English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
ජනමාධ්‍ය බෝම්බ ගැන කතිකාවතක් අවශ්‍යයි - ශාන් විජේතුංග
(2019-06-15)

<< Go Back


ජනමාධ්‍ය බෝම්බ ගැන කතිකාවතක් අවශ්‍යයි
ශාන් විජේතුංග, අධ්‍යක්ෂ, ජනමාධ්‍ය විද්‍යාලය

 

පසු ප‍්‍රචණ්ඩ තත්ත්වයන්ට ජනමාධ්‍යත් බලපෑම

පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරයෙන් පසුව දින කිහිපය තුළ සමහර මාධ්‍ය ආචාරධර්මානුකූලව කටයුතු කරන්න උත්සාහ කළා. නමුත් යම් යම් හේතු නිසා තත්ත්වය වෙනස් වෙන්න ගත්තා. ඉන් පසුව වකවානුව මේ ආචාර ධර්මානුකූලව කටයුතු කිරීම පසෙකට තියලා, මාධ්‍ය බොහෝ වෙලාවට දේශපාලන ස්ථාවරයන් වෙත යොමු වෙලා ඒ අනුව තමන්ගේ ප‍්‍රචාරයන් පවත්වාගෙන ගිය බව. මේ නිසාම විශේෂයෙන් මේ ප‍්‍රහාරයෙන් පස්සේ, සිදුවෙච්ච සිදුවීම්, ඒ වගේම මේ ප‍්‍රහාරයෙන් අසාධාරණයට ලක් වෙච්ච අය අගතියට පත් වෙච්ච අය, ඒවගේම අනෙකුත් ජනකොටස්, මේ අයට සාධාරණයට ඉටු වෙන එක, වෙනුවට, සිද්ධ වුනේ ජාතීන් අතර එකමුතුව, තවදුරටත් අභියෝගයට ලක්වෙමින්, ජාතීන් අතර අවිශ්වාසය වැපිරීමක් සිදු වුනා. මේ තත්ත්වය නිසාම අපි එක ප‍්‍රථිඵලයක් දැක්කා සති ගණනාවකට පස්සේ ඇති වෙච්ච සිදුවීම්. මේ සිදුවීම් වලට බොහෝ වගකියන්න  ඕන ජනමාධ්‍ය කියලා තමයි අපි හිතන්නේ. මේ සිදුවීම් පිටුපස යම් යම් දේශපාලන හස්තයන් තියෙන්න තිබුණා. ඒ කෙසේ වෙතත් ජනමාධ්‍ය මීට වඩා වගකීමෙන් සහිතව කටයුතු කළා නම්, බොහෝ දේවල් අපිට වලක්වා ගන්න තිබුණා.

සමාජඡුාලා මාධ්‍ය සංයමයක් නැතිවීම

ඒ වගේම සමාජඡුාල මාධ්‍ය සැලකීමේදී ඉතාමත්ම පිරිහුණු තත්ත්වයක් තමයි සමාජඡුාලා මාධ්‍යයෙන් දකින්නේ. ලංකාවේ අය විතරක් නෙමෙයි, විශේෂයෙන් ලංකාව එපා කියලා, ලංකාව හොඳ නෑ කියලා පිටරටවල් හොඳයි කියලා පිටරටට ගිහිල්ලා, පිටරට ඉන්න ගමන්,  ලංකාවේ දේවල් විවේචනය කරනවා නිවැරදි තොරතුරු නැතුව. එය ඉතාමත්ම වගකීම් විරහිත කටයුත්තක්. විදේශීය රටවල විවිධ රැුකියා කරමින් ඔවුන් සුඛ විහරණයෙන් යුතුව ඉන්න ශී‍්‍ර ලාංකිකයන් තමන් දාලා ආපු රටගැන විවේචනය කරනවට වඩා ඔවුන් ඒ පිළිබඳව වගකීම් සහිතව, කටයුතු කරනවා නම් සුදුසුයි කියලා.

සන්නිවේදනය ඉක්මවූ විනිශ්චයකරු භූමිකාව

ජනමාධ්‍යයේ භූමිකාව විය යුත්තේ සන්නිවේදනයයි. හඬක් නැති අයට හඩක් වෙන්න. තීන්දු තීරණ ගන්නා හඬක් නැති අය වෙතට ගෙනි යන්න. සන්නිවේදකයාගේ කි‍්‍රයාවලිය.  එම කි‍්‍රයාවලියෙන් බැහැර වෙච්ච සමහර මාධ්‍යවේදිනුත් අපි දැක්කා. අපි දැක්කා සමහර වැඩ සටහන් වල මෙහෙවන්නන්, නිවේදකයන් වශයෙන් කටයුතු කරන අය, ඒ වගේම පුවත්පත් වල විශේෂාංශ සපයන අය, බොහෝ වෙලාවට තමන් විසින් ප‍්‍රවර්ධනය කරන, දේශපාලන මතවාදයන් වැඩි බරක් ලබා දෙමින්, සන්නිවේදනය කරනවාත් සමඟ ප‍්‍රවාහකයා, නැත්නම් සන්නිවේදකයා කියන කි‍්‍රයාවලියෙන් බැහැර වෙලා සමහර සිදුවීම් වලට විනිශ්චයක් දෙන්න යන බවක් පෙනුනා. මේ මගින් සිදුවන්නේ, සිදුවිය හැක්කේ සහ සිදුවුනේ, යම් යම් ප‍්‍රකෝපකාරී කි‍්‍රයාවන්ට අනුබලදීමක්.

වාර්තා කිරීමේදී ආචාරධර්ම නොසැලකීම
      
මාධ්‍ය ආචාර ධර්ම වලින් පිළිගත් දෙයක් තමයි  ඕනෑම වින්දිතයෙක්,  ඕනෑම සැකකරුවෙකුගේ දර්ශන පෙන්වීමේදී යම් වගකීමකින් කටයුතු කළ යුතුයි. වින්දිතයන් ගැන බැලූ විට, තුවාල වුණු අය, කම්පනයට පත් වුනු අගේ දර්ශන ඡුායාරූප, ප‍්‍රදර්ශනය නොකළ යුතුයි. ඒ විදියට තමයි ආචාරධර්මානුකූලව වාර්තා කිරීම කියලා කියන්නේ. යම් යම් සැකකරුවන්ගේ ඥාතීන් පවා, දරුවන්, දෙමව්පියන් ඡුායාරූපකරණය කරලා, වීඩියෝ කරලා, ප‍්‍රචාරය කරන්න පටන්ගත්තා. තවමත් ඔවුන්ගේ සම්බන්ධකම තහවුරු වෙලා නෑ. එවැනි අවස්ථාවකදී එවැනි අයගේ ඡුායාරූප, එවැනි අයගේ දර්ශන, විකාශය කිරීම ඒවා මාධ්‍යයෙන් පෙන්වීම, ආචාර ධර්ම වලට ඉතාමත්ම පටහැනියි. මේ සිදුවීම නොවිය යුතුව තිබුණා කියලයි හිතන්නේ. සමහර ඥාතීන් සැකකරුවන්ටත්, සිදුවීම් වලටත් කිසිඳු සම්බන්ධතාවයක් නොතිබුණු අය වෙන්න පුළුවන්. ඒ වගේම සමහර සිදුවීම්, ඒ සිදුවීම් වලටත් වඩා එහා ගිහිල්ලා, යම් යම් දර්ශනත් එක්ක ප‍්‍රචාරය කරනවා අපි දැක්කා. සමහර මාධ්‍යකරුවන්, සමහර කැමරා ශිල්පීන් ආචාරධර්ම තවත් බිඳ දමමින් ඔවුන් විසින් මෙහෙයුම් කරපු ආරක්ෂ නිලධාරින් පසුපසින් ගමන් කරමින් හැම දර්ශනයක්ම, පෙන්වන්න පටන් ගත්තා. නිවෙස් වලට යන්න පටන් ගත්තා. නිවෙස් පරීක්ෂා කරන ආකාරය, නිවෙස් වල මිනිසුන් තැති ගැන්මෙන් සිටින ආකාරය. නිවෙස් වලින් විවිධ දේ සොයා ගන්නා ආකාරය වැනි දේවල් ප‍්‍රචාරය කිරීමට පටන් ගත්විට, මේ නිසාම තමයි එක් අවස්ථාවක, යුද හමුදාපතිවරයත් කිව්වෙත්, මාධ්‍යවේදීන්ට එවැනි ආවරණයක් දෙන්න එපා කියලා. ඒ වගේම ඔහු කිව්වා කඩු ආදිය සොයා ගැනීම ප‍්‍රචාරය කරන්න එපා කියලා. හමුදාව තමයි ඒ ඉල්ලීම කළේ හමුදා මෙහෙයුම් වලට බාධා එල්ල වෙන්න ඉඩ තියෙනවා කියලා. ආචාර ධර්මානුකූලව එවැනි නිවෙස් සොදිසි කිරීම් යුද භූමියක වගේ දර්ශනගත කිරීම, අනුමත කළ නොහැකියි. මෙවැනි දේ සම්බන්ධයෙන් සංවාදයක්, කතිකාවක් ඇති විය යුතුයි මාධ්‍ය ක්ෂේත‍්‍රය තුළ ආචාර ධර්්මානුකූලව කටයුතු කිරීම සම්බන්ධව.

ජනමාධ්‍යය හා  ව්‍යාපාරික අරමුණු

මාධ්‍ය හැසිරුණු ආකාරය සම්බන්ධව යම් කිසිකෙනෙකුට විවේචනයක් තිබිය හැකියි. සමහරු මෙම විවේචනයෙන් එහාට ගිහිල්ලා මේ අයට කොහොමද බලපත‍්‍ර ලබාදෙන්නේ කියලා. මාධ්‍ය ආයතනයන් සඳහා ලබාදෙන සංඛ්‍යාත සඳහා දෙනු ලබන රෙගුලාසි කඩමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් යම් විවේචනයක් තියෙන්න පුළුවන්. මාධ්‍ය ආයතනය තුළිනුත් ඊට ප‍්‍රතිචාරයක් තියෙන්න පුළුවන් අපේ මාධ්‍ය ආයතන මේ ආකාරයෙන් තමයි පවත්වාගෙන යන්නේ. මේ ක‍්‍රමවේදයයි අපි අනුගමනය කරන්නේ කියලා. ඒ නිසා තමයි නැවතත් අවධාරණය කරන්නේ සැබෑ සංවාදයකට යා යුතුයි කියලා. මේ සිදු වූ කි‍්‍රයාවන් සුදුසු ද කියලා. ශී‍්‍ර ලංකාව වගේ විවිධත්වය අගයන, ආගම් ගණනාවක් පවතින, ජාතීන් ගණනාවක් කාලයක් තිස්සේ සුහදව සිටින පරිසරයක, මෙවැනි මාධ්‍ය කි‍්‍රයාවලියක් තුළින් ඒ පරිසරයට කිසියම් වූ අභියෝගයක් සිදුවෙයි ද කියලා. මේ හැම දෙයක්ම, වහාම සංවාදයකට ලක්විය යුතුව තිබේ.

මානව හිමිකම් සම්බන්ධ ජනමාධ්‍ය අධ්‍යාපනය

ලංකාවේ මාධ්‍යවේදීන්ට මානව හිමිකම් රැුකීම පිළිබඳව, දැනුමක් නෑ. බොහෝ දෙනෙක්ට මේ පිළිබඳව පුහුණුවීමක් ලැබෙන්නෙත් නෑ. ඒ නිසා ඉතාම වැදගත් වෙනවා. පුහුණුවීම් සිදුවී නැහැ මෑත කාලයේදී. අවුරුදු 30 යුද්දේ කාලෙදිත්, යම් ආකාරයකින් යුද ගැටුම් සිදුවන අවස්ථාවකදිත්, එම ගැටුම් නිරාකරණය වන අන්දමින්. වාර්තාකරණයේ යෙදෙන්නේ කොහොමද කියන කරුණු ගැන යම් යම් පුහුණුවීම් සිදු කෙරුණා. නමුත් මේ පුහුණුවීම් වලට සහභාගි වී ඒ දැනුම ගත් ජනමාධ්‍යවේදීන් අතරින් සමහරුන් මේ වෘත්තියෙන් ඉවතට ගිහින්. නැත්නම් වෙනත් තනතුරු වලට ගිහිල්ලා. විශේෂයෙන් තරුණ කොටස, දැනට මාධ්‍යවල කි‍්‍රයාශිලීව හැසිරෙන, මාධ්‍යයේ සම්පූර්ණයෙන් කි‍්‍රයාකාරකම් සිදුකරන, වාර්තාකරණයේ යෙදෙන අයට ඒ පුහුණුව ලැබිලා නෑ. තරුණ කොටස් සහ දැනට වෘත්තියේ සිටින පාර්ශ්වයන් දෙකටම මානව හිමිකම් පිළිබඳ පුහුණුවීම් සිදුවුනේම නැහැ. පුහුණුවීම් එකක් දෙකක් සිදුවෙන්න ඇති. නමුත් පුහුණුවීම් සිදුවුනේ නැහැ. ඒ නිසා ඉතාම අත්‍යවශ්‍යව තිබෙනවා අපේ රටේ මේ මානව හිමිකම් රකිමින්, තමන්ගේ මාධ්‍ය කි‍්‍රයාකාරකම් කෙසේද සිදුකළ යුත්තේ කියලා සිතා බැලීමට. ගැටුම් ඇති නොවන පරිදි, ගැටුම් නිරාකරණය වන පරිදි කොහොමද මාධ්‍ය වාර්තාකරණයේ යෙදිය යුත්තේ කියලා. මේ සම්බන්ධයෙන් ලියවුණු  ඕනෑ තරම් පුහුණු මෙලවම් තියෙනවා. මේ පුහුණු මෙවලම් හරහා ජාත්‍යයන්තර අත්දැකීම් සමඟ කිසියම් වූ පුහුණු වැඩපිළිවෙළ හඳුන්වාදීම හා ඒ යටතේ පුහුණුවීම් දැන් කාලය එළඹිලා තියෙනවා. එවැනි පුහුණුවීම් කළහැකි, සංවිධාන තිබෙනවා නම්, රජයටත් එහි වගකීම තිබෙනවා. සිවිල් සංවිධාන වලටත් ඒ වගකීම තිබෙනවා. පුහුණු ආයතන වලටත් එහි වගකීම තිබෙනවා. ඒ අනුව කටයුතු කරනු ඇතැයි මම විශ්වාස කරනවා.      


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.