English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
නිදහස් අධ්‍යපනයේ ඵල නෙලා ගැනීම 06 - බැසිල් ප‍්‍රනාන්දු
(2020-03-12)

<< Go Back
Share |   


නිදහස් අධ්‍යාපනය සමාජීය සචලතාවය (Social mobility) ලංකාව පුරා වැඩි දියුණු තත්වයකට පත් කිරීම කෙරෙහි බලපෑ ඉතා ප‍්‍රධාන හේතුවක් සේ පවතී. සමාජ සචලතාවය තුලින් බිහි වූ සමාජ පුබුදුව හා ගමන් වේගය වර්තමාන ලාංකීය සමාජ ස්වභාවය නිර්ණය කරන ඉතා ප‍්‍රධාන සාධකයක් සේ පවතී. මෙය තේරුම් ගත හැක්කේ මෙම සමාජ සචලිත භාවය ඇති වීමට පෙර පැවති සමාජයත් සමග දැන් පවතින සමාජය සංසන්දනය කිරීම මගිනි. අඩුම වශයෙන් පොළොන්නරු හුගයේ සිට ලංකාෙව් ඇති වූ සංස්කෘතිය, කුලය මත පදනම් වූ සමාජ සංවිධාන රටාවක් තුල ගොනු වී තිබුනි. ඉතිහාසඥයන් පෙන්වා දී ඇති ආකාරයට සමාජ සංවිධානයේ ප‍්‍රධාන සාධකය වූයේ කුලයයි. මෙහි අර්ථය කුමක්දැයි වටහා ගැනීම ලංකාෙව් දැන් පවතින තත්වය වටහා ගැනීෙම්දී  අත්‍යාවශ්‍යය සාධකයක් වේ.

අඩුම වශයෙන් පොළොන්නරු යුගයේ අග සිට පැවති ශතකයන් හිදී සමාජය සංවිධානය වී තිබුනේ සමාජ සචලතාවයට ඉඩ කඩ මුලුමනින්ම අහුරාය. කුලය යන සමාජ සංවිධානයෙහි ප‍්‍රධානම සාධකය නම් කිසියම් අයෙකුට තමන්ගේ සමාජ තත්වය වෙනස් කර ගැනීමට අයිතියක් නැත යන ප‍්‍රධාන සමාජ සංකල්පයේය. මෙය ඉතා සරලව විස්තර කලහොත් මෙයින් අදහස් වන්නේ යම් පුරුෂයෙක් අනිවාර්යෙන්ම තමන්ගේ පියා යෙදුනු රුකියාවෙහිම යෙදිය යුතු බවය. එම පුද්ගලයා කුලීන යන කණ්ඩායමක් තුලට වැටේ නම් ඔහුගේ වැඩ එම තමන්ගේ පියාට උරුම වූ විෂයට සීමා වේ. එනම් ඔහු රදලයෙක් නම් උපතින්ම ඔහුගේ පුතාද රදලයෙකු වන අතර පියා කල කටයුතු වල ඔහුද යෙදිය යුතුය. අනෙක් අතට ඔහු කුල හීන යන ගනයට වැටුන හොත් ඔහුගේ පියා කල රුකියාව ඔහුද යොමු විය යුතු රුකියාව වේ. පියා මාලු අල්ලන්නෙක් නම් පුතාද එසේම විය යුතුය. පියා කුරුදු කර්මාන්තයේ යෙදෙන්නනේ නම් පුතාද එසේම විය යුතුය. පියා නැට්ටුක් කාරයෙක් නම්, ඔහු බෙර වාදනය නරන්නෙක් නම් පුතාද එම කාර්ය්‍යම කල යුතුය. පියා රෙදි සෝදන්නෙකු නම් පුතාද එම කාර්යෙහිම යෙදිය යුතු වේ. මේ ආකාරයට මූලික සිද්ධාන්තය නම් සමාජය තුල එක් රුකියාවක සිට තවත් රුකියාවක් කරා යොමු වීමටවත් එක සමාජ තත්වයක සිට තවත් සමාජ තත්වයකට ඉහට බැසීමට හෝ පහල බැසීමටවත් කිසිවකුට ඉඩක් ඇත්තේ නැත.

මෙම සමාජ සචලතාවය රුකගනු ලැබූයේ බොහෝ උපක‍්‍රම යොදමිනි. ඒවා අතර ප‍්‍රධාන තැනක් ගත්තේ ඇදුම් පැදුම්ය. කුලීනයන්ගේ ඇදුම් පැලදුම් ඔවුනගේ ඉහල තරාතිරමක් පෙන්නුම් කරන ආකාරයට සකස් කර තිබුනි. කුලහීන යැයි කණ්ඩායම් වල පිරිමින්ට බොහෝ විට ශරීරයේ ඉහල කොටස වසා ඇදුමක් ඇදීම පවා තහනම් කර පැවතියේය. මේ පිළිබදව විශාල අධ්‍යනයන් සිදු කර ඇති අතර ඒවායේ එදා ඇදුම් පිළිවෙත් පිළිබදව ද රූප සටහන් පවා දැක ගත හැකිය.

මෙම අචංචල සමාජය තුල වෙනස්කම් ඇති කරමින් සමාජ සචලභාවයක් ඇති කරවීම සදහා සාධක ගනනාවක් ඇති විය. විශේෂයෙන් යටත් විජිත බලපෑම් වලට ලක්වීමත් සමග ගමනා ගමන පහසුකම් දියුණු වීමෙන් ගම මූලිකව පැවති කුල සමාජය තුල වෙනස් කම් ඇති විය. තමන් පරම්පාරාවෙන් පරම්පරාවට ජීවත්වූ ප‍්‍රදේශයක් අතහැර වෙනත් ප‍්‍රදේශ කරා ගමන් කර විශේෂයෙන්ම අලුතෙන් ඇති වෙමින් පැවතුනු කර්මාන්තයන් පැවති ස්ථානයන් කරා ගමන් කර කර්මාන්තවල සේවකයන්සේ සේවය කිරීමෙන් පවා එක්තරා සමාජ වෙනස්කම් මතුවීමට පටන් ගත්තේය. එහෙත් සමාජය තුල ඉතා ගැබුරෙන්ම මහා වෙනසක් කරා යොමු කරන ප‍්‍රධාන සාධකය වූයේ නිදහස් අධ්‍යාපනයයි. මේ මාර්ගයෙන් කුල නොතකා සියලු දෙනාටම පාසල් යෑම අනිවාර්ය කරන ලද අතරම එම නිසාවටම එකිනෙකා අතර හමුවීම් හා ගැටීම්ද සිදු විය. පසු කාලීනව විශ්ව විද්‍යාල ඇති වීම මෙන්ම අධ්‍යාපනය මත පිහිටා රුකියාවන් වලට බදවා ගැනීෙම්දී ද පියාගේ රැකියාව පුතා කල යුතුය යන මතය බරපතල ලෙස හෑල්ලු වී ගියේය.

දශකයෙන් දශකයට මෙම සමාජ සචලතාවය වඩ වඩාත් වර්ධනය වීම නිසා අද ඉතා ඉහල තනතුරුයැයි සලකන වෛද්‍ය වෘතිය, විවිද විද්‍යාවන් වලට සම්බන්ද වූ වෘතීන් ගුරුවර වෘතිය විශ්ව විද්‍යාල වල ආචාර්යවරුන් මහාචාර්යවරුන් ආදිය පිලිබදව පවතින රුකියාවන් මෙන්ම කලමණාකරුවන්, වානිජ්‍ය පිළිබදව කටයුතු වල යෙදෙන්නන්, වෙළදාම ආදී කටයුතු වල යෙදෙන්නන්ද, නීතිඥයන් මෙන්ම අධිකරණ නිලධාරීන් ආදී වශයෙන්ද සමාජයේ සෑම අංශයක්කරාම නිදහස් අධ්‍යාපන ක‍්‍රමය තුලින් බිහිවූ අයටද ඇතුල්වීෙම් ඉඩ කඩ පළල් විය.

මෙම සමාජ චචලතාවය බිදිය නොහැකිසේ දැන් ස්ථාවර වී හමාරය. කුල ක‍්‍රමයේ මූලික පදනම බිදී ගොස් හමාරය. එය හුදෙක් විවාහය, පවුල් සම්බන්ද කටයුතු වලදී ඇති වී ඇති වෙනස්කම් වලට විශාල වශයෙන් වැඩි ප‍්‍රමාණයකින් රැකියා ක්ෂේත‍්‍රයට හා සමාජ සම්බන්දයන් පිළිබද ක්ෂේත‍්‍රයන්ට බොහෝ දුරට පැතිරී ගොස් ඇත.

මෙසේ සමාජ සචලතාවය තුලින් නව ජීවන රටාවන් කරා යොමු වීමට හැකියාව ලැබුනු නිදහස් අධ්‍යාපනය තුලින් ඇතිවුනු පරම්පරාවන් කොයි ආකාරයකින් තමන්ගේ සමාජ තත්වයන් ස්ථාවර කරගන්නවාද යන ප‍්‍රශ්ණය මෙන්ම තමන්ගේ සමාජයෙන් නිර්මාණය කරන්නන් බවට පත් වන්නේ කෙසේද යන්න ලාංකීය ඉතිහාසයෙහි ඉතාම වැදගත් ප‍්‍රශ්ණයක් සේ පවතී. මෙම කර්තව්‍ය කර ගැනීම සදහා අවශ්‍යය වාතාවරණය සමාජ සචලතාවය තුලින් ඇති වී ඇත. කෙනෙකුට තමන්ගේ අධ්‍යාපනය වැඩි දියුණු කර ගැනීමට අවශ්‍යය නම් ඊට පදනම පාසල් වල ලබන අධ්‍යාපනය, විශ්ව විද්‍යාල වල ලබන අධ්‍යාපනය මගින් හිමිකරදී ඇත. අධ්‍යාපනය වනාහි සාගරය මෙන් විශාල ක්ෂේත‍්‍රයකි. එම අංශයන්හි වැඩිපුර යෙදීමටත් ඵල ප‍්‍රයෝජන ගත හැකි කම මීට පෙර සමාජයේ පහල ආදායම් මට්ටම් වල ඉපදුනු අය සතුව පැවතුනේ නැත. එහෙත් දැන් එය කාත් සතුව පවතී. බොහෝදුරට අවශ්‍යය පදනම වන්නේ ස්වයං උත්සාහය හා අධිෂ්ඨානයයි. එම ස්වයං උත්සාහය හා අධිෂ්ඨානය ඇත්නම් බොහෝදේ ඉගෙන ගෙන අලුත් නිපුණතාවයන් ඇති කරගෙන එම නිපුණතාවයන් ප‍්‍රයෝජනයට ගැනීෙම් හැකියාව අද පළල්ව පවතී.

මෙසේ සමාජ සචලතාවය තුලින් ඇති වූ තවත් කොටසක් නම් විදේශ රුකියාවන් සදහා රටෙන් පිට වී සිටින බොහෝ දෙනාය.  ඔවුන් අතර වැඩි දෙනෙක් සුලු රුකියාවන්හි යෙදෙන නමුත් ඔවුන් එයින් ලබන ආදායම ලංකාෙව්දී ඔවුන්ට ලැබිය හැකිව තිබූ ආදායමට වඩා වැඩි ආදායමකි. මෙසේ ලබා ගන්නා ආදායම බොහෝ විට වැඩි දෙනෙක් යොදනු ලබන්නේ තම දරුවන්ගේ අධ්‍යාපනය වැඩි දියුණු කර ගැනීම සදහායි. මේ නිසා මෙම කණ්ඩායම් තුලින්ද රටේ සමාජ සචලතාවය වර්ධනය වීම ඉතා පළල් ලෙස සිදු වෙමින් පවතියි.

කුල ක‍්‍රමයේ මානසික බලපෑම හා හීනමානය

එහෙත් කුල ක‍්‍රමයේ බලපෑම මුලුමනින්ම නැතිවී ගොස් ඇතැයි කීම අතිෂෝක්තියකි. කුල ක‍්‍රමයේ සමාජ බලපෑම අඩු වෙමින් පවතින නමුත් මානසිකව මෙහි ඇති බලපෑම තවමත් ඉතා ගැඹුරින් පවතී. ශතවර්ෂ ගනනාවක් සමාජයේ නොවැදගත් පුද්ගලයන් සේ සලකනු ලැබූ කුල හීනයැයි කියනු ලැබූ කණ්ඩායම් තුල එම සමාජ ක‍්‍රියාවලිය තුලින් ඇති කරනු ලැබූ හීන මානයක් පවතී. මෙය නැතැයි ප‍්‍රතික්ෂේප කිරීම තමන්ගේ ලාභයට නොව තමන්ගේ පාඩුවට පිහිට වන කරුණකි. මෙම නිසා නිදහස් අධ්‍යාපනයේ ඵල නිසි ලෙස ලබා ගැනීමට නම් රටේ කුල හීනයයි කලෙක සලකනු ලැබූ කණ්ඩායම් මගින් ඉස්මතු වන අය තුල අතීතයෙන් ඇති කරන ලද භීතිය මෙන්ම සමාජ කටයුතු වලදී ඉදිරිපත් නොවී පසුබා සිටීෙම් ගති ලක්ෂණය හා සමාජ කතිකාෙව් සහභාගි වීමට ඇති චකිතය ආදී ගුණාංගයන් නැති කර ගැනීම හිතා මතාම කලයුතු දෙයක් බවට පත්විය යුතුය. මෙය ඉබේම නැතිවන්නේ නැත, මන්දයත් නිතරම සමාජයේ වෙනස්කම් වල වේගයෙන් මනසේ ඇතිවන වෙනස්කම් සිදු නොෙව්. මනසේ වෙනස්කම් සිදු වන්නේ හෙමිහිටය. ඒවා ඉවත් කර ගත හැක්කේ දැනුවත්වම එම ගැටලු හදුනාගෙන ඒවා පරාජය කිරීෙම් අධිෂ්ඨානයක් ජනතාව තුල ඇති වීම පමණි.

මේ පිළිබද උදාහරණයන් ලෝකය පුරාම පවතී. උදාහරණයක් වශයෙන් වහලුන්යැයි කලෙක සලකනු ලැබූ පුද්ගලයන් නිදහස් මිනිසුන් බවට පත්වීම යුරෝපය, ඇමරිකාව ආදී රටවල් වලින් ඇති වුනු අත්දැකීම සලකා බැලිය හැකිය. වහලා සලකනු ලැබුවේ සතෙකු ලෙසය. වහලා ස්වාමියාගේ භාණ්ඩයක් විය. ස්වාමියාගේ කැමැත්තට අනුව වැඩ කිරීම මෙන්ම ස්වාමියා දෙන දෙයක් පමණක් ලබා ගැනීම ඔහුට හිමි වූ උරුමය වී තිබුනි. මේ තත්වයට මිනිසුන් පත් කර ගැනීම සදහා ඉතා බරපතල ලෙස මිනිසුන්ට දඩුවම් කිරීමට සිදුවිය. මේ කාලයේ බරපතල වදහිංසාවන් මගින් වහලුන් පාලනය කිරීම සිදු වූ බවට විශාල වශයෙන් සාක්ෂි එකතු කොට දැන් කෞතුකාගර වල ප‍්‍රදර්ශණය කර ඇත. මේ තත්වයෙන් ඔවුන් මිදුනේ හිතාමතාම ඔවුන්වත් ඔවුන්ට ආධාර කල අය මගින් ඔවුන්ගේ ආත්ම ශක්තිය වර්ධනය කර ගැනීමත් තමන්ද අන් කිසිම මිනිසකුට නොදෙවෙනියි යන අදහස ඔවුන් තුල ඇතිකර ගැනීමටත් ඒ මාර්ගයෙන් සමාජයෙන් තමන්ට ලැබිය යුතු සමාජ තත්වය ලබා ගැනීමට ඔවුන් තුල ඇති වූ ඒ ධෛර්යය සම්පන්න අරගලයත් නිසාය.

මේ අනුව සමාජ චලිතතාවය තුලින් ඇතිවුනු මහා වෙනස වඩාත් ගැඹුරු මට්ටමකට ගෙන යාමට නම් එම ගැඹුරු මට්ටම තුලින් ජනතාවට තමන් සිටි පහල මට්ටම් වල සිට මැද හා ඉහල ගමන් කිරීම අතර සචලභාවය ස්ථාවර කර ගැනීමටත් ඒ මාර්ගයෙන් මුලු සමාජය තුල පවතින සමාජ රටාව මෙන්ම සමාජ වටිනාකම් වෙනස්කර ගැනීමටත් ඇති හැකියාව අද ලංකාෙව් නිදහස් අධ්‍යාපනයෙන් බිහිවූ පරම්පරාවන් අතට හිමි වී ඇත. එසේ කර ගැනීම සදහා ඉතා දැනුවත් ව්‍යාපාර ඇති වී මිනිසුන්ගේ ආත්ම ශක්තියේ විශාල වෙනස්කමක් ඇති වීම රැදී පවතින්නේ ටික දෙනෙක් මේවා පිළිබදව උනන්දුවීම තුලින් ඇති කර ගත හැකි වෙනස තුලිනි.

මීට ඉතා කිට්ටු උදාහරණයක් ඉන්දියාවේ කේරල ප‍්‍රන්තයේදී සිදු විය. කුලහීන යැයි සලකනු ලැබූ කණ්ඩායම් ඉතා දරුණු ආකාරයකින් සලකනු ලැබූ ඉන්දීය සමාජය තුල ඒ පිළිබදව විශාල වෙනසක් ඇති කර ගැනීමට හැකිවූ එක් ප‍්‍රාන්තයක් නම් කේරල ප‍්‍රාන්තයි. එහි සිටි බොහෝ දෙනා රා පෙරීම පිළිබද කර්මාන්තයන්හි යෙදී සිටි අතර කිසි ආකාරයක සමාජ ප‍්‍රගතියක් ලබා ගැනීම වලක්වා තිබුනි. එහි ඇතිවූ ඉතා දක්ෂ සමාජ පරිවර්තකයකු වූ නාරායනගුරු ස්වාමි යන අයගේ නායකත්වය තුලින් මේ මිනිසුන් ඔවුන්ම හිමිකරගෙන සිටි මානසික තත්වයෙන් මුදාගත් අතර එයින් ඇතිවූ සමාජ වෙනස දැන් කේරල ප‍්‍රාන්තයේ දැකගත හැකිය. කලෙක ඉතා බෙලහීන කණ්ඩායමක් වශයෙන් සිටි එම රාපෙරීමේ කර්මාන්තයේ යෙදුනුවුන් අද එම ප‍්‍රදේශයේ සිටින ධනවත්ම කොටස් හා සමාජයේ බලවත්ම කොටස් බවට පත්වී ඇත. මෙවනි පරිවර්තනයක් ඇතිකර ගත්තේ හිතාමතා තමන්ගේ අධිෂ්ඨාන ශක්තිය යොදා ගනිමින් සමාජ සචලතාවයේ ඇතිවී ඇති වෙනසත්, ඵල නෙලා ගැනීමට උත්සාහ කරන පරම්පරාවක ව්‍යායාමය තුලිනි.

බැසිල් ප‍්‍රනාන්දු

මෙම ලිපියේ පළමු කොටස මෙහි බලන්න -
මෙම ලිපියේ දෙවන කොටස මෙහි බලන්න -
මෙම ලිපියේ තුන්වන කොටස මෙහි බලන්න –
මෙම ලිපියේ හතරවන කොටස මෙහි බලන්න -
මෙම ලිපියේ පස්වන කොටස මෙහි බලන්න -


Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.