English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
නීතියයි සාමයයි දෙකම නොදන්නා කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති
(2019-06-12)

<< Go Back

නීතියයි සාමයයි දෙකම නොදන්නා කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති

පොලිසියේ ප‍්‍රධාන කාර්යය වන්නේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමයි. නමුත් සමහර පොලිස් නිලධාරීන් එය නොදන්නා බවක් පෙනේ. ඒ සම්බන්ධයෙන් හොඳම නිදර්ශනය සැපයෙන්නේ වත්මන් කුරුණැගල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ කි‍්‍රයා කලාපයයි.

කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් දැන් රටේ පුවත් මවන්නෙකු වී ඇත. කුරුණෑගල දිස්ති‍්‍රක් රෝහලේ වෛද්‍යවරයෙකු වූ වෛද්‍ය සාෆි සියාබ්දින් සම්බන්ධයෙන් හදිසියේ කෝටිපතියෙකුවීමක්, කාන්තාවන් වඳ භාවයට පත් කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාවන් එල්ල කරමින් ඒ චෝදනාව දිවයින පුවත්පතට ලබා දී තිබෙන්නේත් මේ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසිනි. මේ බව එම ලිපිය සකස් කරන ලද ලේඛකයා වන හේමන්ත රන්දුනු පවසා තිබිණි.

තවත් ප‍්‍රවෘත්ති කිහිපයකින් වාර්තා වූයේ වෛද්‍ය සාෆිගේ සිදුවීම සඳහා ගොඩනැගිල්ලක සම්බන්ධයෙන් වූ ව්‍යාපාරික සිදුවීමක් බලපා ඇති බවයි. එමෙන්ම නියෝජ්‍ය පොලිස්පතිවරයගේ බිරිඳ ද සේවය කරන්නේ එම රෝහලේම බවයි. මේ නිසා එහිදී ඇති වූ යම් යම් සිදුවීම් මෙම සිද්ධියට මෙතරම් අවස්ථාවක් ලබා දීමට නියෝජ්‍ය පොලිස්පතිවරයා කටයුතු කර ඇති බවට සැකයක් පවතී. කෙසේ වෙතත් එම පරීක්ෂණ සම්බන්ධයෙන් දැනට මතු වී ඇති තත්ත්වයන් ගැන ලිවීම මෙම සටහනේ අරමුණ නොවන නිසා ඒ සම්බන්ධයෙන් වෙනම ලිපියක් පළ කරමු. මෙහිදී මතුවන ගැටළුව නම් ජාතික අපදාවක්, ජාතික ව්‍යසනයක් ඇති අවස්ථාවකදී නීතිය හා සාමය රැුකිය යුතු පොලිස් නිලධාරියෙක් මුලින්ම කළ යුතුව තිබුණේ පුවත්පතකට මෙම සිදුවීම පැවසීය නොවේ.

පසුගිය දා මාධ්‍ය තුළින් ප‍්‍රකාශයට පත් වූයේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව කරුණු තුනක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.




ජාතිවාදී කලබලයක් ඇති විය හැකි තොරතුරක් වැඩ බලන පොලිස්පතිවරයා දැනුවත් නොකොට මාධ්‍යයට ලබාදීම හා හිතාමතාම ජාතිවාදී කෝලහාලයක් ඇති කිරීමට ආධාර අනුබලදීම ඔහුට එල්ල වී ඇති තවත් චෝදනා එල්ල වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ චෝදනා ගොනු කිරීමට යයි. තුන්වෙනි චෝදනාව ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ සැකකරුවන් සොයා යාමේ ප‍්‍රමුඛ කාර්යය පසෙකලා, නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් විසින් නිර්මාණය කරන ලද බරපතල පුවතට අදාළ මුස්ලිම් ජාතික වෛද්‍ය සාෆි සියාබ්දින් විසින් කර ඇතැයි කියන අපරාධ සම්බන්ධයෙන් සොයා බැලීමට විශාල පොලිස් බලඇණියක් යෙදවීමට සිදුවී ඇති අතර හා ඒ සඳහා විශාල වියදමක් දැරීමට සිදුවී ඇත. මෙය පැහැදිලිිව පොලිසිය නොමඟ යැවීමක් ලෙස සැලකිල්ලට ගෙන තිබේ.



නමුත් මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ කි‍්‍රයා කලාපය තවත් හෙළිදරව් වන්නේ ශක්තික කුමාර නම් තරුණ ලේඛකයාගේ කෙටි කතාවක් සම්බන්ධයෙන් අටවාගත් බෞද්ධ සංවිධානයක පැමිණිල්ලක් නිසා, ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සහ ජාතිවාදී, ආගමික අන්තවාදී කලබල ඇති කිරීමට සකස් කරන ලද අන්තර්ජාතික සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප‍්‍රඥපත්ති පනත( ICCPR ) යටතේ චෝදනා ගොනු කරමින් පසුගිය අපේ‍්‍රල් 01 වන දින සිට මේ දක්වා ශක්තික කුමාරට අත් අඩංගුවේ සිටීමට සිදුවී තිබෙන්නේත් මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අ¥ර දර්ශී කි‍්‍රයා කලාපය නිසාය. මෙම නීතිය යටතේ මෙම නඩුව පැවරීම වැරදි බව අධිකරණයේදීද පිළිගැනීමට ලක්ව ඇත.

රටේ ඇති යම් යම් ප‍්‍රගතිශිලී නීති ප‍්‍රතිපාදන තමන්ගේ පෞද්ගලික අවශ්‍යතාවය භාවිතා කිරීමත්, අදාළ සිදුවීම දෙස විමර්ශනාත්මක බලා අවශ්‍ය නිති රීති ගැන සොයා බලා තීරණය කළ යුතු නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් මේ අයුරින් කි‍්‍රයාත්මකවීම ඉතාමත් කණගාටුදායකය. භයානකය. දැනට වඳ සිදුවීම නිසා විශේෂයෙන් කුරුණෑගල ප‍්‍රදේශයේත්, රටේ අනෙක් ප‍්‍රදේශ වල මව්වරුන් මුහුණ දෙන තත්ත්වයත් ගෙන බැලීමේදී පෙනෙන්නේ මෙම ගැටළුවට මේ තරම් ගැටළු මතු නොකර විද්වතුන් විසින් සිදුකරන ලද පර්යේෂණයන් මගින් තීරණයක් ගත හැකිව තිබූ බවයි. පසුව නඩු පැවරීමක් හෝ අත්අඩංගුවට ගැනීම සිදු යුතුව තිබුණි. අනෙක් කරුණ වන්නේ ශල්‍යකර්ම 4000 ක් සිදුකළ ඔහු ගැන පැමිණිලි ලැබුණේ අපේ‍්‍රල් 21 වෙනි දින ප‍්‍රහාරයෙන් පසුවද යන්නය. 

මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයාට නීතිමය තත්ත්වයන් ගැන හා ජනතාවට සංවේදී සිදුවීම් හැසිරවීමෙහිලා දැනුමක් නැති පෙනේ. නොඑසේ නම් ඔහුව පැහැදිලි දේශපාලන කි‍්‍රයාකාරිත්වයක් විසින් මෙහෙයවන බව පෙනේ. පොලිස් කොමිසම හා මානව හිමිකම් කොමිසම විසින්වත් මෙවැනි කි‍්‍රයාවන්ට එරෙහිව පැමිණිල්ලක් නොමැති වුවත් කි‍්‍රයාමාර්ගයන් ගැනීම සුදුසු යයි සිතමු. දැනටමත් එය ප‍්‍රමාදය.  
 


Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.