English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
සමාජය තුල සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයින් හට ද්විත්ව හිංසනයට මුහුණ දීමට සිදුවනවා - භූමි හරේන්ද්‍රන් (මානව හිමිකම් ක්‍රියාකාරීනී)
(2020-02-10)

<< Go Back
Share |   


ලිංගිකත්වය මුල් කර ගත් වධහිංසා

වධහිංසනයෙන් තොර වීම රැකියා ස්ථානයේ හෝ සේවා ලබා ගැනීමේ ස්ථානයේ පමණක් නොව තමන්ගේ නිවසේ සිට ම පටන් ගත යුතු දෙයකි. සැමියා විසින් බිරිඳට කරන හිංසනය, දෙමාපියන් දරුවන්ට කරන හිංසනය පමණක් නොව මහ මඟ දී සිදුවන හිංසනයන්, විශේෂයෙන් ම බලයෙන් අඩු පුරුෂයින්ට සිදුවන හිංසනයන් පිළිබඳ නීතියෙන් හඳුනාගත යුතු ව ඇත.

සංක්‍රාන්ති සමාජවාදී පුද්ගලයින් වෙනුවෙන් ක්‍රියාකරන තැනැත්තියක්, මානව හිමිකම් ක්‍රියාකාරීනියක් ලෙස ඔවුන් තමන්ගේ අනන්‍යතාව නිසා ද්විත්ත්ව පීඩාවට ලක් වෙන පිරිසක් බව මා දනිමි. කාන්තා කොට්ඨාසයට පමණක් නොව ලිංගික සුළුතරය ගත් විට ඒ ලිංගික සුළුතරයට අයත් පුරුෂයින් ද හිංසනයට ලක් වේ. මේ ස්ත්‍රී පුරුෂභාවය නොබලා, නොතකා සෑම පුද්ගලයන්ටම වෙන ශාරීරික, මානසික, වාචික හිංසනයන්වලින් තොරවීම පිළිබඳව මේ රටේ ජිවත් වන ප්‍රජාවක් ලෙස විශාල වශයෙන් අවධානය යොමු කළ යුතු කාලයක් බව මා විශ්වාස කරමි. එය අප සැමගේ වගකීමකි. තනි පුද්ගලයෙක් ලෙස ගත්ත ද, ප්‍රජාවක් ලෙස ගත්ත ද රටක පුරවැසියෙක් ලෙස ගත්ත ද අප සැමගේ වගකීමක් ඇත. හිංසනයකින් තොර සමාජයක ජිවත්වීමේ අයිතියක් ඇත්තා සේ ම පුද්ගලයින් වධහිංසනවලින් බේරා ගැනීමට ද වගකීමක් තිබේ. පුද්ගලයින් හිංසනයට ලක් නොකර එක සේ සැලකිය යුතු ව ඇත.

ලිංගික සුළුතරය

ලිංගික සුළුතරයට වන හිංසනයන් පිළිබඳව ප්‍රජාවක් ලෙස කථා නොකරන්නේ හුදෙක් ම ඒ ගැන ඔවුන්ට නිසි දැනුමක් නැති නිසා බව මම විශ්වාස කරමි. ලිංගික සුළුතරය කියන්නේ කවුද යන්න ඔවුන්ට දැනුමක් නොමැත. දැනුවත්භාවය නොමැතිකම බොහෝ දේවල්වලට පාර කපන බව මාගේ විශ්වාසය යි. එය වධහිංසනයක් කියා දුන්නහොත් පමණක් එය තේරුම් ගනියි. එහෙයින් මේ වධහිංසනයෙන් තොරවීම පිළිබඳ මුලික අඩිතාලම අප දැමිය යුත්තේ පාසල තුළිනි. පාසලේ විෂය නිර්දේශයට මේවා ඇතුළත් විය යුතුව ඇත. එමෙන් ම සියලු ම සේවා සපයන ස්ථානවලට පුද්ගලික, රාජ්‍ය නොවන අංශ, රාජ්‍ය අංශ යන මේ සෑම අංශයකම මේ සඳහා ප්‍රතිපත්ති තිබිය යුතු ය. නොවෙනස් ලෙස සැලකීම්වල ප්‍රතිපත්ති නිර්මාණය විය යුතු ය. ඒ නිර්මාණය වු ප්‍රතිපත්තීන් හුදෙක් ලියකියවිලිවලට හෝ ෆයිල්වලට පමණක් සීමා නොවී ක්‍රියාවට ද නැංවිය යුතු වන්නේ ය. 

තරුණ පරපුර සහ මාධ්‍ය ගත් කළ ඔවුන්ට ද මේ දේවල් සඳහා දායක වීමට විශාල වගකීමක් ඇත. රට ලස්සන කිරීමට මතුපිටින් පමණක් තීන්ත ගා වැඩක් වන්නේ නැත. මිනිසුන්ගේ ඇතුළාන්තයත් වර්ණවත් විය යුතු ය. එහෙයින් මාධ්‍ය, තරුණ පරපුර මේ දේවල් පිළිබඳ උලුප්පා කථා කළ යුතු බව මම සිතමි. බොහෝ වේලාවට අප ජාතිය, ආගම, සංස්කෘතිය ගැන කථා කරති. අප මේ දේවල් ද ඊට ඇතුළත් කර ගත යුතු ය. ලිංගික සුළුතරය ගැනත් මීට වඩා අවධානය යොමු කළ යුතු බව මම සිතමි. සේවා සපයන ස්ථානවල, නීති සම්පාදනය වන ස්ථානවල, පාසල්වල ලිංගික සුළුතරය කියා විශේෂයෙන් සඳහන් කළ යුතු නැත. සමාජ සමානතාවය, ලිංගිකත්වය ගැන විවෘත ව කථා කරන්නේ නම් අනෙකුත් කරුණු කාරණා ඉබේම ආවරණය වන බව මම සිතනවා.



Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.