English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
ආයතනික වෙනස්කම් ඇති කර ගැනිම සදහා සිවිල් සමාජයේ නිපුණතාවය වර්ධනය කර ගැනීම - බැසිල් ප‍්‍රනාන්දු
(2020-03-06)

<< Go Back
Share |   


නිදහස් අධ්‍යපනයේ ඵල නෙලා ගැනීම 05

පසුගිය කාලයක් පුරාම සිවිල් සමාජය ක‍්‍රියාත්මක වීම බොහෝ දුරට කේන්ද්‍රගතවී පැවතුනේ පක්ෂක්ග‍්‍රාහී දේශපාලනය ඔස්සේය. රටේ වර්ධනය වූ මර්ධකාරී තත්වයන් නිසා පාලනයේ සිටි පාලක පක්ෂයක් බලයෙන් පහකිරීම අරමුණූ කොටගෙන 2015 මැතියණයට පෙර වූ සිවිල් සමාජයේ ක‍්‍රියා කාරීත්වය නව ආණ්ඩුවක් පිහිටුවා ගැනීම කෙරෙහි යොමු විය. නව ආණ්ඩුවක් පත්වීමෙන් පසු එම ආණ්ඩුව ලව්වා විවිධදේ කර ගැනීමට උත්සාහයක් වශයෙන් සිවිල් සමාජයේ ක‍්‍රියා කාරීත්වය පැවතුන අතර එයම පසුකාලීනව සිවිල් සමාජයේ ක‍්‍රියාත්මක භාවය කෙරෙහි සමාජයේ නොසතුටක් පැතිර වීමටද හේතු විය.

සිවිල් සමාජය තුල ආයතනික වෙනස්කම් ඇති කර ගැනීෙම් උවමනාවක්වත් එවැනි ආයතනික වෙනස් කම් ඇති කර ගැනීම සදහා අවශ්‍යය නිපණතාවයක්වත් ලංකාෙව් සිවිල් සමාජයේ ක‍්‍රියා කාරීත්වය තුල දකින්නට ලැබෙන්නේ ඉතාමත් සුලු වශයෙනි. බොහෝදුරට සිවිල් සමාජය තුල රෙට් ආයතනික වෙනස්කම් ඇති කර ගැනීම පිළිබදව මානසික උවමනාවක්වත් තිබෙන්නේද යන ප‍්‍රශ්ණය ඇසීමද අසාධාරණ නැත. මන්දයත් එවනි මානසික තත්වයක් හෝ ක‍්‍රියා කාරීත්වයක් සිවිල් සමාජයේ ආයතන තුලින් ප‍්‍රකාශයට පත්වී ඇත්නම් එසේ ඇතිවී ඇත්තේ ඉතාම අල්පමාත‍්‍ර වශයෙන් වන නිසාය.

සිවිල් සමාජය යනුවෙන් මෙම ලිපියෙහි අදහස් කරන්නේ හුදෙක් එන්.ජී. ඕ යන නමින් ලංකාෙව් ප‍්‍රසිද්ධියට පත්වී ඇති යම් කණ්ඩායම්ම පමණක් නොෙව්. සිවිල් සමාජය යනු රෙට් සියලූම වෘතින් අතර, සාමාන්‍යය ජනතාව අතර විශේෂයෙන්ම කාන්තා සංවිධාන ඇතුලූ සියලූ සංවිධාන තුල කල්පනා ශක්තියක් යොදා තමන්ගේ අවශ්‍යතාවයන් හදුනාගෙන එම අවශ්‍යතාවයන් ඉටු කර ගැනීම සදහා නිපුණත්වයක් වර්ධනය කර ගන්නා අතරම ඊට අදාලව ක‍්‍රියාකාරීත්වයේ යෙදෙන සියල්ලන් සිවිල් සමාජය වශයෙන් මෙහි හදුන්වනු ලබයි. සිවිල් සමාජය යනු මේ අනුව ඉතා පළල් ජන කොටසක් ඇතුලූව සැදුම් ලද්දකි.

සිවිල් සමාජය වෙනස් වන්නේ රාජ්‍යය සංවිධාන වලිනි. රාජ්‍යය සංවිධාන තුල බලය ක‍්‍රියාත්මක කිරීම හා එම ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නිළධාරී මට්ටමින් සහභාගී වීම සිදුෙව්. බලය පාවිච්චි කිරීමට ඇති හැකියාව තුලින් විවිධ ගැටලු විසදා දීම රාජ්‍යයට සම්බන්ද වූ කොටස් තුලින් සිදු විය යුතු කාර්ය වේ. බොහෝ විට මෙම කාර්ය වෙනුවට රටේ අවශ්‍යයතාවයන් නොතකමින් විවධ වූ දෙයෙහි යෙදීමත් බොහෝ විට දූෂණය හා බලය අනිසි ලෙස පාවිච්චි කිරීම ආදී කර්තව්‍යයන් කෙරෙහි රජයට සම්බන්ද කි‍්‍රියා කරන්නන් පෙලෙබවීමද සිදු වේ. රජයක් මගින් සිදු විය යුතු කාර්ය හා ඇත්තෙන්ම ඔවුන් ඉටු කරන කාර්ය අතර විවිධාකාර පරස්පර විරෝධයන් ඇතිව තිබීම හෝ ඒවා අඩුව තිබීම නිර්ණය වන්නේ එම සමාජය තුල පවතින සංස්ථා කුමන ආකාරයකින් එම සංස්ථාවල යුතුකම් කිරීෙම් එම හැකියාව ඔවුන් ඇත්තෙන්ම ක‍්‍රියාත්මක කරන්නේද යන කරුනු මතිනි.

සිවිල් සමාජයට රාජ්‍යය බලයක් ඇත්තේ නැත. එහෙත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයක සියලූ දේශපාලන බලයේ උල්පත වන්නේද සිවිල් සමාජය ය. මෙහි බැලූ බැල්මට කිසියම් පරස්පර විරෝධයක් ඇතැයි පෙනෙන්නට පුලුවනි. 
ජනතා ස්වෛරීත්වය ජනතාව තුල පවතින බවත් එම ස්වෛරීත්වය රාජ්‍ය බලයේ උල්පත බවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයකට පදනම්වන ප‍්‍රධානම සංකල්පය වේ. එහෙත් මෙම ස්වෛරීභාවය ක‍්‍රියාත්මක වන්නේ හුදෙක් බලයට පත් වන පුද්ගලයන් මගින් නොෙව්. එය ක‍්‍රියාත්මක වන්නේ රටේ නිර්මාණය කර ඇති ප‍්‍රසිද්ධ සංස්ථාවන් හා එම සංස්ථාවන් වල ක‍්‍රියා කාරීත්වය තුලිනි. රෙට් ප‍්‍රසිද්ධ සංවිධාන රටාව පක්ෂ දේශපාලනයෙන් පරිබාහිරව පැවතිය යුතු බවත් එය හුදෙක්ම පවතින නීතින් තුල ක‍්‍රියාත්මක විය යුතු බවත් නීතිය මත පාලනය යන සංකල්පයේ  පදනම වේ. නීතීන් නිර්මාණය කිරීම ව්‍යවස්ථාදායකයේ වගකීම වන අතර රජයේ අන් සියලුම සංස්ථාවන් වල වගකීම වන්නේ එම නීති නිසි ලෙස නෛතික රාමුවක් තුල පමණක් ක‍්‍රියාත්මක කර වීමය.

මෙයින් පෙනී යන්නේ රටක ප‍්‍රසිද්ධ සංස්ථා ව්‍යූහය ක‍්‍රියාත්මක වීම කෙරෙහි ප‍්‍රධාන බලපෑම් දෙකක් ගැටෙන බවය. එම ප‍්‍රධාන බලපෑම් නම් බලය හිතුවක්කාර ලෙස පාවිච්චි කිරීමට රජයන් තුල ඇතිවන ප‍්‍රවනතාවය එක පැත්තකය. ඊට වෙනස්ව රජයක් තුලින් තමන්ගේ උවමනාවන් ඉටු කර ගැනීම සදහා යොමු කරවා ගැනීමට සිවිල් සමාජයට ඇති අවශ්‍යතාවය අනෙක් පැත්තේ ඇත. මේ ජනතා ස්වෛරීත්වය යන්න ක‍්‍රියාත්මක වන්නේ මේ ප‍්‍රවනතාවයන් දෙක මැද්දේය. සිවිල් සමාජයට තමන්ගේ උවමනාවන් ඉටු කර ගැනීමට රාජ්‍ය සංස්ථා වල සහයෝගය ලබා ගැනීමට හැකියාව ඇති කර ගැනීම තුලින් රාජ්‍ය බලය පාවිච්චි කරන්නන් එම බලය අනිසි ලෙස සොදා ගැනීමට ඇති ඉඩ කඩ සීමා කිරීම සිදුවේ.

රාජ්‍ය පාලනය ජීවමාන කටයුත්තකි. සිවිල් සමාජයේ පැවැත්මද එසේම ජීවමාන කටයුත්තකි. මෙයින් එකිනෙක කෙරෙහි බලපෑමට ශක්තියක් අඩුවන කණ්ඩායමටද එහි ප‍්‍රතිඵල බුක්ති විදීමට සිදුෙව්. එනම් රජයක් තුලින් ඉටුවිය යුතු යුතුකම් එම රෙට් පවතින ප‍්‍රසිද්ධ සංස්ථා තුලින් ඉටුකරවා ගැනීමට ශක්තියක් සිවිල් සමාජයට තිබේ නම් ඒ මගින් සිවිල් සමාජයට තමන්ගේ උවමනාවන් ඉටු කර ගත හැකිය. එසේ නැත්නම් සිවිල් සමාජයට අනිසි ලෙස රාජ්‍යය බලය පාවිච්චි කරන රාජ්‍යයක් තුලින් ඇතිවන සියලුම අනිසි ප‍්‍රතිඵල බුක්ති විදීමටද සිදුෙව්.

සිවිල් සමාජය තුලට විවිධාකාර ප‍්‍රශ්ණ ගලා එමින් පවතින්නේ නම් උදාහරණයක් වශයෙන් ආහාර පිළිබද ප‍්‍රශ්න, පානීය ජලයේ පිරිසිදු කම ගැන ප‍්‍රශ්න, පරිසරයේ ඇතිවෙන්නා වූ විවිධ ගැටලු පිළිබද ප‍්‍රශ්න, කාන්තාවන්ට සමාජයේ ලැබිය යුතු තත්වය නැති වීම පිළිබදව ප‍්‍රශ්ණය, අධ්‍යාපන සෞඛ්‍යය සේවාවන් පිළිබද ප‍්‍රශ්න ආදී දහසකුත් ප‍්‍රශ්ණ උග‍්‍ර වෙමින් පවතින්නේ නම්, ඊට ප‍්‍රධාන හේතුව වන්නේ සිවිල් සමාජය තවමත් තමන්ගේ උවමනාවන් ඉටු කර ගැනීම සදහා තමන්ම මෙහෙයවා ගැනීෙම් ශක්තිය වර්ධනය කරගෙන නොතිබීමය.

සිවිල් සමාජය අනිසි ආකාරයෙන් පක්ෂ දේශපාලනයට යටත් වීමෙන් සිදු වන්නේ සිිවිල් සමාජයෙන්ම ඉටු විය යුතු යුතුකම් වෙනත් ආකාරයකින් ඉටුවේය යන බලාපොරොත්තුවක් තුල මංමුලා තත්වයකට ඇද වැටීමය. සිවිල් සමාජයක් තමන්ගේ උවමනාවන් ඉටුකර ගැනීම සදහා කල යුතු කාර්ය නොකරන්නේ නම් අනිවාර්යෙන්ම රාජ්‍ය බලය අනිසි ලෙස පාවිච්චි කිරීම සිදු වීම වැලැක්විය නොහැකියි. රාජ්‍ය බලය හා ජනතා ශක්තිය අතර ඇති සම්බන්ධය එය වේ.

ලංකාෙව් සිවිල් සමාජයට තමන්ගේම උවමනාවන් නිසි ලෙස ඉදිරිපත් කර ගැනීමට ඇති නොහැකියාව තුළ මේ පිලිබද නිපුනතාවයක් සිවිල් සමාජය තුල වර්ධනය නොවීම පිළිබද ප‍්‍රශ්ණයට මුහුණදිය යුතුව ඇත. බොහෝ දුරට දැන් පක්ෂ දේශපාලනය ඇතිවීමත් සමග එනම් 20 වන සියවසේ මුල් භාගයේ පමණ සිටම විවිධ දේශපාලන පක්ෂ වටා රුස්වීම තුලින් එම සිවිල් සමාජයේ කාර්ය මෙම පක්ෂ වලට භාරදීමක් සිදු විය. එය මුලින්ම සිදු වූයේ වාමාංශික පක්ෂ සම්බන්ධයෙනි. සමසමාජ පක්ෂයේ ඇතිවීම හා වර්ධනය මුල් කාලයේ දී බොහෝ දුරට සිදු වූයේ සිවිල් සමාජයේ අවශ්‍යයතාවයන් ඉටු කර ගැනීමට එම පක්ෂයෙන් ලැබුනු අනුබල දීම මතය. පසු කාලයකදී පාර්ලිෙම්න්තුෙව් මන්ත‍්‍රීකම් ලබා ගැනීම් ආදිය මගින් රාජ්‍ය බලය තමන් වෙත යොමු කර ගැනීෙම් උවමනාවට සමසමාජ පක්ෂය, කොමියුනිිස්ට් පක්ෂය ආදිය යොමු වීමත් සමගම සිවිල් සමාජය එම පක්ෂවල අත කොලුවක් බවට පත් වූවා මිස සිවිල් සමාජයේ අවශ්‍යතාවයන් ඉටු කරවා ගැනීම සදහා මෙම පක්ෂ ක‍්‍රියාත්මක කරවා ගැනීමට තිබූ ඉඩ කඩ ඇහිරී ගියේය. මුල් කාලයේදී වෘතීය සමිති වර්ධනය කෙරෙහි මෙම පක්ෂ වල අනුබලයක් හා මග පෙන්වීමක් තිබුනු නමුත් පසු කාලයේදී වෘතීය සමිති ව්‍යාපාර විනාශවී යාම කෙරෙහි ඇති වූ ප‍්‍රවණතාවයන් වලටද බොහෝ සේ වගකිව යුතු වන්නේ දේශපාලන බලය සදහා කම්කරුවන්ගේ හා වෙනත් ජන කණ්ඩායම් වල අවශ්‍යයතාවයන් යටපත් කිරීමට මෙම පක්ෂයන්ට සිදුවීම නිසාය.

පසු කාලයේදී මෙම ක‍්‍රියාදාමයන් සියලුම පක්ෂයන් කෙරෙහි විසිරී ගියේය. සිවිල් සමාජයේ ක‍්‍රියා කාරීත්වය ක‍්‍රමක‍්‍රමයෙන් ඒ තුල පැවතිය යුතු ස්වාධීනත්වයෙන් මිදී පක්ෂවල උවමනාවන් ඉටු කරවා ගැනීම සදහා යොමු වීම දකින්නට හැකිය. මේ පිලිබදව විශාල අත්දැකීමක් රෙට් පවතින හෙයින් ඒ පිලිබදව වැඩි දුරට මෙම අවස්ථාෙව්දී සාකච්ඡා කිරීමට අවශ්‍ය නැත. අවශ්‍යව ඇත්තේ පවතින ප‍්‍රශ්ණය එනම් සිවිල් සමාජය දේශපාලන පක්ෂවල ග‍්‍රහණයට හසු වීම නිසා ලබා ඇති පරාජිත හා දුර්වල වීෙම් තත්වයෙන් ගොඩ එන්නේ කෙසේද යන්න පිළිබදව බරපතල සාකච්ඡාවක් රට තුල ඇති කිරීමය.

මෙහිදී රටේ ආයතන තමන්ගේ උවමනාවන් එනම් ජනතාවගේ සාධාරණ උවමනාකම් ඉටු කර ගැනිීම සදහා යොමු කරවා ගැනීමටනම් ඒ සදහා සිවිල් සමාජය තුල තිබිය යුතු නිපුණතාවයන් මොනවාදැයි හදුනාගෙන එම නිපුණතාවයන් වර්ධනය නිරීම කෙරෙහි කටයුතු කිරීම තුලින් රට තුල ජනතාව මුහුණ දෙන ගැටලු විසදා ගැනීෙම් මාවත විවෘත කර ගත හැකිය.

මේ නිපුණතාවයන් මොනවාද? එක් එක් ආයාතන ක‍්‍රියාත්මක කිරීම සම්බන්දයෙන් එම ආයතන වල ස්වභාවය එම ආයතන වලින් නීත්‍යානුකූල ආකාරයෙන් කර ගත හැකි දේවල් මොනවාද යන්න පිළිබද අවබෝධය, එම සෑම සංස්ථාවක් තුලම යාන්ත‍්‍රණය මොන ආකාරයක එකක්ද යන්න තේරුම් ගැනීම හා එම යාන්ත‍්‍රණය ක‍්‍රියාත්මක කරවා ගැනීමට නීත්‍යාණුකූලව සිවිල් සමාජය තුල ඇති ඉඩ කඩ පවතින්නේ කොයි තැන් වලදැයි තේරුම් ගැනීම පිළිබද අදහස මේ අතර මුලින්ම දැනුවත් විය යුතු කරුණු වේ. සිවිල් සමාජය තුල වැඩි ක‍්‍රියාත්මක බාවයකින් කටයුතු කරන්නන් මෙම කර්තව්‍යයේදී සාමාන්‍යයෙන් ඉතා විශාල සේවයක් කල යුතු කණ්ඩායම වේ. ලෝකය පුරාම සිවිල් සමාජය ශක්තිමත්වී පවතින සෑම රටක් තුලම දැකිය හැක්කේ සිවිල් සමාජය තුල ඇති වන විවිධ ක‍්‍රියාධරයන් සමස්ථ සිවිල් සමාජය තුල රෙට් පවතින ආයතනික රටාව ජනතාව තුලට ගෙන යාමට කරන විශාල ප‍්‍රයත්නයයි. මෙසේ ප‍්‍රයත්න දරන්නන් අතර විවධ වෘතිකයෝද, බුද්ධිමය අංශයන්හි යෙදෙන්නන්ද, විවිධ සමාජ ව්‍යාපාර වල වැඩි ක‍්‍රියාධර බාවයකින් කටයුතු කරන්නන්ද ආදී වශයෙන් විවිධ පළල් කොටසක් සම්බන්ද වේ.

උදාහරණයක් වශයෙන් රටක කාන්තාවන්ගේ අයිතිවාසිකම්, කාන්තවන්ගේ උවමනාවන් එම සමාජයේ පවතින සංස්ථාවන් තුලින් ඉටු වන්නේ කොතෙක් දුරටද, එම ඉටුවීම් වලට ආයතනිකව පවතින බාධා මොනවාද, එම බාධා ජය ගැනීම සදහා සිවිල් සමාජය තුලින් පැවතිය යුතු ක‍්‍රියාකාරීත්වය මොනවාගේ දෙයක්ද, මේ පිළිබදව විවිධ සාකච්ඡාවන් සිවිල් සමාජය තුලම ඇති කර ගන්නේ කෙසේද, යන කරුනු උදාහරණයක් වශයෙන් ගත හැකිය. මෙය සියලූම උවමනාවන් පිළිබදවමද එසේම බලපවත්වයි. උදාහරණයක් වශයෙන් රටේ ආහාර ප‍්‍රශ්ණයද එවැනිම ප‍්‍රශ්ණයකි. රටේ විශාල ණය බරක් පැවතීම තුලින් එම ණය බර අඩුම ආදායම් ලබන්නන් කෙරෙහි බල පැවැත්වෙන ආකාරයද තවත් ප‍්‍රශ්ණයකි. මේ ආකාරයකට ප‍්‍රශ්ණ නම් කරන්නේනම් එය අති විශාල ලයිස්තුවකට ඇත. ඒත් අවශ්‍යව ඇත්තේ මේ සියල්ලටම පොදුවේ පවතින මූලික කරුණ කෙරෙහි යොමු වීමය. එනම් රාජ්‍ය සංස්ථාවන් මේ ප‍්‍රශ්ණ විසදා ගැනීම සදහා යොමු වෙනවාද නැද්ද යන්න ගැන සිවිල් සමාජය හදුනා ගන්නේ කෙසේද, වෙනස්කම් අවශ්‍යය ස්ථාන පිළිබදව දැනීමක් රටේ සමස්ථ ජනතාව තුල ඇති කර ගැනීමට සිවිල් සමාජයට කල හැක්කේ මොනවාද හා එවනි කර්තව්‍යන් සිදු කිරීම සදහා සිවිල් සමාජය තුලම පැවතිය යුතු නිපුණත්වයන් මොනවාද යන ප‍්‍රශ්ණ හදුනා ගැනීමය.

වල් පල් දෙඩවීමට හා විවිධ ආකාරයේ වැදගැම්මකට නැති සාකච්ඡාවන් කිරීමට පමණක් සිවිල් සමාජයට හැකියාව ඇත්නම් එයින් ප‍්‍රකාශයට පත් වන්නේ රටේ සිවිල් සමාජය තුලම ඇති වන ගැටලුය. රජයකින් ඇතිවන ගැටලූ කෙලින්ම විසදීමට සිවිල් සමාජයට බැරිය. සිවිල් සමාජයට කල හැක්කේ එහි ශක්තිය මගින් රාජ්‍ය ආයතන පිළිබදව ඇතිකර ගන්නා සහයෝගය හා විෙව්චන තුලින් තමන්ගේ අයිතිවාසිකම් ඉදිරියට ගෙන යාමයි.

මෙමෙ කරුණු සම්බන්ධයෙන් ලංකාෙව් සිවිල් සමාජය තුල උවමනාවක් ඇති වුවහොත් හා ඒ පිළිබදව තමන් පිළිබදවම විවේචනශීලිව බැලීමට හැකියාවක් වර්ධනය උවහොත්, ලංකාවේ පවතින ප‍්‍රශ්ණ විසදා ගැනීම සදහා විශාල දායකත්වයක් සිවිල් සමාජය මගින් ලබා දිය හැකිය.

බැසිල් ප‍්‍රනාන්දු

මෙම ලිපියේ පළමු කොටස මෙහි බලන්න - http://www.aithiya.lk/n_other.php?id=245
මෙම ලිපියේ දෙවන කොටස මෙහි බලන්න - http://www.aithiya.lk/n_other.php?id=248
මෙම ලිපියේ තුන්වන කොටස මෙහි බලන්න –
http://www.aithiya.lk/n_other.php?id=251
මෙම ලිපියේ හතරවන කොටස මෙහි බලන්න - http://www.aithiya.lk/n_other.php?id=254

Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.