English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
විධායක ජනාධිපති ක‍්‍රමයේ විභවය, වර්තමානය හා අනාගතය
(2018-12-28)

<< Go Back
ජනාධිපති නීතිඥ ජයම්පති වික‍්‍රමරත්න    
පාර්ලිමේන්තුවේදී 2018 දෙසැම්බර් 18

1972 ජනරජ ව්‍යවස්ථාවට විධායක බලය


කතානායකතුමෙනි,

විධායක ජනාධිපති පිළිබඳ ප‍්‍රශ්නය මුලින්ම ශී‍්‍ර ලංකාවේ මතුවුනේ, 1972 ව්‍යවස්ථාවට පෙර ඒ ව්‍යවස්ථාව හදපු, හැදුනු, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේදීයි. එහිදී එවකට විපක්ෂ නායකව සිටි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකව සිටි ජේ.ආර්.ජයවර්ධන මහතා යෝජනා කර සිටියා, ශී‍්‍ර ලංකාවට විධායක ජනාධිපති ක‍්‍රමයක් හඳුන්වාදිය යුතුයි කියලා. එයට තදින්ම විරුද්ධවූයේ, එම පක්ෂයේම නායක ඩඞ්ලි සේනානායකයි. ඔහු ජේ.ආර්.ජයවර්ධනට අවසර දුන්නා යෝජනාව කරන්න. නමුත් පක්ෂයක් හැටියට සහ පුද්ගලික අදහසක් හැටියට, හොඳ කතාවක් කරලා කිව්වා. ඇමෙරිකාවේ විධායක ජනාධිපති ක‍්‍රමය සාර්ථක වුනා වෙන්න පුළුවන්, ප‍්‍රංශයේ සාර්ථක වුනා වෙන්න පුළුවන්, නමුත් ලංකාව වැනි රටවල්වලට මෙය සුදුසු නෑ කියලා. ලංකාව වැනි රටවල් වලට සුදුසු වන්නේ පාර්ලිමේන්තු ක‍්‍රමයක් කියලා. එදා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය, එවකට අගමැතිවරිය,  එතුමියට ඉතාමත් පහසුවෙන් පුළුවන් කම තිබුණා ඒ තිබුණු විශාල වැඩි ඡුන්ද සංඛ්‍යාව පාවිච්චි කරලා විධායක ජනාධිපති වෙන්න. එතුමිය එය ප‍්‍රතික්ෂේප කලා. පාර්ලිමේන්තු ක‍්‍රමය රැුක ගන්නට එතුමිය ඉදිරිපත් වුනා. ඒ නිසා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය අපි දන්න තරමින් හැම දවසෙම විධායක ජනාධිපති ක‍්‍රමය ශක්තිමත් කිරීමට නෙමෙයි හිටියේ, පාර්ලිමේන්තු ක‍්‍රමය ශක්තිමත් කිරීමට.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේදි ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා ව්‍යවස්ථා කටයුතු පිළිබඳ ඇමති කතා කරලා කිව්වා රාජ්‍යයේ ශිර්ෂයේ බල කේන්ද්‍ර දෙකක් (Counter Force  ) හදන්න එපා කියලා. එක පැත්තකින් ජනතාවගේ ඡුන්දයෙන් පත්වෙන ජනාධිපතිවරයෙක් එක්ක, අනෙක් පැත්තනේ පාර්ලිමේන්තුවෙන් තෝරා පත් වෙන අගමැතිවරයෙක්. එයින් රාජ්‍යයේ විශාල ප‍්‍රශ්න ඇති වෙනවා කියලා.



1978 ව්‍යවස්ථාව ආපු 17 වෙනි සංශෝධනය

පුරවැසි සංවිධාන විසින්, විශේෂයෙන් වෘත්තිකයන්ගේ සංවිධාන විසින් හදලා තිබුණා කෙටුම්පතක්. ඒ කෙටුම්පත පාදක කරගෙන 17 වෙනි සංශෝධනය ගෙනල්ලා ආණ්ඩුක‍්‍රම සංශෝධනය තුළින් විධායක ජනාධිපති ක‍්‍රමයේ සමහර බලතල ඉවත් කෙරුවා. පළමු වරට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවක් ඇති කලා. සිවිල් පුද්ගලයින්, සාමාන්‍ය පුරවැසියන් 07 දෙනෙකුත්, දේශපාලඥයන් තුන් දෙකෙකුත්, කතානායක, විපක්ෂනායක, අගමැති යුත් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සභාවක් හදලා වැදගත් පත්වීම්, ශ්‍රේෂ්ඨාධීකරණය සහ අභියාචනාධිකරණයට පත්වීම්, ඒවා අනුමත කරන්න  ඕනා ඒ සභාව විසින්. ඒවාගේම කොමිෂන් සභාවලට නම් කරන්න  ඕන ඒ සභාව විසින්. පාර්ලිමේන්තුව 17 වෙනි සංශෝධනය මගින් ගෙනල්ලා අපිට පුළුවන් වුනා යම් දුරකට, මේ රටේ විධායක ජනාධිපති ක‍්‍රමයේ බලය අඩු කරලා, වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදී, රාමුවක් ඇති කරන්න කුඩා වශයෙන් හරි අපිට පුළුවන් වුනා. එහෙත් 2009 දී 18 වෙනි සංශෝධනය මගින් ඒ සියල්ල නිශේධනය කලා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව නැති කලා. ඒ වෙනුවට කිසිම තේරුමක් නැති පාර්ලිමේන්තු කමිටුවක් පත් කලා. විධායක ජනාධිපතිකමේ තිබුණු සීමාවල්, ජේ.ආර් ජයවර්ධන ව්‍යවස්ථාවට සීමාවල් දෙකක් දමා තිබුණා. එක සීමාවක් තමයි ධූර කාලය පිළිබඳ සීමාව. ඒ සීමාවත් අයින් කලා. ඒ මගින් විධායක ජනාධිපතිකම තියෙන රටවල් වලින් වඩාත්ම ශක්තිමත් ක‍්‍රමය තියෙන රටවල් වලින් ප‍්‍රධානම රටක් බවට පත් වුනා. නමුත් නරකම කාලේ තමයි ඉන් පස්සේ උදාවුණේ. එය අපි අත්දැක්කා 2009 ඉඳලා 2014 දක්වා. ඒ කාලේ ගැන වැඩිදුර විස්තර කරන්න අවශ්‍ය නෑ. අග‍්‍රවිනිශ්චයකාරවරිය නඩු තීන්දුවලට විරුද්ධව, ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය, කියන උසාවි දෙකම කිව්වා ඒ සඳහා භාවිතා කරන ලද ක‍්‍රමය වැරදියි කියලා. ඒත් අග‍්‍රවිනිශ්චයකාරවරියව ඉවත් කලා.



19 වෙනි සංශෝධනයේ පැමිණීම

ඊට පස්සේ අපි 19 වෙනි සංශෝධනය ගෙනාවා. 2015 ජනවාරි 08 වෙනිදා කෙළවර වුනු මැතිවරණ කාලය තුළ ගමෙන් ගමට ගිහිල්ලා, වර්තමාන ජනාධිපතිතුමා පොදු අපේක්ෂයා හැටියට රැුස්වීමෙන් රැුස්වීමට ගිහිල්ලා අපි කිව්වා මේක තමයි අවසාන ජනාධිපතිවරණය කියලා. අපි විධායක ජනාධිපතික‍්‍රමය අහෝසි කරනවා කියලා කිව්වා. අපිට සීමාවල් තිබුණා. මොකද අපි කිව්වා ජනමතවිචාරණයකින් තොරව ඒක කරන්නට, ඒ නිසා අපිට සීමාවක් තිබුණා. මන්තී‍්‍රවරු 30 දෙනෙක් මේ පැත්තට එනවා කියලා බලාපොරොත්තුවක් තිබුණා. ඒත් ආවේ 06,07 දෙනයි. ඒ නිසා තුනෙන් දෙකක් තියා සරළ බහුතරයක්වත් නැති පාර්ලිමේන්තුවක අපි කොහොමද කටයුතු කරන්නේ කියලා ප‍්‍රශ්නෙකට මැදි වුනා.  ඒ තත්ත්වයට අපි මුහුණ දීලා ජනමතවිචාරණයකින් තොරව 19 වෙනි සංශෝධනය සම්මත කරන්න අපි එකගවුනා. ඒ නිසා අපිට සීමාවල් වැටුණා.  නමුත් අපිට ජයග‍්‍රහණ ලැබුණා. යම් කිසි විදියකට අපිට ජනාධිපතිවරයාගේ බලතල ඉවත් කරන්න පුළුවන් වුනා. ස්වාධීන කොමිෂන් සභාවන් නැවත ඇති කලා. ස්වාධීන කොමිෂන් සභා සංඛ්‍යාව වැඩි කලා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් පිළිගත්තා මානව හිමිකම් කොමිෂම, අලූතින් ප‍්‍රසම්පාදන කොමිසම ඇති කලා. විගණන කොමිසම ඇති කලා. ඒ කොමිෂන් සභා සියල්ලටම කරන පත්වීම්, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව විසින් ඔවුන්ගේ නිර්දේශ මත පත් කළ යුතුයි කියලා නීතියක් ගෙනාවා. ඊළගට උපරිමාධිකරණ වලට කරන ලද පත්වීම් අනුමත කළ යුතුයි ව්‍යවස්ථාදායක සභාව කියලා නීතියක් ගෙනාවා.

අපිට  ඕන විදියට සංයුතිය වෙනස් කරන්න බැරිවුනා ව්‍යවස්ථා සභාවේ. අපි යෝජනා කළා 19 වෙනි සංශෝධනයේදී කෙටුම්පත හදද්දි අපි යෝජනා කළේ දේශපාලඥයින් තුන්දෙනෙක් සහ දේශපාලඥයින් නොවන 07 දෙනෙක්. නමුත් මේ සභාව තුළ, 19 වෙනි සංශෝධනය සාකච්ඡුාවට ගන්නා විට, කාරක සභා අවස්ථාවෙදි එදා විපක්ෂය විසින් කොන්දේසි ඉදිරිපත් කලා තුනෙන් දෙකක ඡුන්දෙ දෙන්නට. එක කොන්දේසියක් තමයි පුරවැසියන් තුන්දෙනෙක් සහ දේශපාලඥයන් 07 දෙනෙක් කියන එක. එදා කරන්න දෙයක් තිබුණේ නෑ. අකමැත්තෙන් වුවත්. රනිල් වික‍්‍රමසිංහ අගමැති මටත් වැලිඅමුණටත් කිව්වා ”මේ සංයුතියට කැමති වෙලා මම කොහොමද සෝභිත හාමුදුරුවන්ට මුහුණ දෙන්නේ කියලා. ඒ වෙලාවෙම මම සෝභිත හාමුදුරුවන්ට කිව්වා. ඊට පස්සේ උන්වහන්සේ කිව්වා නෑ කමක් නෑ. ඒ දුර්වලකම් එක්ක අපිට සම්පූර්ණයෙන් කරන්න බැරිවුනත්.  ඕකට මගේ අකමැත්තක් නෑ කියලා.  ඕකට කැමති වෙන්න කියලා. ඉන් පසු අපි එම කටයුත්ත යම් කිසි ප‍්‍රමාණයකට ඉටු කරගත්තා.

නව ව්‍යවස්ථාව සහ ජනාධිපතිවරයාගේ කි‍්‍රයාකලාපය

නමුත් ඉතුරුටික ඉවර කරන්නට පොරොන්දුවුනු විදියටම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක් ඇති කලා. අලූත් ව්‍යවස්ථාවක් හදන්නට. ඒ සාකච්ඡුා යන අතුරතුර ජනාධිපති සෝභිත හාමුදුරුවන්ගේ අවමංගල උත්සවයේදී නැවතත් සපත කර හිටියා කලින් කියපු දේ. වේදිකාවෙන් වේදිකාවට, ගමෙන් ගමට, කියපු දේ සපථ කරලා කියා හිටියා. මෙහෙයුම් කමිටුවට පැමිණි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයෝ කියා සිටියා. අපේ ස්ථාවරය විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම තමයි කියලා. එය සටහන් වෙලා තියෙනවා වාර්තා වල. එහෙත් වැඩිකල් යන්නට ඉස්සෙල්ලා අපි සියළු දෙනාම දුර්මුඛ කරමින්, ඔවුන් එම ස්ථාවරය වෙනස් කරලා, විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්නේ නෑ. යම් යම් බලතල අඩුකරනවා කියලා කිව්වා. එම නිසා තමයි එම කි‍්‍රයාවලිය බලාපොරොත්තු වුනු තරම් දුර අරගෙන යන්න බැරි වුනේ. 19 වෙනි සංශෝධනයෙන් විධායක ජනාධිපති ක‍්‍රමය බලතල අඩු කෙරුවට මාත් කොටස් කාරයෙක් වන මේ ආණ්ඩුවම වග කියන්න  ඕනා 19 වෙනි සංශෝධනය සම්මත කලාට පස්සෙත් ජනාධිපතිවරයට ඉඩ දුන්නා 19 ට පෙර ජනාධීපතිවරයෙක් වගේ කටයුතු කරන්නට. කැබිනට් මණ්ඩලය තුළ ඉඩ ඇරියා. එක දවසක් ගන්න තීන්දුවක් පහුවදාට වෙනස් කරනවා. පත්තරේ මොකක් හරි කියලා දාලා තිබ්බම ජනාධිපතිතුමා කැබිනට් තීරණ වෙනස් කරනවා. ඒ තත්ත්වය ඇති වුනා. ඒක පුරුද්දකට ගියා.



ජනාධිපතිවරයා ව්‍යවස්ථාව උල්ලංඝණය කරයි

ඒක පුරුද්දකට ගිහිල්ලා ඒක කෙළවර වුනේ පහුගිය ඔක්තෝම්බර් 26 වෙනි දා. ඔක්තෝම්බර් මාසේ 25 වෙනිදා මෙම ගරු සභාව ආණ්ඩුවේ පනත් සම්මත කෙරුවා. මූල්‍ය පනතක් සම්මත කෙරුවා. රෙගුලාසි සම්මත කලා එදා. ඊට මාස කිහිපයකට ඉස්සෙල්ලා ආණ්ඩුවට විරුද්ධව ගෙනාපු විශ්වාසභංග යෝජනාව පැහැදිලි බහුතරයකින්, එනම් වැඩි ඡුන්ද 46 කින් පරාජය කලා. පැහැදිලි බහුතරයක් රනිල් වික‍්‍රමසිංහ අගමැතිට තියෙද්දි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝණය කරමින් ඔහුව ඉවත් කලා. ඉන් පසු මෙම පාර්ලිමේන්තුව තුළ සරළ බහුතරයක්වත් නැති මහින්ද රාජපක්ෂව අගමැති කලා. ඉන් පසු අපි දැක්ක ඒ දවස් 50 මොකද වුනේ කියලා. දිගටම හයවරක් එකින් එක එකිනෙකට පසුව හයවරක් පරාජය වුනා මහින්ද රාජපක්ෂ. ඔහුට තමන්ගේ බහුතරය පෙන්වන්න බැරි වුනා. ඉන් පසු පාර්ලිමේන්තුව කල් දැම්මා. පසුව බලපෑම් එනකොට පාර්ලිමේන්තුව ඉස්සරහට ගත්තා. ඊට පස්සේ විසුරුවා හැරියා. විසුරුවා හැරියේ මට හොඳම නීතිඥ උපදෙස් ලැබුණා කියලා ජනාධිපති මෛති‍්‍රපාල කියා තිබුනා. ජනාධිපතිවරුන්ගෙන් උපදෙස් ලැබුණා. ජනාධිපති නීති උපදේශකයන් විශාල සංඛ්‍යාවකින් උපදෙස් ලැබුනා කියලා කිව්වා. අපි අහන්නේ නෑ ඒ කවිද කියලා.








ශ්‍රේෂ්ඨාධිකරණයේ ඵෙතිහාසික තීරණය

ඕනම කෙනෙකුට තමන්ට කැමති කෙනෙක්ගෙන් නීති උපදෙස් ගන්න පුළුවන්. කෙසේ වෙතත්, මෙය ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. ශ්‍රේෂ්ඨාධිකරණය විනිශ්චයකාරවරු තිදෙනෙක් අතුරු තහනම් නියෝගයක් දීලා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අත් හිටෙව්වා. ඉන් පසු තුනදෙනෙක් මදියි කියලා 07 දෙනෙක් ඉල්ලූවා. විනිශ්චයකාරවරු 07 දෙනෙක්. හත් දෙනෙක් පත් කලා. ඒ හත් දෙනාම ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කරනු ලැබුවේ එක්කෝ මහින්ද රාජපක්ෂ, මෛති‍්‍රපාල සිරිසේන විසින් ජනාධිපති හැටියට. 19 සංශෝධනයෙන් අපි ඇති කරපු වාතාවරණය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශය ඇති වුනා. ඒයින් අධිකරණයට ඇති වුනු ස්වාධිනත්වය පෙන්නුම් කරමින් ඒ විනිසුරුවන් 07 දෙනා විසින් ඒකමතිකව තීන්දුවක් දුන්නා. බොහෝ අය ඔච්චම් කලා අපිට. 19 වෙනි සංශෝධනයේ අර කොමාව නෑ, නැවතීම නෑ, සිංහල වැරදියි. ඔව් සමහර තැන්වල යම් යම් අනනුකූලතාවයන් තිබුණා. එහෙත් ව්‍යවස්ථාවක් අර්ථ නිරූපනය කරනකොට, ඒ ව්‍යවස්ථාවේ ඒකාග‍්‍රතාවය අවශ්‍යයි කියන අපේ තර්කය පිළිගත්තා ශ්‍රේෂ්ඨාධිකරණය. මේ දවස්වල හැමෝම කතා කරනවා 33.2 ඌ වගන්තියේ සහ ඈ වගන්ති ගැන කතා කරනවා. ඒ පිළිබඳව තර්ක කෙරුවා. නමුත් අවසාන වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය, ඒකමතිකව තීන්දුවක් දුන්නා.



අධිකරණයේ ස්වාධීනත්වය

එසේ පුළුවන් වුනේ මොකද? අපි විසින් ඇති කරපු වාතාවරණය නිසා. ඇති කරපු නිදහස් වාතාවරණය නිසා. අභියාචනාධිකරණයට කෝ වොරන්ට් අඥාවක් ඉල්ලූවම, ඒ අගමැති ධූරයේ කටයුතු කරමින් සිටි රාජපක්ෂට, තහනම් නියෝගයක් නිකුත් කලා. අනෙක් අයට තහනම් නියෝගයක් නිකුත් කලා. ඊට විරුද්ධව මම නෙමෙයි කියන්නේ අනික් අය කියන්නේ කියලා, විවේචනත් එක් කලා. යම් කිසි නිකායක මහානායක ස්වාමීන් වහන්සේ දෙන්න  ඕන තීන්දු විහාරාධිපතිවරුන් දෙනවයි කියලා අනියම් ආකාරයකට එක්තරා විදියකට බලපෑම් කෙරුණා. ඔචච්ම් කලා. බොහෝම කණගාටුය. කෙසේ වෙතත් අවසානයේදී ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතිකව මේ පිළිබඳව තීන්වදුක් දීලා 19 වෙනි සංශෝධනය ප‍්‍රකාරව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව අවුරුද් 4 1/2 ක් පාර්ලිමේන්තුව විසුරුවා හිරීමට බැරි බව නියෝග කලා. ඒ විතරක් නෙමෙයි. එසේ කිරීම මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් ලෙස තීරණය කෙරුණා. ඒ අනුව පැහැදිලි ලෙසම අපි පෙන්නුවා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව චේතනාන්විතව උල්ලංඝණය කිරීමක් මෙතන දී සිදුවෙලා තියෙනවා කියලා. නීතිපති කිව්වා 19 සංශෝධනය මගින් ජනාධිපතිවරයාට තිබුණු මුක්තිය සීමා කලා. මූලික අයිතිවාසිකම් නඩුදාන්න ඉඩ දුන්නා. අපි කිව්වා ජනාධිපති නිල වශයෙන් කරන  ඕනම කටයුත්තකට විරුද්ධව මූලික අයිතිවාසිකම් නඩු දාන්න පුළුවන් කිව්වා. ඒක අභියෝගයට ලක් කරලා කණගාටුයි කියන්න මේ රටේ නීතිපතිවරයා ගියා උසාවියට. ඒක ඇත්ත. ඔහු පෙනී සිටින සේවාදායකයාගේ උපදෙස් අනුව කටයුතු කලා වෙන්න පුළුවන්. ඒ වුනාම ඔහු මේ රටේ නීතිපතිවරයා කිව්වා ජනාධිපතිවරයාගේ කාර්යයන් විධායක හෝ පරිපාලන කාර්යයක් නෙමෙයි කියලා. එයද ප‍්‍රතික්ෂේප කලා. ඒ අනුව මේ රටේ ජනතාවට විශාල ජයග‍්‍රහණයක් ලැබුණා.





ජනාධිපතිවරයා තේරීම සහ අගමැතිවරයා තේරීම

අපි දවස් 51 ක අත්දැකීම් සම්භාරයක් තියෙනවා. ඇත්තටම ඒවා නරක අත්දැකීම් අපිට තියෙන්නේ. දැන් ඒ පිළිබඳව අපි අලූතෙන් අත්දැකලා තියෙනවා. මෙය කොතරම් භයානක විය හැකිය කියලා. ඒ නිසා අද අවශ්‍ය වෙලා තියෙනවා. මේ විධායක ජනාධිපති ක‍්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කිරීමට අවශ්‍ය වෙලා තියෙනවා. ඒ කියන්නේ ජනාධිපතිවරයාගේ සියලූ අයිතිය අහිමි කරන්න නෙමෙයි. විශේෂයෙන්ම පලාත් සභා පිළිබඳව කේන්ද්‍රීය බලතල ජනාධිපතිවරයාම කි‍්‍රයාත්මක කරපු දෙන්. නමුත් ප‍්‍රශ්නය තියෙන්නේ කොහොමද ජනාධීපතිවරයා තෝරන්නේ. ජනාධිපතිවරයාව තෝරන්නේ ජනතාවගේ සෘජු ඡුන්දයෙන් නම් ප‍්‍රශ්න ඇති වෙනවා. සුප‍්‍රසිද්ධ දේශපාලන විද්‍යාඥයෙකු වන නෙදර්ලන්ත ජාතික අර්වින් ලයිෆ්හාර්ට් විශේෂයෙන්ම බහුවාර්ගික සමාජයන් පිළිබඳව ලියලා තිබෙනවා. ඔහු කියලා තිබෙනවා බහුවාර්ගික සමාජයක හොඳම දේ තමයි සාමූහිකව තීන්දු ගන්න ක‍්‍රමයක් තමයි වඩා උචිත කියලා පාර්ලිමේන්තු ක‍්‍රමය. ඔහු කියලා තියෙනවා ජනාධිපතිවරයා කවදාවත් සෘජුව පත් කරන්න එපා කියලා. සෘජුව පත් කලාම වෙන්නේ අර්බුදකාරී අවස්ථාවකදී ජනාධිපතිවරයා කියනවා බලතල තිබුණත් නැතත් අගමැතිවරයට කියනවා අගමැතිවරයා ඔබ ඇවිල්ලා තියෙන්නේ එක ආසනයක් දිනලා. මම ඇවිල්ලා තියෙන්නේ මුළු රටම දිනලා කියලා කියනවා. අවශ්‍ය වන්නේ මෙය අර්ධ ජනාධිපති ක‍්‍රමයක් බවට පරිවර්තනය කිරීමයි.

විධායක ක‍්‍රමය තිබිය යුතුයි කියලා විවිධ අය විවිධ හේතු කියමින් තර්ක කරනවා. ධනපති සංවර්ධනයට අධීකාරීවාදී පාලනයක් අවශ්‍යයි කියලා හිතන සමහර අය ඉන්නවා. මම සතුටු වෙනවා එක්සත් ජාතික පක්ෂය අවුරුදු 30 ගානකට පස්සේ තම ස්ථාවරය වෙනස් කරලා තිබීම ගැන. මලික් සමරවික‍්‍රම ඉතාමත් පැහැදිලිව අද ප‍්‍රකාශයක් කලා, ඔහුගේ පක්ෂයේ ස්ථාවරය සම්බන්ධව. ඒත් එදා ඉඳලා හැමදාම විරුද්ධ වුණු, 1972 ඉඳලා විධායක ජනාධිපති ක‍්‍රමයට විරුද්ධ වුනු කොටස් කණගාටුයි කියන්න අද පෙනී සිටිනවා අද විධායක ජනාධිපති ක‍්‍රමය ආරක්ෂා කරන්න. මේ පිළිබඳව අවංකවම මේ විධායක ජනාධිපති ක‍්‍රමය තියාගන්න  ඕනා කියලා කියන්නේ අන්තවාදී සිංහල ජාතිවාදීන්. ඇත්ත වශයෙන්ම මට ඔවුන් කෙරෙහි ගෞරවයක් තියෙනවා. මොකද ඔවුන් තමයි කියන්නේ. මේක  ඕනා අපිට අධිකාරිය තියාගන්න. සිංහල බෞද්ධ ජන කොටසට මේ රටේ රාජ්‍යය අයිතිවිය යුතුුයි. ඒ අධිකාරිය අපිට තිබිය යුතුයි. ඒ අධිකාරිය තියාගන්න පුළුවන් එක විදියක් තමයි විධායක ජනාධිපති ක‍්‍රමය කියලා ඔවුන් හිතනවා. මම ඔවුන්ව පසසනවා එය කෙලින්ම පැවසීම ගැන. මේ පිළිබඳ මගේ මිත‍්‍ර ජනාධිපති නීතීඥවරයෙක් එක්ක කතා කළාම, 2006 හෝ 2005 තිබුණු සම්මණ්ත‍්‍රණයකදී ඔහු කියූ දෙයින් අන්තවාදීයේ ප‍්‍රකාශනය පැහැදිලි වෙනවා. ”මොනවද දෙමළ මිනිස්සුන්ට තියෙන ප‍්‍රශ්ණේ. අපි යන්නේ එකම බස් එකේ. අපි බෙදා ගන්නේ එකම තේ පොච්චිය.” කියලා ඔහු කිව්වා. මගේ වාරය ආවම මම කිව්වා, ඒක තමයි ප‍්‍රශ්නේ. ”ඔබ තේ පෝච්චිය බෙදා ගන්න කැමතියි. නමුත් ඔබ රාජ්‍ය බලය බෙදාගන්න කැමති නෑ” කියලා කිව්වා. ඉතින් විධායක ජනාධිපති ක‍්‍රමය ඔවුන් දකින්නේ. මේ රටේ සිංහල බෞද්ධ ජන කොටසට මේ රටේ රාජ්‍යය තියාගන්න පුළුවන් එක ක‍්‍රමයක් හැටියට. සමහරු විරුද්ධ පක්ෂයේ ඉන්නකොට විරුද්ධයි. ආණ්ඩු පක්ෂයට ගියාම අකමැතියි. අපි දැක්කා 2015 ජනවාරි 08 පස්සේ අපි දැක්කා.

ජනාධිපතිවීමේ අභිලාෂය

තව සමහරුන්ට පෞද්ගලික අභිලාෂයන් තියෙනවා ජනාධිපති වෙන්න.  ජනාධිපති වෙන්න අකමැති කිහිප දෙනෙයි ඉන්නේ. හැමෝටම ජනාධිපති වෙන්න  ඕනා. පෞද්ගලික අභිලාෂයන් තියෙන අයත් කියනවා විධායක ජනාධිපති ක‍්‍රමය තියෙන්න  ඕනා කියලා. කුඩා ජනවාර්ගික කණ්ඩායම්වල මෑතක් වෙනකන් අදහසක් තිබුණා අපට මේ ක‍්‍රමයෙන් වාසියක් තියෙනවා කියලා. විශේෂයෙන් මේ දවස් 51 අත්දැකීමෙන් පස්සේ ඔවුන් ඒ අදහස වෙනස් කරලා ඇතියි කියලා. 1982 අග පැවති ජනාධිපතිවරණයෙදි කුඩා ජනවාර්ගික කණ්ඩායම් විශාල වශයෙන් ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයාට ඡුන්ද දුන්නා. නමුත් 1983 ජූලි මාසයේදී කලබල ඇතිවෙන කොට කුඩා ජනවාර්ගික කණ්ඩායම් වල ඡුන්ද ගත්ත ජේ.ආර්.ජයවර්ධන පුළුවන් වුනේ නෑ, තත්ත්වය සමනය කරන්න. ඔහුට දවස් ගාණක් ගියා, ඇඳිරි නීතිය දාලා, හදිසි නීතිය දාලා තත්ත්වය මැඩලන්න. ඔහුත් අන්තවාදීන්ගේ බලපෑමට යටත් වුනා. 2015 ජනවාරි 08 වෙනිදා කුඩා ජනවාර්ගික කණ්ඩායම් විශාල වශයෙන් ඡුන්ද දුන්නා පොදු අපේක්ෂකයට. ඔවුන්ගේ අත්දැකීම් මොකක්ද? ඇත්ත ජනවාර්ගික සාමය වෙනදට වඩා හොඳයි. සංහිඳියාව දියුණු වෙලා තියෙනවා. නමුත් ඔවුන්ගේ බලාපොරොත්තුව ඉෂ්ටවෙලා තියෙනවද? මම හිතනවා කුඩා ජනවාර්ගික කණ්ඩායම් නැවත සලකා බලයි කියලා මේ තත්ත්වය. පසුගිය දින 51 තිබුණේ අපිට බොහෝ දෙනෙක් අනතුරු අගවපු තත්ත්වයක්.



නව ව්‍යවස්ථාවක් වහාම නිර්මාණය කළ යුතුයි

මේ රාජ්‍යයේ හිස මත මේ බල කේන්ද්‍ර දෙක වෙනස් කළ යුතුව තිබෙනවා. මම විධායක ජනාධිපති ක‍්‍රමයට විරුද්ධ වුණු ලංකා සම සමාජ පක්ෂයේ සමාජිකයෙක්. අද මම එහි බහුතර කණ්ඩායමෙත්, එක්සත් වාමාංශික පෙරමුණෙත් සමාජිකයෙක්්. අපි ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර තිබෙනවා 20 වෙනි සංශෝධනයට සහයෝගය දෙනවා. අපි පෙනී සිටින්නේ නව ව්‍යවස්ථාවක් සඳහා. සම්පූර්ණ නව ව්‍යවස්ථාවක් සඳහා. නව මැතිවරණ ක‍්‍රමයක්. නව මූලික අයිතිවාසිකම් පරිච්ෙඡ්දයක්. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම්වලට සීමා නොවී, සමාජ ආර්ථික අයිතිවාසිකම්, සංස්කෘතික අයිතිවාසිකම්, කාන්තා හා ළමා අයිතිවාසිකම්, ආබාධිතයන්ගේ අයිතිවාසිකම්, ජේෂ්ඨ පුරවැසියන්ගේ අයිතිවාසිකම්, පරිසරය පිළිබඳ පුරවැසියන්ගේ අයිතිවාසිකම් ඇතුළත් පරිෙඡ්දයක්. ජනවාර්ගික ගැටළුවට ස්ථීරසාර විසඳුමක් දෙන ව්‍යවස්ථාවක්. නමුත් එය කෙරෙන්නේ නැත්නම්, එය ප‍්‍රමාද වෙනවා නම්, අපි සහය දෙනවා 20 සංශෝධනයට විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට. අද තත්ත්වයට තිබෙන අතුරු විසඳුමක් හැටියට. ඒ වගේම කියා සිටිනවා එතනින් නවතින්නේ නැතුව සම්පූර්ණ ව්‍යවස්ථාවකට යන්න  ඕනා කියලා.

සකස් කළේ
සුදේශ් ද සිල්වා




Advertisments
Facebook
www.aithiya.lk