English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
අන්තවාදී දේශපාලන මඩගොහොරුවේ ගිලූණු මාධ්‍ය හා දේශපාලන කටුස්සන් - චමීර පෙරේරා
(2019-05-30)

<< Go Back



”ඔහුගේ අසම්පූර්ණ අදහස අපි දැක්කා අනෙක් මාධ්‍ය වල. ඔහු කියන දේ අනෙක් මාධ්‍ය තමන්ට අවශ්‍ය විදියට සංස්කරණය කළා. එක්තරා විදියකට ජනාධිපති කියපු අදහසක් තමයි ඔහු ප‍්‍රකාශ කළේ. හැබැයි මේ මාධ්‍ය මොකක්ද කළේ. ජනාධිපති කිව්වා කියන අදහස සම්පූර්ණයෙන්ම සංස්කරණය කරලා, තමන්ට  ඕන කරන විදියට ඒ පුද්ගලයා දක්වන අදහසක් විදියට දක්වලා ඉදිරිපත් කළා.”




චමීර පෙරේරා විසින් මේ අදහස් පළ කරන ලද්දේ එක්සත් වාමාංශික පෙරමුණ විසින් 2019 මැයි මස 13 වෙනි දින රාජගිරිය සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය විසින් පවත්වන ලදි මාධ්‍ය හමුවේදීය. මේ මාධ්‍ය හමුව සඳහා ජනාධිපති නීතිඥ, පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න, ජේෂ්ඨ නීතිඥ ලාල් විජේනායක, සහ චමීර පෙරේරා සහභාගි විය.

ත‍්‍රස්තවාදීන් කළාට වඩා වැඩි හානියක් යම් අවස්ථාවලදී අපි දකිනවා සමාජ මාධ්‍ය හා ප‍්‍රධාන විද්යුත් මාධ්‍ය කරමින් සිටිනවා. ඒ පිළිබඳව අපගේ අවධානය යොමු විය යුතුයි. මාධ්‍ය නිදහස අවශ්‍ය වන්නේ නිදහස සඳහාම නෙමෙයි. මාධ්‍ය නිදහස අවශ්‍ය වන්නේ මහජනයාගේ යහපත සඳහා. යහපත ඉටු නොවෙනවා නම් ඒ මිනිසුන්ගේ ආරක්ෂාව තර්ජනයක් නම් මේ නිදහසේ අර්ථය කුමක්ද? අපිට සමහර මාධ්‍ය කටයුතු කරන ආකාරය පිළිබඳ බරපතල ප‍්‍රශ්න තියෙනවා. අපි දන්නවා, මෙහිදීත් මතු කළා. සමහර සමාජ මාධ්‍ය බරපතල විදියට ජාතිවාදය මතු කළා. මිත්‍යාව,භීතිය ප‍්‍රචාරණය කරමින් රට තුළ අස්ථාවරත්වයක් ඇති කිරීමට කටයුතු කළා.



අපි දන්නවා සමහර විද්යුත් මාධ්‍ය වලට රජයත් එක්ක බරපතල ප‍්‍රශ්න තියෙනවා.අපි දන්නවා සමහර විද්යුත් මාධ්‍යයන්ට, මාධ්‍ය හිමිකරුවාගේ සහෝදරයා ජීවිතාන්තය දක්වා හිරගෙදර ඉන්නවා නම්, ඔහුට අධිකරණයෙන් දඩුවම් දීලා තියෙනවා නම්, කොයි මොහොතක හෝ ඒ අධිකරණය කි‍්‍රයාවලිය අනික් පැත්ත හරවලා තමන්ට කැමති ආණ්ඩුවක් බලයට පත් කළාට පස්සේ ඒ තමන්ගේ මාධ්‍ය හිමිකරුවාගේ සහෝදරයා නිදහස් කර ගැනීමේ බරපතල වුවමනාවක් තියෙනවා. හැබැයි ඒ දේශපාලන න්‍යාය පත‍්‍රය කි‍්‍රයාත්මක කරන්න මේ රටේ ජාතිවාදය අවුස්සන්න බෑ. තමන්ගේ රේටින්ග්ස් වැඩි කරන්න ජාතිවාදය අවුස්සන්න බෑ.

අපි දැක්කා පහුගිය දවසක මේ මාධ්‍ය ආයතනය යම් කිසි ප‍්‍රවෘත්තියක් එනම් යම් කිසි මුස්ලිම් සිවිල් සංවිධාන පවත්වන ලද මාධ්‍ය සාකච්ඡුාවක දී අමීන් මහතා ප‍්‍රකාශ කරපු කාරණයක්්. ඔහුගේ අදහසක් ඉතාමත් නරක විදියට විකෘති කළා. ඔහුගේ අසම්පූර්ණ අදහස අපි දැක්කා අනෙක් මාධ්‍ය වල. ඔහු කියන දේ අනෙක් මාධ්‍ය තමන්ට අවශ්‍ය විදියට සංස්කරණය කළා. එක්තරා විදියකට ජනාධිපති කියපු අදහසක් තමයි ඔහු ප‍්‍රකාශ කළේ. හැබැයි මේ මාධ්‍ය මොකක්ද කළේ. ජනාධිපති කිව්වා කියන අදහස සම්පූර්ණයෙන්ම සංස්කරණය කරලා, තමන්ට  ඕන කරන විදියට ඒ පුද්ගලයා දක්වන අදහසක් විදියට දක්වලා ඉදිරිපත් කළා. ඒ මාධ්‍යට අයිති එෆ් නාලිකාව මහින්ද රාජපක්ෂගේ කාලයේ තහනම් කළා. මොකටද තහනම් කළේ? මොරණරාගල දිස්ති‍්‍රක්කයට එල්.ටී.ටී.ඊ. ප‍්‍රහාරයක් එල්ල වෙනවා කියලා අසත්‍ය ප‍්‍රචාරයක් යවපු නිසා මහින්ද රාජපක්ෂ ඔය එෆ් නාලිකාව තහනම් කළා. මේ අවස්ථාවේ ජනතාගේ යහපත හා ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරනවා නම් අපි රජයෙන් ඉල්ලා සිටිනවා. මෙවැනි අවස්ථා වලදී තීන්දු තීරණ ගත යුතුයි. , අපට අංක එක වෙන්නේ ජනතාවගේ ආරක්ෂාව සහ යහපත. නිදහස අවශ්‍ය වෙන්නේ අපි නැවත නැවත කියනවා ජනතාවගේ යහපත වෙනුවෙන්. පාලනයක් අවශ්‍යයි. නියාමනයක් අවශ්‍යයි. එසේ නැතුව වල් බූරු නිදහසක් දීලා මේ රටේ ජාතිවාදී කෝලහාල. වර්ගවාදී කොලහාල, ඇති කරන්න වෛරයක් ඇති කරන්න උත්සාහ කරනවා නම්, ඒ සම්බන්ධයෙන් රජය මැදිහත්විය යුතුයි.

මහින්ද රාජපක්ෂ යුගයේ මාධ්‍ය හසුරුවපු විදිය, මාධ්‍ය මර්ධනය කරපු විදිය පිළිබඳ අපට බරපතල විවේචන තියෙනවා. නමුත් තීරණාත්මක අවස්ථාවකදී, යුද්ධයේ තීරණාත්මක අවස්ථාවකදී අසත්‍ය ප‍්‍රවෘත්ති පළ කිරීම සම්බන්ධයෙන්. ඔහු ගත්ත තීරණය නිවැරදියි. ඒ නිසා අපි මේ මොහොතේදීත් අපි රජයෙන් ඉල්ලා සිටිනවා, එවැනි තීරණයක් ගන්න පසුබට නොවන්න.



අනික් කාරණය තමයි. සරත් ෆොන්සේකා සහ විමල් වීරවංශ සාකච්ඡුාවක් ගියා පාර්ලිමේන්තුවේදී. ඒ සාකච්ඡුාවෙදි විමල් වීරවංශ අහනවා සරත් ෆොන්සේකාගෙන් මේ අංඥ කොරොස් මනුස්සයෙක් කියලා නොදනද මෙයාව උස්සගෙන ගියේ කියලා. 2015 දී විමල් වීරවංශ කතා කළේ කොහොමද? එතකොට අයියෝ සිරිසේන. ගුඞ්බායි සිරිසේන කිව්වා. ඊට පස්සේ මහින්ද රාජපක්ෂව පිටිස්ස දොරෙන් ගෙනැල්ලා අග‍්‍රාමාත්‍ය ධූරයට පත් කර ගැනීම සඳහා මෛති‍්‍රපාල සිරිසේනත් එක්ක කටයුතු කරලා එයාගේ අගසව් කෙනෙක් විදියට කටයුතු කරද්දි එතකොට කිව්වා මෛති‍්‍රපාල කිව්වා දේශපේ‍්‍රමියෙක් කියලා. මේ ගොබිලා මාස 06 ක් යන්න කලින් දැන් කියනවා මෛති‍්‍රපාල කියන්නේ අඥකොරොස් පොරක් කියලා. මේ උන්දැගේ පාට මාරු කරන එක කටුස්සන්ටවත් තේරුම් ගන්න බෑ. හයියෙන් අධෛා්් වාතයක් ගියත් මේ ආණ්ඩුවට කියන්නේ ඇමෙරිකන් අධිරාජ්‍යවාදය. දැන් මේ ගොබිලට තේරෙන්නේ නෑ. රොබට් බ්ලේක් කියන අසූචි ගොඩ හයර් කරලා ගෝඨාභයගේ දේශපාලන ව්‍යාපෘතිය සාර්ථක කරගන්න, ජනපි‍්‍රය කරගන්න කතා පවත්වන කොට, මේ විමල් වීරවංශට පේන්නේ නෑ, ඒක අධිරාජ්‍යවාදයක් කියලා. ඒකේ අධිරාජ්‍යවාදී ගඳ දැනෙන්නේ නෑ. 


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.