English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
ක‍්‍රමන්ත‍්‍රණකාරීන්ගේ ප‍්‍රධාන අරමුණ 19 වෙනි සංශෝධනය ඉවත් කිරීමයි
(2018-12-17)

<< Go Back
රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය සහ සිවිල් සංවිධාන හා වෘත්තිය සමිතිය එක්ව සංවිධානය කරන ලද 70 වෙනි ජාත්‍යයන්තර මානව හිමිකම් දිනය සැමරුම් වැඩසටහන ”මානව සුරැුකීමට අද දවසේ අප හමුවේ ඇති අභියෝගය” තේමාවෙන් යුතුව, 2018 දෙසැම්බර් මස 10 වෙනි දින පස්වරු 3.00ට බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ, ජැස්මින් ශාලාවේදී පැවැත්විය. එහිදී ප‍්‍රාදේශීය හා වෘත්තීය සමිති නායකයන් විසින් අදහස් දැක්වීමක් සහ විද්වත් පුද්ගලයින් කිහිප දෙනෙක් අදහස් දැක්වීමක් සිදු කරන ලදි. එහිදී අදහස් දැක්වූ ජේෂ්ඨ නීතිඥ ජේ.සී.වැලිඅමුණ විසින් පවත්වන ලද කතාව.

”මානව හිමිකම් කිව්වම තියෙන එක මිත්‍යාවත් තමයි මේක බටහිර සංකල්පයක්, එහෙමත් නැත්නම් තවත් රටක සංකල්පයක් වගේ දේවල් අපි අද කතා කරන මානව හිමිකම් දිනය, නිර්මාණය වෙන්නේ මානව හිමිකම් විශ්ව ප‍්‍රකාශනය සකස් කිරීමත් සමගයි. මානව හිමිකම් විශ්ව ප‍්‍රකාශනය සකස් කර ඇත්තේ 09 දෙනෙක්ගෙන් සමන්විත කණ්ඩායමක්. ඒ කණ්ඩායමට නායකත්වය ලබා දුන්නේ ලෙබනන් ජාතික ආචාර්ය චාල්ස් මලික්. ඒ කණ්ඩායමට මුළු ලෝකයේ සෑම මහාද්වීපයකම විද්වතුන් 08 දෙනෙක් එකතු වුනා. රුසියාවෙන් ඇලෙක්සැන්ඩර් බැගඩගලොෆ්, ආචාර්ය පෙන් චුුන් චැන් චීනයෙන්, ප‍්‍රංශයේ රේන් කසීන්, ඇමෙරිකාවේ එලිනෝ රූස්වෙල්ට්, බි‍්‍රතාන්‍යයේ චාල්ස් ඩුයුක්ස්, ඔස්ටේ‍්‍රලියාවෙන් විලියම් හොට්සන්, චීලි වලින් හර්මන් සැන්ටර් කෲස්, කැනඩාවේ ජෝන් හම්ෆි‍්‍ර යන අය තමයි මේ සඳහා සම්බන්ධ වුවේ. ඔවුන් සැම දෙනෙක්ම මානව හිමිකම් පිළිබඳව ගෙනාවේ ලෝකයේ විවිධ සංස්කෘතින් වල එකතුවක්. ඒ වගේම ඒ පිළිබඳ අත්දැකීම් පිළිබඳව පරිනත පුද්ගලයන් තමයි මේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනය සකස් කළේ.


ඒ විශ්ව ප‍්‍රකාශනය සකස් කිරීමෙන් පසුව අපි අද නොයෙකුත් මානව හිමිකම් ගැන සාකච්ඡුා කරනවා. යම් කිසි කෙනෙකුට මෙය අධ්‍යයනය කිරීමට අවශ්‍ය නම් ලේසියෙන් බලන්න පුළුවන් එම අධ්‍යයනයන් පිළිබඳව. ඔවුන් වෙච්ච සාකච්ඡුාවන් පිළිබඳව. එම මානව හිමිකම් විශ්ව ප‍්‍රකාශනය සකස් කිරීම පිළිබඳව, මතුවුනු ගැටළු පිළිබඳව, අද මතුවන ගැටළු යම් කිසි ආකාරයකට මේ ලේඛනය සකස් කිරීමට මතු වුනා. නමුත් මෙම කණ්ඩායමට හැකිවුනා ලෝකයේ සියළුම රටවල් පිළිගන්න, මේ විශ්ව ප‍්‍රකාශනය සකස් කරන්න.

අපේ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනයත් එහෙමයි. අපිට පුළුවන් කම ලැබුනා, ලංකාවේ පාර්ලිමේන්තුවේ තියෙන සියළුම පක්ෂ, එක්කෙනෙක් හැර, අනෙක් සියළුම අයගේ එකමතිකභාවය ලබා ගෙන 19 වෙනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට දැන් ඔය මතු කරන ප‍්‍රශ්න වගේම, මානව හිමිකම් විශ්ව ප‍්‍රකාශනය සකස් කිරීමේදීත් ප‍්‍රශ්න මතු වුනා. ඒවා කෙසේ වුවත් ඒවා පසෙකින් තිබියදී, අපි අද මානව හිමිකම් ආරක්ෂා කරන්න මේ කරන අරගලය තුළ, ප‍්‍රශ්න මතු කිරීම් සාමාන්‍ය කාරණයක් ලෙසයි අපි සලකන්නේ. අපි දන්නවා මේ අද, පාර්ලිමේන්තුවෙන් පිට, දේශපාලන වේදිකාවේ මුඛ්‍ය වශයෙන් මතු කරන ප‍්‍රශ්නයක් තමයි, ජනාධිපතිවරයා ගැසට් නිවේදනයක් මගින් පාර්ලිමේන්තුව විසුරුවා තිබෙනවා. ඒ නිසා ජනතාවට පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු තෝරා ගැනීමට තියෙන අයිතිය ජනතාවට නැවත දෙන්න තමයි පාර්ලිමේන්තුව විසිරෙව්වේ. ඒ නිසා මේ ඡුන්දයට අයිතිය, මැතිවරණය සඳහා තියෙන අයිතිය, ගැන තරමක් ගැඹුරින් කතා කරන්න මම කැමතියි.

මැතිවරණයකට එහෙමත් නැත්නම් තමන්ගේ දේශපාලන නායකයන්, තමන්ගේ දේශපාලඥයන් පාර්ලිමේන්තුවට යැවීම සඳහා පාර්ලිමේන්තු මැතිවරණ තිබිය යුතුයි. මැතිවරණයක් කියන්නේ, මැතිවරණයක් කියලා අපි හඳුන්වන දේ තුළ ගැබ්වෙන තවත් විශේෂම කාරණයක් තමයි, භාෂණයේ නිදහස. දේශපාලනමය වශයෙන් තමන්ගේ මතය ප‍්‍රකාශ කරන නිදහස. මැතිවරණයකදි තමන්ගේ දේශපාලන මතය කතිරයක් මගින් තමයි ප‍්‍රකාශ කිරීම පරමාධිපත්‍යයේ කොටසක් වශයෙනුත් විග‍්‍රහ කරනවා. භාෂණයේ නිදහස කිව්වම අපි අකමැතිි, කැමති හැම මතයකටම ඔය කියන නිදහස තියෙනවා. සමහර වෙලාවට කතා කරන දේවල් පිළිබඳ සමහර අය අකමැති වෙන්න පුළුවන්. නමුත් ඒ භාෂණයේ නිදහස, සාමකාමීව මතය ප‍්‍රකාශ කරන්න තියෙන නිදහස තමයි අද දින අපි ආරක්ෂා කරන්න  ඕන. අපේ රටට ෆෙඩරල් ක‍්‍රමයක් අවශ්‍යයයි කියන අයට ඒ මතය ගේන්න ඉඩ තියෙන්න  ඕනා. ඒ සඳහා වූ භාෂණයේ නිදහස අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන්ම ආරක්ෂා කර තිබෙනවා. අපි ආගමික වශයෙන් නොයෙකුත් ආගම්වලට හෝ ආගම් විශ්වාස පිළිබඳ කතිකාවතක් සමාජයේ තියෙන්න  ඕනා. ඒ පිළිබඳ මතයක් ප‍්‍රකාශ කරන්න අයිතියක් තියෙන්න  ඕනා. ඒ වගේම හමුදා බුද්ධි අංශ යොදවලා මිනිස්සු උස්සගෙන ගිහිල්ලා, කරපු විකාර ගැන කතා කරන්න අපට අයිතියක් තියෙන්න  ඕනා. අපි දන්නවා. මිනිස්සු සල්ලිවලට උස්සගෙන ගිහිල්ලා මැරුවා. සමහර වෙලාවට දේශපාලන වැඩ කරන්න හමුදා බුද්ධි අංශ යෙදෙව්වා.ඒවා කොතරම් කෙනෙකුට හිතට වද දුන්නා වුනත්. තවත් කෙනෙකුට ඒ ගැන කතා කරන්න සම්පූර්ණ අයිතිය තියෙනවා. ඒවගේම යුද්ධය පිටදාලා සිදුවෙච්ච ඝාතන, යුද්ධයේදී දෙපැත්තටම සිදුවේච හානිය, උතුරේ හෝ දකුණේ මහජනතාවට වෙච්ච හානිය. මේ පිළිබඳව කතා කරන්න අයිතියක් තියෙන්න  ඕනා.

අද ඒ දේ කතා කරනකොට අපි දකින ප‍්‍රධාන දෙයක් තමයි, මහජනතාව නිරන්තරයෙන්ම තමන්ගේ ජාතිය සිංහල ජාතිය, එහි අනන්‍යතාවය පිළිබඳ ප‍්‍රශ්න මතු කිරීම, සිංහල ජාතියේ පෞඩත්වය ගැන කතා කරන නිසා මම කැමතියි ඒ ගැන උත්තරයක් දෙන්න. ඒ උත්තරය දෙන්න යන්නේ මගේ වචනවලින් නෙමෙයි. අපි දන්නවා දෙවන ලෝක මහා යුද්ධයේ මිත‍්‍ර පාක්ෂික හමුදාවල අණ දෙන නිලධාරියා වශයෙන් සෑහෙන කාලයක් හිටියේ අයිසන් හවර් කියන කියන ජෙනරාල්වරයා. ඔහු ඊට පස්සේ ඇමෙරිකාවේ 34 වන ජනාධිපතිවරයා වශයෙන් පත්වුනා. එතුමා තමයි යුරෝපයේ ඉඳලා කි‍්‍රයාත්මක වෙච්ච මිත‍්‍ර පාක්ෂික හමුදාවල අණ දෙන නිලධාරියා ලෙස ඔහුට ඉතාම ගෞරවනීය පිළිගැනීමක් තිබුණා. එතුමා මුළු ජීවිත කාලය පුරාම ඔහුගේ මව යුද්ධය පිළිබඳ විරෝධාකල්ප මතයක් තිබුණු කෙනෙක්. අයිසන් හවර් ඉගෙන ගන්න කාලයේදී ඒ කියන්නේ අවුරුදු 15 දී 16 දී පමණ, ඔහුගේ මව ඔහුට බලන්න දුන්නා යුද්ධයෙන් ලෝකයට වෙච්ච විපත් ගැන ඉතිහාසය කියලා දුන්නා. නමුත් ඒ කොහොම හරි ඔහු මිත‍්‍ර පාක්ෂික හමුදාවේ අණ දෙන නිලධාරියා හැටියට පත් වුනා. යුද්ධය ජයග‍්‍රහණය කළාට පසු දේශපාලන ලෝකයට අවතීර්ණ වෙලා. ඉන් පසුව ඔහු ලෝකයේම ඔහු දිහා බැලූවේ ඉතාම වැදගත් මහත්මයෙක් විදියට. යුද්ධයේදී මහත්මයෙක් වගේම ඉන් පිටත් ජනාධිපතිවරයෙක් වශයෙනුත් මහත්මයෙක් වශයෙන් තමයි දැක්කේ. ඔහු සෑහෙන්න පොත පත ලිව්වා. ඔහුගේ ප‍්‍රකාශනයන් තියෙනවා. ඔහුගේ එක ප‍්‍රකාශයක් තමයි මම කියන්න යන්නේ. ඔහු ජාතිවාදය ගැන කියන දේ.

”තම ජාතියේ සාරධර්ම වලට වඩා, එයට හිමිවිය යුතු වරප‍්‍රවාද වැඩියෙන් තක්සේරු කරන ජාතියක්, ඉතා ඉක්මනින් ඒ දෙයම නැතිකර ගනියි.”

මම හිතන්නේ අපි මේ යුද්ධය තමන්ගේ ජාතිය, සිංහල බෞද්ධකම කියලා කතා කරන අපේ ඔක්කෝම මේ ඝනයට වැටෙනවා. මේ මානව හිමිකම් දිනයේදී වැදගත් දෙයක් තමයි ඔය අයිසන් හවර් කියන එක අපි අවබෝධ කරගන්න එක.

අද තියෙන කතිකාවත මේ මැතිවරණයක් අවශ්‍යයි කියන කාරණය. කාටද මැතිවරණ  ඕනා. මෙතන ඉන්න කොනෙකුට මැතිවරණයක්  ඕනද? මම දන්න විදියට, මැතිවරණය  ඕනා බලය නැතුව මැතිවරණයක් නැතුව බලය ගන්න ඉන්න කට්ටියට ඊට වැඩියෙන් බලය අවශ්‍ය කට්ටියටත් පමණයි. නමුත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් කියලා එකක් තියෙනවා. ඒ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සහ රටේ නීතියේ සඳහන් වෙනවා මැතිවරණයක් තිබිය යුතු ආකාරය සම්බන්ධයෙන්. අපි නීතියේ ආධිපත්‍යය ගැන කතා කරන්නේ. නීතියේ තියෙනවා මැතිවරණයක් තියන්නේ කොහොමද? ජනාධිපති මැතිවරණයක් තියන්න වෙන්නේ අවුරුදු 05ට වරක්. අවුරුදු 04ක් ගියාට පස්සේ ජනාධිපතිවරයට අවශ්‍ය නම්. ඔහු හෝ ඇය තරඟ කරනවා නම් නැවත සැරයක් ඒ අවස්ථාවේදි පුළුවන් අවුරුදු 04 න් ජනාධිපතිවරණයක් තියන්න. පාර්ලිමේන්තු මැතිවරණයක් අවුරුදු 05කට සැරයක් තියෙන්නේ. අවුරුදු 4 1/2 කට පස්සේ ජනාධිපතිවරයට  ඕන වෙලාවක පුළුවන් නැත්නම් පාර්ලිමේන්තුවෙන් 2/3 ක් අනුමැතිය අරගෙන හැකියාවක් තියෙනවා ජනාධිපතිවරණය තියන්න. මේක අපි කාටවත් තේරුම්ගන්න අමාරුවෙච්ච දෙයක් නෙමෙයි. මම කරුණු දෙකක් මතු කරන්න කැමතියි. මැතිවරණයක් කියන එකෙන් අදහස් කරන්නේ හැමදාම උදේ තේ එකක් බීපුවාම යන මැතිවරණයක් ගැන නෙමෙයි.

මැතිවරණයක කාරණා තුනක් ඇතුළත් වෙන්න  ඕනා. එකක් තමයි එය නියමිත කාලයෙන් කාලයට තියෙන්න  ඕනා. දෙවෙනි එක තමයි ස්වාධින, නිදහස් මැතිවරණයක් වෙන්න  ඕනා. තුන්වෙනි එක තමයි නිර්ව්‍යාජ මැතිවරණයක් විය යුතුයි. ඔය තුනම තියෙන්න  ඕන මැතිවරණයකදි. ඒ වගේම මැතිවරණයක් තියෙනවා නම් එය ප‍්‍රධාන නීතිය යටතේ තියන්න සිද්ධවෙනවා. අපි බොහෝ වෙලාවට හිතනවා මේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ගැන අපි කවුරුත් දන්න දෙයක් තමයි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් හැම ආයතනයක්ම බැඳිලා ඉන්නවා. ජනාධිපතිතුමත් බැඳිලා ඉන්නවා. නීති සම්පාදනය කරන පාර්ලිමේන්තුවත් බැඳිලා ඉන්නවා. නීති සම්පාදනය කරන පාර්ලිමේන්තුවත් බැඳිලා ඉන්නවා. අපි හිතන්න නරකයි කවදාවත් ඒ අය විතරයි කියලා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට බැඳිලා ඉන්නේ. අමතක කරන්න එපා මුළු නීතියටම ආධිපත්‍ය දෙන මේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් බැඳිලා ඉන්නවා. ඒ නිසා ජනතාවටත් අයිතියක් නෑ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ තියෙන්නේ මෙහෙම නම් මැතිවරණයක් තියෙන්නේ ඊට එරෙහිව මැතිවරණයක් තියන්නෙයි කියලා ඉල්ලන්න. මොකද එය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා විරෝධියි. අවශ්‍ය නම් ජනතාවට ඉල්ලන්න පුළුවන් පාර්ලිමේන්තුවෙන් 2/3 ක් සම්මත කරලා වෙනස් කරන්න කියලා. එහෙම නැතුව නීතියක් තියෙද්දි පුළුවන් කමක් නෑ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා විරෝධී ලෙස ඉල්ලීමක් කරන්න. ජනතාවත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට යටයි. සමහර වෙලාවට අපිට හිතෙන්න පුළුවන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට වඩා අපි උඩින් ඉන්නේ ජනතාව. නැහැ එහෙම එකක් නැහැ. ජනතාවට පරමාධිපත්‍යය තිබුණට ඒ පාරමාධිපත්‍ය කි‍්‍රයාත්මක වෙන්න  ඕනා නීතිය අනුව, නීති රාමුවක් තුළ.

දෙවෙනි කාරණය මම කැමතියි මතු කරන්න. මේ දවස්වල ට්ටිවර් පණිවිඩවල, සමාජ ඡුාල වල, ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශන සහ දේශපාලනඥයන් අතලොස්සකගේ ප‍්‍රකාශනවල තියෙනවා 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අතුගා දැමිය යුතුයි කියන එක. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගේන්න  ඕනයි කියලා ඉදිරි පෙළ සටන් කරපු අපි බොහෝමයක්ම මේ පිළිබඳව යම් කිසි ලෙස, විරුද්ධ වුනත් මම හිතන්නේ අපේ යුතුකමකුත් තියෙනවා ඇයි 19 වෙනි සංශෝධනය ආරක්ෂා කර ගැනීමට නැවත නැවතත් මතක් කරගත යුතු බව. කරුණු 19 ක් තියෙනවා සැලකිය යුතු 19 වෙනි සංශෝධනය වෙනස් වුනොත් අපිට නැතිවෙනවා. පළමුවැන්න ජනාධිපතිවරයට අගමැතිවරයා ඉවත් කරන්න බලය ලැබෙනවා නැවතත්. දෙවැන්න  ඕනම වෙලාවක පාර්ලිමේන්තුව විසුරුවා හරින්න පුළුවන් වෙනවා. එය මේ වෙලාවේ අපිට නොතේරෙන්න පුළුවන්. අපිට පේන්නේ මෙය විධායකයයි, ව්‍යවස්ථාදායකයි අතර ප‍්‍රශ්නයක් කියලා. හේතු කිහිපයක් නිසා ජනාධිපතිවරයා, පාර්ලිමේන්තුව ඡුන්ද දෙකකින් තෝරන්න. ඒ එක ඡුන්දෙකින් බලයට එන ජනාධිපතිවරයට, ලංකාවෙම ඡුන්දයකින් පාර්ලිමේන්තුවේ බලතල එක පෑන් පහරකින් ඉවත් කරන්න දෙන්න බැහැ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අනුව. ඒ නිසා තමයි පාර්ලිමේන්තුවේ අවසරය නැතුව ජනාධිපතිවරයට විසුරුවන්න බැරි. එම සම්ප‍්‍රදාය පවතින්නේ ලංකාවේ පමණක් නොවෙයි. එංගලන්තෙත් 1911 දී පාර්ලිමේනතුවේ කාල සීමාවන් පිළිබඳ පනතක් ගෙනාවා. ඒ පනත අනුව ඒත් මේ විදියම තමයි. පාර්ලිමේන්තුවේ 2/3 යෝජනා සම්මතයකින් ඉල්ලූවට පස්සේ විතරයි අගමැතිවරයාට බලය ලැබෙන්නේ රැුජින ලව්වා පාර්ලිමේන්තු විසුරුවන්න. ජනාධිපතිවරයත් ඡුන්දෙන් පත්වෙන්නේ. අගමැතිවරයත් ඡුන්දෙන් පත්වෙන්නේ. ඡුන්දෙන් පත්වෙන කෙනෙකුට අනෙක් කෙනාව ගෙදර යවන්න බෑ. ඒක තමයි සරළ නීතිමය සිද්ධාන්තය. තුන්වෙනි කාරණය තමයි ජනාධිපතිගේ ධූර කාලය අවුරුදු 06 යි. දැන් පහයි. පාර්ලිමේන්තුවේ ධූර කාලයත් හයට තිබුණේ ඒකත් පහට බැස්සා. මෙතන ඉන්න අපිට වඩාත්ම වැදගත් දේ තමයි හතරවෙනි කාරණය. මානව හිමිකම් කොමිෂම ඇතුළු කොමිෂන් සභාවන් නැවතත් ස්ථාපනය කිරීම. ප‍්‍රබල ලෙස ස්ථාපනය වීමේ සිද්ධාන්තයන් 19 වෙනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයන්ට ඇතුළත් වුනා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ඉස්සර වගේ නෙමෙයි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවෙන් නම් යැවුවම එය අනුමත කරන්න  ඕන ජනාධිපතිවරයා. පත් නොකර ඉන්න පුළුවන්කමක් නෑ. කරන්න පුළුවන් එකම දේ තමයි ඒ නමට එකඟවෙන්නේ නැහැ කියලා ආපහු යවන්න පුළුවන් ව්‍යවස්ථා සභාවට. නමුත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව නැවත එවුවොත් පත් නොකරත් දවස් 14කට පස්සේ ඉබේම පත් වෙනවා. පස්වෙනි කාරණය තමයි. ජනතා බලය යම් කිසි ආකාරයකට මාධ්‍ය ඔස්සේ දැක්කා.

පොලිසිය ස්වාධීන කිරීමේ හැකියාක් තියෙනවා 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ. එය ඉවත් කිරීමත් එක අරමුණක් 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීමේ කණ්ඩායමේ. අපි දැක්කා ඔවුන් පොලිසිය ලවා සිදු කළේ නීතිය ආරක්ෂා කිරීම නෙමෙයි, නීතිය නැති කිරීමයි. අපි දැක්කා මේ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සමග පොලිසියේ කි‍්‍රයාකාරිත්වය අපි නඩුවලදි දැක්කා. අපි දැක්කා රහස් පොලිසියේ කටයුතු. අපි දැක්කා ගැඹුුරු,බරපතල නඩු පිළිබඳව ඔවුන් ඉතා ස්වාධීනව කටයුතු කලා. ස්වාධීනව කටයුතු කිරීමේ ප‍්‍රථිඵලයක් වශයෙන් නිශාන්ත සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මාරු කරපු අවස්ථාවේ, මෙතන ඉන්න හැමෝගෙම හදවතට දැනුනා. ඒ පිළිබඳව වචනයක්වත් කතා නොකළ කෙනෙක්වත් නෑ. මිනිස්සු පාරටත් බැස්සා. සාමාන්‍යයෙන් පොලිස් නිලධාරියෙක් මාරු කලාම ජනතාව පාරට බැස්ස අවස්ථාවක් දැකලා තියෙනවද? පොලිස් ස්ථානාධිපති කෙනෙක් මාරු කළාම, ඒ ප‍්‍රදේශයේ ඉන්න හාමුදුරුකෙනෙක් හරි, එහෙමත් නැත්නම් පාදිලි කෙනෙක් අල්ලගෙන, නැත්නම් හරක් හොරෙක් හරි, කසිප්පු කාරයෙක් හරි අල්ලගෙන ඒ ගොල්ලන්ම විරෝධතාවයක් සංවිධානය කරනවා. පොලිස් ඉතිහාසයේ පොලිස් පරීක්ෂයෙක් මාරු කලාට පස්සේ මිනිස්සු එළියට ඇවිල්ලා, එතුමා වෙනුවෙන් පෙනී සිටියා. එතකොට මොකක්ද සිද්ධ වුනේ. ජනාධිපතිට අකුලගන්න සිද්ධ වුනා. පොලිස්පති පිළිගත්තා කව්ද නියෝගය දුන්නේ කව්ද කියලා. ඒ සිදුවීමෙන් අපට විවිධ දේවල් එළිවුනා.

අපි ඊයේ පෙරේදා දැක්කා හමුදා සේවයේ ඉඳලා, පස්සේ නීතිඥ වෘත්තියට ආපු පුද්ගලයෙක් ඔහු ඒ නිළධාරියාගේ වතගොත, දෙමළ දෙමව්පියන් ගැන හොයලා ඔහු දෙමළ ජාතිකයෙක් කියලා ඔහුට මඩ ගහන්න ගත්තා. මම දන්නවා කැබිනට්ටුව ඇතුළෙත් හිටපු දෙපැත්තටම පැන පැන ඉන්න එක ආචාර්යවරයෙක්. ඔහුත් ඒ පොලිස් නිලධාරියා ද්‍රවිඩ ජාතිකයෙක් වශයෙන් නොයෙකුත් අවස්ථාවන්හිදී කිය කියා ගියා. ඒකෙන් පේන්නේ මොකක්ද? කෙනෙක්ගේ ජාතික, කුළය වගේ දේවල් මතු කරන්නේ මොකද? තමන්ට කියන්න කිසිම දෙයක් නැති අවස්ථාවක. අපි සාමාන්‍ය නීතිඥවරු වශයෙන් පිළිගන්න දෙයක් තමයි කෙනෙකුට තර්ක කරන්න මොනවත් නැත්නම් පාවිච්චි කරන්නේ ජාතිය, කුළය, ආගම. ඔය කරුණු තුනෙන් තමයි ප‍්‍රහාර එල්ල කරන්නේ. 19 වෙනි සංශෝධනය නිසා පොලිසිය ස්වාධීනත්වය ලැබිලා තියෙනවා. ස්වාධීනත්වය ආරක්ෂා වුනා. එය සීග‍්‍රයෙන් වර්ධන වුනා. පොලිස් ඉතිහාසය ගැන ප‍්‍රධාන නඩු සම්බන්ධයෙන් අධ්‍යයනයක් කලාම, දේශපාලඥයන් පහුගිය පොලිස් ඉතිහාසය තුළ, ස්වාධින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරනු දැක්කේ මේ කාලය තුළ. කිසිවෙකුට මේ කාලය තුළ ඔවුන් බලපෑම් කරන්න හැකි වුනේ නැහැ. හයවෙනි කාරණය ස්වාධීන මැතිවරණ කොමිසම. එය කොතරම් සාධාරණ ද කියනවා නම් ජනාධිපතිවරයාට  ඕන විදියට මැතිවරණය තියාගන්න බැරිවුනා. එහි එක සමාජිකයෙකුත් උසාවියට ගිහිල්ලා අභියෝග කලා, එය කරන්න පුළුවන් වුනා. ඔහු සුදුවෑන් එකේ යන්නේ නැතුව ඉන්නේ මේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය නිසා. අන්න ඒක ඉවත් කර ගැනීම කුමන්ත‍්‍රණකාරයින්ගේ අරමුණක්. 19 වෙනි සංශෝධනය  ඕනනෑයි කියන අයට ඒක තමයි අවශ්‍යය.

ඊළග කාරණය දැන් ජනාධිපතිවරයට  ඕන විදියට පත් කරන්න බෑ. ඉස්සර විධායක ජනාධිපතිවරයට පුළුවන් ජනාධිපතිවරයට  ඕන කෙනෙක් පත් කරන්න. 19 පස්සේ අගමැතිවරයගෙන් විමසලා තමයි ඔහුගේ උපදෙස් මත තමයි ඇමති මණ්ඩලය පත් කරන්නේ. 19 ව්‍යවස්ථා සංශෝධනයෙන් පස්සේ ඉන්න පළමුවෙනි ජනාධිපතිවරයා වන සිරිසේන ජනාධිපතිවරයාට ඇමතිකම් තුනක් තියාගන්න පුළුවන්. නමුත් ඊළග ජනාධිපතිවරයාට ඇමතිකම් එකක්වත් තියාගන්න බෑ. ජනාධිපති රාජ්‍ය නායකයා පමණයි. දැන් වුවමනාව තියෙන්නේ නැවතත් ආපස්සට ගිහිල්ලා ඇමතිකම් තියාගන්න. මෑත කාලයේදී මානව හිමිකම් සුපරික්ෂාකාරී අධීක්ෂණය යටතේ සිදු කිරීම සඳහා සීග‍්‍රයෙන් වැඩි විීමට එක හේතුවක් තමයි පාර්ලිමේන්තුව 19 සංශෝධනයෙන් ලැබුණු බලය.

අවසාන කාරණය මේක පොඩියට තිබුණත් දේශපාලන අර්ථයක් ඇති කරුණක් වන්නේ ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට පැමිණීමට ඇහිරී තිබුනු ඉඩ ප‍්‍රස්ථාව නැවතත් ලැබීමයි.”



Advertisments
Facebook