English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
හැගිබීස් කුණාටුවෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට 12 ක් අතුරුදහන්!
(2019-10-14)

<< Go Back
Share |   


දශක ගණනාවකට පසු ජපානයට ඇතුලු වු තයිෆුවා හැගිබීස් සුළි කුණාටුව නිසා මරණ 02 ක්ද පුද්ගලයින් 12 කු අතුරුදහන් වි ඇති බවද ජපන් මාධ්‍ය වාර්තා කරයි.

මෙම සුළි කුණාටුව 12 දා රාත‍්‍රියේ ජපානයට පැයට කිලෝ මිටර් 234 ක වේගයෙන් ඇතුලූ වි ඇති අතර එහිදි පුද්ගලයින් 90 කට තුවාල සිදු වි ඇති බවද පැවසේ. ඊයේ පස්වරු 6 සිට රාත‍්‍රි 9 දක්වා අධික වැසි සමග සුළං තත්ත්වය හට ගෙන තිබේ.

ජපන් ආර්ථිකයේ බලවතෙක් වු ශින්කන්සෙන් හෙවත් බුලට් ට්රේන් දුම්රිය වල ගමනාගමනයද ගංවතුර තත්ත්වය නිසා ඇණ හිට ඇත. චිබා ප‍්‍රාන්තයට විශාලතම භූ කම්පනය පැමිණ ඇති බවත් පසුව පසුකම්පන තත්ත්වයන් රැසක් පැමිණ ඇතැයිද වාර්තා වේ.

හැගිබිස් සුළි කුණාටුව පැමිණෙන බව ජපන් කාලගූණ නිලධාරින් විසින් නිවේදනය කිරිමත් සමග ජපානයේ බොහෝ වෙලදසැල් වල ආහාර පාන ඇතුලූ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සියල්ල අවසන් වි තිබු අතර ඔවුන් සියල්ල මෙම සුළි කුණාටුවට මුහුණ දිම සදහා සුදානම් වුහ. ශ‍්‍රි ලංකාවෙන්ද ජපානයේ නරීටා ගුවන්තොටුපල වෙත ගමන් ගන්නා ගුවන් ගමන් ඊයේ රාත‍්‍රියේ සිට පැය 07 කින් ප‍්‍රමාද කර තිබුණි.


Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.