English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
පොලිස් නිලධාරීන්ගේ ආතතිය සියයට අසූඅටක්
(2018-07-06)

<< Go Back
Share |   


ඇය ආචාර්ය අනූෂා එදිරිසිංහ. කැළණි විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ කතිකාචාර්යවරියක්. ජාතික පොලිස් අභ්යාස ආයතනයේ පාඨමාලා සඳහා සම්පත්දායකයෙක් ලෙස සම්බන්ධවේශී% ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් සිදුකරන පුහුණු පාඨමාලා සහ කැළණි විශ්ව විදHdලය මගින් කරගෙන යනු ලබන පාඨමාලා සඳහා සම්පත්දායකයෙක් ලෙස සම්බන්ධ වෙනවා. අපරාධ විදHd ක්ෂේත% තුළ කර යුතු කරන අතරම ස්තී% පුරුෂ සමාජභාවය පර්යේෂණ සිදුකරනු ලබනවා. කැළණි විශ්ව විද්‍යාලයේ ස් පුරුෂ සමාජභාවය පිළිබඳ මධ්‍යාස්ථානයේ %ධානියා ලෙස කටයුතු කරනවා

2018 ජූනි 26 වෙනි දිනට යෙදෙන වධහිංසාවන්ට එරෙහිවීමේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් සංවිධානය වධහිංසා එරෙහි සතියක් නම් කර තිබේ. ජූනි 25 - 30 2018 දක්වායි. මේ වෙනුවෙන් පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවක් පදනම්ව සකස් කරන ලද්දකි. 

පොලිසිය සහ අධ්‍යාපනය

කැළණි විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ එක උප වියක් ලෙස අපරාධ විද්‍යා ඇතුළත් වෙනවා. කැළණිය විශ්ව විද්‍යාලය තමයි ලංකාවේ පොලිස් අභ්‍යා ආයතනත් එක්ක සමීප සම්බන්ධතාවයක් පවත්වන්නේ. ඊට හේතුව තමයි කැළණි විශ්ව විද්‍යාලය 2015 අගෝස්තු මාසයේ පොලිස් අභ්‍යා ආයතනයත් එක්ක අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරිම. පොලිස් සේවය වෘත්තීමය සේවයක්, ගුණාත්මක සේවයක් ලෙස දියුණු කිරීම සඳහා සහයෝගය අප ලබා දෙනවා. පාඨමාලා අධHයන කටයුතු, m%dයෝගික පුහුණුව තුලින් යම් ඉහළ මට්ටමකට නිලධාරීන් ගෙන්වා ගෙන ඔවුන්ගේ පුහුණුව සාර්ථක ලෙස නිමකිරීමට දායකත්වය ලබා දෙනවා. සඳහා ජාතික පොලිස් අභ්‍යා ආයතනයේ පාඨමාලා රැසක් කි%යාත්මක වෙනවා. සඳහා කැළණිය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරු 25 දෙනෙකුට වැඩි කණ්ඩායමක් දායකත්වය ලබා දෙනවා. සමාජීය විද්‍යා පීඨය, මානව ශාස්ත්‍ර පීඨය, කළමනාකරණ පීඨය, වෛද්‍යා විද්‍යා පීඨය, විද්‍යා පීඨයත් මේ සඳහා සහභාගි වේ. අවබෝධතා ගිවිසුමෙන් පසුව කටානේ තිබෙන පොලිස් භ්‍යා ආයතනය, කැළණි විශ්ව විද්‍යාලයට අනුබද්ධ ආයතනයක් ලෙස සම්බන්ධ කර ගැනීමට මේ මොහොතේ කි%යාකරමින් යනවා. පොලිස් පුහුණුවේ ගැටළු තිබෙන නිසා පොලිස් විදHd පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධි පාඨමාලාවක් සකස් කිරීමේ කටයුතුවල නිරතව සිටියි. වත්මන් අගමැතිතුමා, හිටපු නීතිය හා සාමය ඇමතිතුමා, පොලිස්පතිතුමාගේ මැදහත්වීමෙන් පොලිස් විශ්ව විද්‍යාලයක් ඇති කිරීමේ කටයුතු සිදුවෙමින් යනවා. රත්මලාන අත්තිඩියේ පොලිස් අභ්‍යා ආයතන තුළ මේ විශ්ව විද්‍යාලය පිහිටුවීමට පාඨමාලා සම්බන්ධීකාරකවරයෙක් වශයෙන් මමත්, වෛද්‍යා පීඨයේ මහාචාර්ය අනුරුද්ධි එදිරිසිංහ මහත්මිය සහභාගි වෙනවා. විශ්ව විද්‍යාලයේ උපකුලපතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සහයෝගය මේ සඳහා අපට ලැබෙනවා.

 වධහිංසාව සහ පොලිස් යථාර්ථය

පොලිස් වධහිංසා සහ කෲර අමානුෂික සැලකිලි දැක්වීම සම්බන්ධව සැලකීමේදී පොලිස් නිලධාරීන්ට ලැබෙන මූලික පුහුුණුවේ අඩුපාඩුකම් නිසා මොවුන් එවැනි අවස්ථාවන්ට මුහුණ දෙනවා. පොලිසිය තුළ විශාල පාඨමාලාවන් සංඛ්‍යාවක් පවත්වනු ලබනවා. මෙවැනි පාඨමාලාවන් සහභාගි වෙලා, අධHයනය කර පොලිසියට යන නිලධාරීන් අතින් මෙවැනි කි%යාකාරකම් සිදුවෙනවා අඩු බව මගේ අත්දැකීමයි. සමහර විට අය අතිනුත් සිද්ධ වෙන්න පුළුවන්. සඳහා සමාජීය,සංස්කෘතික, මානසික හේතූන් බලපාන්න පුළුවන්. මේ සඳහා පරීක්ෂණයක් කලා කැළණි විශ්ව විද්‍යාලයේ දර්නපති උපාධිය සඳහා පොලිස් විද්‍යා පීඨ කතිකාචාර්යවරයෙක්ගේ පර්යේෂණයේ නිගමනය වූයේ පොලිස් නිලධාරීන් පත්වෙන ආතතිය සඳහා බලපාන බවයි. එය සියයට අසූඅටක (88%) %තිශතයක් පමණ වෙනවා. මේ ආතතිය සැකකරුවෙක් වින්දිතයෙක් බවට පත් කිරීමට පොලිස් නිලධාරියෙක් පෙළඹෙන්න පුළුවන්. නමුත් මෙම පාඨමාලාවන් පුහුණු වැඩසටහන් තව අවුරුදු දහයක් පහළොවක් පවත්වාගෙන යනවිට මේ තත්ත්වය මීට වඩා වෙනස් වෙන්න පුළුවන්. දෙස මගේ අත්දැකීම් අනුව ධනාත්මකව බලන්න පුළුවන්.

බන්ධනාගාරය සහ පුහුණුව

2015 සිට ආරම්භ කර තිබෙන බන්ධනාගාර නිලධාරීන් සඳහා පුනරුත්ථාපනය හා විශෝධනය පිළිබඳව පාඨමාලdවන්. ඩිප්ලෝමාවක් සහ උසස් ඩිප්ලෝමා පාඨමාලාවක් මීට ඇතුළත්. පොලිස් නිලධාරීන් වගේම බන්ධනාගාර නිලධාරීන්ටත් තමන්ගේ සේවය උසස් මට්ටමකිනුත්, ගුණාත්මක මට්ටමකිනුත් පවත්වාගෙන යාමට අවශH දැනුම පුහුණුව ලබා දීම මෙයින් සිදු කෙරෙනවා. බන්ධනාගාර තුළ භාරකාරිත්ව හිංසනය ( Custodial Violance) සිදුවෙනවා නම් තත්ත්වය අපිට අවම කර ගැනීම සඳහා මෙම පාඨමාලවන් දැනටමත් %ථිඵල ලබාදී තිබෙනවා බව පසුව සිදුකරන ලද පසුවිපරම් වලදී අපට අනාවරණය වී තිබෙනවා. රැඳවියන්ව අපරාධකරුවෝ විදියට තමයි සලකන්නේ. වැරදිකාරයෝ විදියට තමයි සමාජය ලේබල් කරලා තියෙන්නේ. මේ කියන තත්ත්වය අපි වෙනසකට ලක් කරන්න  ඕන. නිලධාරීන්ගේ පුහුණුවලදී අපි රැඳවියෙක්ගේ මානසික මට්ටම වෙනස් කිරීමට අවශ්‍ය දැනුම ලබාදෙනවා. පුද්ගලයෙක් බන්ධනාගාරයට ඇතුල්වෙනවා කියන්නේම මානසික ව්‍යාකූලත්වයට පත් වෙන අවස්ථාවක්. ඔහුගේ නම ගම පාවිච්චි කරන්නේ නෑ. ඇඳුම් පැළඳුම් වෙනස් වෙනවා. සමාජ සම්බන්ධතා වෙනස් වෙනවා. පවුල් සංස්ථාව සමග පවතින සම්බන්ධතාවය වෙනස් වෙනවා. යම් කාලසීමාවක් වෙනතුරු යම් අවහිරතා ඇති වෙනවා. පර්යේෂණ අනුව රැඳවියා සිටින්නේ සියයට අසූවක්ම (80%)  මානසික ව්‍යාකූලත්වයෙන්. බෝගම්බර බන්ධනාගාරය ආශ්‍රිතව අපි කළ පර්යේෂණයකින් මේ බව අනාවරණය වුනා. මේ රැඳවියන්ට අපිට උපදේශනය ලබා දෙන්න පුළුවන්ද කියන එක ගැටළුවක්. අපේ පාඨමාලාවේ විශේෂයෙන් මනෝ විද්‍යා, ස්තී% පුරුෂ සමාජභාවය, හිංසනය, කාන්තා සාපරාධිත්වය, පුරුෂ සාපරාධිත්වය විශේෂ අවධානය යොමු කර තිබෙනවා. සමහර බන්ධනාගාරවල ස්ත්‍රී පුරුෂ සමාජභාවී සංවේදීතාවය ඇති කරන්න අපේ පුහුණුවලට පුළුවන් වෙලා තියෙනවා. සමහර නිලධාරීන් උපදේශන මධ්‍යස්ථාන බන්ධනාගාර තුළ ඇති කිරීමට උත්සහ ගෙන තිබෙනවා. තවත් අවස්ථාවලදී ස්තී% පුරුෂ සමාජභාවී සංවේදීතාවය වැඩසටහන් ආරම්භ කර තිබෙනවා. රැඳවියත් මනqHයෙක් කියන අදහස %dයෝගික අත්දකින්න මෙම පාඨමාලවන් සමත් වෙලා තියෙනවා. නව නිලධාරීන් පත් කිරීමේ දී භාරකාරිත්ව හිංසනය ( Custodial Violance) ගැන අපි සාකච්ඡd කරනවා. භාරකාරිත්ව හිංසනය ( Custodial Violance) නිලධාරියෙක් පත් වුනොත් ඔහුට බොහෝ දේ අහිමි වෙනවා. ඔහුගේ මූලික අයිතිවාසිකම් අහිමි වෙනවා. පවුල් සංස්ථාව පිළිබඳව, වෘත්තීමයභාවය පිළිබඳව %ශ්න රැසක් ඔහුට මතුවෙනවා. තවත් අවබෝධතා ගිවිසුමක් පුහුණු වැඩසටහන් සම්බන්ධව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සමග අත්සන් කිරීමට කැළණිය විශ්ව විදHdලය සැලසුම් කරමින් සිටිනවා. පුනරුත්තාපන %තිපත්තියක් සකස් කිරීමට දැනට යෝජනා වී තිබෙනවා. බන්ධනාගාරයට පැමිණෙන පුද්ගලයා පුනරුත්තාපනය කිරීම තමයි වැදගත්. ඔහුගේ චරිතය ශෝධනය කරලා ඔහුව අපරාධ චර්යාවලින් ඈත් කර තැබීම තමයි බන්ධනාගාරයේ විශෝධනය තුළ අරමුණ විය යුත්තේ. එවැනි තත්ත්වයකට බන්ධනාගාරය වෙනස් කරන්න පුළුවන් වුනොත් සඳහා අපගේ දායකත්වය ගැන අපිට සතුටු වෙන්න පුළුවන්.

භාරකාරිත්ව හිංසනය ( Custodial Violance) හා පොලිසිය

පවතින රජයන්වලට විශේෂ වගකීමක් තියෙනවා. භාරකාරිත්ව හිංසනය ( Custodial Violance) කියන්නේ යම් කිසි ආකාරයක රැකවරණයක් තියෙන, නීතිමය බලයක් තියෙන නිලධාරීන් යටතේ ඉන්නකොට අපට වෙන්න පුළුවන් හිංසනය. මේක රාජ්‍ය මගින් සිදුවන හිංසනය (Violance By State ) කියලත් නිර්වචනය කරන්න පුළුවන්. රජයක් කි%යාකරන ආකාරය ඉතාමත් වැදගත් මේ හිංසනය වැලැක්වීම සඳහා පවතින රජය මේ ගැන අවධානය යොමු කරලා තියෙනවා. 2016 කාන්තා දිනයේදී අගමැති කාර්ය සාධක බලකායක් විදියට %චණ්ඩත්වය අඩුකරන්න, ගැටුම් අඩුකරන්න අවශ්‍ය රාජ්‍ය ආයතන සහ අමාත්‍යයංශ විදියට සිදු කරන දේවල් වල %ගතිය සොයා බැලූවා. ජාතික කාන්තා කමිටුව භාරකාරිත්ව හිංසනය (Custodial Violance) ගැන යම් යම් පියවර අරගෙන තියෙනවා. එහිදී %තිපත්තිමය තීන්දු තීරණ අරගෙන තියෙනවා. එවැනි දේ කරන්න පුළුවන් වෙලා තියෙන්නේ රජයේ ධනාත්මක පැතිකඩ නිසා කියලා තමයි මම හිතන්නේ.

පොලිස් විද්‍යා, නඩු මෙහෙයුම්, මානව අයිතිවාසිකම්, ස්තී% පුරුෂ සමාජභාවී %චණ්ඩත්වය කරුණු ඇතුළත් මාස 06 ඩිප්ලෝමා පාඨමාලාවක් තුළ කතිචාර්යවරුන් විසින් දේශන පත්වනු ලබනවා. විවිධ අධ්යාපනික උපක%, ශ්‍රව්‍ය,දෘශ්‍ය මාධ්‍ය උපයෝගීකරගෙන පුහුණුවීම් පැවැත්වෙනවා කොහොමද සම්මුඛ සාකච්ඡd පවත්වන්නේ කියලා. %ශ්න කිරීම් කරන්නේ කියලා. පොලීසිවල ඉඩකඩ සහ පහසුකම් තියෙන එක තුළ %ශ්නයක් තියෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුව තුළත් ඔය කියපු සෙනග වැඩි නිසා %ශ්න තියෙනවා. මේ නිසාම සැකකරුවන් සහ රැඳවියන් වධහිංසා ඇතුළු නොයෙකුත් %ශ්නවලට ලක් වෙනවා. පොලිස් අභ්‍යා ආයතනයේ පුහුණුවීම්වලදී කොහොමද සැකකරුවෙක්, වින්දිතයෙක් සමග සමාජ සම්බන්ධතාවයක් (Social Interaction) ගොඩනගා ගනිමින් දත්ත ලබාගන්නේ කියන එක ගැන සාකච්ඡා වෙනවා. දත්ත ලබාගැනීමේදී ඔවුන් සමග සාකච්ඡd පවත්වන ස්ථානය ඉතාමත් වැදගත්. අලූතින් ඉදිවන පොලිස් ස්ථානවල මේ සඳහා වෙනම ස්ථානයක් තිබුනද පැරණි පොලිසිවල තවමත් සාම්ප%දායික විදියට තමයි ඉඩ කඩ %ශ්න කිරීම් සඳහා සකස් වී තිබෙන්නේ. පැරණි පොලිස් ස්ථාන නවීකරණය විය යුතුයි. සැකකරුවෙක් සමග සාකච්ඡd meවැත්වීම සඳහා වෙනම ස්ථානයක් තිබිය යුතුයි. එම සාකච්Pd වින්දිතයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වෙන ආකාරයට විය යුතුයි.

ශික්ෂණ පොලිස් ස්ථාන (Teaching Police Stations )

අප මේ සම්බන්ධව 2016 ලංකාවේ පොලිසි 24 පර්යේෂණයක් සිදු කලා. මෙහිදී අප ශික්ෂණ පොලිස් ස්ථාන        (Teaching Police Stations ) කියන සංකල්ප ඉදිරිපත් කලා. කැළණි විශ්ව විදHdලයේ සමාජ විද්‍යා පීඨය හා අධිකරණ විදHd අංශය එක්ව අපරාධ විමර්ශනය පිළිබඳව උසස් ඩිප්ලෝමා පාඨමාලාවක් සකස් කර තිබෙනවා. මෙම පාඨමාලව තුළ අධHනය සිදුවෙනුයේ අපරාධ විමර්ශනය ගැනයි. බොහෝ අවස්ථාවල පුද්ගලයන් නැවත නැවත වින්දිතයන් බවට පත්වෙනවා විමර්ශනයන් තුළ. %ශ්න කිරීම් නිසා නිලධාරීන් අපහසුතාවයන්ට පත්වෙන අවස්ථාවන් තියෙනවා. මේ මාස තුනක පාඨමාලාවේදී සහභාගිවෙන සෑම නිලධාරියෙක්ම මාස එකහාමාරකට පස්සේ ශික්ෂණ පොලිස් ස්ථානයකට අනුයුක්ත කරනු ලබනවා. එහිදී ඔවුන් ඔවුන්ගේ දැනුමින් ඔවුන්ට ලබාදෙන පැවරුම් %dයෝගිකව එම පොලිස් ස්ථානයේදී සිදු කළ යුතුයි. සැකකරුවන්ගෙන් තොරතුරු ලබාගන්නා අයුරු ඔවුන් සිදු කළ යුතුයි. මානව හිමිකම් සුරැකෙන ආකාරයට %ශ්න කිරීම් සිදු කිරීම ගැන ඔවුන්ට %dයෝගික පුහුණුවක් ලබා දෙනවා. ඔවුන්ගේ පොලිස් ජීවිතයේ උසස් මට්ටමක් (Qulity of Life) ලබා දෙනවා. පොලිස් අභHd ආයතනයේ තිබෙන පාඨමාලාවලට අමතරව කැළණි විශ්ව විදHd තුළත් ඔවුන් වෙනුවෙන් පාඨමාලාවන් පවත්වනු ලබනවා.

 පොලිසිය තුළ සිදුවන ධනාත්මක වෙනස්කම්

ශී% ලංකා පොලිසිය  විසින් පුහුණු වැඩසටහන් සඳහා කැඳවීම් කරන්නේ උප පොලිස් පරීක්ෂකවරුන්ගෙන් ඉහළ නිලධාරීන්ට. සේවාස්ථ පුහුණුව සඳහා පහළ නිලධාරීන්ට සම්බන්ධ වෙනවා. පොලිස් වධහිංසාවට පොලිස් අධHdපන ආයතනය විසින් පාඨමාලවන් සකස් කර තිබෙනවා. මෙතෙක් එය සාකච්ඡd කෙරුණේ අවිධිමත් විදියට. දේශකයෙක් ගෙනල්ලා දේශන පවත්වනවට වඩා විධිමත් විදියට මෙම අධHdපනික වැඩසටහන් පැවැත්වීමට අප යෝජනා කලා. කාන්තා හා ළමා අධිකාරිය මූලිකත්වය ගෙන කටයුතු කරනවා. කනිෂ්ඨ නිලධාරීන් පුහුණු කිරීම මේ මගින් සේවාස්ථ පුහුණු වැඩසටහන් ලෙස සිදුවෙනවා. කටුකුරුන්ද, කළුතර පොලිස් පුහුණු පාසැල තුළ උසස්වීම් සඳහා පුහුණුවීම් සිදුවෙනවා. එහිදීද ස්තී% පුරුෂ සමාජභාවය, හිංසනය, භාරකාරිත්ව හිංසනය සිදු වෙනවා පිළිබඳ අධHdපනික වැඩසටහන පැවැත්වෙනවා. අධHdපනයේ අනිවාර්ය කොටසක් වී තිබෙනවා. මෙයින් පේනවා පොලිස් දෙපාර්තමේන්තුව තුළ ධනාත්මක විදියට වෙනස්කම් සිදුවීමට මූලික පදනම සකස් වී තිබෙනවා. ජේෂ්ඨ පොලිස් නිලධාරීන් මානව හිමිකම් සහ වධහිංසාවට එරෙහිව තිබෙන ජාතHයන්තර සම්මුතීන් මොනවද?,අත්සන් කරන ලද ගිවිසුම් මොනවද ? කියලා දැනුවත්වීම වැදගත්. සඳහා කෙටිකාලීන පුහුණු පාඨමාලා පැවැත්විය හැකියි.

අපරාධ ස්ථාන නිලධාරීන් (Scene of Crime Officers- SOCO)

අපරාධ විමර්ශන සම්බන්ධයෙන් මාස තුනේ හයේ පාඨමාලාවන් තිබෙනවා. අපරාධ විමර්ශනය සඳහා අපරාධ ස්ථාන නිලධාරීන් (Scene of Crime Officers- SOCO ) විශේෂ පාඨමාලාවන් විටින් විට පැවැත්වෙනවා. ස්කොට්ලන්ඩ් පොලිසියේ පුහුණුවීම්, වෙනත් විදෙස් පුහුණුවීම් කනිෂ්ඨ සහ ජේෂ්ඨ පොලිස් නිලධාරීන් සඳහා ලැබෙනවා. මේ හැම අවස්ථාවකදීම සැකකරුවන්ගෙන් දත්ත ලබාගන්නේ කෙසේද කියන එක ඇතුළත් වෙනවා. ශී% ලංකා යුදහමුදාව විසින් මානව හිමිකම් පිළිබඳ විශේෂ පුහුණු වැඩසටහන් පවත්වනු ලබනවා. මේ සඳහා පොලිස් නිලධාරීන් ද සහභාගි වෙනවා. මිනිසුන්ගේ අයිතිය, තවත් කෙනෙකුට ගරු කිරීම, කෙනෙක්ගේ ආත්ම අභිමානව ආරක්ෂා කිරීම, පිළිබඳව මේ වන විට නිලධාරීන් දැනුවත්වීම සිද්ධ වෙනවා. අපරාධ ස්ථාන නිලධාරීන්ගේ ඒකකය ආරම්භ කිරීම විදෙස් පුහුණුවල %ථිඵලයක්. සංවර්ධිත රටවල භාවිතා වන උපක%, උපකරණ, විමර්ශන % ලංකාවේ අයුරින්ම භාවිතා වෙන්නේ නැහැ. නමුත් වර්තමානයේ තරමක් හෝ දියුණු ඒකකයක් අප සතුව පවතිනවා. විමර්ශන ස්ථානයන්හීදී භාවිතා වන තාක්ෂණය තවත් නවීකරණය විය යුතුයි. පොලිසියේ වාර්ශික අයවැය තුළ අපරාධ ස්ථාන විමර්ශන නිලධාරීන් වෙනුවෙන් සෑහෙන පමණ මුදලක් වෙන්වෙනවා. එය දැන් පොලිසියේ සුවිශෙaෂීම අංශයක් වී තිබෙනවා. පොලිසිය ගැන ජනතාව අතර මතය සෘණාත්මක වී තිබෙන්නේ, මහජන සම්බන්ධතාවය දුර්වල නිසා. මහජන සම්බන්ධතාවය කියන්නේ මිනිස්සුන් එක්ක ගිහින් උත්සවයක් කරන එකවත්, ළමයින්ගේ කී%ඩාවකට සම්බන්ධවෙන එකවත්, රේස් එකකට ආරක්ෂාව සපයන එකවත් නෙමෙයි. පොලිසියට යන පුද්ගලයෙක්ගේ පැමිණිල්ල විමර්ශනය කරන විට නිවැරදිව සිද්ධකරනවනම් එතන තමයි යහපත්ම සම්බන්ධතාවය ගොඩනැගේ. එවැනි කි%යා තුළින් පොලිසිය පිළිබඳ මහජන මතය වෙනස් කරන්න පුළුවන්. 2003 අප සම්බන්ධවූ සමීක්ෂණයකදී පොලිසිය ගැන තිබුනේ සෘණාත්මක මතයක්. නමුත් 2015 දී කරන %ජා පොලිසිය වෙනුවෙන් කරන ලද සමීක්ෂණයකදී හෙළිවුනා සියයට හැටකට වඩා වැඩි %තිශතයකින් ජනමතය ඉහළ ගොස් ඇති බව. කාලය තුළ දී යහපත් මහජන සම්බන්ධතාවයක් ගොඩනගා තිබෙනවා.

නවීන පර්යේෂණ සඳහා මුල පිරීම්

පර්යේෂණ සඳහා භාවිතා කරන්නේ ලංකාවේ දැනට තිබෙන හොඳම කැමරා නමුත් ජාතHන්තරය හා සසඳා බැලීමේ තත්ත්වය අවම වෙන්න පුළුවන්. ඒවා අලූත් වෙනවා නම් පොලිසියේ පර්යේෂණවලට ඉතා වැදගත්. අපරාධ ස්ථාන නිලධාරීන් සතු පර්යේෂණාගාර තුළ සාක්ෂි සංරක්ෂණය කිරීමේ අවකාශයන් තවත් දියුණු විය යුතුයි.

ලිංගික අතවර සම්බන්ධයෙන් සිදුකරන පර්යේෂණයන්වලදී ලේ පැල්ලමක් තිබිය හැකියි, ශුක% තරලයන් තිබිය හැකියි. කුඩා අංශු මාත%යකින් හෝ අපරාධකරුවන් සොයා යා හැකි ලෝකයේ දියුණු රටවල උපකරණ තිබෙනවා අපරාධ විමර්ශනයේදී භාවිතා කරන. වගේම පර්යේෂණ සඳහා අවශH කරන දියුණු රසායනික øjH ලබාගැනීමට හැකියාව තිබිය යුතුයි. නොපෙනෙන සලකුණු පැහැදිලිව මේ රසායනික o%jH මගින් සිදුවෙනවා. අද ¥විලි මාර්ගයෙන්, කුණු භාජන හරහා අපරාධකරුවන් සොයන තත්ත්වයට පොලිස් පර්යේෂණ දියුණුවී තිබෙනවා. දැනට පර්යේෂණාගාර ඇති කිරීම සඳහා උපකරණ ලැබී තිබෙනවා. අපරාධ විමර්ශනයටම දක්ෂ නිලධාරීන් පිටරට යවා හොඳ පුහුණුවක් ලබා දී ලංකාවේ සිටින නිලධාරීන්ව පුහුණු කළ යුතුයි නවීන තාක්ෂණික %මවේදයන් සම්බන්ධයෙන්.

ශික්ෂණ පොලිස් ස්ථාන පිළිබඳව කරන සමීක්ෂණයේදී අපි දැක්ක දේ තමයි පොලිසියේ ස්ථානාධිපතිතුමා අනුව තමයි පොලිස් ස්ථානය සෘණාත්මක ධනාත්මකද කියලා කියන්න පුළුවන්. පොලිස් අභාHd ආයතනයේ අධHdපනය ලැබූ නිලධාරීන් සිටින පොලිස් ස්ථානවල වෙනස් කමක් අපි දැක්කා. සමහර පාඨමාලා තිබෙනවා අවුරුදු දෙකේ පාඨමාලාවන්. ඔවුන් සිටින්නේ උපාධියක් ගැනීමට සුදුසු මට්ටමේ. පොලිස් පුහුණුව තුළම නිලධාරීන්ට අභිමානයක් ඇති වන විදියේ සාමාන්‍ය උපාධියක්වත් ලබාදීලා පොලිසිය අනුයුක්ත කරන්න පුළුවන් නම් වෘත්තීමය බවකින් රැකියාව කරන්න පුළුවන් නම් ඔවුන් වධහිංසාවන්ගෙන් ඈත් වීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා. ස්වාධීනව අපක්ෂපාතීව රැකියාව කිරීමේ මානසික තත්ත්වයක් ගොඩනැගෙනවා. පුහුණු පාඨමාලාවන් තවත් සංවර්ධනය විය යුතුයි. පොලිසියට දිගුකාලීන සහ කෙටි කාලීන අරමුණු සහ කි%යාකාරකම් තිබිය යුතුයි.

පොලිස් බඳවාගැනීම්වලට එන %මාණය අඩුවෙමින් පවතිනවා. මෙයට පොලිස් දෙපාර්තමේන්තුවේ ලබා දෙන වැටුප ඉහළ මට්ටමකට ගෙන යාමට හැකියාවක් ඇති නම්, උසස්වීම් නිසිකාලයේදී ලබා දිය හැකි නම් නිලධාරීන්ගෙන් කාර්යක්ෂම සේවයක් වගේම, සෘණාත්මක දේවල්වලින් ඈත්වෙලා වෘත්තීමය වශයෙන් යහපත් පොලිස් සේවයක් ඇති කරන්න පුඵවන්. රට තුළ නීතිය හා සාමය ආරක්ෂා වෙන තත්ත්වයක් රට තුළ ඇති කරන්න පුළුවන් වෙනවා.

 

සාකච්ඡා කර සකස් කළේ

සුදේශ් සිල්වා

 



Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.