English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
1918 මාරක ස්පාඤ්ඤ උණ වසංගතයෙන් ඉන්දියාව උගත් පාඩම්!
(2020-03-23)

<< Go Back
Share |   


කොරෝනා වෛරසය පැතිර යාමත් සමඟ ඊට මුහුණ දිය යුතු ආකාරය සම්බන්ධයෙන් සමස්ථ ලෝකයේ අවධානය යොමුවෙමින් පවතිද්දීල පළමු ලෝක මහා සංග්‍රාමය අවධියේ ලොව මුහුණ දුන් ස්පාඤ්ඤ උන වසංගතයේ දී  ඉන්දියාව කටයුතු කළ ආකාරය සහ ඉන් ලද අත්දැකීම් සම්බන්ධයෙන් යළි සිහිපත් කිරීමක් සිදු කෙරෙයි. එම සිහිපත් කිරීම කෙරෙන්නේ ස්පාඤ්ඤ උන වසංගතයේ දී ඉන්දියානු ජනතාව මුහුණදුන් ඛේදජනක ඉරණම සහ ඉන් ගොඩ ඒමට ඔවුන් දැරූ ප්‍රයත්නය විශ්ලේෂණය කරමින් බීබීසී වාර්තාකරු සෞතික් බිස්වාස් විසින් සිදු කරනු ලබන අතීතාවලෝකනයක් මගිනි.

පළමු ලෝක මහා සංග්‍රාමය නිමාවේ 1918 පටන් 1920 අතර පැතිර ගිය ස්පාඤ්ඤ උණ වසංගතයෙන් මරණයට පත් ජන සංඛ්‍යාව මිලියන දාහතත් - පනහත් අතර වෙතැයි ඇස්තමේන්තු කෙරෙයි. එය මානව ඉතිහාසයේ මිනිස් වර්ගයා මුහුණ දුන් දරුණුතම මාරක වෛරසයක් ලෙස සැලකෙයි.

ස්පාඤ්ඤ උණ වසංගතය පැතිර ගිය සමයෙහි ඉන්දියානු නිදහස් සටනේ නායක මහත්මා ගාන්ධි ගුජරාටයේ සිය ආශ්‍රමයේ රැඳී සිටි අතර, එම වෛරසය ආශ්‍රමය පුරාත් පැතිර ගොස් ඇත.

ගාන්ධි ඒවනවිට දකුණු අප්‍රිකාවේ සිට ඉන්දියාවට සැපත්ව වසර හතරක් ගතවුණා පමණි. ඒ සමඟ රෝගී වූ 48 හැවිරිදි ගාන්ධි විවේක ගන්වමින්, ඔහු දියර ආහාර මත තබා ගැනීමට පියවර ගනු ලැබ ඇත.

එය ගාන්ධිගේ ජීවිත කාලය තුළ ඔහු මුහුණ දුන් බරපතල සහ දිගුකලක් පීඩා විඳින ලද ව්‍යාධිය ලෙස සැලකෙයි. ගාන්ධිගේ ජීවිතය ඔහුට අයත් නැත. එය අයත්වන්නේ ඉනදියාවටය,.. ගාන්ධි රෝගී වූ මොහොතේ එක් ඉන්දියානු පුවත්පතක් වාර්තා කළේය.

1918 වසරේ දී පළමු ලෝක මහා යුද්ධය නිමාවේ බොම්බායාට (අද මුම්බායි) ගොඩ බසින ලද සොල්දාදුවන් පිරිසක් ගෙන ආ ස්පාඤ්ඤ උන වසංගත වෛරසය ඉන්දියාව මහා ව්‍යසනයකට ඇද හෙලීමට හේතු විය. ස්පාඤ්ඤ උන වසංගතයට මුල් වූ වෛරසය පළමු ලෝක මහා සංග්‍රාමයට සහභාගී වූ සොල්දාදුවන් අතරින් ආරම්භ විනැයි සැලකෙයි.

"මේ වසංගතය රාත්‍රියේ ගෙට කඩා වැදුන හොරෙක් වගෙයි. එය සැණෙකින් එල්ල වූ මහා ප්‍රහාරයක්" එවකට ඉන්දියාවේ සෞඛ්‍යය පරීක්ෂක ජේ.එස්. ටර්නර් සඳහන් කළේය.

එම වසංගතයේ දෙවන රැල්ල 1918 සැප්තැම්බර් මාසයේ දකුණු ඉන්දියාවෙන් ආරම්භ වූ අතරල එය මුහුදු තීරය ඔස්සේ පැතිර යන්නට විය.

ස්පාඤ්ඤ උන වසංගතයට ගොදුරුව මරණයට පත් ඉන්දියානුවන්ගේ සංඛ්‍යාව මිලියන 17ක් 18 ක් පමණ වෙතැයි ඇස්තමේන්තු කෙරෙයි. එය පළමු ලෝක මහා සංග්‍රාමයේ දී වාර්තා වූ සමස්ත මරණ සංඛ්‍යාවටත් වඩා අධික සංඛ්‍යාවකි. එය එදා සමස්ත ඉන්දියානු ජනගහනයෙන් 6‍%ක් වූ අතර, මරණයට පත් වැඩිදෙනා කාන්තාවෝ වෙති.

ජගත් මට්ටමින් ගත්විට ලෝක ජනගහනයෙන් තුනෙන් එකක් ස්පාඤ්ඤ උණ වසංගතයට ගොදුරු වී ඇති අතරල මිලියන පනහත් - සීයත් අතර ඉන් ජනකායක් මරරණයට පත්ව ඇතැයි ඇස්තමේන්තු කෙරෙයි.

ගාන්ධි ස්පාඤ්ඤ උණ වසංගතය පරාජය කරයි

ගාන්ධි සහ උන වසංගතයට ගොදුරු වූ ඔහුගේ සගයෝ සුවපත් වූහ. එහෙත් ඒ අතරම එවකට ඉන්දියාවේ සුප්‍රකට හින්දි ලේඛකයකු වූ සූර්යකාන්ත් ත්‍රීපතිට වෛරසය නිසා ඔහුගේ බිරිඳ සහ පවුලේ සාමාජිකයන් කීපදෙනෙකුම අහිමි විය.

"ඇසිපිය හෙලන සැණින් මට මගේ පවුල නැතිව ගියා" සූර්යකාන්ත් ත්‍රීපති පසුව ලියා තැබුවේය.

ගංගා නම් ගංගාව මළ සිරුරුවලින් පිරී ඉතිරෙමින් තිබුණ ආකාරය ගැන ත්‍රීපති සිය ඇසින් දැක ඇත.

,මළ සිරුරු ගොඩ ගැහුණා. මොකද? ඒවා පුච්චන්න අවශ්‍ය දර නැහැ. ඒ සමඟ මෝසම් වැස්ස නැතිව නියඟය ආවාම මහජනයාට කන්න නැතිව තත්වය තවත් නරක අතට හැරුනා. ආහාර අහේනියෙන් මහජනයා දුර්වල වුනා. ඒ සමඟ ජනතාව නගරවලට ඇතුල් වෙන්න පටන් ගත්තාම වසංගතය වේගයෙන් පැතිර යන්නට පටන් ගත්තා,

1918 උණ වසංගතය පැතිර යමින් තිබුනේ ප්‍රතිජීවක ඖෂධ ගැන ලෝකය නොදන්නා කාල වකවානුවකය. බරපතල මට්ටමින් රෝගාතුරවූවන් සඳහා ප්‍රමාණවත් වෛද්‍ය උපකරණ නොවුණි. එපමනක් නොවල එය බටහිර වෙදකම පුළුල් පිළිගැනීමක් නොලද ඉන්දීය ප්‍රජාව දේශීය වෙදකම මත විශ්වාසය තැබූ කාලයකි.

අද ලෝකය මුහුණ දෙමින් සිටින කොරෝනා වෛරස් වසංගතය සහ 1918 වසංගතය අතර සියවසක කාලමය වෙනසක් ඇතත් මේ වසංගත දෙක අතර යම්කිසි අපූරු සමානත්වයක් ද පවතී. මේ වෛරස් වසංගත මගින් ලද පාඩම් ඇති අතර ඊට මුහුණදීම අසීරු අඩියක පවතී.

1918 දී පවා ඉතා ජනාකීර්ණ බොම්බායේ (මුම්බායි) ස්පාඤ්ඤ උන වෛරසය පැතිරයාමට එම ජනාකීර්ණභාවය හේතුවිය. කොරෝනා වෛරසය වේගයෙන් පැතිරයාමටත් අධි ජනගහන රටාව හේතුවෙයි. කෝටි දෙකකට අධික ජනයාට නිවෙසක් වූ .මුම්බායි. ඉන්දියාවේ වැඩිම ජනගහනයක් සහිත නගරය වෙයි. මුම්බායි අයත් මහාරාෂ්ට්‍රා ප්‍රාන්තය ඉන්දියාවේ වැඩිම ජනගහනයක් සහිත ප්‍රාන්තයයි. මේ දිනවල ඉන්දියාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් වැඩියෙන්ම වාර්තා වන්නේ එම ප්‍රදේශයෙනි.

1918 ජූලි මාසයේ මුල් දිනවල වෛරසය ආසාදිතව එක දිනකදී මරණයට පත් ජන සංඛ්‍යාව 230 ක් විය. ප්‍රමුඛ රෝග ලක්ෂණ වුණේ අධික උන, පිට කොන්දේ වේදනාව, එම අමාරුකම් දවස් තුනකින් අවසාන වුනා.. - ද ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත වාර්තාකර තිබුණි. ..බොම්බායේ හැම ගෙදරකම වගේ උන හැදිලා මිනිස්සු වැතිරිලා ඉන්නවා .. එම පුවත්පත වාර්තා කළේය.

එම පසුබිම යටතේ වැඩ කරන ජනතාව කාර්යාල සහ වැඩබිම් ආදියෙන් ඉවත්ව සිටියහ. ඉන්දියාවේ නිවැසි යුරෝපීයයන්ට වැඩි ආසාදිත දේශීය ළමුන් සහ වැඩිහිටියන් පිළිබඳව වාර්තා විය. නිවෙස්වලින් බැහැර නොගොස් ගෙදොරදොරේ රැඳී සිටින මෙන් පුවත්පත මහජනයාට උපදෙස් දී ඇත.

"සයනයෙහි රැඳී සිටින්න - කනගාටු නොවන්න" පුවත්පත මහජනයාට එලෙස උපදෙස් දී තිබුණි.

"අසනීපය බෝවන්නේ එකිනෙකා අතර සබඳතා හේතුවෙන්, එය බෝවන්නේ මුඛයෙන් සහ නාසයෙන්"පුවත්පත ජනතාව දැනුවත් කළේය.

"මේ ව්‍යාධියෙන් බේරීමට ජනාකීර්ණ ස්ථානවලින් වැළකිය යුතුයි. වෙළෙඳපොල - සිනමාශාලා සහ නාට්‍යාගාර - පාසල් - මහජන දේශනා, ශාලා - විනෝද උත්සව සහ මගීන් පිරුණ දුම්රිය මැදිරිවලට ඇතුල්වීමෙන් වැළකිය යුතුයි,"

ඒ අතරම ආවරණය වූ කාමරවල නොව වාතාශ්‍රය සහිත ස්ථානයක නිදා ගන්නා ලෙසත්ල පෝෂ්‍යජනක ආහාරපාන ලබා ගන්නා අතරවාරයේ ශාරීරික ව්‍යායාමවල නිරතවෙන ලෙසත් උපදස් දී ඇත

ඒ සියල්ල පිළිපදින අතරවාරයේ "ව්‍යාධිය සම්බන්ධයෙන් උවමනාවට වඩා කනස්සල්ලට පත් නොවන" ලෙසත් ද ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත් ප්‍රකාශ කළේය.

තත්වය කුමක්වුවදල ස්පාඤ්ඤ උන වෛරසය ආසාදනය වීම සම්බන්ධයෙන් යටත්විජිත බලධාරීන් අතර ප්‍රතිවිරුද්ධ මත පැවතුණි.

සෞඛ්‍ය පරීක්ෂක ජේ.එස්. ටර්නර් සඳහන් කළ පරිදි වෛරසය ඉන්දියාවට ඇතුල් වුණේ බොම්බායට නැවෙන් පැමිණි පුද්ගලයන්ගෙන් බවත්ය. ඒහෙත් එවකට පැවැති බ්‍රිතාන්‍ය යටත් විජිත ආණ්ඩුව කියාසිටියේ එම නෞකාවේ කාර්ය මණ්ඩලයට වෛරසය ආසාදනය වුණේ බොම්බාය නගරයට අතුල්වීමෙන් පසුව බවය.

ආණ්ඩුවේ ස්ථාවරය සහ පැවැති තත්වය පසුව දෝෂදර්ශනයට ලක්වූ අතරල බොහෝදෙනෙක් යුද පෙරමුණට ගොස් සිටි හෙයින් වෛද්‍යවරුන්ගේ අඩුවක් ද විය.

අන්තිමේ දී අඩුපාඩු පිරවීමට ඉදිරිපත්ව ඇත්තේ රාජ්‍ය නොවන ආයතන සහ ස්වේච්ඡා කණ්ඩායම්ය. එම කණ්ඩායම් චිකිත්සාගාර පිහිටුවීම ල මළ සිරුරු ඉවත් කිරීම ඒවා දවාලීම කුඩා රෝහල් විවෘත කිරීම රෝගීන්ට ප්‍රතිකාර කිරීමලමුදල් එකතු කිරීම සහ ඖෂධ සහ රෙදිපිළි බෙදාහරින මධ්‍යස්ථාන පිහිටුවෙමට කටයුතු කළහ.

ඒ අතරවාරයේ පුරවැසි ප්‍රජාව වයිරසය මැඩලීමේ කමිටු සංවිධානය කළහ.

"ඉන්දියාවේ කිසිදාක නොවූ විරූ මට්ටමින් උගත් සහ ව්‍යාධියට ගොදුරු නොවූ ප්‍රජාව විශාල සහභාගිත්වයකින් යුතුව එම අසීරු කාල පරිච්ඡේදයෙහි දූෂ්කර අඩියක සිටි සිය ජනයාට උදව් කළහල" ඉන්දීය ආණ්ඩුවේ වාර්තාවක දැක්වෙයි.

ඉන්දියාව දැන් තවත් එවැනි අභියෝගයකට මුහුණ දී සිටියි. ඒ සමස්ත ලෝකය මුහුණ දී සිටින කොරෝනා මාරක වසංගතයයි. මෙයින් සියවසකට පෙර ස්පාඤ්ඤ උන වසංගතයට මුහුණ දුන් අවස්ථාවේ ලද පාඩම් මෙම අලුත් වසංගතයට මුහුණ දීමේ දී සිහියට නැගීම වැදගත් වෙයි.

උපුටා ගැනීම - BBC සිංහල


Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.