English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
ලංකාවේ පොලිසිය මල් නොතලා රොන් ගන්න දන්නේ නෑ - ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ ජනක එදිරිසිංහ
(2019-06-07)

<< Go Back


ආසියානු කලාපයේ පොලිසි අතරින් විශිෂ්ඨ පොලිසියක් වූ ශ්‍රී ලංකා පොලිසිය දැඩි ලෙස මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සිදුකරන දූෂිත පොලිසියක් වූයේ ඇයි ?

මේ සම්බන්ධ නීතිඥ ජනක එදිරිසිංහ විසින් දක්වන ලද සම්පූර්ණ අදහස් මෙසේය.

“ශ්‍රී ලංකා පොලිසිය කියන්නේ දීර්ඝ ඉතිහාසයක් තියෙන දෙපාර්තමේන්තුවක්. ඒ පොලිස් දෙපාර්තමේන්තුවේ දීර්ඝ ඉතිහාසය තුළ, විශිෂ්ඨතා ගණනාවක් තිබෙනවා. ඒ වගේම පොලිස් දෙපාර්තමේන්තුවේ දීර්ඝ ඉතිහාසය තුළ, ඉතාම ශෝචනීය කළු පැල්ලම් ගණනාවක් තිබෙනවා. නමුත් අපි පොදුවේ ගත්තහම පෙනෙන දේ තමයි විශිෂ්ඨතා ගණනාවක් තිබෙන පොලිසියක්. පුද්ගලයන් අතුරුදහන්වීම, කෲර ලෙස වධහිංසා පැමිණවීම, සැකකරුවන් මරා දැමීම, සැකකරුවන්ට පහරදීම වැනි තත්ත්වයකට වැටෙන්නේ ඇයි? විශේෂයෙන් ආසියානුකරයේ රටවල් අතර, ඒ රටවල් වල පොලිසි අතරේදී, ශී‍්‍ර ලංකා පොලිසිය විමර්ශනයන් කිරීම සම්බන්ධයෙන්, අපරාධ සොයා ගැනීම සම්බන්ධයෙන්, ඒ වගේම දීර්ඝ ලෙස වාර්තා සටහන් තබා ගැනීම සම්බන්ධයෙන්, ඉතාම විශිෂ්ඨ ගණයේ පොලිසියක් හැටියට සලකනවා ඒ කාරණා ගැන. ඒච්චර හොඳ කිර්තීනාමයක් තියෙන පොලිසියක්, සැකකරුවන් මරා දැමීම, කෲර වධහිංසා කිරීම, අවමන් කිරීම, ප‍්‍රසිද්ධ සමාජයක් මැද මිනිසුන්ගේ ගෞරවයට හානි කිරීම වගේ කටයුතු වල නිරත වෙන්නේ ඇයි? මේක කොතනින් ආරම්භ වෙලා කොතනින් නිමා වෙනවද කියලා බලන්න  ඕන කරුණක්.

මෙහිදී අපි ප‍්‍රථමයෙන්ම දැනගන්න අවශ්‍ය වෙන දෙයක් තමයි පුරවැසියන්ට අපිට තියෙනවා මේ රටේ නීතියක්. ඒ නීතියේ මහජනයාට තියෙනවා බලයක් පරමාධිපත්‍යය මිනිසා සතුයි කියලා සඳහන් වෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථවක් අපිට තියෙනවා. ඒකේ ඇතුළේ තියෙන විශේෂ දෙයක් තමයි, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ තුන්වෙනි පරිච්ෙඡ්දයේ 11 වෙනි ව්‍යවස්ථාවේ කියනවා, කෲර ලෙස වධහිංසා පැමිණවීමට, දරුණු ලෙස පහරකෑමට ලක්වෙන්න කිසිම පුරවැසියෙකුව ලක් කරන්න කිසිවෙකුට අයිතියක් නැහැ කියලා. එවැනි තත්ත්වයක් තියෙද්දි, සමාජයේ නීතිය හා සාමය රකින ආයතනයක් වශයෙන් පොලිසිය කෲර වධහිංසාවන් කරන්නේ නැතුව ඉන්නෙයි නැතුව කියන නීතිය කඩන්නේ ඇයි කියන කාරණය ගැන හිතන්න වෙනවා.

කට ප‍්‍රවේසයක් ගන්නකොට අපිට ආසන්නතම සිද්ධිය හැටියට අපි දකින්නේ, රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනෙක් පැහැරගෙන ගොස්, අතුරුදහන් කර, මරාදමලා, පුළුස්සලා, අතුරුදහන් කරන සිද්ධිය තමයි ඛේදවාචකයක් වශයෙන් අපි ඉදිරියේ තියෙන්නේ. මේ සිද්ධියෙදි අපි ඉතා වැදගත් දෙයක් දකිනවා. මේ සිද්ධිය කවදාවත් එළිදරව් වෙන්නේ නැහැ පොලිසිය නැත්නම්. මේ සිද්ධිය සිද්ධවෙන්නෙත් නෑ පොලිසිය නැත්නම්. පොලිස් නිලධාරීන් විසින්ම පහරදීලා මරලා, ගිනි තියලා, පුළුස්සලා, කැළේට ගිහිල්ලා වසන් කරන්න හදපු අපරාධ ඒක අපරාධයක් කියලා දකින පොලිස් නිලධාරීන් පොලිසිය ඇතුළේ හිටපු නිසා, ඒ පොලිසියම අපරාධය ජනගත කරලා යුක්තිය ඉෂ්ඨ කරන්න කි‍්‍රයා කළා. අහිමි ජීවිත වෙනුවෙන් ඒ පවුල් වලට සැබෑව එළිදරව් කරන්න ඉදිරිපත් වෙන්නේ තමන්ගේ ජීවිත රැකගෙන, නිර්ණාමිකව පොලිසිය ඇතුළින්මයි තොරතුරු එළියට එන්නේ. මෙන්න තොරතුරු කි‍්‍රයාකරන්න නීතියෙන් කියලා. එහෙමනම් ඒකේ ඇතුළේ තියෙනවා දෙයක්. මොකක්ද?

 

පොලිස් නිලධාරීන් අතරේ ජීවත්වීමේ අයිතිය පිළිගන්නා පොලිස් නිලධාරීන් සිටිනවා. පොලිස් නිලධාරීන් අතරේ සෑම මිනිසෙකුටම ගෞරව ලෙස සලකන්න  ඕනයි කියලා සලකන පොලිස් නිලධාරීන් ඉන්නවා. ඒ නිලධාරීන් ඉන්න පොලිසිය ඇතුළේ වෘකයෝ වගේ, සර්පයෝ වගේ, දරුණු සත්තු වගේ, මිනිස්සුන්ව තලලා පෙළලා, මරලා දාන පොලිස් නිලධාරීනුත් ඉන්නවා. ඇයි මෙහෙම වෙන්නේ? මේකට කාරණා කිහිපයක් බලපානවා. මේ ගහලා මරා දමන පොලිස් නිලධාරීන් සමහර විට ඔවුන්ට ගහලා, තලලා, ඇට කුඩු කරලා, හුස්ම යනකන්ම මරා දරන පහරදීමක් කරන්නේ, ඔවුන් හිතන, ඔවුන් සැක කරන හොඩුවාවක් එළියට ගන්නයි. ඒකට හේතුව පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ගේ අකාර්්‍යයක්ෂමතාවය සහ අදක්ෂභාවයයි. අද ලෝකය බොහෝම දියුණු වෙලා තියෙන්නේ. අද ලෝකය පහර දෙන්නේ නැහැ. අද ලෝකයේ දියුණු රටවල් මනෝ විද්‍යාත්මක ලෙස මේ නිලධාරීන් සැකකරුවන් වාඩි කරවලා තමයි දියුණු ප‍්‍රශ්න කිරීමේ තොරතුරු දැනගැනීමේ ක‍්‍රම පාවිච්චි කරන්නේ. බටහිර චිත‍්‍රපටවල අපි දැකලා තියෙනවා චූදිත සැකකරු හෝ සැකකාරිය වෙත විශාල විදුලි ආලෝකයක් යවලා, මේසයකට වාඩි කරවලා, විවිධාකාර උපක‍්‍රම භාවිතා කරලා, ඔහුගේ මානසික තත්ත්වය පාවිච්චි කරලා තොරතුරු එළියට ගන්න ක‍්‍රමවේද කියෙනවා. විදෙස් රටවල් වල මල් නොතලා රොන් ගන්නවා වගේ, ඇඟ නොතලා ඇත්ත එළිදරව් කර ගන්නා වූ ක‍්‍රමවේද තිබෙනවා. ප‍්‍රශ්නය තිබෙන්නේ ඒ රටවල් වල ඒ හෙළිදරව් කරගන්නා වූ අපරාධ වගේ, අපේ පොලිසි වල නුපුහුණු, නොදියුණු මානසික තත්ත්වයක් ඇති, මනුෂ්‍යයන්ව නිලධාරීන් හැටියට ඇතුළු කරලා තියෙනවා.

මේකට තව හේතුවක් මම දකිනවා බලපාන. අපේ පොලිසිය අවුරුදු තිහක්, සිවිල් සේවය වගේම, සිවිල් ප‍්‍රදේශ වල වගේම, දරුණු, මාරාන්තික යුද්ධයක් තිබුණු ප‍්‍රදේශ වල සේවය කළා. අද වෙනකම් පොලිස් දෙපාර්තමේන්තුව අද වෙනතුරු භීෂණකාරී වාතාවරණයක් පැවතුණු ප‍්‍රදේශ වල හා   විශේෂ රාජකාරීවල නියැළුනු පොලිස් නිලධාරීන් මානසිකව පුනරුත්තාපනය කිරීම සඳහා, මම හිතන්නේ නැහැ කිසිම පියවරක් අරගෙන තියෙනවා කියලා. ඒ යුද මානසික තත්ත්වයත් එක්ක අවුරුදු 30 ක් තමාගේ ජීවිතය රැුකෙයිද? ඉස්සර වුණු කෙනාගේ ජීවිතය රැුකෙයිද? කියන මානසික තත්ත්වයෙන් ජීවත් වුනු පොලිස් නිලධාරීන් යුද්ධය අවසන් වුනත් එක්කම, ගම්මාන වල සිවිල් සේවයට යොදවනවා. දැන් මේ විදියට යොදවන්නේ කව්ද? දැන් මේ යොදවන්නේ සිවිල් නිලධාරියෙකුගේ නිල ඇඳුම අන්දපු, සිවිල් නොවන මනසක් තියෙන මිනිසෙක්. පොලිස් නිලධාරීන්ට තිබිය යුතුයි. ඉහළ නිලධාරීන්ට තිබිය යුතුයි, දර්ශනයක්, දැක්මක්. මේ පොලිස් නිලධාරීන් මානසිකව පුනරුත්තාපනය කරන්න  ඕනා. අවම වශයෙන් මාස 06 ක් වත්. හැම රටක්ම එහෙම කියනවා යුද්ධයෙන් පස්සේ. යුද්ධයකට පැටලූනාට පස්සේ ඉතාලිය, ජර්මනිය එහෙම කළා. යුද්ධයකට මුහුණ දුන්නට පස්සේ සොල්දාදුවෙකුව සිවිල් ප‍්‍රදේශයකට එවන්නේ නැහැ නැවතත්. කඳවුරු ගත කරලා සිවිල් සමාජයට ගැලපෙන මානසිකව සැපයිය යුතු ප‍්‍රථමාධාර ලබාදෙන්නේ නැතුව යුද්ධයකට ගිය සොල්දාදුවෙක්ව ගේන්නේ නෑ සිවිල් ජනතාව ජීවත් වෙන ප‍්‍රදේශයකට, ගම්මාන වලට. ඔහුගේ මානස ගමක හැසිරෙන්න පුළුවන් සිවිල් මානසික තත්ත්වය දියුණු කරන්නේ නැතුව.

අපි අසාර්ථක වෙන්නේ මෙතනදි. ඒ නිසා ලංකාවේ අපි තේරුම් ගත යුතුයි. මේ පොලිස් සේවය රටේ පුරවැසියන්ට ගරු කරන, මිනිස්සුන්ට තමන්ගේ ඇගේ හයිය යනතුරු පහරදීලා. හිතේ වේගව ඉවර වෙනතුරු පහරදීලා, අඬු කඩලා, කකුල් දෙකෙන එල්ලලා, සත්තුන්ට වගේ හිංසා කරලා, ඇත්ත හොයාගන්න ක‍්‍රම තිබුණේ වැඩවසම් ක‍්‍රමයේ. රජකාලේ. අපේ පොලිස් සේවය තියෙන්නේ එතන නම් මේකේ අනික ප‍්‍රථිඵලයක් තිබෙනවා. පොලිස් සේවය මේ තත්ත්වය වහාම වෙනස් කළේ නැත්නම්, ගෞරවණීය ලෙස මිනිසුන්ට සලකන, ගෞරවණීය පොලිස් නිලධාරීන් බවට පත කළේ නැත්නම්, අපිට දෙආකාර ආනිසංශ වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ජාත්‍යයන්තර වශයෙන් මේ පොලිස් සේවය නිසා එන ආධාර, අපේ රට කෙරෙහි අනෙක් රටවල් දක්වන ලෙන්ගතුභාවයන්, ආර්ථික සහයෝගීතා, ගොඩක් දේවල් නැතිවෙන්න පුළුවන් මේ නිසා. මෙවැනි පොලිස් නිලධාරීන් හඳුනාගත්තොත් දුර්ජන දේශපාලන අධිකාරිය විසින් ඔවුන් තමන්ගේ ආරක්ෂක සගයන් බවට පත් කරගන්නවා. තමන්ගේ දේශපාලන ක්‍රිරයාකාරිත්වය සඳහා තමන්ගේ ජනතාව පෙළන, ත‍්‍රස්ත කරන, පොලිස් නිලධාරීන්ව ආරක්ෂා කරනවා තාන්න,මාන්න දීලා.

මේ නිසා ජනතාව දේශපාලන වශයෙන් නිදහස ලැබුවා වගේම, ජනතාව අනිවාර්යයෙන්ම පෙළගැසිය යුතුයි, කල්පනා කළ යුතුයි. පොලිසියක් නැතුව ජීවත් වෙන්නත් බෑ.  ඕනම රටක පොලිස් ප‍්‍රාදේශීයව තියෙන එක අවශ්‍යයයි හැම කෙනෙක්ගේම ආරක්ෂාවට. හැබැයි ඒ පොලිසිය මිනිස්සුන්ව ගහලා මරන පොලිසියක් නොවිය යුතුයි. පොලිසියත් දැනගන්න  ඕනා, මහජනයාත් දැනගන්න  ඕනා ජීවත්වීමේ අයිතිවාසිකම. ජීවත් වෙන්න තියෙන අයිතිවාසිකම කිසිවෙකුට උදුරගන්න බෑ. ඒක හැම කෙනෙකුටම ඒ ජීවත්වීමේ අයිතිවාසිකම, රැකෙන්න නම් ජීවත්වීමට ගරු කරන පොලිසියකුත්, ඒ වගේම අපරාධ සොයායාමට පුහුණු, නැණවත්, ලෝකයේ අපරාධ සොයා යන දියුණු පොලිසියක් බිහිකරගත යුතුයි. ඒ නිසා මෙතනදී ලංකාවේ අපි දුක්වෙන්න  ඕනා අනිවාර්යයෙන්ම. අද ඊයේ නෙමෙයි, දේශපාලඥයන්ට බලපෑම් කරපු, ගත්කතුවරයෝ, මාධ්‍යවේදීන් ඇතුළු සුවිසාල ජනතාවක්, අහිංසක දරුවෝ, සැකකරලා නැති කරපු තරුණයෝ, අතුරුදහන් වුනු අය, විශාල සංඛ්‍යාවක සිටිනවා. කව්ද මේවට වගකියන්නේ. මේ හැම වෙලාවෙම අපි දැක්ක දේ තමයි හමුදා කණ්ඩයක් හෝ නිලධාරීන්, මේ ජීවිත නැති කිරීමේ කි‍්‍රයාව සඳහා යෙදෙනවා. එහෙම යෙදෙන්නේ එකකෝ බලඅධිකාරිය විසින්, එහෙමත් නැත්නම් ඔවුන්ගේ ප‍්‍රධානීන් විසින් ඔවුන්ව මෙහෙයවන විදියට.

මේ නිසා මානව අයිතිවාසිකම් සුරැකීමට අපි මතක තියා ගත යුතු දේ තමයි, අපේ රටට ජාත්‍යයන්තර වශයෙන් තියෙන කීර්ති නාමය නැතිවෙනවා. ඒ නිසා පොලිසියේ තියෙන නරක දේ ඉවත් කරලා, ඔවුන්ගේ සුවිශේෂී ගුණාංග වර්ධනය කරන්නත්, යුද්ධයේ පසු ප‍්‍රථිඵල හැටියට, අපේ රටේ අතුරුදහන්වීම් වැඩිවශයෙන් සිදුවෙලා තියෙන්නේ උතුරු නැගෙනහිර යුද්ධය පැවති කාලයේදීයි. යුද්ධය අවසන් වුනාට පස්සේත් අතුරුදහන්වීම් සිදුවෙනවා. මේ හැම අවස්ථාවකම ඇගිල්ල දික්වෙන්නේ එක්කෝ ආරක්ෂාවක හමුදාවන්ට, එක්කෝ ආරක්ෂක ප‍්‍රධානීන්ට, එක්කෝ පොලිස් ප‍්‍රධානීන්ට. මේ නිසා නීති විරෝධී කටයුතු සඳහා පොලිසියේ කෙරෙන දායකත්වය අඩුකරලා, විනිවිදභාවයකින් යුතු පොලිස් සේවයක් ඇති කිරීම පොලිසියේත්, දේශපාලන අධිකාරියේ වගකීමක්. එහෙම වුනොත් පොලිස් සේවය කීර්තානාමය රැකෙනවා වගේම, මහජනතාවගේ ආරක්ෂාවත් සුරක්ෂිත වෙනවා.”




Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.