English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
බුද්ධි තොරතුරු හා කාලගුණ අනාවැකි! - විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු
(2019-09-23)

<< Go Back
Share |   


පොලිසිය ස්වාධීනව කටයුතු කළ යුතු ආයතනයක්. ඒක ලෝකයේ පිළිගත් මූලධර්මයක්. නමුත් අවාසනාවකට පොලිසියට දේශපාලන බලපෑම් වර්ෂයෙන් වර්ෂයේ වැඩි වෙලා තියෙනවා. අපි වර්ෂ වකවානු අරගත්තොත් අපි නිදහස ලැබුන දවසේ ඉඳන් යම් ප්‍රමාණයක් දේශපාලන වශයෙන් බලපෑම් පොලීසියට සිදු වෙලා තියෙනවා. නමුත් ඒක වැඩියෙන් දක්නට ලැබුනේ 1972 න් පස්සේ. 1972 පරිපාලනයේදී පොලිස්පතිවරයා වශයෙන් පත්කලේ ස්ටැන්ලි සේනානායක මැතිතුමා. හොඳ පොලිස්පතිවරයෙක්. නමුත් දේශපාලන සම්බන්ධකම් තිබුණා. ඒ සම්බන්ධකම් නිසා ඇතැම් විටක ප්‍රතිපත්ති පවා විවේචනය වන අවස්ථා මම අහලා තියෙනවා. ඊට පස්සේ දිගින් දිගටම දේශපාලන බලපෑම් ඇති වූ නිසා 1999 දී ලංකාවේ මේ ස්වාධීන කොමිෂන් තුනක් පත් කළ යුතුයි කියලා මතයක් ගොඩනැගුනා.

අපි පාස්කු ඉරිදා සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් අද රටේ ගැටලු මාලාවක් ඉදිරිපත් වෙලා තියෙනවා. රටක නීතිය හා සාමය පවත්වා ගන්න බුද්ධි තොරතුරු අවශ්‍යයි. මේ බුද්ධි තොරතුරු ඉතිහාසය දෙස බැලුවහොත් මුලින්ම අපට නිදහස ලැබුන කාලයේ බුද්ධි තොරතුරු එකතු කිරීමේ වගකීම තිබුනේ පොලිසියට. ඒ නිසා විශේෂ අංශයක් තිබුනා පොලිසිය භාරයේ. එම අංශය දේශපාලන කටයුතු සම්බන්ධයෙන්, රටේ කලබලකාරී තත්වයන් සම්බන්ධයෙන්, විදේශ රටවල ගැටලු සම්බන්ධයෙන්, වෘත්තීය සමිති සම්බන්ධයෙන්, විශ්ව විද්‍යාල වල කරුණු සම්බන්ධයෙන් තොරතුරු එක්රැස් කරලා රජයට සහ පොලිස්පති ට දැනුම් දෙනවා. ඒ අනුව ප්‍රතිපත්ති සකස් කර ගන්නවා අපරාධ නිවාරණ කටයුතු වලට, අපරාධ පරීක්ෂණ කටයුතු වලට, සමාජ යහපතට. නමුත් මේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී කටයුතු ක්‍රමයෙන් ගොඩනැගී ගෙන එනකොට පොලීසියේ තිබුනු බුද්ධි අංශය ආරක්ෂක අමාත්‍යාංශයට පවරා ගත්තා. ආරක්ෂක අමාත්‍යාංශයේ ඉහළ තලයේ හමුදාපතිවරු ඇතුලු ආරක්ෂක මණ්ඩලයක් තිබුනා. දැන් තියෙන ජනාධිපතිගේ ආරක්ෂක මණ්ඩලය නෙවෙයි. බුද්ධි මණ්ඩලයක් තිබුනා. ඒකෙන් බුද්ධි තොරතුරු රැස් කරලා බෙදා හරිනවා ක්‍රියාත්මක වන පොලීසි වලට සහ හමුදා වලට. මේක පොලිසියෙන් ඉවත් වුනාට පස්සේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය මගින් හොඳින් කර ගෙන ගියා. ඒ තත්ත්වය වෙනස් වුනා.

2015 දී යම් යම් හේතූන් නිසා බුද්ධි අංශයේ නිළධාරීන් අත්අඩංගුවට පත් වුනා. ඒ අය නිහඬ වුනා. බුද්ධි අංශය බය වුනා. ඊට පස්සේ අපිට දකින්න ලැබුනා 2015 වන කොට යහපාලනය කියන සංකල්පය රටේ ආරක්ෂාවට වඩා ඉහළ මට්ටමට ආවා. අයිතිවාසිකම් සම්බන්ධයෙන් ඉහළ මට්ටමකට ආවා. ඒ වෙලාවේ රාජ්‍ය ආරක්ෂාව වැටුනේ දෙවන තැනට. මොකද අවුරුදු 10 ක් පමන කාලයක් නිදහස බුක්ති වින්ඳා. ඒ නිසා සිතුවා රාජ්‍ය ආරක්ෂාවට කිසිම තර්ජනයක් නැහැ කියලා. ඒ පදනම මත ඉඳගෙන මානව අයිතිවාසිකම් ගොඩනගන්න පටන් ගත්තා. ඒකෙන් වුනේ රාජ්‍ය ආරක්ෂාවට තිබිය යුතු තැන අවධානය ක්‍රමයෙන් අඩු වෙන්න පටන් ගත්තා. මේ බුද්ධි තොරතුරු අංශය දෙන තොරතුරු සම්බන්ධයෙන් විශ්වාසයක් තිබුනද? නිවැරදි තොරතුරුද? මේ දැන් තියෙන බුද්ධි අංශය අනෙක් ක්‍රියාකාරී අංශ වලට විශ්වාසදායක තත්ත්වයක් තිබුනද? ඒක හරියට කාලගුණ දෙපාර්තමේන්තුව වගේ. අද කාලගුණ දෙපාර්තමේන්තුව කියන අනාවැකි පිළිගන්නවද නැද්ද? ඒ තොරතුරු කෙරෙහි මිනිස්සු වැඩි අවධානයක් යොමු වුනේ නැහැ. මේ තත්වය තමයි පාස්කු ඉරිදා වනවිට තිබුනේ. ඇත්ත වශයෙන්ම විය හැකියි කියන ප්‍රමාණයේ හොඳ තොරතුරු තිබුණා. පෙරදි විශ්වාසය දිනා ගෙන නොසිටි නිසා මේ තොරතුරු සැහැල්ලුවට ගත්තා. එහෙම නැතිව මේක ඕනකමින් කරා නෙවෙයි. ඒ වුණත් රාජ්‍ය නායකයින්ට මේක ලැබුනා කියලා කියනවා. අපි දැක්කා පාර්ලිමේන්තු කාරක සභාවට ඇවිල්ලා කිව්වා රාජ්‍ය නායකයින්ට දැනුම් දුන්නා කියලා. ඇත්ත වශයෙන්ම මේ වගේ බරපතල බුද්ධි තොරතුරක් රාජ්‍ය නායකයින්ට දැනුම් දිය යුතුයි. ඒ  වගේම පොලිසියටත් ලැබිලා තියෙනවා. ඒ තොරතුරුඩපොලිස්පති වෙත ඇවිල්ලා ඒවා එතුමා අනෙක් අංශ වලට බෙදාහැරලා තියෙනවා. ඒ අංශ හරියට ක්‍රියාකළාද නැද්ද කියන එක මම හරියට දන්නේ නැහැ. දන්න තොරතුරු අනුව නම් යම්කිසි ක්‍රියාවලියක් සිදු කර ඇති බව දන්නවා. නමුත් මට ඒ ගැන විශ්වාදයක් නැහැ. අනෙක් කරුණ ගැන මට විශ්වාසයි. විශ්වාසනීය තත්වයක් එම බුද්ධි තොරතුරු වල තිබුනා නම් ඒවා පැහැදිළිවම පිළිඅරගෙන ක්‍රියාකළ යුතුයි. පොලිසිය යම්කිසි ආකාරයකින් ක්‍රියාකරලා තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ මේ වූ හානිය විශාල හානියක් නිසා එකපාරටම මහජනයාගෙන් ආවා තොරතුරු දැනගෙනත් ඇයි මේවා ක්‍රියාත්මක නොකලේ කියලා. ඒනිසා මේ ප්‍රශ්නයට පිළිතුරු විමර්ශනයෙන් තමයි ලබා ගන්න ඕන. මේ සම්බන්ධයෙන් පොලිස්පතිතුමාට ලංකාවේ පළමුවැනි වරට පොලිස්පතිවරයෙක් හැටියට රිමාන්ඞ් වෙන්න සිද්ද වුනා. නමුත් මම දැක්කා අධිකරණය විසින් දීලා තියෙන නියෝගය ඔහුට ඇප ලබා දෙන කොට. අහල තිබුන ප්‍රශ්නය 299 යටතේ ඒ කියන්නේ මිනීමැරුම් චෝදනාවට, 298 යටතේ නොසැලකිලිමත් ක්‍රියා කිරීම යටතේ නඩු පවරන්න හැකියාවක් තියෙනවද මේකට. එතුමිය ම කිව්වා හැකියාවක් නැහැ කියලා. එහෙම තත්ත්වයක් නම් ඇයි එතුමාව අත්අඩංගුවට ගත්තේ. එහෙම ප්‍රශ්නයකුත් තියෙනවා. මහජනතාව අහනවා. නඩු තීන්දුව සෑම කෙනෙක්ම කියවලත් තියෙනවා. පොලීසියට ඉතා අගෞරවයක් සිදු වුනා. දැනට වැඩ කරන නිලධාරීන් පවා ඉතා අපහසු තත්ත්වයට පත් වුනා. මේ සම්බන්ධයෙන් අපි කල්පනා කළ යුතු දෙයක් ඒක. මේ බුද්ධි තොරතුරු පිළිගන්න නම් ඒ බුද්ධි තොරතුරු සපයන ආයතනය කෙරෙහි විශාල විශ්වාසයක් තියෙන්න ඕන.

CID එකට සහ FCID එකෙන් නොවන සාමාන්‍යයෙන් අත්අඩංගුවට ගත් කෙනෙක් කියනවා රෑ ඇවිල්ලා බීලා ගැහුවා කියලා......

CID එකට සහ FCID එකට යන්නේ සාමාන්‍ය අපරාධකරුවෝ නෙවෙයි. හොරකම්, ගෙවල් බිඳීම්, ගැහගැනීම වැරදි වලට නෙවෙයි යන්නේ. මූල්‍ය පිළිබඳ අපරාධ තමයි ඒවට යන්නේ. ඒ මුල්‍ය පිළිබඳ අපරාධ වලට CID එකට හෝ FCID එකට කෙනෙක් කැඳවන්නේ පසුබිම් පරීක්ෂණ කරාට පසුවයි. නමුත් සාමාන්‍ය පොලිස් ස්ථානයකට යම්කිසි පැමිණිල්ලක් කලෝතින් මිනිස්සු බලාපොරොත්තු වෙනවා සැකකරුවන් අත්අඩංගුවට ගන්න ඕන, ගහන්න ඕන,කියලා. එවැනි මතයක් සමාජයේ ඇති වෙලා තියෙනවා. එහෙම නැතිව පොලිසිය ගහනවා කියන්නේ පොලිසිය අකර්මන්‍ය කරන්න ගහන්නේ. ගහන්නේ නෑ කියන්නේ නෑ. ගහපු දේවලුත් තියෙනවා. ගහන්න ඕන දේවලුත් තියෙනවා. වැඩි හරියක් මේක මවා පෑමක් පමනයි. මහජනයා බලාපොරොත්තු වෙනවා. පොලිසියෙන් ගහනවයි කියලා කිව්වට මහජනයාම ඉල්ලුම් කරනවා. දෙකක් ගැහුවොත් තමයි සර් සල්ලි ටික දෙන්නේ... දෙකක් තුනක් ගැහුවොත් තමයි සර් කට අරින්නේ..... ආදී වශයෙන්. පොලිසියට පැමිනිල්ලක් කරපු ගමන්ම ඒකෙ ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා මහජනයා. නමුත් CID එකට පැමිණිල්ලක් කරාට පස්සේ මාස ගණනක් ගියත් සැකකරුවෝ ගෙන්වන්නේ නෑ පසුබිම් පරීක්ෂණ කරනකල්. පසුබිම් පරීක්ෂණ කලාට පස්සේ ඒ පසුබිම් පරීක්ෂණ පදනම් කරගෙන ප්‍රශ්න කරනවා. ඒවාට කාලය තියෙනවා. මහජනයාගේ බලපෑමක් නෑ. ඔය දෙකයි වෙනස.



Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.