English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
අසාමාන්‍ය තත්වයන් යටතේ පනවන නීති හා එයින් ලැබෙන අනිසි බලය - නීතිඥ අර්මිසා ටීගල්
(2019-09-11)

<< Go Back
Share |   


නීතිය වර්ග දෙකක් තියෙනවා. සාමාන්‍ය නීතිය තියෙනවා. හදිසි නීතිය කියලා අසාමන්‍ය තත්වයන් වලදි වෙනම නීතියකුත් තියෙනවා. ලංකාවේ අවුරුදු 30 ට වඩා වැඩි කාලයක් සාමාන්‍ය නීතියත් පාවිච්චි කරලා තියෙනවා. ඊට අමතරව විටින් විට හදිසි නීතියත් පාවිච්චි කරලා තියෙනවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ තියෙන නීති ටික ගත්තොත් ඒකත් හදිසි නීතියට සමානව තියෙන නීතියක්. හදිසි අවස්ථාවක දී පාවිච්චි කරන්න තමයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) තියෙන්නේ. 1979 ඉඳලා අපේ රටේ මෙය පාවිච්චි වෙලා තියෙනවා. අවුරුදු තිහකට වැඩි කාලයක් ලංකාවේ හදිසි නීතියට සමාන නීතියක් පොලිසිය විසින් පාවිච්චි කරලා තියෙනවා. ඒකෙන් සාමාන්‍ය නීතිය ගොඩාක් දුර්වල වෙලා තියෙනවා.

ශ්‍රී ලංකා පුරවැසියන් හැටියට සමාන්‍ය නීතිය යටතේ කොහොමද වැඩ කළ යුත්තේ යන්න ගොඩක් දුර්වල තැනක තියෙන්නේ. අපි හිතනවා පොලිසියට පුළුවන් ඕනම අවස්ථාවක කරුණු ගොඩක් දක්වන්නේ නැතිව අත්අඩංගුවට ගන්න කියලා. අපි ඒවා අභියෝගයකට ලක් කරලා නැහැ. බුද්ධිමත් ක්‍රම පාවිච්චි කරලා තියෙනවා නම් ඒවාට ගොඩක් අභියෝග කරන්නේ නැහැ. අපි පුරුදු වෙලා තියෙන්නේ හදිසි නීතියට සමාන නීති යටතේ වැඩ කරන්න. පොලිසියට ඒ කියන්නේ නීතිය ක්‍රියාත්මක කරන පුද්ගලයන්ට ඒ බලය වෙනස් කොට සැලකීමකින් පාවිච්චි වෙන විදිහකට ඒ බලය පාවිච්චි කරලා මිනිස්සු අපහසුතාවයට පත් කරන විදිහකට තමයි අපේ අත්දැකීම. ඒ අත්දැකීම තුළින් රටේ සාමාන්‍ය නීතියක් කොහොමද ක්‍රියාත්මක විය යුත්තේ කියලා මෙන්ම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් රටේ සාමාන්‍ය නීතිය යටතේ ලැබී තිබෙන අයිතීන් ගැනත් අපිට තියෙන්නේ ගොඩාක් දුර්වල අදහසක්.

උදාහරණයක් වශයෙන් ගත්තොත් පසුගිය දිනෙක තිබුනා නඩුවක් ත්‍රස්වාදය වැළැක්වීමේ පනත යටතේ ගිය අවුරුද්දේ අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් මේ අවුරුද්දේ අවුරුද්දකට වැඩිකාලයක් රඳවා ගෙන තමයි නිදහස් කළේ නීතිපති දෙපාර්තමේන්තුව. මේ අවුරුද්දක කාලයක් තුළදි එයාට කිසිම චෝදනාවක් ඔප්පු කළේ නැහැ. වරදක් කළේ නැහැ කියන අදහස තමයි තිබුනේ. අවුරුද්දක් වැනි කාලයක් කිසිවක් නොකිරීම කියන එක අපි පිළිගන්නවා. අපිට මෙහෙම නීතිය ක්‍රියාත්මක කරන පුද්ගලයන්ට අවුරුද්දක් ගියත් කමක් නැහැ අපිට ප්‍රශ්නයක් නැත්නම් කියලා අපි හිතනවා. ඒකෙන් අපිට පේනවා ලංකාවේ පුද්ගලයන් නීතිය ගැන හිතන විදිහ හරිම දුර්වලයි කියලා. ඒක වෙනස් වෙන්න ඕන. ඒ වගේ හිතන කොට නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා  අපි පියවර ගත්තේ නැත්නම් එවිට සිදු වෙන්නේ නීතිය ක්‍රියාත්මක කරන පුද්ගලයන්ට ගැලවී යන්න පුළුවන් විවිධ වැරදි කරලා. වධහිංසාවට ලක් කරන්න පුළුවන්. ඒ නීතිය පාවිච්චි කරලා වෙනස් කරලා එක් එක් පුද්ගලයන්ට වෙනස් ආකාරයට ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ වගේම ඔවුන්ට ආරක්ෂාව තියෙනවා වැරදි විදිහට නීතිය පාවිච්චි කරන්න, වැරදි කරලා බේරිලා යන්න. ඉස්සරහට එන නීතිත් දැනට යෝජනා කරලා තියෙන Counterlism Act කියලා ඒ කියන්නේ prevention of terrorism act එක replace කරන්න. එකෙත් විශාල බලතල දීලා තියනවා පොලිසියට හා හමුදාවට වගේ ආයතන වලට. ඒ කියන්නේ අපේ අත්දැකීම වෙනස් වෙන එකක් නැහැ. අපි තවමත් හිතන්නේ පොලිසියට ලොකු බලයක් තියෙන ආයතනයක් කියලා. බලය අපි නොතේරෙන ආකාරයට පාවිච්චි කෙරුවත් නීතියෙන්ම අවස්ථාව හදලා කියලා අපි හිතන්නේ. මේ වගේ නීති ලංකාවට එන්නේ නැතිව තියෙන්නත් අවශ්‍යයි මොකද ලංකාවේ මිනිස්සුන්ට අපේ අයිතීන් ගැන දැනුමක් වගේම ලොකු හැඟීමක් අවශ්‍ය වෙනවා. අනෙක් කාරණය තමයි හදිසි නීතිය දික්කිරීම. ඒකෙන් අපිට වෙන්නේ අපි පුරුදු වෙනවා පොලිසිය සතු විශාල බලය අපි හිතනවා ඒක සාමාන්‍යයි කියලා. ඒ තත්වයෙන් අපි මිදෙන්න ඕන.

දැන් තියෙන හදිසි නීතිය හෝ අලුතෙන් ගෙන එන නීති හරහා පොලිසියට හා හමුදාවට ලබා දෙන බලතල දිහා බැලුවොත් අපිට පේනවා තීරණ ගැනීමේ වැඩි බලතල තියෙනවා මේ ආයතන වලට. අපේ අත්දැකීම තමයි මේ බලය පාවිච්චි කරලා ත්‍රස්තවාදීන් කියලා සාමාන්‍ය නීතිය යටතේ තියෙන පොඩි වරදකටත් ඒ බලය පාවිච්චි කරලා රඳවා තබා ගනිමින් දිගු කාලයක් රඳවා ගෙන සමහරවිට වධහිංසා පමුණුවා තියෙනවා. ඉතින් එවැනි නීති ක්‍රියාත්මක කරන ආයතන තමයි රටේ හැදිලා තියෙන්නේ. ඒකෙන් අපි කොහොමද වෙනස් වෙන්න ඕන, මොනවගේ ආයතනද රටේ තියෙන්න ඕන ඒ වගේම පොලිස් ස්කිල් එක, ඉන්වෙස්ටිගේෂන් ස්කිල් එක සිස්ටම් එක හැදිලා නැහැ. සිස්ටම් එක වැටිලා තියෙන්නේ. ඒකෙන් අපි කොහොමද පොලිසිය කියන ආයතනයේ මහජන විශ්වාසය දිනාගන්නේ කියන එක ගැන ඒ ක්ෂේත්‍රයේ ගොඩක් දියුණු විය යුතුයි.

අලුත් නීතිපති ආවට පස්සේ ප්‍රධාන නඩු කිහිපයකට පියවර අරගෙන තියෙනවා. තාජුඩීන් ඝාතනය, කීත් නොයාර් නඩුව ගැන ජනතාව අතරට ඇවිත් තියෙනවා ඒක ගැන විශ්වාසයක් මොනවා හරි දෙයක් වෙයි කියලා. මේ වගේ නඩු ඉස්සරහට යනවා කියන එක සතුටුදායක විය යුතුයි. පොඩි කාලයක් ඇතුළත තමයි මේ පියවර ඔක්කොම අරන් තියෙන්නේ. හදිසි වෙලා එක එක දේශපාලන වුවමනාවන් උඩ නෙවෙයි මේවා ඉස්සරහට ආ යුත්තේ. එසේ වුවහොත් සමහර වෙලාවට ඒ නඩු අසාර්ථක වෙන්නත් පුළුවන්. අපිට සතුටුදායක වෙන්නත් පුළුවන් ප්‍රධාන නඩු ගැන බලද්දි, ඒ වගේම අවධානයෙන් සිටීමත් අවශ්‍යයි.



Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.