English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
දුරුතු සීතලේ නිවී ගිය ගුරු තරුව
(2020-01-14)

<< Go Back
Share |   


දුරුත්තේ සීතලත් සමග උදා වු ඉකුත් ජනවාරි 12 වෙනි දින අප සියලූ දෙනාට අසන්නට ලැබුණේ  ඉතාමත් සංවේග ජනක ආරංචියකි. ඒ මුලූ මහත් රටම ආදරය කළ ඒ අපූරු මිනිසාගේ නික්ම යාම පිළිබදවය. ඒ ආරංචිය මෙරට මුලු රංගන භූමියම සසල කරවන්නට සමත් වු බව නිසැකය. ඒ තරමට ඔහුගේ රංගනය, ගායනය, අධ්‍යක්ෂණය ප‍්‍රතිභාපුර්ණය. ප‍්‍රතිභාපුර්ණ කලාකරුවන් අප කලා ක්ෂේත‍්‍රයේ සිටින්නේ අතලොස්සකි. ඒ අතලොස්ස අතර ආචාර්ය ජයලත් මනෝරත්නයන් ඉදිරියෙන්ම සිටින්නේය.

කෙසෙල්ගස්පේ මනතුංග ජයලත් මනෝ්රත්න නම් ඒ සොදුරු මිනිසා නුවරඑළිය, දෙහිපේ ගම්මානයේදී 1948 ජුනි 12 දා උපත ලබා දෙහිපේ ප‍්‍රාථමික විද්‍යාලයෙන්  සහ පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලයෙන් සිප් සතර ලැබුවෙකි. පාසල් වියේ පටන්ම රංගනයට හා ගායනයට දස්කම් දැක් වු ඔහු සුනිල් ශ‍්‍රියානන්දයන්ගේ අස්පගුඩුං වේදිකා නාට්‍යයේ රගපෑවේ 1966 වසරේදීය. එය ඔහුගේ රංගනයේ ආගමනය විය. ඉන් අනතුරුව පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුලූ වී ශාස්ත‍්‍රවේදී උපාධිය ලැබු ජයලත් මනෝරත්නයන් මහාචාර්ය සරච්චන්ද්‍රයන් සෙවණේ හැදී වැඩුණේ සිය රංගන හැකියාවන් ඔප මට්ටම් කර ගනිමිනි.   ඒ අනුව එහිදි ඔහුට සරච්චන්ද්‍රයන්ගේ පේමතී ජායතී සෝකෝ වේදිකා නාට්‍යයෙන් සිංහබාහු, මනමේ, මහාසාර, චුලෝදර මහෝදර, මකරා, නරි බෑනා, රතු හැට්ටකාරී ආදි  වේදිකා නාට්‍ය රැසක රගපෑමේ අවස්ථාව උදා විය.

මේ අතරතුර ඔහු ශ‍්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ඇතුලූව ආචාර්ය උපාධිය ලබා ගත්තේය. එමෙන්ම ගුවන් විදුලි ශිල්පියෙකු ලෙසින්ද ගුවන් විදුලියේ වැඩසටහන් රැසකට සිය දායකත්වය ලබා දුන් ජයලත් මනෝරත්නයන් ටෙලි නාට්‍ය රංගනයට පිවිසියේ පරාක‍්‍රම නිරිඇල්ලයන්ගේ ඇබැද්දිය ටෙලි නාට්‍යයෙනි. ඒ අනුව දු දරුවෝ, ගජමන් නෝනා, කන්දේ ගෙදර, සකිසද එලියස්, සද අමාවකයි, සෙදෝනා, ගල් පිළිමය හා බොල් පිළිමය ආදි පුංචි තිරයේ ටෙලි නාට්‍ය 40 කට වැඩි සංඛ්‍යාවක රංගන හැකියාවන් මතු කළේය.

හදයා චිත‍්‍රපටයෙන් සිනමාවට පිවිසි මනෝරත්නයන් තිලක හා තිලකා  සිරිබෝ අයියා, මුහුදු ලිහිණි, සාරාංගා, හිමගිර, සප්ත කන්‍යා, අතුරු මිතුරු, සුරිය අරණ, පුංචි සුරංගනාවි, හෝ ගානා පොකුණ, භේරුණ්ඩ පක්ෂියා, ගිනි කිරිල්ලී, ගෝල්, මිස් ජෙනිස් ආදි සිනමා පට රැසකට සක‍්‍රීය දායකත්වය ලබා දෙමින් අපූරු රංගන හැකියාවන් ප‍්‍රකට කළේය.

ඉන් නොනවැතුණු ඔහ සෙක්කු ගෙදර, තුන්පත් රටාවක ලස්සන, ගුරු තරුව, සෙල්ලම් නිරිදු, පුත‍්‍ර සමාගම, තලමල පිපිලා, සදගිර, බුරුවා මහත්තයා, ලෝකය තනියායක් හා අන්දරේලා යන නාට්‍ය අධ්‍යක්ෂණය කළේය. එමෙන්ම වැහි එනතුරු, පියසේන සහ කුමාරිකාව, තලමල පිපිලා, ආදි පොත් කිහිපයක්ද ලිව්වේය. මේ සියල්ලන්ගෙන්ම ඔහු ප‍්‍රකට කළේ ඔහුගේ අති මහත් ප‍්‍රතිභාපුර්ණ හැකියාවන්ය.

භූ ගෝල විෂය ඉගන්වන පිරිවෙන් ගුරුවරයෙකු ලෙස වෘත්තිය ජිවිතය ආරම්භ කළ මනෝරත්නයන් පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව, වරාය කොමිසම, පුනරුත්ථාපන දෙපාර්තමේන්තුව, මහවැලි සංවර්ධන මණ්ඩලය යන ස්ථාන වලත් අපුරු මතකයන් සමගින් කටයුතු කළ පුද්ගලයෙකි.

නිර්ව්‍යාජ සිනහවෙන් නිරතුරුව සැරසී සිටින ආචාර්ය ජයලත් මනෝරත්නයන් හොදම නලූවා, හොදම අධ්‍යක්ෂක, හොදම රචනය සදහා රාජ්‍ය නාට්‍ය උළේලේදී සම්මාන දිනා ගත් අතර සරසවි සම්මාන, ජනාධිපති සිනමා සම්මාන ආදි සම්මාන රැුසකට පාත‍්‍ර වුයේ ඔහුගේ සහජයෙන්ම එන අති විශිෂ්ඨ රංගන කුසලතා නිසාවෙනි.

මේ අපුරු සොදුරු මිනිසා හෙට (15) දින බොරලැස්ගමුව පොදු සුසාන භූමියේදි ජිවිත රග මඩළින් සමුගෙන යන්නේ අමතක නොවන රංගනයන් රැසක් පේ‍්‍රක්ෂක සිත් තුල තබමිනි.

ආචාර්ය ජයලත් මනෝරත්නයනි, ඔබට නිවන් සුව!


Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.