English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
ඉන්දුනීසියාවේ ආරක්ෂක ඇමතිට ප‍්‍රහාරයක්!
(2019-10-14)

<< Go Back
Share |   


අයි.එස් සංවිධානයේ පුද්ගලයෙකු ඉන්දුනීසියාවේ ආරක්ෂක අමාත්‍යවරයා වෙත තියුණු ආයුධයකින් ප‍්‍රහාරයක් එල්ල කර ඇති බව ඉන්දුනීසියාවේ මාධ්‍ය වාර්තා සදහන් කරයි. ප‍්‍රහාරයෙන් බරපතල තුවාල ලැබු හැත්තෑ දෙහැවිරිදි ආරක්ෂක අමාත්‍යවරයා ගුවන් මගින් ජකර්තා නගරය වෙත රැගෙනවිත් ප‍්‍රතිකාර වලට යොමු කර තිබේ.

ඉකුත් වසරේදි ඉන්දුනීසියානු ක‍්‍රිස්ත‍්‍රියානි දේවස්ථානයක් වෙත ප‍්‍රහාරයක් එල්ල කර 13 කු ජිවිතක්ෂයට පත් කළ ජමා අන්ෂාරුට් දවුලා නැමැති සංවිධානය විසින් ආරක්ෂක අමාත්‍යාවරයාට මෙම ප‍්‍රහාරය එල්ල කර තිබේ. මෙම සංවිධානය අයි.එස් සංවිධානය සමග සබදතා පවත්වන සංවිධානයකි.

ආරක්ෂක අමාත්‍යවරයා බැන්ටෙන් ප‍්‍රාන්තයේ නගරයකදි සිය මෝටර් රථයෙන් ගමන් කරමින් සිටි අවස්ථාවේ ඔහුව මෝටර් රථයෙන් ඉවතට ගෙන තියුණු ආයුධයකින් ප‍්‍රහාරයක් එල්ල කර සැකකරු පලා ගොස් තිබේ.



Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.