English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
සහජීවනය ඇති කිරීමට ජනවිඥාණය වෙනස් කළ යුතුයි - පරාක‍්‍රම නිරිඇල්ල
(2019-05-30)

<< Go Back
  


අද මේ රට පත්වෙලා තියෙන ඒ අභාග්‍ය සම්පන්න තත්ත්වය ගැන විශේෂයෙන් ඇති වෙලි තියෙන මීට පෙර ඇති නොවුනු ආකාරයේ භීෂණ තත්ත්වයක්. අවිනිශ්චිත තත්ත්වයක් ගැන සංවේදීව හිතන කොට, අපිට පුළුවන් වෙලා තියෙනවා ඒ දෙස අතීතයක් එක්ක බලන්න. මම ඉපදුනේ 1949. දැන් අවුරුදු 70 ක්. මේ අවුරුදු 70 ක කාලය තුළ මේ රට මේ තත්ත්වයට ගොඩනැගුණු ආකාරය පිළිබඳ ආවර්ජනය කරන්න අපිට හැකියාව තියෙනවා. එය ඉතාම කණගාටුදායක තත්ත්වයක්. මේ හැම දෙයක්ම අපි කලිනුත් දැකලා තියෙනවා.

මට මතකයි අපි පොඩි කාලේ අපේ සිංහල ගම්වල මුස්ලිම් අය හිටියා. දෙමළ අය හිටියා. ඒ තියෙන ලොකු කොම්පැණි වතුවල වැඩ කරා. මුස්ලිම් අය පොට්ටනිකාරයෝ විදියට ඇවිල්ලා ටික දවසක් යනකොට කඩවල් දාගෙන හිටියා. අපේ සීයා ගමේ හිටපු ප‍්‍රභූවරයෙක්. මුස්ලිම් මුදලාලි කෙනෙක් කඩයක් දාගෙන හිටියා. මේ මුදලාලි තම බිරිඳගේ ගම් පළාතට මේ කඬේ විකුණලා යන මොහොතේ අපේ සීයා හම්බවෙන්න ආවා. ගමේ තව සිංහල අයත් එක්ක. මුළු ගමම කම්පා වුනා මේ මනුස්සයා ගම ඇරලා යන එක ගැන. ගමේ අවශ්‍යතාවයන්ට, සමහර වෙලාවට මුදල් දෙනවා, ණයට දෙනවා. ඒ සහජීවනත් එක්ක ගණුදෙනුව තිබුණා. මේ මනුස්සයා යන වෙලාවේ අපේ සීයා ගත් කටටම ඇහැව්වේ උඹ ගිහිල්ලා කොහොමද උඹනේ මේ ගමේ හිටපු එකම තම්බියා කියලා. ගමේ හිටපු බාබර්, අපි පොඩි කාලේ ඉස්කෝලේ ගිය වඬේ කඩල අරන් ආපු දෙමළ මනුස්සයා, වතු කම්කරුවා. ඔහුගේ පුතා අපේ පංතියේ හිටියේ. මම ති‍්‍රකුණාමලයේ නාවික හමුදාවේ මගේ පළමුවෙනි රස්සාව හම්බවුනා 1971 දී. මම සිවිල් අංශයේ වැඩ කළේ. නාවිකා හමුදාවේ හිටපු සිවිල් සේවකයන්ගෙන් සියයට අනූ ගාණක් පමණ හිටියේ දෙමළ අය. මම ඊට පස්සේ වව්නියාවට ආවා. එහෙත් එහෙමයි. ඒ අය සිංහල චිත‍්‍රපට බලලා තිබුණා. අපිව ගෙවල් වලට එක්කගෙන ගිහිල්ලා කන්න බොන්න දෙනවා. ඒ වගේම සුහදශිලීව කතා බහ කරන, උපදෙස් දෙන, රැුකියාවේ උසස්වීම් ගන්න තරමටම අපි කොහොමද මේ අත්දැකීම් දියුණු පුහුණු කරගන්නේ කියන එක ඔවුන් කතා කළා. මේ හැම අත්දැකීමක්ම ලබා දුන්නු කට්ටියක් හිටියා.



විවෘත ආර්ථික ප‍්‍රතිපත්තිවල බලපෑම

1977 න් පස්සේ මේ හැම එකක්ම වෙනස් වෙනවා. අපේ ආර්ථිකය වෙනස් වෙනවා. ඊට පෙර අපි අඳින ඇඳුම් පැළඳුම් ගැන කතා කළොත් දෙමළ කාන්තාවෝ ඇඳපු විදියක් තිබුණා. මුස්ලිම් කාන්තාවෝ ඇඳපු විදියක් තිබුණා. ඒ කියන්නේ දෙමළ කාන්තාවෝ අඳින සාරිය ඇඳලා සාරි පොටෙන් ඔලූව වටා ගහගෙන තමයි හිටියේ. මුස්ලිම් අය ඇඳපු විදියක් තිබුණා. 1977 ආර්ථික වෙනස්කම් වලට පස්සේ, අපේ ආර්ථිකය පිටරටට විවෘත වෙන කොට, පිටරට ආයෝජකයෝ එනකොට, ඇවිල්ලා මෙහේ ආයෝජනයන් කරනකොට, අපිට විදේශගත වීමේ දොර විවර වෙනකොට, මැදපෙරදිගටම සිංහල, මුස්ලිම්, දෙමළ අය රැුකියා හොයාගෙන යනකොට බාහිර සංස්කෘතීන් අපිට ගලාගෙන එනවා. අපේ ජීවිත වල පැළපදියම් වෙනවා. අපේ ජීවන රටාවල් වෙනස් වෙනවා.



සහජීවනය  බිඳ වැටීම

මුස්ලිම් අයගෙත් ඔය වගේ තත්ත්වයක් එනවා. ඔවුන්ට ඉගෙන ගන්න තමන්ගේ ජනකොටසක් ඉන්න, තමන්ගේම මුස්ලිම් ප‍්‍රජාව ඉන්න සෞදියේ යන්න අවස්ථාව ලැබෙන කොට ඒ රටවල් වලට ගිහිල්ලා ඒ රටවල්් වල තියෙන සිරිත් විරිත්, ආගම අදහන ආකාරය, අඳින පළඳින ආකාරය, ඒවා මෙහාට එනවා. ඒ මත ඔවුන් වෙනස් වෙනවා. ඔය අතර අපේ රටේ සමාජය, රාජ්‍ය, දේශපාලනය, අපේ රටේ රාජ්‍ය පාලනයට යොදා ගැණුනු කි‍්‍රයාදාමය විසින් මේවා ඉතාම බැ?රුම් ගැටළු සහගත තත්ත්වයකට පත් කරනවා. ක‍්‍රම ක‍්‍රමයෙන් මේ බලකාමය නිසා සියල්ල විකෘති වුනා.





කලාව තුළ සහජීවනය

දෙමළ ප‍්‍රජාව එක්ක අපි හොඳ සහජීවනයක හිටියා. 1800 ගණන් වල අවසානයේත් 1900 ගණන් වල මුල් කාලයේත් අපි කලාකාරයෝ හැටියට අපි දකින දෙයක් තියෙනවා. අපේ සංගීතය දියුණු වුනේ සිංහල, මුස්ලිම්, දෙමළ, කලාකාරයෝ එකතුවෙලා, හදපු අත්හදා බැලීම් කරපු නිර්මාණත් එක්ක. නාට්‍ය කලාවත් එහෙමයි. ජෝන් ද සිල්වාගේ නාට්‍ය කණ්ඩායමේ හිටියා සියළුම ජාතීන්. මිනර්වා නාට්‍ය කණ්ඩායමේ බී.ඒ ඩබ්ග ජයමාන්නගේ නාට්‍ය කණ්ඩායමේත් ඒ විදියමයි. සියළුම ජාතීන් හිටියා. චිත‍්‍රපටි කලාව ගත්තහම, මගේ පළමුවෙනි චිත‍්‍රපටය වූ ප‍්‍රථමයා සහ අන්තිමයා කෙටි චිත‍්‍රපටයේ පළමුවෙනි මුද්‍රණය එළියට ගන්නකොට ඒකට අයකලේ නෑ විජය චිත‍්‍රාගාරය. විජය චිත‍්‍රාගාරය පාලනය කළේ දෙමළ පාලනාධිකාරියක්. ඒ වගේ සහජිවනයක් තිබුණා.

රාජ්‍ය තාන්ති‍්‍රකයන් අහිමි ඞීල් දේශපාලනක

1977ට පස්සේ අපේ දේශපාලනය වෙනස් වෙනවා. රාජ්‍යතාන්ති‍්‍රකයෝ කියන අය නැතිවෙනවා. බලය සඳහා හැම වෙලාවෙම රට වෙනුවෙන් ඇති කළ යුතු සැලසුම්, එතනින් ගියාම පාලනයේ තියෙන වගකීම, මුදල් ප‍්‍රතිපාදන නිසි විදියට පාලනය කිරීම, අයවැය පාලනය කිරීම, මේ කිසිම දෙයක් සැලසුම් සහගතව නොවෙන තත්ත්වයක් තුළ රට අයාලේ යන රටක් බවට පත් වෙනවා. සැලසුමක් සිදුවෙනවා නම් සිදුවෙන්නේ ඉතා කෙටි කාලීන සැලසුම්. ඒ තත්ත්වය විමධ්‍යගත වෙනවා ප‍්‍රාදේශීය මට්ටම දක්වා. දේශපාලකයන්ට මුදල් යනවා. දේශපාලකයන් තමයි සෑම ව්‍යාපෘතියක්ම පාලනය කිරීමේ සහ ඒවා පිළිබඳ තීන්දු තීරණ ගැනීමේ බලය අතට ගන්නේ. මේවා මත ඞීල්ස් හැදෙනවා. රාජ්‍ය පාලකයන්ට වඩා හැදෙන්නේ ව්‍යාපාරිකයෝ නැත්නම් ඞීල්කාරයෝ ටිකක්. දේශපාලනය අතට ගන්නවා. මේවත් එක්ක රට ගැන බැලීමකට වඩා තමන්ගේ ධනය සහ බලය වැඩි දියුණු කරගන්න තත්ත්වයක්. තමන්ගේ ජීවිතය වඩාත් බලවත් තත්ත්වයකට ගොඩනගා ගන්න උත්සාහ කරනවා. විශේෂ පාලක පන්තියක් අපේ රටේ තහවුරු වෙනවා. ප‍්‍රාදේශීය සභාවල ඉඳළම ඉහළ තලයේ ජනාධිපති දක්වාම ඉන්න මන්තී‍්‍රවරු සහ ඇමතිවරු තුළින් විශේෂ පන්තියක් හැදෙනවා. මේ රටේ තියෙන මුදල් හොයන්න පුළුවන් හොඳම රැුකියාව දේශපාලනය. බලය, වරප‍්‍රසාද, තියෙන පහසුකම්, විශාලයි.



අපි සහජීවනයෙන් සුළු ජනකොටස් ඈත් කලා

මේ නිසා රටේ ඒකාග‍්‍රතාවයක්. නැත්නම් සහජීවනයක් ගොඩනගනවට වඩා බෙදුණු රටක, මේවා පවත්වාගෙන යන්න ලෙහෙසියි. ඒක නිසා අපේ හැම පියවරෙන් පියවර හැම දෙයක්ම අපි දකින්නේ රට බෙදෙන ජාතීන් තුන අවුලවමින් පාලනය කරන්න  ඕන පසුබිමක් හදනවා මිසක් එම අවුල සමනය වෙන කි‍්‍රයාදාමයක් රාජ්‍ය මට්ටමින් ගේන්නේ නැහැ. හොඳම උදාහරණය 2009 යුද්ධය අවසන් වුනාට පස්සේ උතුරේ නැගෙනහිර, පාරවල් හැදුවා, ගොඩනැගිලි හැදුවා, ඉස්කෝල හැදුවා, රෝහල් හැදුවා. හැම දෙයක්ම අලූතින් හදනවා. උතුරට කෝච්චි පාර දානවා. හැම දෙයක්ම හදනවා. නමුත් ඒ යුද්ධය නිසා පීඩාවට පත් වුනු, හදවත්වල ඇතිවුනු තුවාල සුව කරන්න නැත්නම් ඒවාට පිළියම් යොදන්න, වැඩ පිළිවෙළක් තිබුණේ නැහැ. එතන ඉඳළම ලොකු වැරැුද්දක් අපි කළා. අපේ ආගමික නායකයෝ පියවරෙන් පියවර රට මේ තත්ත්වයට අරගෙන ආවා. සෝම හාමුදුරුවන්ගේ ඉඳලා මුස්ලිම් ජනතාවගේ උපත් තත්ත්වයන් ගැන, ඔවුන්ගේ ආගම ගැන, ඔවුන් අනාගතයේදී බලවත් ජාතියක් වෙන ආකාරය ගැන, දේශනා පවත්වනවා, ඒක සිංහල බෞද්ධ සමාජය අදහන්න පටන් ගන්නවා. ඒ තත්ත්වය වෙනස් කරන්න නම් තියෙන්න  ඕන සහජීවන වැඩ පිළිවෙළක් ගොඩනගන්න ආගමික නායකයෝ උත්සාහ කරන්නේ නෑ. මුස්ලිම් අය ජීවත් වෙන්නේ අවුරුදු 2000 ගාණකට වැඩි කාලයක් ඉඳලා. ඔවුන් ජීවත්වෙන්නේ ශී‍්‍ර ලාංකිකයෝ විදියට. දෙමළ අයත් එහෙමයි. අපි කොහොමද මුස්ලිම් ජනතාව ජාතිවාදයෙන් මුදවාගන්නේ? මේ බිහිසුණු කි‍්‍රයා කරන ජාතිවාදී, මූලධර්මවාදී මෙහෙයුම් වලින් නැත්නම් ඒ චින්තනයෙන්, මුදවාගන්න අපි කොච්චර දුරට වැඩ කරලා තියෙනවද? රාජ්‍ය විදියට හෝ සිංහල බහුතරය විදියට හෝ අපි කොච්චර දුරට කටයුතු කරලා තියෙනවද? සිංහල බෞද්ධ බහුතරය, ඒ සඳහා ආගමික සංස්ථා විසින් කොච්චර දුරට මෙහෙවලා තියෙනවද එවැනි තත්ත්වයක් ඇති කරන්න. ඒ කියන්නේ ඔවුන් බාරගන්න. ඒ කියන්නේ අන්‍යයෝන්‍ය වශයෙන් විශ්වාසයක් ඇති කරන්න.



අධ්‍යාපනයේදී ළමුන් බෙදා වෙන් කර වෛරය වැපිරවීම

අනික් එක අපේ තියෙන අධ්‍යාපනය. අධ්‍යාපනය තියෙන්නේ සම්පූර්ණයෙන් බෙදා වෙන් කරන අධ්‍යාපනයක්. සී.ඩබ්.ඩබ්.කන්නංගර මැතිතුමා 1941 අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ ගේනකොට, පාසැල් 52 ක් ඇති කළා. එහි මූලිකම දේ තමයි සෑම ජනවර්ගයකටම පොදු අධ්‍යාපනයක් ලබාදීමේ ක‍්‍රම වේදය එහි තියෙනවා. දැනුම, කුසලතා වටිනාකම් පිළිබඳව අවධානයක් යොමු කළා. තී‍්‍ර ්‍ය කියලා කියන්නේ. ්‍ය්බාල්‍යැ්ාල්‍යැ්රඑ තමයි ඉන් හඳුවන්නේ. මේ අංශ තුන කොච්චර දුරට පාසැල් වල උගන්වනවද? ශිල්ප ශාස්ත‍්‍ර කියලා අපි කියනවා. දැන් ශාස්ත‍්‍ර විතරයි. ශිල්පයක් නැහැ. ඉගැන්නුවට ඒවා ජීවිතය සම්බන්ධ කරගෙන ප‍්‍රායෝගිකව උගන්වන්නේ නැහැ. ජීවත් වෙන්න මේ උගන්වන ශාස්ත‍්‍ර කොච්චර වැදගත් ද කියලා බැලූවම ඒවා ඉතාමත් දුර්වල තත්ත්වයක පවතින්නේ. ඒ අනුව අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණයේ අපේක්ෂාවන් සම්පූර්ණයෙන් වෙනස් කරලා, අධ්‍යාපනය පවත්වාගෙන යනවා ඒවාවල ස්වභාවය ප‍්‍රතිසංස්කරණය කරන්නේ නැතුව. සිංහල,දෙමළ,මුස්ලිම් පාසැල් කියලා තියෙනවා. බෞද්ධ, හින්දු, කි‍්‍රස්තියානි, මුස්ලිම් පාසැල් කියලා තියෙනවා. ගමේ පාසැල් සහ නගරයේ පාසැල්. සම්පත් බෙදීයෑමේ සම්පූර්ණ අසමානතාවය එතන තියෙනවා. තවත් තියෙනවා ජනපි‍්‍රය පාසැල් සහ ජනපි‍්‍රය නොවන පාසැල් කියලා. මේ වගේ අසමානතාව මැද අධ්‍යාපනය ලබා දෙනවා බෙදීම් ඇති කරලා. දැන් ළමයි වෙන වෙනම හැදෙන්නේ.

අධ්‍යාපනයෙන් ළමුන්ගේ මනස විකෘති කරනවා

පහුගිය ජනවාරි මාසයේ මට අත්දකින්න ලැබුණා. අපි පාසැල් 06 ක 8 සිට 10 දක්වා ශ්‍රේණිවල දරුවෝ එකතු කරලා අපි නාට්‍ය කලාව සහ සහජීවන අධ්‍යාපනයක් සඳහා නාට්‍ය කලාව භාවිතා කිරීම පිළිබඳව වැඩ මුළුවක් කළා. අම්පාර පැත්තේ මුස්ලිම් පාසැල් දෙකක්, මඩකලපුවේ දෙමළ පාසැල් දෙකක්, මඩකලපුව හා අම්පාර දිස්ති‍්‍රක්ක වල සිංහල පාසැල් දෙකක් එකතු වුනා. එහි ළමුන් 60 ක් හිටියා. ඊට සහභාගි වුනු අම්පාර පැත්තේ ගුරුවරයෙක් කිව්ව දෙයක් තමයි, නාට්‍ය කලාව භාවිතා කරලා සහජීවන සංස්කෘතියක් සඳහා අවශ්‍ය නිදර්ශන ලබා දෙන්න කරන වැඩ පිළිවෙළ අගය කරමින්, පාසැල් වල කිසිසේත්ම මෙවැනි කි‍්‍රයාකාරකම් සිද්ධ වෙන්නේ නැහැ කියලා. සිංහල, දෙමළ, මුස්ලිම් ළමයි එකතු වෙන එක අවස්ථාවක් තමයි වාර්ශිකව පවත්වන මළළ කී‍්‍රඩා තරඟ. අම්පාර දිස්ති‍්‍රක්කයේ සිංහල ළමයි, දෙමළ ළමයි, මුස්ලිම් ළමයි වෙන වෙනම අරගෙන දක්ෂයින් තෝරනවා. පස්සේ මේ කට්ටියට එකට දාලා අවසන් තරඟ පවත්වනවා. එතකොට මෙතන ඇතිවෙන්නේ සම්පූර්ණයෙන් යුද්ධයක්. පාසැල්වල එක කථික තරඟයක් සඳහා පැවැත්වීම සඳහා දමා තිබෙන නම තමයි කථික සංග‍්‍රාමය කියලා. මේ පාසැල් වල තත්ත්වය. හම්බන්තොට අලූතෙන් හදපු ලොකු ඉස්කෝලෙක යුද සැමරුම් පැවැත්වෙන අවස්ථාවක අහම්බෙන් දැක්කා මේ පාසැලේ හදලා තියෙනවා බංකර්. ඒ වගේම තුවක්කු හදලා හයිකරලා ළමයින්ට පේන්න. මම විදුහල්පතිගෙන් ඇහැව්වා ”මේ විදියට හැම පාසැලකම හදනවද කියලා?” එයා ආඩම්බරෙන් කිව්වා ”නෑ..නෑ.. අපි විතරයි මෙහෙම හදලා තියෙන්නේ කියලා” මේ විදියට බෙදා වෙන් කිරීම සඳහා පාලනයක් පවත්වාගෙන යන්න සුදුසු බෙදන අධ්‍යාපන ක‍්‍රමයක් අපේ රටේ තියෙන්නේ. විශ්ව විද්‍යාල මට්ටමට ගියාමත් එහෙමයි. අනෙකාගේ භාෂාව ඉගැන්වීම පිළිබඳව කිසිම සැලකිල්ලක් නැහැ. ඒක ඉගැන්නුවට නිසි විදියට උගන්වන්නේ නැහැ. දෙමළ පාසැල්වල සිංහල ඉගැන්වීම හෝ සිංහල පාසැල් වල දෙමළ ඉගැන්වීම හෝ පිළිවෙළකට සිදුවෙන්නේ නැහැ. මේක අනිවාර්ය තත්ත්වයක් යටතේ, රැුකියා ලබාගැනීමේ දී මේ හැකියාව අත්‍යවශ්‍ය බව පෙන්වා දෙමින්, සහ ඒ ඒ තත්ත්වයට ගෙන එමින්, කරන අධ්‍යාපනයකුත් නෙමෙයි. එතකොට අපිට බලාපොරොත්තු වෙන්න සිද්ධ වෙන්නේ, මෙවැනි සමාජ තත්ත්වයක් තමයි. දැන් රටේ තියෙන තත්ත්වය පුදුමයක් නෙමෙයි.



සැමට එක් නීතියක් තිබිය යුතුයි

පොදුවේ සැමටම සාධාරණ වූ අධ්‍යාපන ක‍්‍රමයක් සිද්ධ වෙන්න  ඕනා. සැමටම සමාන නීතියක් තියෙන්න  ඕනා. එක නීතියක්. එක එක්කෙනාට  ඕන විදියට හරි, එක් එක් ජනවර්ග වලට  ඕන විදියට හරි, නීති තියෙන්න බෑ. පොදු නීතියක්. කසාද බඳිනවානම් ඒ සඳහා නිශ්චිත වයස් සීමාවක්. අවුරුදු 18 නම් 18. තවත් කණ්ඩායමකට 12 කසාද බඳින්න දෙන්න බෑ. මොකක්ද ඒ දරුවාගේ අනාගතය. ඇඳුම් ගැන අපට විනිශ්වයන් දෙන්න බෑ. ඒත් ආරක්ෂක හේතූන් මත මුහුණු ආවරණය කරන්න එපා කියලා කියන්න පුළුවන්. ඒක අවබෝධයෙන් වෙන්න  ඕනා.

බාහිර තර්ජන වලින් ආරක්ෂාවීමට විවිධ පියවර ගන්නවා

සිංහල සමාජයේ බෞද්ධ අන්තවාදීන් හැදිලා අනෙක් ජනවර්ග වලට තර්ජනයක් එන තැනට එනකොට, ගැටළුවක් මතු වෙනවා. අල්ලපු ගෙදර මනුස්සයා අපේ ගෙදරට ඇවිල්ලා තර්ජනය කරනවා නම්, එතකොට මම සූදානම් වෙනවා ඒකට ආරක්ෂාව සපයා ගන්න. මම පොලිසිත් ගිහිල්ලා පොලිසියත් කි‍්‍රයාකාරී වෙන්නේ නැත්නම්, ඒ ගැන. ඔයාලගේ ප‍්‍රශ්න ඔයාලා විසඳගන්න කියලා හරි, පැමිණිල්ලක් කරලා අවට හරියන්නේ නැහැනේ. මේ තත්ත්වය දිගින් දිගටම සිද්ධ වෙනවා නම් අපිට යම් කිසි කි‍්‍රයාමාර්ගයක් ගන්න වෙනවා ආරක්ෂක අංශ වලින් උදව් උපකාර ලැබෙන්නේ නැත්නම්. දැන් රටේ මේක තමයි වෙලා තියෙන්නේ. අපි සිංහල බහුතරය විදියට මේ තත්ත්වය ඇති කරන්න නැත්නම් අගතිගාමී වෙනකොට, මෙතුවක් මේ රටේ ජීවත් වුනු ජනවර්ග පිළිබඳව ඒ අය සහජීවනාත්මක තත්ත්වයකට ගොඩනගන්න කි‍්‍රයා මාර්ගයක් ඇති කරන්න කියලා, රාජ්‍යයට බල කරන්න උත්සාහ ගන්නේ නැතුව, අපි හදනවා නම්, ඒ අය මර්ධනය කළ යුතුයි, නැත්නම් අපි මැහත් වෙලා කෝවිල්, දේවාල, පල්ලි කඩන්න, ඒ අයත් සූදානම් වෙනවා මොකක් හරි ආකාරයකට ආරක්ෂා වෙන්න. පිට බල්ලෙක් ගෙදරට ආවම අපි දොර වහලා බල්ලව එළවන්න ඌට පහර දෙනකොට, බල්ල මුල්ලට වෙලා පහර කාගෙන ඉඳලා ඊළගට මොකද කරන්නේ? බල්ලා හපාකන්න හදනවා. හපාකාලා හරි බේරිලා යන්න. බල්ලෙන් වුනක් එහෙමයි කටයුතු කරන්නේ? ඒක අපි තේරුම් ගන්න  ඕනා. සර්පයෙක් වුනත් එහෙමයි.



සහජීවනාත්මක ජනවිඥාණයක් බිහි කළ යුතුයි

එල්.ටී.ටී.ඊ හැදුනේ ඒ විදියට. අපි තමයි එල්.ටී.ටී.ඊ. එක හැදුවේ. ඉතිහාස ගත තත්ත්වයක් තුළ ඒ දේ සිදුවුනේ. අපේ පැවැත්ම සඳහා අපි වැරදි ගොඩක් කරලා තියෙනවා. රාජ්‍ය පාලනය සඳහා දෙමළ ජනතාවට නිසි අවස්ථාව අපි දුන්නේ නැහැ. නිසි තැන අපි දුන්නේ නැහැ. සම තත්ත්වයන් ඇති කළේ නැහැ. සමහරු කිව්වා සියයට විසිගානයි ඉන්නේ දෙමළ අය සම තැනක් දෙන්නේ කොහොමද කියලා. සියයට හතක් වෙච්ච මුස්ලිම් අයට සම තත්ත්වයක් දෙන්නේ කොහොමද? වෙන රටවල් වල මේ දේවල් වෙන්නේ වෙනස් විදියකට. ඇමෙරිකානු ජනාධිපති ඔබාමා බලයට එන්නේ කළු ජාතියන් බහුතරයක් ඒ රටේ ඉන්න නිසා නෙමෙයි. අපේ අය පිටරටවල් වල ගිහිල්ලා යුරෝපයේ, ජර්මනියේ, එංගලන්තයේ නගර සභාවට මන්තී‍්‍රලා වෙන්නේ, නගරාධිපතිවරු වෙලා තියෙන්නේ, එහි බහුතරය ශී‍්‍ර ලංකික වුනු නිසා නෙමෙයි. ඒ ජන සමාජය විචක්ෂණශිලී ජනසමාජයක් නිසයි. අපේ සමාජයේ තිබෙන විඥාණය වෙනස් කරන්නම වෙනවා. අපි ජනතාවගේ විඥාණය වෙනස් කරන්න, හරියට සහජීවනාත්මක සමාජයක් ගොඩනගා ගන්න පුළුවන් විදියේ චින්තනයක් ඇති කරන තත්ත්වයට ජන විඥාණය වෙනස් වෙන්න  ඕනා. ඒක ලොකු වැඩ පිළිවෙළක්. මේ චින්තනය උඩු දුවලා තියෙන්නේ. අපිට කිසි බලාපොරොත්තුවක් තියන්න බෑ. අපිට තව සුළු කාලයයි ජීවත් වෙන්න තියෙන්නේ. මට හිතෙන්නේ මම ජීවත් වෙන කාලය තුළ මේවා වෙනස් වෙන්නේ නැහැ. එහෙම වැඩ පිළිවෙළක් පේන්නේ නැහැ. එහෙම නම් අපි හදන්න  ඕනා එවැනි තත්ත්වයක් ඇති කරන ආකාරය. ෆේස් බුක් වල තියෙන දේවල් දැක්කම දැඩි කළකිරීමක් ඇති වෙනවා. අපි ප‍්‍රශ්නයේ සමස්තය අරගන්නේ නැහැ. ප‍්‍රශ්නයේ කොන් කෑලි අරගෙන තමයි හැම වෙලාවෙම හැමෝම කතා කරන්නේ.



නව අධිරාජ්‍යවාදයේ නව මුහුණුවර ලංකාවටත්

මේ තත්ත්වයට මහ බලවතුන්ගේ අත පෙවීම් පැහැදිලිව පේන්න තියෙනවා. සෞදි අරාබියාව ඉන්නවා ඊශ්රායලය සහ ඇමෙරිකාව එක්ක. තමන්ට එරෙහිව යම් බලයක් ගොඩ නැගෙනවා නම්, ඒක නිශේධනය කරලා දාන්න. ඒක වෙනස් කරන්න. ඒක වෙනතකට යොමු කරන්න. වැඩ පිළිවෙළක් ගෙනියනවා. චීනය රුසියාවේ ඉඳලා පාරක් හදනවා. ඊට එරෙහිව ඇමෙරිකාව තව දෙයක් කරන්න යනවා. අපි‍්‍රකාව හරහා යුරෝපයට යන පාරක් හදන්න. ඒක හදන්න නම් ඔවුන්ට අවශ්‍ය වෙනවා ඊට අනුකූල වෙන, ඊට සහය වෙන, ඒ සඳහා බලයක් හිමිකරගන්න පාලකයෙක් වුවමනා කරනවා. ඒ සඳහා ඇමෙරිකාව මැදිහත් වෙන තත්ත්වයක් අනිවාර්යයෙන්ම ඉදිරියට එනවා. මේ කාලයේ දේශපාලකයන්ගේ නිහැඩියාවක් තිබුණට, හැමෝම බලන් ඉන්නේ ඒ එන, පාලකයාගේ පස්සෙන් වැටිලා, අර තියෙන වරදාන ඒ පහුගිය අතපසුවුනු දේවල්, ආපහු එන්න, ආපහු හම්බ කරගන්න. ආපහු බලයේ ඉන්න, වරප‍්‍රදාය භුක්ති විඳින්න. මේ රටේ ප‍්‍රශ්න අපේ අභ්‍යයන්තර ප‍්‍රශ්නයක් විතරක් නෙමෙයි. මේ ගෝලීය ආර්ථිකයේ ස්වභාවය තුළ, මේක බැදෙනවා තවත් විවිධ තැන්වල, අපි නොදකින බොහෝ ප‍්‍රදේශවලට මේ සිදුවීමේ මුල් විහිදිලා තියෙනවා. රට ඇතුළෙත් ඊට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ තියෙනවා.  ඒවා මුල් ඇඳගන්නවා. ඒක අපිට වලක්වන්න බෑ. මේවා වෙනස් කරන්න නම් ශී‍්‍ර ලාංකීය ජාතිය විදියට, මේවා අවබෝධ කරගෙන, වෙනස් වෙන්න  ඕනා.

මේක ජනතාවට තේරෙන්නේ නැහැ. හීන වුනු විඥාණයක් සහිත ජනතාවක් පත් කරන්නේ වැරදි නායකත්වයක්. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදීත්, ජනාධිපතිවරණයේදීත් ඒ විදියට සිද්ධ වේවි. නමුත් අඛණ්ඩව මේවා වෙනස් කළ හැකි කි‍්‍රයාදාමයක් අවශ්‍ය වෙනවා.


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.