English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
කලූ ජූලියක් නැවත අපට එපා - ජයතිලක බණ්ඩාර
(2018-07-19)

<< Go Back


1983 කළු ජූලිය අහඹු සිදුවීමක් නෙමෙයි. එය වසර ගණනාවක් පුරා, දශක කිහිපයක් පුරා දෙමළ ජනතාවට එරෙහිව සිදුවුනු කි‍්‍රයාවලියක ප‍්‍රථිඵලයක්. අසූතුනේ ජූලි 22 වෙනි දා උතුරේ යාපනය ප‍්‍රදේශයේ ට‍්‍රක් රථයක ගමන්ගත් සෙබලූන් 13 දෙනෙක් ඝාතනය කිරීමත් සමග පුපුරුවා හරිනු ලබනවා. පාරේ බිම් බෝම්බයක් තබලා තමයි එය සිදුවන්නේ. ඒ මරණත් සමග පසුවදා ආරක්ෂ අංශ විසින් කරන්නේ ඒ අවට හිටපුු දෙමළ මිනිසුන් 41 දෙනෙක් මරණවා. එතන හිටපු මිනිස්සු හරි අහිංසක මිනිස්සු. බස්වල යන්න ආපු මිනිස්සු 41 දෙනෙක්ම ඝාතනය කරනු ලබනවා. 25 වෙනිදා වෙනකොට මේක කොළඹට එනවා. කොළඹ ප‍්‍රචණ්ඩත්වය ආරම්භ කෙරෙනවා. මිනිමැරීම්, මිනිස්සු පන පිටින් පුළුස්සා දැමීම්, දුස්තී‍්‍ර ෂණ, මංකොල්ලකෑම්, මෙවැනි ඉතා බරපතල ප‍්‍රචණ්ඩ කරුණු රාශියක් සිදුවෙමින් පවතිනවා.


විසිපස්වෙනිදා හා විසිහත්වෙනිදා වැලිකඩ හිර ගෙදර දෙමළ සිරකරුවෝ කපා, කොටා, යකඩ වලින් ගහලා මරලා දානවා. කොහෙත්ම සදාචාරාත්මක අයිතියක් නෑ පාලකයෙකුට හිරගෙදර ආරක්ෂිතව ඉන්න මිනිසුන් මරා දමන්නට. නමුත් එයත් සිදුවෙනවා. 53 දෙනෙක් මේ දවස් දෙක ඇතුළත මරා දානවා. මුළු රට පුරාම ප‍්‍රචණ්ඩත්වය පැතිරෙනවා. මිනිසුන්ට බරපතල ලෙස මරණය අත්පත් කර දෙනවා. ඔවුන් තුළ සිංහල මිනිස්සු ගැන තිබුනු විස්වාසය කඩලා, බිඳලා දානවා. මෙය කොතරම් දරුණු වීද යත් පැය 24 ගිහිල්ලත් ඇඳිරි නීතිය පැනවුවේ නැහැ. දවස් 04 ක් යනතුරු එවකට හිටපු ජනාධිපති ජේ.ආර්. වචනයක් කතා කළේ නෑ. සිංහල ජනතාවගේ වෛරය දෙමළ ජනතාව මත පතිත වීම පිළිබඳව සිංහල ජනතාව වගකිව යුතු නැති බවයි ඔහු අවසානයේදී ප‍්‍රකාශ කළේ. විශේෂයෙන්ම සිරිල් මැතිව්, ගාමිණි දිසානායක, එවකට හිටපු රජයේ දේශපාලනික කි‍්‍රයාකාරිත්වයද, මේ අසූතුනේ කළු ජූලියේ ප‍්‍රචණ්ඩත්වය දෙමළ ජනතාව මත පටවපු මේ මරණවලට වගකිව යුතු වෙනවා. ඉතින් ඒක අහම්බයක් නෙමෙයි. මම මුලින් කිව්වා වගේ ඒක දශක කිහිපයක ප‍්‍රථිඵලයක්.

1948 පෙබරවාරි 04 වෙනිදා නිදහස ලැබුනා කියලා අපි කියනවාත් සමගම 1949 වෙන කොට වතුකරයේ හිටපු දෙමළ ජනතාවගේ (එවකට මුළු ජනගහනයෙන් 20% ක් පමණ) ඡන්ද බලය අහෝසි කරනු ලබනවා. ඔවුන්ට නිදහසත් සමග ඔවුන්ගේ ප‍්‍රජා අයිතිය අහෝසි වෙනවා. දෙමළ ජනතාවට පැහැදිලිව දැනෙන්නේ සිංහල මහා ජාතිය කරන ලද මහා කුමන්ත‍්‍රණයක් ලෙසයි. ඒකට වාමංශිකයෝ විරුද්ධ වෙනවා. සමහර සිංහල දේශපාලනඥයෝ විරුද්ධ වෙනවා. නමුත් සිංහල සහ දෙමළ නායකයින්ගේ වුවමනාවට එය සිද්ධ වෙනවා. මොකද වාමාංශික බලය අඩුකිරීමට ඔවුන් දරණ ලද උත්සාහයට එය සහායක් වෙන නිසා. 1948 මැතිවරණයේදී වාමාංශික පක්ෂ ආසන 20 ක් බලය ලබාගන්නවා. එය අඩු කිරීමට පිළියමක් විදියට තමයි වතුකරයේ දෙමළ ජනතාවගේ ජන්ද අයිතිය අහිමි කරනු ලබන්නේ.

ඉන් පසු 1956 සිංහල පමණක් රාජ්‍ය භාෂාව කරනු ලබනවා. 1974 දි යාපනේ සිදුකරනු ලබන දෙමළ පර්යේෂණ සම්මේලනයට හමුදාව විසින් පහරදීම සහ විදුලි රැුහැන් කඩා වැටීම නිසා දෙමළ මිනිසුන් 09 දෙනෙකු ඝාතනය වීම, ඒ වගේම 1978 දී මුළු මහත් දෙමළ සමාජය නියෝජනය කරපු මන්තී‍්‍රවරුන් පාර්ලිමේන්තුවෙන් නෙරපීම, 1979 ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත ගෙන ඒම, 1982 ලාම්පු කළගෙඩි සිද්ධිය (ජනමත විචාරණය) වැනි සිද්ධි මාලාවක ආණ්ඩුව විසින් ඇති කරපු ප‍්‍රචණ්ඩත්වය ජාතිවාදී කොළහාලවල ප‍්‍රථිඵලයක් විදියට තමයි දෙමළ තරුණයෝ ආයුධ අතට ගන්නේ. ඒ ආයුධ අතට ගැනීමේ ප‍්‍රථිඵලයක් විදියට තමයි නැවත වරක් ඒ ආයුධ අතට ගැනීමේ හේතුව විමසන්නේ නැතුව, ඒ පිළිබඳව ගැඹුරු සංවාදයක් ආරම්භ කරන්නේ නැතුව, නැවත වරක් දෙමළ ජනතාව මත පළිගැනීම් සිදු කරනු ලබන්නේ.

මේ අත්දැකීම මම රට පුරා දකිනවා. අනුරාධපුරය මම ඉපදුන තැන, මම ජීවත් වෙච්ච තැන. මම දැක්කා. අසූතුනේ කළු ජුලිය අපිටත් බරපතල විදියට බලපෑවා. මම අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙන ගත්තේ. අපි හවසට සංගීත පන්තියට යන්න බඩපුර කන්න ගිය ආනන්ද ශක්ති විලාස්, පරාස් ශක්ති විලාස් කුඩු පට්ටම් කලා. ඒවයේ මිනිස්සු මරලා දැම්මා. අපි කොන්ඬේ කපාගන්න ගිය ජෝති සැලූන් කුඩු පට්ටම් කලා. ඒ මිනිස්සුන්ට මරලා දැම්මා. අපේ රෙදි මැදලා දුන්නු ගෝමස් ලොන්ඩරිය විනාශ කලා. අපි චිත‍්‍රපට බැලූව විජේන්ද්‍ර, චිත්තම්පලම් සිනමා ශාලා ගිනි තිබ්බා. අද වෙනතුරු ඒ චිත්තම්පලම් නැවත ගොඩනගන්න බැරි වුනා. ඒ කරපු හානිය දෙමළ ජනතාවට විතරක් කරපු හානියක් නෙමෙයි. අපේ රටේ සාහිත්‍යට ලැදි, චිත‍්‍රපට ලැදි මිනිස්සුන්ට හානි දායක තත්ත්වයක් බවට පත් වුනා. අපේ තාත්තලා ගනු දෙනු කළ වල්ලිපුරම් රත්ත‍්‍රං බඩු කඩය මංකොල්ල කෑවා. ඒ මිනිස්සු මරලා දැම්මා. මේ අපේ අත්දැකීම.

මම හිතන්නේ මේ ම්ලේච්ඡුත්වය විසින් තමයි අසූතුනේ සිදුවෙච්ච මේ සිදුවීම තමයි බුරුතු පිටින් තරුණ තරුණියෝ තරුණ සටන්කාමී සංවිධාන හොයාගෙන යන්න පටන් ගන්නේ. ඔවුන්ගේ විස්වාසය කඩවෙච්ච, ඔවුන්ගේ බලාපොරොත්තු කඩ වෙච්ච, අපේක්ෂා බංගත්වයට පත් වෙච්ච, අවස්ථාවක් විදියට තමයි 83 හඳුන්වන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මුළු මහත් දෙමළ සමාජයටම ආයුධ ගන්න බලකරපු සංසිද්ධියක් විදියටයි අසූතුනේ කළුජූලිය මම දකින්නේ.

83 කළු ජූලිය තුලින් පාඩම් ඉගෙන ගන්න තිබ්බා මුළු මහත් සමාජයටම. මේ රටේ බුද්ධිමතුන්ට කලාකරුවන්ට, දේශපාලනඥයින්ට, පාලකයින්ට පාඩම් ඉගෙන ගන්න තිබ්බා. නමුත් ඔවුන් ඒතුලින් පාඩම් ගෙන ගත්ත බවක් පෙනෙන්නේ නෑ. එදා සිංහල සමාජය මත මතුවෙච්ච කළුලප මකා දමන්නට කිසිඳු උත්සාහයක් ගත්තේ නෑ. දිගින් දිගටම තුවක්කු, වෙඩි බෙහෙත්, බෝම්බ වලින් මෙය මර්ධන කරන්නට යෑම තුළ වසර 30 ක දිග්ගැස්සුනු යුද්ධයක් බවට පත් වෙනවා. ඒ යුද්ධය තුලින් සිංහල, දෙමළ, මුස්ලිම් සමාජය කණපිට හරවනවා. මිනිස්සු මැරුණා විතරක් නෙමෙයි, ගෙවල් දොරවල් අහිමි වුනා විතරක් නෙමෙයි, මම හිතන්නේ ඒ යුද්ධය විසින් මිනිස්සුන්ගේ ආත්මය විනාශ කලා. මිනිස්සුන්ගේ තිබුනු මනුස්සකම් විනාශ කලා. මිනිස්සු මළ මිනී ගණන් කරන මිනිසුන් බවට පත්වුනා. අද දක්වා පැතිරී ඇති ප‍්‍රචණ්ඩත්වය, හොරමැරකම්, මේ පැතිරී ඇති අමනුස්සකම්, දුෂණ සඳහා වගකිව යුත්තේ ඒ දිග් ගැහුණු යුද්ධය කියල මට හිතෙනවා.

උද යුද්ධය ඉවරයි තමයි. අපි බලාපොරොත්තුවෙන් හිටියා යුද්ධය ඉවර වුනායින් පස්සේ වත් එයින් පාඩම් ඉගෙන ගනීවිද කියලා. අපිට එහෙම දෙයක් දැනෙන්නේ නැහැ. තුවාල සුව කරන්නට, හදවත්වල ඇතිවුනු වේදනාවල් සමනය කරන්නට ගන්නා උත්සාහයක් අපට පෙනෙන්නට නෑ. ඒවා එකවරෙක සිවුරට බය වීම නිසාත්, තවත් වරෙක හමුදා සෙබළුන්ගේ නිල ඇඳුමට බය වීම තුළත් පාලකයින් දෙමළ ජනතාවට සිදු කළ යුතු, ඔවුන් බලයට එන විට ඔවුන් ලංකර ඇති මාධ්‍යවලින් ආණ්ඩුවේ පාලකයොත් ඉවත් වන ස්වභාවයක් අපට දැනෙනවා. මේ තත්ත්වය දිගින් දිගට ගියොත් තව දුරටත් දෙමළ සමාජය තුළ නොයෙක් පිපිරීම්, විස්වාසභංගයන් ඇතිවීම තුළ නැවත වරක් යුද්ධයක පෙර නිමිති පහළ විය හැකිව තිබෙනවා.

මම හිතන්නේ වගකිව යුතු මිනිස්සු විදියට, වියපත් මිනිස්සු විදියට, තව දුරටත් අනාගත පරම්පරාවට නැවත එවැනි ඛේදවාචකයක්, ලේ වැගිරීමක්, බෝම්බ පුපුරන සමාජයක්, මළමිනි ගණන් කරන සමාජයක් ඇති නොකිරීමට නම් අසූතුනේ කළු ජුලියෙන් ඉගෙන ගත්ත පාඩම් හරියටම තේරුම් ගනිමින් සංවාදයක් ඇති කරගනිමින් දෙමළ සමාජය වෙත සහෝදරත්වයේ දෑත් වචනවලින් පමණක් නොවෙයි, එය කි‍්‍රයාත්මකව භාවිතා කරමින් බලයේ කොටස්කරුවන් බවටත්, ඔවුන් අපේ සහෝදරයින් බවටත්, ඔවුන්ට සිදුවූ වැරදිවලට, සමාවක් අයදිමින් වැරදි නිවැරදි කරගැනීමක් සිදුකළ යුතු යයි මම විශ්වාස කරනවා.

ජනවාර්ගික කණ්ඩායම් තුළ ඇතිවෙච්ච මෙවැනි අරගලයන්හිදී , මෙවැනි අවාසනාවන්ත අත්දැකීම්වලදී ඒ සමාජයේ ඉන්න බුද්ධිමතුන්ට, කලාකරුවන්ට, සිවිල් සමාජ කි‍්‍රයාදරයින්ට නිහඩව ඉන්නට බැහැ. ශී‍්‍ර ලංකාවේ තත්ත්වයත් ඒකයි. ඒ වෙනුවෙන් පෙනී සිටිය කලාකරුවන් හිටියා, පෙනී හිටපු බුද්ධිමතුන් හිටියා. ඒ වෙනුවෙන් පෙනී හිටපු සමාජ කි‍්‍රයාදරයින් හිටියා. යුද්ධයත් එක්ක එක්කෝ ඔවුන් මරා දැම්මා,  නැත්නම් ඔවුන්ට මරණීය තර්ජනය කරනු ලැබුවා. ඒ වගේම ඔවුන්ට රට දාලා යන්න සිද්ධ වුනා. මේ වනතුරුත් මේ රටට එන්නට විශ්වාසයක් නොමැතිව ඉන්න මේ රටට ආදරය කරන ගැහැණුන් මිනිසුන් ඉන්නවා. ඒ වගේම මේ රටේ ජනවාර්ගික ප‍්‍රශ්නය සම්බන්ධයෙන් කතා කරපු මිනිස්සුන්ට දේශද්‍රෝහියෝ, ඩොලර් කාක්කෝ, රට පාවාදෙන්නෝ ලේබල් පහුගිය කාලය පුරා ඇලෙව්වා. නමුත් එක්තරා පිරිසක් මේ සියළු අසාධාරණකම්, අකටයුතුකම් හමුවේ තමන්ගේ ඒ අදහස මේ සමාජයේ පැළපදියම් කරන්නට තමන්ගේ ඒ අයිතිය ප‍්‍රකාශ කරන්නට උත්සාහ කරා. ඔවුන් සුළු පිරිසක් විය හැකියි. අදත් ඔවුන් ඒ උත්සාහයේ නිරතවෙනවා. මම හිතන්නේ සමාජයක් විදියට, පාලකයෝ විදියට, මාධ්‍ය ආයතන විදියට, මෙය ගැඹුරින් නොගන්නා සෙයක් තමයි අපට දැනෙන්නේ.

ඒ නිසා කලාකරුවෝ, මාධ්‍යවේදීන්, බුද්ධිමතුන්, පාලකයින්, ගැඹුරින් තේරුම් ගනිමින් අසූතුනේ දෙමළ සමාජය අතට ආයුධ දුන්න සිදුවීම් සමාජය නැවත දෙමළ සමාජයට ආයුධ නැවත නොගන්නා තත්ත්වයට පත් කිරීම සඳහා ඒ සඳහා අවශ්‍ය සංවාදයක්, ඉතා ආදරයෙන්, ගෞරවයෙන් ඇති කළ යුතුව තිබෙනවා. ඒ විවිධ ක්ෂේත‍්‍රවල අයට විවිධ දේ කළ හැකියි. ගායකයෙක්ට ගායනා කළ හැකියි, කවීන්ට ඒ පිළිබඳව කවි ලිවිය හැකියි. චිත‍්‍ර ශිල්පීන් ඒ වෙනුවෙන් චිත‍්‍ර ඇඳිය හැකියි.

බුද්ධිමතුන්ට ඒ පිළිබඳව සංවාද කළ හැකියි. මාධ්‍යවේදීන්ට යුද්ධයේ ඛේදවාචකය සම්බන්ධයෙන් නැවත නැවත පසක් කරමින් එය නැවතත් ඇති නොවීමට කටයුතු කළ හැකියි. නමුත් අපට පේන දේ තමයි එවැනි දේවලට බාධා සිදුවෙමින් පවතිනවා. තවත් අනෙකෙක් හොයන්නට ගොස් පහුගිය කාලය පුරා ඇති කරන ලද සිද්ධි මාලාව ගතහොත් මේ සංහිඳියාව ඇති කිරීම සඳහා බරපතල බාධාවක් වෙමින් යනවා. මේ අවස්ථාවේදී බෞද්ධ භික්ෂුන් වහන්සේලාට සහ පූජකතුමන්ලාට වගකීමක් තියෙනවා මෙය පැහැදිලිව තේරුම් ගනිමින්, තමන්ගේ ශ‍්‍රාස්තූවරුන් දේශනා කළ සැබෑ දහම අනුව කටයුතු කරමින් සමාජය සුවපත් තැනක්් බවට පත් කිරීමේ වගකීම ඔවුන්ටත් තියෙනවා.

සටහන
සුදේශ් ද සිල්වා
අයිතිය  



Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.