English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
ශිෂ්ඨ ලෝකය බලය පෙන්වන්නේ වෙනත් ආකාරයකට - විමුක්ති ජයසුන්දර
(2019-10-26)

<< Go Back
Share |   


ශ‍්‍රී ලංකාවේ පොලිසිය සහ වධහිංසාව ගැන කතා කරද්දී කාලෙකට ඉහතදී 2015 ට පෙර ඒවා ගොඩාක් සිද්ධ වුණා. සමහරුන්ට වෙඩි තියලා මැරුවා, විත්තිකරුවන්්ව අරන් ගිහින් ආයුධ පෙන්වන්න කියලා ඝාතනය වීම් සිද්ද වුනා. ඒවා දැන් අඩු වෙලා තියෙනවා. නමුත් පොලිසිය තුළ දි වන වධහිංසාවල ඒ තරම් අඩුවීමක් නැහැ. ඒ ගැන ඔබේ අදහස....

යුද්ධය පැවති කාල සීමාවේ පොලිසිය විසින් කරන ලද සියලූම කි‍්‍රයාමාර්ග කෙරෙහි සාමාන්‍ය ජනයා හැසිරුනේ ඔවුන් සතු අනිසි බලයක් ආරෝපනය කරලා ඒ බලය  ඕනම ආකාරයකින් කි‍්‍රයාත්මක කරන්න ඉඩක් අපි නිර්මාණය කළා. ඒකට හොඳම උදාහරණය තමයි පසුගිය අපේ‍්‍රල් 21 ප‍්‍රහාරයෙන් පස්සේ රටේ ආරක්ෂක අංශ සඳහා දක්වපු අනුග‍්‍රහය තුළ තියෙනවා කිසියම් ප‍්‍රශ්න කිරීමක් නොකරන  ඕනෑම කටයුත්තක් කිරීමට ඒ ආයතන වලට බලය ලබා දිය යුතුයි කියන අන්තය.

අපේ රටේ මිනිස්සුන්ට අවබෝධ කර ගත නොහැකි කාරණාව තමයි අපි සමාජයේ එකිනෙකා සමඟ ජීවත්වන විට අපිට සමාජය විසින් ලබා දෙන යම්කිසි කොන්ත‍්‍රාත්තුවක් වන අපි එකිනෙකා කෙරෙහි සැකය දුරු කිරීමත්, ඒ වගේම ගැටුම් උත්සන්න වූ විට පමනයි තෙවන පාර්ශවයක් කැඳවන්න අවශ්‍යයි කියන එක. නමුත් සැකය සඳහා තෙවන පාර්ශවයක්  කැඳවීම අවශ්‍යය නෑ. නමුත් අපේ මිනිස්සු අතර තියෙන දෙයක් තමයි රජය මැදිහත් විය යුතුයි කියන එක. ඒක සාමාන්‍ය සංවර්ධන කි‍්‍රයාවලියේ ඉඳලා සියලූ දේ සඳහා රාජ්‍ය ව්‍යුහයේ මැදිහත් වීමක් අපි අපේක්ෂා කරනවා. මේ සඳහා අපි කිසිදු අදහසකින් තොරව ජනයා ඒකට උදව් කරනවා. මෙන්න මේ නිසා ක‍්‍රමානුකූලව සකස් කරපු යම්කිසි නීති පද්ධතියක් අබිභවා යන ජනමතයක් මෙම ආයතන වෙත ලැබෙන්නේ ඒ නිසයි. එතැන තියෙන්නේ රාජ්‍යය කියන්නේ නීතිය පිළිබඳ සියලූම ආධිපත්‍යයන් සහිත ආයතනයක් කියන හැඟීම. ඒක අධ්‍යාපනය හා ශිෂ්ඨභාවය පිළිබඳව තැනක්. ඒ කරා පැමිණීම තමයි අපි අපේ්ක්ෂා කරන්නේ. ගැටලූකාරී අවස්ථාවලදී සමාජය ඒ රාජ්‍ය ආයතන වලට අනවශ්‍ය විදිහට බලය ලබා දීමේ විශේෂ පෙළඹීමක් තියෙනවා. මෙන්න මේ තත්ත්වය මගහැර ගන්න අපි උත්සාහ ගන්න  ඕන.

මෙහි අවධානම පසුගිය කාලයේ ඇති වූ සියලූම ව්‍යවසනයන් තුළදී ඉදිරියට එනවා. ජනයා අතර ඇති වන ගැටුමක් රාජ්‍ය ප‍්‍රශ්නයක් බවට පත්විම දක්වා අරන් ගිහින් තියෙනවා. අපි දැන් මේ පිලිබඳව විශේෂයෙන් අතීත කියවීම් ජනගත කිරීම කළ යුතුයි. මේ අත්දැකීම් ටික අපි ඊළඟ පරම්පරාවට අපි කියන්නේ නැහැ. අපි අධ්‍යාපන ක‍්‍රමයේදී ඒක මගඇරලා තමයි අපි උගන්වන්නේ. රාජ්‍යයම සමහර අවස්ථා වල මර්දනය කරපු දේවල් ඉතිහාසයෙන් මකා දැමීමේ නිරන්තර ප‍්‍රයත්නයක ඉන්නවා. මොන විදිහේ පක්ෂයක් බලයට ආවත් රාජ්‍ය යාන්ත‍්‍රණය හරහා කරපු ප‍්‍රචන්ඩ මැදිහත්වීම් අමතක කරන්න තමයි උත්සාහ කරන්නේ. මෙය නතර කරපු දවසට තමයි ඊළ`ග පරම්පරාවට මෙම විෂය ගත දැනුම ගලා යන්නේ. අපි කලාකරැුවෝ විදිහට මේක කරන්න ගොඩක් උත්සාහ කරනවා. නමුත් එය ප‍්‍රමාණවත් නැහැ. මොකද කලාත්මක භාවිතාවෙන් අපි කරන යෝජනා යම් විදිහකට සමාජ ගත වෙන්නේ අධ්‍යාපනයත් එක්ක එකතු වුනොත් විතරයි.

අපි ජනසමාජයක් විදිහට ජනයා එකට ජවත් වීම සඳහා තමයි මේ සියලූ සමාජ කොන්ත‍්‍රාත් එක තියෙන්නේ. මෙන්න එකට ජීවත් වීම තමයි හැම මොහොතකම තර්ජනයට ලක් වෙන්නේ. රාජ්‍යයට මූලිකම අවශ්‍යතාවය තියෙන්නේ මේක පවත්වා ගෙන යාම. එසේ පවත්වා ගැනීම වෙනුවට ඒකට මැදිහත් වෙලා ඒක කඩා බිඳ දැමීමේ වැඩකුත් කි‍්‍රයාත්මක වෙනවා.

පොලිසිය ගැන කතා කරද්දි පොලිසිය සාමාන්‍ය මට්ටමේ සිට කි‍්‍රයාත්මක වෙන්නේ බලය කියන අදහසින්ම විතරයි. එම ආරෝපනය කරන ලද බලය පාවිච්චි කිරීම සඳහාම තමයි පොලිසිය උත්සාහ ගන්නේ. එහෙම නැතිව මැදිහත්කරැුවෙක් වෙන්න, විසඳුමක් සඳහා යන්න නෙමෙයි. ගැටුමක් තියෙනවා නම් ඒකට බලය සහිත පිරිසක් ලෙස මැදිහත් වෙලා පීඩාව කියන විසඳුම කරා යන්න තමයි සකස් කරන්නේ. සම්පූර්ණයෙන්ම මෙයින් අපි ගැලවෙන්න  ඕන. අපිට ඒක කරන්න් සිද්ධ වෙන්නේ පොලිසිය තුළින්ම පමනක් නෙවෙයි ජනයා පිළිබඳව දක්වන ආකල්පය මෙම සියලූ රාජ්‍ය ආයතන පද්ධතියන් පවතින්නේ තමාට සේවය කිරීම සඳහා කියන සමාජ අධ්‍යාපන අදහස එළියට ආවොත් විතරයි. එහෙම නැත්නම් යටත් විජිත සමයේ තිබුණු අදහසම තමයි. මොකද අපිව යටත් කර ගෙන සිටි අය තමයි මෙම ආයතන ව්‍යුහයන් අපට සකස් කරලා දීලා තියෙන්නේ. ඒ ක‍්‍රම ව්‍යුහය තමයි අපි නීති පද්ධතිය කියලා හිතන්නේ. ඒක හරහා ම අපි තවමත් රාජ්‍යය කියලා නිරැපනය වෙන්නෙම අපිට වඩා උඩින් ඉන්න අභිබවා ගිය බල ආරෝපිතයක් විදිහට.

තමා සතු බලය නිහඩ වෙන තැනක්ය රාජ්‍යය කියලා කියන්නේ කියලා අපිට හැගෙනවා. රාජ්‍ය නිළධාරියාගේ ඉඳලා සියලූ තැන් වලින් අපිට ජනනය වන දෙය තමයි තමා සතු බලය ගිලිහී යන ස්ථානය රාජ්‍යය කියලා. එයට හොඳම උදාහරණය තමයි පොලිසිය කියලා කියන්නේ. රාජ්‍යය ඉදිරියේ පසුබසින්න පුළුවන් කෙනෙක් ඉදිරියේ විතරයි එම ආරෝපිත බලය පසුපසට ගන්නේ. බලය කියන අදහසින් තමයි පොලිසිය වැඩ කරන්නේ. එහෙම නැතිව ගැටලූ නිරාකරණය, ගැටුම් වලට මැදහත්වීම වැනි අදහසක් නැහැ. මේක සියලූ ප‍්‍රශ්න වලම එක කොටසක්. ඒකට හොඳම විසඳුම තමයි මේ රාජ්‍යය යන්ත‍්‍රණයේ මැදහත්වීම පිළිබඳ සියලූ ඉතිහාසගත කරුණු ජනගත කිරීම, මූළික අධ්‍යාපනය තුළින් මෙය ඉගැන්වීම. තමා සතු බලය ආරක්ෂා කර දීමට රාජ්‍යය ආයතන පවතින බව කියලා දිය යුතුයි. අපි හිතනවා අපි තුළ තියෙන යම් බලයක් වෙන කෙනෙකුට ගිහිල්ලා ඒක නැති වුනාම තමයි රාජ්‍යය කි‍්‍රයාත්මක වෙන්නේ කියලා.

ඉතිහාසය දිහා බලපුවහම සාමාන්‍යයෙන් බලය කියන දේ ලැබුනාම ක‍්‍රියාත්මක වෙන ආකාරයන් තියෙනවා. බලය කියන්නේ යමෙක් ශාරීරිකව අනෙකා කෙරෙහි දක්වන හැසිරීම. සාමාන්‍ය ජන වින්‍යානය තුළ තියෙන්නේ බලය තියෙන පුද්ගලයාගේ රැපක ස්වරැපය ලෙස අපට පෙනෙන්නේ අයෝමය හැකියාවක් තියෙන, ශාරීරිකව බලය මුදා හරින්න පුළුවන් හැකියාවක් තියෙන පුද්ගලයෙක්. ඒක තමයි ඔය කියන පොලිසිය ආරෝපනය කරගෙන තියෙන්නේ. බලය විවිධ තැන් වල විවිධ ආරෝපනයන් ගන්න පුළුවන්. නමුත් ශාරීරික හිංසනය පදනම් කර ගෙන තමයි පොලිසිය බලය පතුරුවා හරින්නේ. බලය පිළිබඳව අධ්‍යපනික අදහස් නැහැ එතැන. ඉතාම අමානුෂික, ගෝති‍්‍රක අදහසක් තමයි එතැන තියෙන්නේ. ඒ තුළ මම හිතන්නේ එහි පීඩාව එයට ගොදුරු වන පිරිසටත් අනිවාර්යයෙන්ම පොලිසියටත් එය අත්විඳින්න වෙනවා. තමන් විසින් තමන්වම අගතියට පත්කරනවා. එවැනි නිළධාරීන් පුනරුත්තාපනය කළ යුතු වෙනවා. එහෙම නැත්නම් ඒක ගෝත‍්‍රික ප‍්‍රචන්ඩත්වයකට යනවා. අපේ රටේ තියෙන හිංසනය කියන්නේ මෙවැනි එකක්. බලය පෙන්වීමට ලෝකයේ වෙනත් ආකාර තියෙනවා. ශිෂ්ඨ සම්පන්න වෙන්න වෙන්න බලය පෙන්වන්නේ වෙනත් ආකාරයකට. ව්‍යවස්ථාව හරහා, නීිතිය හරහා, බලය පෙන්වන්න පුලූවන්. අපේ රටේ මනුෂ්‍යත්වය පිරිහෙන මට්ටමින් තමයි බලය පෙන්වන්නේ. ඒක බලය පිළිබඳ තියෙන ප‍්‍රාථමිකම අදහසක්.

විමුක්ති ජයසුන්දර



Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.