English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
එදිනෙදා ජන සමාජයේ ඇතිවන මානසික හිංසනයත් ප්‍රචණ්ඩත්වයේම කොටසක් - නීතිඥ ගරු අශෝක ස්ටීවන් පියතුමා
(2019-10-15)

<< Go Back
Share |   


එදිනෙදා ජන සමාජයේ ඇතිවන මානසික හිංසනයත් ප්‍රචණ්ඩත්වයේම කොටසක් - නීතිඥ ගරු අශෝක ස්ටීවන් පියතුමා

වධහිංසාව සම්බන්ධයෙන් ලංකා සමාජයේ තියෙනවා පොලිසියට ගියොත් ගහන්නේ නැතිව කොහොමද ඇත්ත දැන ගන්නේ, පාසලට ගියොත් ගුරුවරු ගහන්නේ නැතිව කොහොමද උගන්වන්නේ කියලා සමාජ මතයක් තියෙනවා.....

දැන් ඉතින් ඒ වගේමනේ ස්වාමිපුරුෂයාට බිරිඳට ගහන්න අයිතියක් තියෙනවා, ගුරුවරයාට ළමයාට ගහන්න අයිතියක් තියෙනවා, හාම්පුතාට සේවකයාට ගහන්න අයිතියක් තියෙනවා, එහෙම සංස්කෘතියක් වක්‍රාකාරයෙන් අපේ රටේ තියෙනවා. පොලිස් ඇඳුම දාගත්ත පුද්ගලයෙකුට සාමාන්‍ය පුද්ගලයෙකුට පරුෂ ලෙස බනින්නට අයිතියක් තියෙනවා සහ තමන් ප්‍රභූ කියලා හිතෙන අයට අපි දැක්කනේ පාරේ තමන්ගේ වාහනේට ඉඩ දුන්නේ නැහැයි කියලා ගහනවා. බලවන්තයා විසින් පීඩිතයාව මර්දනය කරන්නට කරන එකක් තමයි ප්‍රහාරය. ශාරීරික ප්‍රහාරය, වාග් ප්‍රහාරය, ස්වාමිපුරුෂයා, ගුරුවරයා, පොලිස් නිළධාරියා බලවන්තයා, ප්‍රභූ රථයේ රියදුරු මහතා බලවන්තයා. මේ සිස්ටම් එකේ බලවන්තයා විසින් පීඩිතයා යටපත් කර ගෙක ඉන්නේ.

වැඩවසම් ක්‍රමයේ සිට සුද්දගේ කාලේ සිටම හිටපු විදිහ තමයි ඒ. ඒගොල්ලෝ හිතනවා ගහන්න පුළුවන් කියලා. ගුටිකන මිනිහත් හිතනවා අනේ ඉතින් මගේ ස්වාමිපුරුෂයාට මට ගහන්න අයිතියක් තියෙනවානේ ඉතින් එයා මට ගහන්නේ නැතිව කවුද ගහන්නේ, පොලිසියෙනුත් මට ගහන්නේ නැත්නම් කවුද මට ගහන්නේ, කියලා. මේ මානසිකත්වය වෙනස් කර ගන්න ඕන. ගුරුවරයෙකුට ළමයෙකුට පහර දෙන්නට බැරි කමක් නැහැ. නමුත් ඒ පහරදීම වරදේ ස්වභාවය හා දෙන දඬුවම තීරණය විය යුතුයි. නමුත් පොලිස් කාරයෙකුට ගහන්න බැහැ. දඬුවම් දෙන්නේ අධිකරණයකින්. කස පහර දෙන්නත් පුළුවන්. මම තරුණ කාලේ මට මතකයි පොලිසිය අල්ලා ගත්ත ගමන් ගහනවා. මගදිගටත් ගහනවා. ගහලා තමයි ජිප් එකට දා ගන්නේ. පොලිසියේ රිමාන්ඞ් කූඩුවට දාන්නේ ගහලා තමයි. අධිකරණයට යන බන්ධනාගාර රථයට දාන්නේ ගහලා. එහෙම කාලයක් තිබුනා. හැබැයි ඉතින් දැන් ඔබලාගේ රාජකාරියේ කොටසක් හැටියට වෙන්නත් පුළුවන්, මිනිස්සු දැනුවත්වීම නිසා වෙන්නත් පුළුවන්, මානව හිමිකම් නීති මුල් බැස ගෙන රටේ මිනිස්සු ඒ ගැන දැනුවත්වීම නිසා වෙන්නත් පුළුවන් දැන් පොලිස් නිළධාරීන් එහෙම අමානුෂික ලෙස සලකන්නේ නැහැ. ඒ ප්‍රවණතාවය අඩු වෙලා තියෙනවා. නමුත් තවමත් මෙවැනි පහරදීම් සිදුවනවා කියන එක අපි අත්දැකීමෙන් දන්නවා ඒ ඒ පළාත් වල වැඩ කරන්න ගියාම. එකම දේ මේ වගේ දේවල් වල තොරතුරු ලැබෙන ප්‍රවනතාවයේ අඩුවක් තියෙනවා මෙම පහරදීම් සම්බන්ධව.

කායික පහරදීම් වලට වඩා මේ රටේ තියෙන මානසික ප්‍රචන්ඩත්වය වැඩියි. ගෘහස්ථ හිංසනය කිව්වම ගොඩක් දෙනා හිතන්නේ ස්වාමිපුරුෂයා පහරදීම කියලා. ඊට වඩා භාර්යාව විසින් ස්වාමිපුරුෂයාට කරන මානසික හිංසනය, මහජාතිය විසින් සුළු ජාතියට කරන මානසික හිංසන පසුගිය කාලේ මුස්ලිම් ජනතාවට කළ වැනි ඔවුන්ගේ ව්‍යාපාර වර්ජනය කිරීම, ඔවුන්ගේ ත්‍රීවිල් රථ වර්ජනය, ආදිය මේවත් ප්‍රචන්ඩත්වයේ කොටසක්. වෛද්‍ය වාතර්තාවකින් මනින්න බැහැ. පිටරටකට ගියාම දකින්න පුළුවන් ගහලා තියෙනවා භද ඪැරඉ්ක ්ඉමිැ ඒ කියන්නේ වචනයකින්වත් පහර දෙන්න බැහැයි කියලා. ප්‍රසිද්ධ ස්ථාන වල කවුන්ටර් වල ලියලා තියෙනවා. බලන්න අපේ රටේ අපේ කාන්තාවන් කොච්චර බැනුම් අහනවද බස් රථයේදී, දුම්රියේදි, වැඩපොලේදි. ඒක ප්‍රචන්ඩත්වය. කුමක් හෝ නිසා අපේ රටේ මෙම මානසික ප්‍රචන්ඩත්වය පැත්ත කවුරුවත් කතා කරන්නේ නැහැ. පහර දීම පහරකෑම වගේ ශාරිරික පැත්ත විතරයි කතා කරන්නේ. මම හිතන්නේ ඒ ගැනත් අපි කතා කළ යුතුයි.

වධහිංසාව කියන දේ දැන් අඩු ප්‍රවණතාවයක් වුනත් අපිට සතුටට පත් වෙන්න බැහැ තව බොහෝ ඉදිරියට ශ්‍රී ලංකාව යා යුතුයි.  විශේෂයෙන්ම පොලිස් වධහිංසාව ගැන අපි මීට වඩා ජනතාව දැනුවත් කිරීම සහ පොලිසියත් මීට වඩා මේ ගැන සැලකිලිමත් විය යුතුයි.

බොහෝ ආගමික නායකයන් සහ දේශපාලන නායකයින් මානව හිමිකම් කියන එක අවතක්සේරු කරලා ප්‍රකාශ කරනවා. ඒ පිළිබඳව ....

මම හිතන්නේ නැහැ ආගමික නායකයින් මානව හිමිකම් කියන දේ අවතක්සේරු කරනවයි කියලා. කාදිනල් වහන්සේත් එක් තැනක කියලා තිබුනා මානව හිමිකම් වලට කළින් තමයි ආගම් ආවේ. ඒ නිසා මානව හිමිකම් වලට වඩා ආගමට තමයි ගරු කරන්න ඕන කියලා. ඒක ඇත්ත. එතුමා අදහස් කළේ අපි ආගම් හරියට අදහනවා නම් මානව හිමිකම් සියල්ල නිකම්ම රැකෙනවා කියලා. හැබැයි ඒක ප්‍රායෝගික වෙන්නේ නැහැ. මානව හිමිකම් නීතියක් ස්ථාපිත වෙලා තියෙනවා. ජාත්‍යන්තර නීතිය පිළිඅරන් තියෙනවා. ආගම් වලින් එහෙම වෙන්නේ නැහැ. ඒක එතුමාගේ මතය. සමස්ථ කතෝලික නායකයින් මානව හිමිකම් අවකත්සේරු කරන්නේ නැහැ. මේ රටේ ඉන්නේ යටත් වැසියෝ. ඇයි අපි එහෙම වෙලා තියෙන්නේ. ඇයි පුරවැසියෙක් හැටියට ජීවත් වෙන්න බැරි පුරවැසියෙක් ලෙස තමාගේ අයිතිවාසිකම් මිනිස්සු දන්නේ නැහැ. දැන් පොලිසියෙන් මට ගහන්න බැහැ. මට මේ රටේ පුරවැසියෙක් ලෙස අයිතිවාසිකම් තියෙනවා. නොදැනුවත්කමට මිනිස්සු හිතනවා මානව හිමිකම් නීති වැඩක් නැහැ කියලා. මේ නීති මගින් පිළිසරණක් ලබන්න පුළුවන් එම අයිතිවාසිකම් කඩවූ පුද්ගලයෙකුට. මේ අයිතිවාසිකම් පිළිබඳව පල්ලියේ දේශනා වලදි මේ ආගමික අයිතිය පමනක් නොවෙයි මෙන්න මේ වගේ මානව අයිතීන් පවා තිබෙනවාය කියන එක අපි පියතුමන්ලා විදිහට ජනතාව දැනුවත් කළ යුතුයි. එතකොට ජනතාව තේරුම් ගනියි මේ මානව හිමිකම් කියන්නේ අපිට ජීවත් වෙන්න අවශ්‍ය කරන අනෙකුත් සිවිල් නීති වගේම නීති පද්ධතියක්. අයිතිවාසිකම් යුතුකම් දන්න සිවිල් පුරවැසියන් කරන්නට අපිට තවදුරටත් මහන්සි වෙන්න වෙනවා.



Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.