English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
නිදහස් අධ්‍යපනයේ ඵල නෙලා ගැනීම 04
(2020-03-03)

<< Go Back
Share |   


නිදහස් අධ්‍යාපනය නිසා ඇතිවී ඇති විශාල වෙනස සමාජය තුල ඔවුන්ගේ ප‍්‍රකාශන ශක්තිය වැඩි කර ගැනීමට යොදා ගන්නේ කෙසේද යන්න අපි මීට පෙර සාකච්ඡා  කලා. ප‍්‍රකාශන ශක්තිය යනුවෙන් අදහස් කරන්නේ ඉතාම සරල දෙයක්. එනම් තමන් වටා තිබෙන විවිධ සමාජ ගැටලු පිලිබද කල්පනා කොට එම කල්පනාව ප‍්‍රකාශයට පත් කිරීම මගින් ජන ගත කිරීමට ඇති හැකියාවයි. මෙය පටන් ගැනීම සාමාන්‍යයෙන් සිදුවන්නේ ඉතා ක්ෂණිකව තමන් ඉදිරිපිට ඇති ප‍්‍රශ්ණ හදුනා ගැනීමට ගන්නා උත්සාහය සමගයි. අපි උදාහරණ මගින් මෙය පැහැදිලි කර ගනිමු. තමන් ජීවත්වන ප‍්‍රදේශයේ පානීය ජලය පිළිබදව ප‍්‍රශ්ණ ඇතිවී තිබීමට පුලුවන්. එය දැන් රෙට් බොහෝ ප‍්‍රදේශවල ඇති ප‍්‍රශ්ණයක්. ජල ප‍්‍රවාහයන් තුලට රසායන ද‍්‍රව්‍යයන් එකතු වීම නිසා පානීය ජලය විස වීම. ඒ නිසා ඇතිවන ඉතා බරපතල ලෙඩ රෝගත් හැම තැනකම වගේ පවතිනවා. මේ ප‍්‍රශ්ණයට ඉහලින් පිළිතුරු ලැබෙනතුරු බලා සිටිනවාට වඩා මේ ප‍්‍රශ්ණයට භාජනය වූ ජනතාවට සම්බන්ද වූ, අධ්‍යාපනයට යම් සහභාගීත්වයක් නිදහස් අධ්‍යාපනය නිසා ලබා ගැනීමට හැකි වූ කණ්ඩායම් මේ ප‍්‍රශ්ණයේ අග මුල සෙවීමට උනන්දු විය යුතු වෙනවා. ඒවා විසදා ගැනීම පිළිබදවම ජනතාව සමගම ජනතාවගේම අදහස් මොනවා දැයි හදුනා ගැනීමට හා විවධ ස්ථාන වල හෝ රට වල මේ ප‍්‍රශ්ණ විසදා ගත්තේ කෙසේ දැයි හොයා බැලීමට උනන්දු විය යුතු වෙනවා. ඒ මගින් ඔවුන්ට ෙම් ප‍්‍රශ්ණය විසදා ගැනීම පිළිබදව අදහසක් ඇති කර ගැනීමටත්, යෝජනා ඉදිරිපත් කිරීමටත් ඒ ගැන සාකච්ඡාවක් ඇති කර ගැනීමටත් දායක විය හැකි වෙනවා. මේවා වෙනත් ප‍්‍රශ්ණ වලටත් ඒ ආකායෙන්ම බලපානවා. උදාහරණයක් වශයෙන් තමන් ඉන්නා ප‍්‍රදේශයේ දරුවන්ට හානි කරමින් මත්ද්‍රව්‍යය පැතිරී යමින් පැවතීම සලකා බලමු. මේ පිළිබදව ගැටලුවද ඉහතකී ආකාරයෙන්ම තමන්ගේ කල්පනාවට භාජනය කොට මෙම ප‍්‍රශ්ණ වලට මැදිහත් වූවන් සමග සාකච්ඡා කිරීමෙන් තවත් තමන්ගේ කල්පනා ශක්තිය දියුණු කර ගත හැකිය. එසේ ඇති කරගත් කල්පනා ප‍්‍රවාහය වෙනත් අය සමග සාකච්ඡාවට භාඡනය කිරීම මගින් මේ ප‍්‍රශ්ණ පිළිබදව සාකච්ඡාවක් රට තුල ඇති කිරීමට තරම් පළල් වූ කණ්ඩායමක් නිදහස් අධ්‍යාපනය තුලින් ලංකාෙව් බිහිකර ගත හැකිව පවතිනවා. මෙවනි දහසකුත් ප‍්‍රශ්ණ සම්බන්දයෙන් මෙවනි කල්පනාධාරා රට තුලින් පහල වේ නම් එයින් යටි තලයේ සිට මැදට හා ඉහළට අදහස් ගලා ඒමට වැඩි වීමට හැකි වෙනවා.

දැනට බොහෝ විට කෙරෙන්නේ ඉහළ තලයෙන් විවිධ ප‍්‍රශ්ණ පිළිබදව ගන්නා තීරණ පහළට බලයෙන් මෙන් තල්ලු කිරීමයි. බොහෝ විට එසේ ඉහල තලයේ නිගමන ගන්නවුන්ට මේ ප‍්‍රශ්ණ වලට භාජනය වූ මිනිසුන් පිළිබදවවත් ප‍්‍රශ්ණ ඇති වූ වාතාවරණය පිළිබදවවත් ජීවිතයෙන් ලබා ගත් අත් දැකීමක් පවතින්නේ නෑ. නිදහස් අධ්‍යාපනයෙන් ඇති වූ ජන කොටස් වලට මෙම අත්දැකීම පවතිනවා. ඔවුන් මෙම වාතාවරණයේම ජීවත් වන නිසාත්, ඒ වාතාවරණ වල ඉතිහාසය තමුන්ගේ පවුල් ඉතිහාස තුලින්ම දන්නා නිසාත්, වඩා ගැඹුරකින් හා අර්ථවත්ව ප‍්‍රශ්ණය පිළිබදව අර්තකථනයක් දීෙම් හැකියාව ඔවුන්ට පවතිනවා. මෙහිදී එම කණ්ඩායම් තමුන්ගේ මත ප‍්‍රකාශ කිරීමට ගත් විට ඉහලින් ගලා එන අදහස් හා යෝජනා පහලින් ඉහලට ගලා එන අදහස් හා යෝජනා අතර එක්තරා හමු වීමක් ඇතිවෙනවා. මේ හමුවීම තුලින් එකිනෙකාට මෙම ප‍්‍රශ්ණයේ විශාල පැති ගණනාවක් හදුනා ගැනීමේ හැකියාව වර්ධනය වෙනවා.

යම් සමාජයක් ඉහලින් පහලට අදහස තල්ලු කරන සමාජයක් වන තරමට එම අදහස් ක‍්‍රියාත්මක කිරීෙම් හැකියාව නැති වන නිසා ඒවායේ ප‍්‍රයෝජන බොහෝ වෙලාවට ලබා ගත නොහැකියි. එහෙත් යටින් ගලා එන අදහස් ප‍්‍රකාශයට පත් කර ගැනීමට හැකිකමක් ඇත්නම් එම අදහස් ඉහලින් එන අදහස් සමග ඇති වන හමුවීම් දී වඩා පොහොසත් ආකාරයකින් ප‍්‍රශ්ණ පිළිබදව අවබෝධයක් සේම ප‍්‍රශ්ණය විසදා ගැනීෙම් මාර්ග පිළිබදව අවබෝධයකුත් ඇති වෙනවා. මේ මගින් රෙට් ක‍්‍රියාත්මක වෙන වැඩ කටයුතු නිදහස් අධ්‍යාපනයෙන් ප‍්‍රතිලාභ ලැබූ අයගේ අදහස්ද සමග එකතු වීම නිසා රට ගැනම හා රෙට් පවතින ප‍්‍රශ්න පිළිබදව අවබෝධය පළල්ව සමාජගත වෙනවා. කල්පනා ශක්තිය මරා දමණ මතවාද මෙම ප‍්‍රවාහයට හාත්පසින්ම වෙනස් දෙයක් වෙන්නේ හුදෙක් අනුකරණ ආකාරයකින් කල්පනාවෙන් තොරව තමන් තුල ඇතිවෙන්නට ඉඩ දෙන මතවාදයන් විසින්. මතවාදයක ලක්ෂණය නම් ප‍්‍රශ්ණයට අදාල පුද්ගලයාගේ ස්වාධීන කල්පනාව ඒ තුල නැති වීමයි. කවුරුන් හෝ කොතනකින් හෝ ඇතිකරන ලද මතවාදයක් යට සිටින කණ්ඩායම් තුලට පටලනු ලබනවා. මෙය උදාහරණයක් වශයෙන් අතීතයේදී මාක්ස්වාදය පිළිබද අදහස් වශයෙන් කියනු ලැබූ දේ ගත හැකිය. ජාතිවාදය පිළිබදව මතවාදයද මේ ආකාරයෙන් පිටින් උඩින් පහළට ගලා යන මතවාදයක් බවට පත් වූනා. උඩින් එන අදහස තමුන්ගේ ඔලු‌වේ දමාගෙන එය නැවත ප‍්‍රකාශ කිරීම හැර, ස්වාධීන කල්පනා ශක්තියක් තමුන්ගේ ඇස් වලින්ම තමන් වටා ඇති ලෝකය හදුනා ගැනීමක්, තමන්ගේම අදහස් තවත් අය සමග කතා කිරීම තුලින් ඇති කර ගන්නා ප‍්‍රායෝගික ඥානයක් ඇති වීම ආදිය මතවාදයන් විසින් මරා දමනු ලබයි. මේ නිසා අතීතයේදී නිදහස් අධ්‍යාපනයේ ප‍්‍රතිඵල ලබා ගැනීමට මෙම මතවාද බාධාවක් වුනා. මේ වෙනුවට නිදහස් අධ්‍යාපනය නිසා තමන්ගේම ඇසින් වටා පිටාව දෙස බැලීමටත් ඒ මගින් තමුන්ගේ කල්පනාධාරව දියුණු කරගෙන එය ප‍්‍රකාශයට පත් කිරීමටත් හැකියාව දැන් රටේ පවතිනවා. එසේ කිරීමට අධිෂ්ඨානයක් ඇත්නම් එය දැන් කල හැකියි.

බැසිල් ප‍්‍රනාන්දු

මෙම ලිපි මාලාවේ අනෙකුත් කොටස් සදහා


Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.