් ඇතිවී තිබෙන්නේ කුමන ආකාරයෙන්ද? රටක් තුල ඇතිවන අධ්‍යාපනික වෙනස්කම් ජනතාවගේ හැසිරීම් රටාවන් වෙනස් කිරීම සදහා බලපා තිබේද ආදී වශයෙන් ජන ජීවිතයට අදාල කරුණු සොයා බැලීම මගින් පවතින සමාජය පිළිබදව හා එහි විවිධ දේ සිදුවන ආකාරය පිළිබදව වඩා ගැඹුරු අත්දැකීමක් ඇති කර ගත හැකිය.
 
ජනතාවගේ ඉතිහසය යනු ජනකවි ජනකතා ආදිය තුලින් පමණක් දැක, දැනගත හැකිය යන අදහස බොහෝ කාලයක් සිට පැවත එන්නකි. මෙම ජනකවි හා ජනකතා වල වැදගත්කම අඩුතක්සේරු කලයුතු නැත. එහෙත් ඒවා තුලින් පමණක් ජනතාව ජීවත්වූයේ හා එකිනෙකා අතර සම්බන්ධකම් පවත්වගෙන ගියේ මොන ආකාරවලින්ද යන්න වටහා ගැනීම ප‍්‍රමාණවත් නොවේ. ජන ජීවිතය පිළිබද සලකුණු සෑම තැනකම ඇත. මන්දයත් සමාජයේ සියලුම කටයුතුවල නිර්මාණකරුවන් වන්නේ ඔවුන් නිසාය. කිසියම් කෘෂිකර්මයක හෝ වෙනත් කර්මාන්තයක හෝ ජනතාවගේ ඇගිලි සටහන් නොමැකෙන සේ ලියවී ඇත. මෙවනි කර්මාන්තයන් වර්ධනය වූයේ කෙසේද? ඒවාට සම්බන්ධ වූ විවිධාකාර ගැටලු විසදාගැනීෙම්දී ජනතාව අතර පැවති සාකච්ඡුා හා අවබෝධයන් මොනවාද? එම කටයුතු වලදී එකිනෙකාගේ අදහස් කෙරෙහි සැලකිල්ලක් දැක්වීම මොන ආකාරවලින් සිදුවී තිෙබ්ද ආදී වශයෙන් විවිධ කර්මාන්ත සුුලු හෝ පළල් කර්මාන්තයන් පිළිබදව සොයා බලතහොත් ජනතාව ජීවත්වී ඇති සංකීර්ණ ආකාරයත් ඔවුන් අතර පැවති සම්බන්ධයන්ගේ සංකීරණත්වයත් ඔවුන් මුහුණදුන් විශාල ගැටලුත් පමණක් නොව ඔවුන් තුල පැවති හැගීම් ආදිය පවා ඉතා පළල් වශයෙන් දැන ගැනීමේ හැකියාව පවති.

ජනතා සහභාගීත්වයේ ඉතිහාසය
එමෙන්ම ජනතාවගේ සහභාගීත්වය වැඩි කිරීම හා අඩු කිරීම සම්බන්ධයෙන් රෙට් ඇති වූ විවිධ ප‍්‍රසිද්ධ සංස්ථාවන් කටයුතු කර ඇත්තේ කෙසේද යන්නත් ජන ජීවිතය පිළිබද සොයා බැලීමෙිදී ඉතා වැදගත් අංශයක් වේ. බොහෝවිට සමාජයේ විවිධ සංස්ථාවන් පැන නැගෙන්නේ ජනතාවගේ කිසියම් උවමනාවන් සදහා මෙන්ම එම උවමනාවන් ඉටුකර ගැනීම සදහා ඔවුන් විසින් කරන ලද බලපෑම් හා ඉල්ලීම් තුලිනි. උදාහරණයක් වශයෙන් රෝග වලට ප‍්‍රතිකාර ලබාගැනීම පිළිබද උවමනාව සියලුම ජනතාව තුල පවති. මේ නිසා ඊට අදාලව විවිධ සංස්ථාවන් ගොඩනංවා ගැනීම සදහා උනන්දුව ඔවුන් තුල පවති. විවිධ මාවත් ඔස්සේ ඔවුන් තමන්ගේ මෙම උවමනාවන් සමාජයේ ඉහලතල දක්වා ගෙන යාමට උත්සාහ කරති. එම කටයුත්ත සිදු කිරීම සදහා අතරමැදියෝද බිහිවේ.

මෙම අතර මැදියන් සමහරවිට ලේකඛයන්, විවිධාකාර කතිකාවන් පවත්වන්නන් උදාහරණයක් වශයෙන් ආගමික කතිකාව, විවිධාකාර විෂයන් පිළිබදව ඇතිවන කතිකාව ආදිය මේ ගනයට වැටේ. වර්තමාන කාලය වන විට බුද්ධිමතුන්ගේ කර්තව්‍යද මෙම අතර මැදියන්ගේ කාර්යභාරයට වැටේ. මෙම අතර මැදියන් කොතෙක් දුරට ජනතාවගේ උවමනා එපා කම් නිසි ලෙස ප‍්‍රකාශයට පත් කරන්නෝද නැතහොත් එම ජනතා ප‍්‍රකාශයන් යම් ආකාරවලින් මැඩපවත්වීෙම් යෙදෙන්නෝද යන්න වැදගත් කරුණකි. බොහෝ දුරට ජනතාවගේ බලපෑම් සමාජ සංස්ථාවන් තුලට ඇතුලත්වීම කෙරෙහි මෙම අතර මැදියන් බලපවත්වයි. යම් විෂයන් පිළිබදව දැඩි උවමනාවකින් කටයුතු කරන අතර මැදියන් ඇතිවුවහොත් ඔවුන් තුලින් ජනතාව එම එක් එක් සංස්ථාව තුලින් බලාපොරොත්තුවෙන්නේ මොනවාද, එම බලාපොරොත්තු ඉටුකල හැකිසේ එම සංස්ථාව සකස්කර ගන්නේ කෙසේද, එම සංස්ථාවෙහි දැනට පවතින අඩුපාඩුකම් මොනවාද ආදිය ප‍්‍රකාශයට පත්කරනු ලබයි. මෙම ප‍්‍රකාශය ජනතාව තුල මෙන්ම පාලනයට සම්බන්දවන්නා වූ නිළධාරී තන්ත‍්‍රයන් තුලද සාකච්ඡාවක් ඇතිකිරීමට සමත් වේ. එවනි සාකච්ඡාවක් පවතින සමාජයක් ඇතිවන්නේ කෙසේද? එසේ නැත්නම් එවනි සමාජයක් බිහිවීම කෙරෙහි අගතිකාමී ආකාරයකින් බලපැවති ඓතිහාසික සාධක මොනවාද යන්න පිළිබදව සොයා බැලීෙම්දී ජන ජීවිතය පිළිබදව ඉතා ගැඹුරු අවබෝධයක් ඇතිකරගත හැකි වේ.

දේශපාලන වාචාලකම
මේ නිසා ජනතා ඉතිහාසය පිළිබදව ලිවීම හා කතිකාව හොදින් වර්ධනයවන තරමට සමාජය තුල ඇතිවන විවිධ කතිකාවත් වඩා බුද්ධිගෝචර ආකාරයකින් හා කාටත් ප‍්‍රයෝජනවත් වන ආකාරයකින් පවත්වා ගත හැකිියි. එසේ ජන ජීවිතය හා ජන ඉතිහාසය පිළිබදව ගැඹුරු ප‍්‍රකාශයක් පත් නොවන සමාජයක්තුල බොහෝ දුරට දේශපාලන වාචාලකම පැතිරී යයි. උඩින් සිට දොඩවන්නන්ගේ හඩින් සමාජය දෝංකාරය මේ. එසේ උඩින් සිට දොඩවන්නෝ වැඩි වශයෙන් දේශපාලඥයන් වීම පුදුමයක් නොෙව්. ජන ජීවිතයේ උවමනා එපාකම් ඉටු කිරීමට බද්ධ වූ දේශපාලඥයා හා එසේත් නැතුව තමන්ගේ පැවැත්ම සදහා දේශපාලනයක් පවතින දේශපාලඥයන් අතර ඇති ප‍්‍රධාන වෙනස්කම් නම් මෙම දෙවනි ඝණයට අයත් වන දේශපාලඥයන් බොහෝ දුරට නන්දොඩවන, විකාර කතිකාවක් පවත්වාගෙන යාමට උත්සාහ කරන වාචාල සංස්කෘතියක් බිහිකිරීමට උත්සාහ කරයි.

එය එසේ වන්නේ ජන ඉතිහාසය හා ජන ජීවිතය පදම් වූ සකාච්චාවක් කිරීමට හැකි ප‍්‍රමාණයක් සහභාගිවන්නන් නැති වූ තැන ඇතිවන හිස්තැන පිරිවීම සදහායි. මේ නිසා බුද්ධිගෝචර ආකාරයකින් සමාජයේ සංවාදයන් දියුණුකර ගැනීම සදහා අත්‍යාවශ්‍යය එක් කොන්දේසියක් වන්නේ ජන ජිවිත ඉතිහාසය ගැන වඩා වගකිව යුතු ආකාරයකින් සලකා බැලීම කිරීම තුලිනි. මෙම ක්ෂේත‍්‍රයේ දියුණුවක් ඇතිවීම පොදු ෙව් සිවිල් සමාජය තුලිනුත් අනෙක් අතින් බුද්ධිමත් කණ්ඩායම් අතින් හා මාධ්‍ය තුලිනුත් සිදු කල හැකිය.
 
මතු සම්බන්ධයි  - බැසිල් ප‍්‍රනාන්දු


Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.