English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
සමාජ මාධ්‍ය ජාල ඔස්සේ කරන මානසික හිංසනය බරපතලයි! - සන්ධ්‍යා එක්නැළිගොඩ
(2020-02-08)

<< Go Back
Share |   


වධහිංසනය යනු ඉතා ම කුරිරු මිලේච්ඡ ක්‍රියාවක් ලෙස මම සිතනවා. වධහිංසනයක් වුණා ම මුළු ජිවිත කාලය පුරාවට ම ඒ පුද්ගලයාට විඳවන්නට සිදු වෙනවා. ශාරීරික වධහිංසනය වගේ ම මානසික වධහිංසනයත් මේ සමාජයේ ඉතා බැරෑරුම් ලෙස තිබෙනවා. කාන්තාවක් නම් වැඩි වශයෙන් හිංසනයට පත් වෙනවා. විශේෂයෙන් මෙය නීතිමය ආයතන තුළත් සිදු කෙරෙනවා. අත්අඩංගුවට පත් වන ස්ත්‍රීන් ඇතැම් විට නරක ආකාරයට ලිංගික අඩන්තේට්ටම්වලට ලක් වෙන අවස්ථා පවා අප අසා තිබෙනවා.

අද නම් මේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ කරන මානසික හිංසනය බරපතල යි. කෙනෙක් හමු වී අපට බැන, අශෝබන ආකාරයෙන් හැසිරේ නම් අප ඔහු ව හඳුනා ගනු ලබනවා. නමුත් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ කරන හිංසනයන් ඉතා නරක වන්නේ ඒවා ඔවුන් කාගේ හෝ නමකට සැඟ වී කරන නිසායි. ඔවුන් සමාජ මාධ්‍ය හරහා වෛරය පතුරවනවා. ඉතා ම නරක විදියට හිංසනයට ගොදුරු වන පුද්ගලයාට මෙය මානසික ව බලපානවා. මානසික ආතතියකින් ඒ පුද්ගලයාට ජිවිතය ගෙවීමට සිදු වෙනවා. තමන්ගේ ජීවන කටයුතු, සිය දරුවන්ගේ කටයුතු මේ නිසා කඩාවැටීමට ලක් වෙනවා.

ප්‍රගීත් අතුරුදහන් වන්නේ 2010 ජනවාරි 24වෙනි දා. අදට ඔහු අතුරුදහන් වී වසර 10ක් ආසන්නයේ මං ඉන්නේ. ප්‍රගීත්ගේ අතුරුදහන් වීම පිළිබඳ සෙවීමේ දී මට එරෙහි පළවෙනි හිංසනය පටන් ගත්තේ 25දා හෝමාගම පොලිසියේ දී. එදා මං හෝමාගම පොලිසියට ගිය විට එහි සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මගේ පැමිණිල්ල භාර නොගෙන මා ආපසු එවීමට උත්සහ කළා. ඒ ඇරඹි හිංසනය රාජපක්ෂ රෙජීමයේ පුද්ගලයින් විසින් දිගටම සිදු කළා. එදා මොහාන් පිරීස් ජීනිවාවලට ගොස් බොරු කියූ හැටි ඔබට මතක ඇති. ඒ වගේ ම රාජපක්ෂ රෙජීමයේ මන්ත්‍රීවරයෙකු වන අරුන්දික ප්‍රනාන්දු බොරු කිව්වා. ඒ කාලයේ මගේ දරුවන් දෙදෙනා ම ප්‍රධාන විභාග දෙකකට මුහුණ දීමට නියමිත ව සිටි අවුරුද්ද ය. මේ නිසා දරුවන්ගේ මානසිකත්වය කඩා වැටුණු අතර එය නැවත ගොඩනැඟීමට මට දැඩි වෙහෙසක් ගන්න සිදු වුණා. මානසික පීඩනය වෙනුවෙන් ඔවුන්ට ප්‍රතිකාර පවා ලබා ගැනීමට සිදු වුණා. 2015 සිට මේ දක්වා සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ද, විවිධ භික්ෂුන් වහන්සේලා ඇතුළු වෙනත් පුද්ගලයින් පැමිණ කළ තර්ජන ද තවමත් එක හා සමානව සිදු වෙනවා. ඔවුන් මට පවසන්නේ මගේ දරුවෝ දෙදෙනාත් ප්‍රගීත් සිටින තැනට යවන බවයි. මාධ්‍ය යාන්ත්‍රණයනුත් ඊට හොඳ සහයෝගයක් දෙනවා.



Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.