English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
පොලිස් පහරදිම් වල පැහැදිලි අඩුවක්! - නිතිඥ ජගත් ලියනාරච්චි මහතා
(2019-09-03)

<< Go Back


පොලිස් පහරදිම් වල පැහැදිලි අඩුවක්! - නිතිඥ ජගත් ලියනාරච්චි මහතා

මීට හේතු වි ඇත්තේ පොලිස් නිලධාරින් තුල පවතින ආකල්ප බවද පවසයි. විශේෂයෙන්ම  ඊට හේතු වි ඇත්තේ ඒ මානව හිමිකම් ක‍්‍රියාත්මක වීම, වධ හිංසා පනත, මුලික අයිතිවාසිකම් පිලිබඳ නඩු දැමිම නිසා බවද  ඔහු පෙන්වා දෙයි. එමෙන්ම පැරණි පොලිස් නිලධාරින් දැන් සේවයෙන් විශ‍්‍රාම ලබද්දී අලුතෙන් පොලිස් සේවයට එක් වන තරුණ පරම්පරාවගේ ආකල්ප වල ඇති වෙනස මෙයට බලපා තිබෙන බවද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙනු ලබයි.

ගොඩ දෙනෙකු සිතන්නේ පොලිසියෙන් පහර දෙනු ලබන්නේ කරුණු අනාවරණය කර ගැනිම සඳහා බවය. එහෙත් එය එසේ නොවන බවත් සමික්ෂණයකින් හෙලි වු කරුණු මත අනාවරණය වුයේ බොහෝ පහරදිම් කෙරෙනුයේ විවිධ හේතු නිසා බවත් ඒ මහතා පවසයි. උදාහරණයක් ලෙස ළමා අපචාරයක සැකකරුවෙකුට පොලිසිය ඇතැම් විට පහර දි ඇත්තේ තමන්ගේ දරුවා සිහි විම නිසා සංවේදි වී හෝ කේන්ති යාම නිසාය.

පොලිස් නිලධාරින් සිය දැනුම, නව තාක්ෂණය භාවිතා කරන්නේ නම් පහරදීමකින් තොරව කරුණු අනාවරණය කර ගැනීමටද හැකියාව පවතින බව නිතිඥ ජගත් ලියනාරච්චි මහතා පවසයි.

එමෙන්ම යම් අයෙකුට පහර දි පාපොච්චාරණය කර ගැනිමට අවශ්‍ය නම් සැකකරුට පහර දි ලබා ගන්නා පාපොච්චාරණය ඉතා භයානක විය හැකි බවද ඔහු අවධාරණය කර සිටියි. මන්ද නිදොස් පුද්ගලයෙකුට දිගින් දිගටම පහර දිමක් සිදු වුවහොත් ඔහු නොකළ වැරැද්ද භාර ගැනිමට පෙළඹිය හැකිය. මෙය ඉතාමත් භයානක බව නිතිඥවරයා පවසයි.

තවද පොලිසිය අපරාධකරුවන් නොවන අය ගෙනවිත් කුඩු දමා වැරදිකරුවන් කරන්නා සේම ඇතැම් අපරාධකරුවන්ද පොලිසිය වැරදිකරුවන් බවට පත් කර පොලිසිය අපහසුතාවයට පත් කරන අවස්ථා පවතින බවද පැවසුවේය.

නමුත් අධිකරණය සම්බන්ධ වෛද්‍ය විද්‍යාව අද දියුණු හෙයින් පළපුරුදු විශේෂඥ අධිකරණ වෛද්‍යවරයෙකුට බොරු කිරිමට හැකියාවක් නොමැති බවද ඔහු පැවසිය. තවද අතිතයේ අප දුටුවේ කායික වද හිංසා පමණක් බවත් නමුත් මේ වනවිට මානසික වද හිංසා සම්බන්ධයෙන්ද කටයුතු කෙරෙන බවත්ය.

ස්වාධින කොමිෂන් සභා හා එහි බලතල

“බොහෝ දෙනෙකු මේ දිනවල 19 වෙනි සංශෝධනය පිලිබඳ හොඳ මෙන්ම නරක පිලිබඳවද කථා කරති. ඒ පිලිබඳ විවේචනය කරන ඇතමුන් සඳහන් කර සිටින්නේ 19 ඉවත් කළ යුතු බවය. නමුත් ස්වාධින කොමිෂන් සභා පිලිබඳ කථා කිරිමේදි 19 වෙනි සංශෝධනය පැන ගිය විශාල ඉදිරි පිම්මක් ලෙස සඳහන් කළ හැකිය.

19 වෙනි සංශෝධනය නිසාම අලුත් කොමිෂන් සභා දෙකක් අපට එක් විය. එනම් විගණන කොමිෂන් සභාව හා ප‍්‍රසම්පාදන කොමිෂන් සභාවය. මේ දෙකම ඉතාම වැදගත් යහ පාලන අංග දෙකකි. මේ සභා දෙක රජය ජනතාවට වග විම තහවුරු කරන ආයතන ලෙස සැලකිය හැකිය. එමෙන්ම තවත් කොමිෂන් සභා කිහිපයකටම මෙම 19 වෙනි සංශෝධනය නිසා බලතල වැඩි විමක් සිදු විය. අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමිෂන් සභාවට තම ස්ව කැමැත්ත මත විමර්ශන ආරම්භ කිරිම සඳහා වු බලතල මෙම සංශෝධනයෙන් අතිරේකව ලබා දිම මෙහිදි විශේෂයෙන් සැලකිය හැකිය. එමෙන්ම 18 වෙනි සංශෝධනයෙන් කප්පාදු කරන ලද බලතල කිහිපයක්ම මෙම සංශෝධනය නිසා මැතිවරණ කොමිෂන් සභාවට, රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ලබා දි තිබේ. මේ අයුරින් 19 වෙනි සංශෝධනය නිසා කොමිෂන් සභා වලට අතිරේක බලතල හිමි වුවත් මෙහිදි සිදු වු විශේෂම කරුණ වන්නේ කොමිෂන් සභා වල ස්වාධිනත්වය මේ හරහා ඇති විමය. 17 වෙනි සංශෝධනය යටතේ නොතිබුණු බලගතු ප‍්‍රතිපාදන 19 හරහා ඇති කර තිබේ. 17 වෙනි සංශෝධනයේ තිබුණේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව  මගින් නිර්දේශ කරන නම් ජනාධිපතිවරයා විසින් කොමසාරිවරුන් ලෙස පත් කල යුතු බවටය.

නමුත් එහිදි පෙනි ගිය කරුණක් වූයේ 17 වෙනි සංශෝධනය යටතේ මැතිවරණ කොමිෂන් සභාව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව නිර්දේශ කලත් එවකට සිටි ජනාධිපතිවරිය එය පත් කලේ නැත. එවැනි අවස්ථාවක ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ නිර්දේශ කිසිදු තේරුමක් නැති තත්ත්වයට පත් විය. නමුත් 19 වෙනි සංශෝධනයේ ප‍්‍රතිපාදන මත ස්වාධින කොමිෂන් සභාවක් සඳහා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පරිදි නම් නිර්දේශ කළාට පසු ජනාධිපතිවරයා විසින් ඒ අයව පත් නොකර සිටියහොත් දින 14 කට පසුව ජනාධිපතිවරයා පත් කළා සේ සලකන බවට ප‍්‍රතිපාදන ඇතුලත් කර තිබේ. මෙම තත්ත්වය නිසා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ නිර්දේශයන්ගෙන් ජනාධිපතිවරයා අනිවාර්යෙන් බැඳෙන තත්ත්වයක් පවතියි. මේ ස්වාධින කොමිෂන් සභා වල ස්වාධිනත්වය ඉහළ දැම්මේ ක‍්‍රියාවලියක් ලෙස මම දකින්නෙමි. මේ අයුරින් ස්වාධීන කොමිෂන් සභා ශක්තිමත් කිරිම සඳහා 19 වෙනි සංශෝධනය ඉතාමත් ඉහළ කාර්යයක් ඉටු කර තිබේ. ඇතැම් විට මෙම ස්වාධිනතාවය ඉහළ යාම අපගේ බොහෝ දෙනෙකුට තේරුම් ගැනිම අපහසු වි තිබේ. ඔවුන් රජයත් සමග කටයුතු කරන අවස්ථා වලදි ජනතාව බලාපොරොත්තු වන්නේ 17 වෙනි සංශෝධනයට පෙර තිබු දේශපාලනික බලපෑම නිලධාරින් වෙත එල්ල විය හැකි බවය. නමුත් එය වර්තමානයේ කළ නොහැකිය. මේ තත්ත්වය සමහර විට නරක තත්ත්වයක් බවට පත් විමටද ඉඩ ඇත. එනම් නිලධාරීවාදයක්, අධිකාරීවාදයක් ගොඩනැගමේ ප‍්‍රවණතාවයකුත් මෙහි දකින්නට හැකිය. එහෙයින් එය පාලනය කිරිම සඳහා ප‍්‍රතිපාදන සකස් වෙනවාටත් වඩා සුදුසු අය ඒ තනතුරු වලට යැවිම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ කාර්යභාර්යකි.”

-සැකසුම-ශානිකා මාධවී පීරිස්-



Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.