English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
අප අන්තවාදී ඉත්තන් නොවෙමු! - ප්‍රවීණ ගීත රචක නිලාර් එන්. කාසීම්
(2019-09-17)

<< Go Back
Share |   


වසර විසි පහකට වඩා කලා හා මාධ්‍ය කේෂත්‍රයේ අත්දැකීම් බහුල ප්‍රවීණ ගීත රචක, මාධ්‍යවේදි නිලාර් එන්.කාසීම් මහතාගෙන් රටේ පවතින සිංහල-මුස්ලිම් විරසකය හා සමාජ ප්‍රචණ්ඩත්වය පිලිබ අයිතිය වෙබ් අඩවිය හා කළ සංවාදයක් ඇසුරෙන් මෙම ලිපිය සැකසුණි.

පහුගිය පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසුව අවාසනාවන්ත ආකාරයට අපේ ජන සමාජය තවත් බෙදී වෙන් වී දෙපැත්තක සිට තර්ක විතර්ක කරමින් සිටිති. අපි එකම රටක, එකම ජන කොටසක් විදිහට විශේෂයෙන් සිංහල හා මුස්ලිම් ජනතාව අතර තියෙන සහෘද බව, නෑ කම ශතවර්ශයක් ඉක්මවා යන සහජීවනයකි. නමුත් අවාසනාවකට මෑතකදී මෙවැනි සිදුවීම් සිදුවන තුරා සිංහල හා මුස්ලිම් ජනතාවට මෙවැනි කා කොටා ගැනීම්, එකිනෙකාට එරෙහිව කරන ප්‍රකාශ, ඔවුනොවුන්ගෙන් දුරස් වීම් මේ තරමට සිදු වුයේ නැත. පාස්කු ඉරිදා ප්‍රහාරය යනු අපව වෙන් කිරීමට මහපොළව ඉරි තලා ගිය අවස්ථාවකි. එහිදී අපට කවර වූ තත්ත්වයක් යටතේවත් කවර හෝ ආගම්වාදයකටවත්, ජාතිවාදයකටවත් කොටු වීමේ හැකියාවක් නැත. අපි මිනිසුන්ය. මනුෂ්‍යත්වය පදනම් කරගෙන මේ මහපොළව මත ජිවත් වේ. පුද්ගලිකව මා මුස්ලිම් සමාජය නියෝජනය කරමින් සෙසු සමාජය සමඟ කටයුතු කළද, මට වැදගත් වන්නේ මම සිංහල හා මුස්ලිම්ද යන කරුණට වඩා මම ශ්‍රී ලාංකිකයෙකු යන කාරණයයි. මගේ සාහිත්‍ය ඔස්සේ මගේ කලා නිර්මාණ ඔස්සේ මම බෙදා හදා ගන්නේ ඒ පිලිබඳ වු මනුෂ්‍යත්වයයි. වඩාත් ගෝත්‍රවාදී කඳවුරු වල ගාල් වෙලා අපේ ආගමක සටන්පාඨ කිය කිය ඉන්නේ නැතිව  අපි සියලු දෙනාටම මේ පොදු තැනට පැමිණිමට හැකිනම්, එකම වේදිකාවකට එන්න හැකිනම් එතනින් මනුෂ්‍යත්වය අවදි වේ. අද ජනසමාජය මුහුණ දිලා සිටින මේ අවාසනාවන්ත තත්වයෙන් මුදවා ගැනීමට නම් අප පෙර කී ආකල්පමය තත්ත්වයකට යා යුතුය. ඒ මනස සකසා ගත යුතුය. මම ශ්‍රී ලංකාකිකයෙකු යන හැඟිමෙන් කටයුතු කරනවා නම් ඒ ඒ ජනවර්ගයාට, ඒ ඒ සමාජයට, ඒ ඒ ආගමික කොට්ඨාසයට අයත් සංස්කෘතික ලක්ෂණ පවත්වාගෙන යාමට ඉඩ දෙමින්, ගරු කරමින් විවිධත්වය තුල තිබෙන ඒකමිතිය ගොඩනගා ගැනීම කියන තැනට අප යා යුත්තේය.

මා විශ්වාස කරන අයුරින් අප තවම ප්‍රමාද නැත. සෙසු වර්ගීකරණය ඉක්මවමින් මනුෂ්‍යත්වය නැමැති වේදිකාවට අප යා යුතුව ඇත. එතැන් සිට යළි අපේ ගණුදෙණුව යාවත්කාලීන කර ගත යුතුය. එවිට මේ අඳුරු සහගත කළු වළාකුලු වලින් වැසි ගිය ශ්‍රි ලංකික ජනසමාජය බොහෝම දීප්තිමත් තැනකට රැගෙන යාමට. මා සිතන අදන්දමට ඒ ශක්‍යතාවය තිබේ.

අපි එදා තරුණයෝ විදිහට මාධ්‍ය කේෂත්‍රයට එනකොට පැවතියේ අදට වඩා අවදානම් සහගත තත්ත්වයකි. අපි තරුණයෝ ලෙස සමාජයට පිවිසයේ භීෂණය රජයන සමාජයකය. එමෙන්ම දැඩි රාජ්‍ය ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක වෙච්ච, දැඩි මාධ්‍ය මර්දනයක් තිබු අවදියක මාධ්‍ය කේෂත්‍රයේ අකුරු කිරිමට හිමි වුයේ. නමුත් ඒ තත්ත්වයට සාපේක්ෂව අද වන විට නිදහස්කාමී වටපිටාවක් ඇත. ඉන් සර්ව සම්පුර්ණ නිදහස් වටපිටාවක් ඇති බව මා අදහස් කරන්නේ නැත. සාපෙක්ෂව සාධනීය වර්ධනීය ලක්ෂණ අප දකින්නෙමු. නමුත් අප පරිශ්‍රමයක් දැරිය යුතු වන්නේ මේ තත්ත්වය තවත් වඩාත් යහපත් තැනකට රැගෙන යාමටය. සමාජය ආපස්සට කරකවන්නට ඉඩ නොදී මීටත් වඩා යහපත් වු සමාජයක් නිර්මාණය කර ගැනීම සඳහා වු පරිශ්‍රමය තුල අප හැමදාමත් සක්‍රීයව කටයුතු කළ යුතුයි යන්න මා මාධ්‍යවේදියෙක් ලෙස හෘද සාක්ෂියට එකඟව දකිමි. අප සමාජයට අවංක නම්, සමාජය සවිඥානකව දකින්නේ නම් සිට ගත යුත්තේ එබඳු තැනක බව මා විශ්වාස කරමි.

වර්තමාන සමාජය තුළ බොහෝ පුරුෂාර්ථ ගිලිහි ගොස් ඇත. අපි හැමවිටකම දකින්නේ කලින් තිබු තත්ත්වය වඩා සාපෙක්ෂව දැඩි විදිහට ජාතිවාදය හෝ ආගම්වාදය විසින් සමාජීය කොටස් පාලනය කරන්න දක්වන සමත්කමය. මෙය සමාජයක් ලෙස අසමත්කමකි. ප්‍රචණ්ඩත්වය තුල කිසිම ප්‍රශ්නයකට අපට විසඳුමක් සෙවිය නොහැක. අපි මනුෂ්‍යත්වයට ගරු කරන සමාජයක් නම් ප්‍රචණ්ඩත්වය පරාජය කරමින් වඩාත් හෘදය සංවාදි තැනකට සමාජය අරන් යන්න පුලුවන්කමක් තිබිය යුතුය. ඕනෑම ප්‍රශ්නයකදි මුහුණට මුහුණලා කථා කරලා ප්‍රශ්නයක් විසඳගන්න පුලුවන්කම තිබිය යුතුය.

අද බොහෝ පුංචි ගිනි පුළිඟු වලින් මහා ගිනි ජාලා මවන තත්ත්වයකට පත් වි තිබේ. අපට පොඩි ප්‍රශ්නයකින් සමාජය වෙලාගෙන පවතින ගින්නක් ඇවිලිය හැකිය. එවැනි දේවල් වලින් කලබලයට පත් වී, ක්ෂණික දේවල් වලින් කෝපයට පත් වී ප්‍රචණ්ඩත්වයකින් හැමදේම තිරණය කළ යුතු තැනකට යා යුතු නැත. මෙය දේශපාලනික හෝ ආගමික වශයෙන් ගත්තත් පොදු යථාර්තය අප අවබෝධ කර ගත යුතුය. ඉකුත් සමයේ අප දුටු ප්‍රචණ්ඩකාරී තත්ත්වය අතිශය පසුගාමී තත්ත්වයකි. මෙහිදී බොරදියේ මාලු අල්ලන පිරිසක් සිටින බව අප අමතක නොකළ යුතුය. ඇතැම් දේශපාලන ව්‍යාපාර වලට අවශ්‍ය මෙයින් වෙනත් ඵල නෙලා ගැනීමටය. නමුත් ජනතාවක් ලෙස ඒ අන්තවාදී කොටස් වල ඉත්තන් නොවීමට අප අධිෂ්ඨාන කර ගත යුතුව ඇත.

සාකච්ඡාවක් ඇසුරින් - ශානිකා මාධවී

Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.