English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
වධහිංසාව කරන්නේ පොලියිය පමණක් නොවේ
(2018-07-06)

<< Go Back
Share |   


ජාත්‍ය‌‌‍‍‌න්තර වධහිංසා දිනය ජූනි මස 26 වන දිනට යෙදී ඇත. ඊට සමගාමීව ලංකාවේ වධහිංසාව සහ මානව හිමිකම් සම්බන්ධයෙන් උනන්දුවී කටයුතු කරන සිවිල් සංවිධානයක් වන රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් රටේ වධහිංසාව සහ මානව හිමිකම් තත්වය පිළිබඳව විද්වත් මත විමසුමක් සිදු කරමින් සිටී. එහි එක් පියවරක් වශයෙන් පසු ගිය 06 වන දින ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සමග මත විමසුමක් සිදු කරන ලදි. එහිදී රයිට් ටු ලයිෆ් ආයතනයේ විධායක අධ්‍යක්ෂක පිලිප් දිසානායක මහතා සහ මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනිය වන ආචාර්ය දීපිකා උඩගම මැතිනිය සමග සම්මුඛ සාකච්ඡdවක් සිදු කෙරුණි. එහිදී පිලිප් දිසානායක මහතා අසනු ලැබූ ප%ශ්න වලට ආචාර්ය දීපිකා උඩුගම මැතිනිය ලබා දුන් පිළිතුරු පහත සඳහන්වේ.

දැනට නීතිපතිවරයා වෙත යොමුකරනු ලැබූ වධහිංසා පිළිබඳ පැමිණිලි සම්බන්ධයෙන් නීතිපතිවරයා වධහිංසා පනත යටතේ නඩු පැවරීම් සිදු කර තිබෙනවද?

"නඩු පවරන එක ගැන අපිට  ආරංචියක් ලැබෙන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම අපි ඉල්ලා තිබෙනවා වධහිංසා පනත යටතේ නඩු කීයක් පවරලා තියෙනවද හා එම පැවරූ නඩු වලින්  කීයක් සාර්ථක වී තිබෙනවද කියල. නමුත් මේ වන තෙක් අපිට නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඊට අදාළ දත්ත ලැබී නැහැ. නමුත් එක්සත් ජාතීන්ගේ වධහිංසා කමිටුවේ නියෝජිතයින් ලංකාවට පැමිණි අවස්ථාවේ ඔවුන් වෙත ලැබී තිබෙන දත්ත තමයි අප වෙත ලැබී තිබෙන්නේ. නමුත් අපි නීතිපති දෙපාර්තමේන්තුවෙන් අසා සිටියාම වධහිංසා පනත යටතේ නඩු පවරා තිබේද යන කාරණය පිළිබඳව ඔවුන් අප වෙත එම තොරතුරු ලබා දෙන්නේ නැහැ. ඉතින් මේ වධහිංසාව තුරන් කිරීම සඳහා ක්‍රියාත්මක වීමේදී මේ සියළුම අංශ වල සහයෝගය අපට අවශ්‍ය වෙනවා."

දැන් රජයේ ප්‍රපත්තිය තමයි වධහිංසාවට කිසිසේත්ම ඉඩ ලබා නොදෙන බව ( Zero Tolerance For Toture) ඉතිං මේ ප්‍රපත්තිය මත රජය කටයුතු කරන බවට මානව හිමිකම් කොමිෂන් සභාවට තිබෙනවද අදහසක් නැතිනම් තක්සේරුවක්?

           "ප්‍රශ්නය හඳුනාගෙන තිබෙන බව අපට පෙනෙනවා. විශේෂයෙන්ම ජාත්යන්තර වධහිංසා කමිටුව වෙත අපි ඉදිරිපත් කරපු වාර්ථාව හේතුවෙන් බලධාරින්ගේ ලොකු සැලීමක් සිදුවුනා, මොකක්ද මේ ජාත්‍යන්තරයට ගිය වාර්ථාව කියන එක පිළිබඳව. ඉතිං වධහිංසාව තුරන් කිරීම ගැන රජය ප්‍රතික්ෂේප කරමින් සිටියා නම් දැන් මම හිතනවා තත්වය වෙනස් වෙලා මේ වධහිංසාව වැළැක්වීමට කටයුතු කළ යුතුය කියන තැනට රජය පත්වී තිබෙනවා කියල. නමුත් මගේ මතය හැටියට නම් අපි කොමිෂන් සභාවේ සිදු කරන සාකච්ඡා වලට අනුව සහ අපිට ලැබෙන පැමිණිලි වලට අනුව අපිට බොහොම පැහැදිලියි ක්‍රියාත්මක වීම පමණක්ම නොව මේ වධහිංසා සිදුවීම් නිවාරණය පිළිබඳව අවධානය යොමු කරන්න  ඕන. මේ සම්බන්ධයෙන් අපි අපේ අදහස් යොමු කරන්න අවශ්‍යයි අදාළ බලධාරීන්ට සහ සමාජය වෙත. තුළින් අපි බලන්න  ඕනේ මොනවගේ ක්‍රමවේදයන් තුළින්ද වධහිංසාව තුරන් කරන්න පුළුවන් වෙන්නේ කියල.

දැන් විශේෂයෙන්ම කියන්න  ඕනෙ දෙයක් තමයි වධහිංසාව කියද්දි විශේෂයෙන්ම අපේ අවධානය යොමුවන්නේ පොලිස් භාරයේදී සිදුවන වධහිංසා සිදු කිරීම් ගැන. නමුත් මතක තියාගන්න  ඕනේ වධහිංසාව කියන එක   ඕනෙම ආකාරයේ රාජ්යය පාලනය යටතේ තිබෙන රාජ්යය භාරකාරත්වයක් තිබෙන ආයතනයක් මගින් සිදුවන අකටයුතුකම් ආවරණය වීමක් සිදුවන බව. එතකොට විශ්ව විද්යාල වල සිදුවන නවක වදය, පාසල් වල සිදු වන ප්‍රචණ්ඩත්වය යනාදියත් මීට අයත් වෙනවා. දැන් අපිට පැමිණිලි විශාල වශයෙන් පැමිණෙමින් තිබෙනවා මෙවැනි දරුවන්ට සිදුවන අමානුෂික පහර දීම් පිළිබඳව. වධහිංසාව යන කාරණයට පහරදීම් පමණක් නෙමෙයි කෲර අමානුෂික සැලකීම්, අවමන් සහගත සැලකීම් යන මේ සියල්ල අයත් වෙනවා. එතකොට අපි වධහිංසාව ගැන කථා කරන විට මේ හැම අංශයක් පිළිබඳවම කථා කළ යුතු වෙනවා. සමහර අවස්ථා වලදී වාර්ථා වෙනවා ළමා නිවාස වලදී සිදුවන %චන්ඩත්වයන් පිළිබඳව. එනම් අදාළ පාලිකාව හෝ පාලකයා විසින් එහි ළමයින්ට සිදුකරන අඩත්තෙට්ටම් පිළිබඳව. නිසා මේ දේවල් පිළිබඳව පුළුල් ලෙස බැලීම සිදු කළ යුතු වෙනවා.

ඉතිං මේවා වැළැක්වීමේදී පුළුල් ලෙස වැදගත් වන්නේ %තිපත්තිමය වශයෙන් අදහස් ඉදිරිපත් කිරීමයි. දැන් පොලිස් වධහිංසාව සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාව ඉදිරිපත් කළ නිර්දේශය තමයි පොලීසියට ඇත්ත වශයෙන්ම හොඳ පුහුණුවක් ලැබිය යුතුයි මේ අපරාධ විමර්ශනය කිරීම සම්බන්ධයෙන් කියන කාරණය. ඉතිං අපරාධ විමර්ශනයේදී පොලීසිය තවමත් %dථමික %මවේද භාවිතා කිරීමට හේතු ලෙස එකක් තමයි, කාලයක් තිස්සේ පැවතගෙන එන පුරුද්ද. වගේම තවත් අතකින් බලන විට පෙනෙන දෙයක් තමයි වධහිංසාව සම්බන්ධයෙන් ජනතාව අතරත් යම් පක්ෂපාතීත්වයක් තිබෙන බව ඇතැම් අවස්ථාවලදී පෙනී යනවා. හැම අවස්ථාවකදීම නෙමෙයි යම් යම් අවස්ථා වලදී පමණක් එය පෙනෙන්නට තිබෙනවා. අපි හිතමු දැන් වධහිංසාව පමුණුවල තිබෙන්නේ සමාජය බරපතල ලෙස විරෝධය පළ කරන %sයාවකට නම්, එතනදි අපිට පෙනෙන්නේ නැහැ එම වධහිංසාව සම්බන්ධයෙන් ජනතාවගෙන් විරෝධයක් එල්ල වන බව. ඉතිං මේ වගේ සමාජ පරිසරයක් තුළ අපි බලන්න  ඕනේ සම්බන්ධයෙන් පොලිස් නිලධාරින්ගේ s%යාකාරිත්වය වෙනත් මගකට යොමු කරවන වැඩ පිළිවෙලක් පිළිබඳව. දැන් ඔවුන්ට අවශH අපරාධය පිළිබඳ තොරතුරු අදාළ සැකකරුගෙන් ලබා ගැනීමට නම් සඳහා හොඳ විමර්ශන % තියෙන්න අවශHයයි. ඉතිං මේවා අළුත් අදහස් නෙමෙයි. දැනටමත් පොලීසියට ජාතHයන්තර පුහුණුවීම් ලැබිල තියෙනවා. ඉහළ නිලධාරීන් එම පුහුණු වැඩසටහන් වලට යනවා. ඉහළ නිළධාරීන් පමණක් නෙමෙයි ඊට පහළ විවිධ ස්ථර වල නිලධාරීන් සඳහාත් මෙම පුහුණුවීම් ලබා දී තිබෙනවා. හොඳම උදාහරණය SOCO (Scene of the crime officers) එතනදි සඳහා ඉතා හොඳ පුහුණුවක් ලබා දී තිබෙනවා සහ ඉතා හොඳ උපකරණ ලබා දී තිබෙනවා. නමුත් මීටත් වඩා ඉහළ නවීන පොලිස් විමර්ශන %මවේද වලට යාම අවශHයයි. බව බොහොම පැහැදිලි කරුණක්. ඉතිං දැන් තියෙන අවශHයතාවය තමයි රජය එම නවීන තාක්ෂණය රටට ලබා දීම සහ පොලීසියට වඩා විශිෂ්ඨ ලෙස එම තාක්ෂණය භාවිතා කරමින් වැඩ කිරීමට කටයුතු සැලසීම. නැත්නම් නිරන්තරයෙන්ම අපි නඩු වලින්ම පමණක් මේ %ශ්නය විසඳන්න හදනව නම් දෙය කවදාවත් සිදුවන දෙයක් නෙමෙයි. මොකද ඒකට හේතුව තමයි වධහිංසාව කියන එක හොඳටම පොලිස් උප සංස්කෘතිය තුළ පැලපදියම් වී ඇති දෙයක් වීම. දැන් තියෙන %ශ්නය තමයි මේ වෙනත් ආයතන වලටත් මේ වධහිංසා %ශ්නය ව්යාප්ත වී ගොස් තිබෙන එක. විශ්ව විද්යාල වල නවක වදය, පාසල් වල %චන්ඩත්වය, වගේම වැඩිහිටි නිවාසවල සිදුවන අකටයුතුකම් වැනි දේවල් පිළිබඳව නීතිය %sයාත්මක කරන ගමන්ම මේවා වැළැක්වීමට හොඳ %තිපත්ති සම්පාදනය කිරීමත් කළ යුතු වෙනවා. ඉතිං මේ සඳහා මේ සම්බන්ධයෙන් සිවිල් සංවිධානවල කතිකාවත අතිශයින් වැදගත් වෙනවා. සිවිල් සමාජයෙන් තමයි මේ සඳහා අදහස් බොහොමයක් ලැබිය යුත්තේ. ඉතිං මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාව සමග පමණක් නෙමෙයි ජාතික පොලිස් කොමිෂන් සභාව සමගත් s%යා කිරීම අතිශයින් වැදගත් වෙනවා. ඉතිං අපි විවිධාකාරයේ %මවේදයන් යොදාගත යුතුයි, වධහිංසාව වැනි මුල් බැසගත් සංසිද්ධියක් තුරන් කිරීම සඳහා."

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ජාතHයන්තර ශ්‍රේණිගත කිරීමේදී ශ්‍රේණියට පත්වී තිබෙනවා. මේ සඳහා පසුගිය අවුරුදු දෙක තුළදී මානව හිමිකම් කොමිෂන් සභාව ගත් ක්‍රියාමාර්ග මොනවාද?

දැන්  B ශ්‍රේණියට වැටීම පිළිබඳ වාර්ථා ඔබ දැකල ඇති. කාලයේදී තිබුනේ ICC හෙවත් International Coordinating Commitee (ජාත්‍යයන්තර සම්බන්ධීකරණ කමිටුව & කියන කමිටුව. ඒක තමයි ජාත්‍යයන්තර ශ්‍රේණිගත කිරීම් කළේ දේශීය මානව හිමිකම් යාන්ත්‍රණ සම්බන්ධයෙන්. දැන් ICC කමිටුව නිකුත් කළ වාර්ථා අනුව පසුගිය කොමිෂන් සභාවට B ශ්‍රේණිය ලැබුනේ මූලිකවම කරුණු 02ක් හේතු කොට ගෙනයි. එනම් එකක් තමයි පත් කිරීම. එතනදි ස්වාධීනත්වය වැදගත්. එහිදී පැරිස් මූලධර්ම යොදා ගැනීම සිදු කරනවා. පැරිස් මූලධර්ම කියල කියන්නේ දේශීය මානව හිමිකම් යාන්ත්‍ර අනුකූලතාවය දැක්විය යුතු ජාත්‍යන්තර මිණුම් දඬු වලටයි. එතකොට එතනදි සම්පූර්ණ කළ යුතු %ධාන නිර්ණායකයක් තමයි ස්වාධීනත්වය කියන කාරණය. එහිදී කොමිෂන් සභාවට සිදු කරන පත් කිරීම් ස්වාධීන විය යුතුයි. ඇත්ත වශයෙන්ම 2007 දී B ශ්රේණියට වැටෙන විට පසුගිය කොමිෂන් සභාවට එම පත්කිරීම් සිදු කර තිබුනේ සෘජුවම විධායක ජනාධිපතිවරයාගේ අභිමතය පරිදියි. නමුත් එතනදි 17 වන ආණ්ඩුක% ව්‍යවස්ථා සංශෝධනය තවමත් නීති පොතේ තිබුනා. 17 වන සංශෝධනය තිබෙද්දීත්, ඒක අහකට දමල වෙනමම ගමනක ගිහිල්ලා තමයි පත්කිරීම් සිදුකරල තිබුනේ. ඉතිං ඒක B ශ්‍රේණියට වැටීමට එක් සාධකයක් වුනා. අනෙක් එක තමා එම කොමිෂන් සභාව එවකට රටේ තිබුන මානව හිමිකම් %ශ්න වලට මැදිහත් නොවීම. එම ජාත්යන්තර කමිටුව උපුටා දක්වනවා මානව හිමිකම් කොමිෂන් සභාවේ එක %කාශයක්. එනම්, අතුරුදහන්වීම් පිළිබඳ පැමිණිලි සලකා බැලීම ඔවුන් ආපස්සට දමනවා රජයෙන් වෙනත් නියෝගයක් එන තෙක් කියන කාරණය. ඒක එම ජාත්‍යන්තර කමිටුව උපුටා දක්වල තියෙනවා. ඉතිං එතකොට මේ ස්වාධීනත්වය පිළිබඳ %ශ්නය තමයි මානව හිමිකම් කොමිෂන් සභාව බී fශ්%ණියට වැටීමට %ධානතම හේතුව වුනේ. මොකද එදා තිබුන පනත යටතේම තමයි අද මේ කොමිෂන් සභාව කටයුතු කරන්නේ. එකම වෙනස තමයි අද 19 වන ආණ්ඩුක% ව්‍යවස්ථා සංශෝධනය තිබෙනවා සහ එය ක්‍රියාත්මක වෙනවා. එතනදි පැහැදිලිව කියන්න  ඕනේ මානව හිමිකම් කොමිෂන් සභාවේ සාමාජිකත්වය ඉතා වැදගත්. කියන්නේ අදාළ පත්කිරීම් සිදුකරන ආකාරය ඉතා වැදගත්. ඉතිං මම සභාපතිනිය හැටියට මෙතන නැතිවෙයි සහ අනෙක් කොමසාරිස්වරුනුත් මෙතන නැතිවෙයි 19 වන ව්යවස්ථාව ක්‍රියාත්මක නොවුනා නම්.

දැන් අපේ නම් ආණ්ඩුක% ව්යවස්ථා සභාවට යෝජනා වුනේ එක් එක් සිවිල් සංවිධාන වලින්. දැන් මගේ නම යෝජනා කරල තිබුනේ විශ්ව විද්යාල ආචාර්ය වරුන්ගේ සංගමය මගින්. හිටපු කොමසාරිස් සාලිය පීරිස් මහතාගේ නම යෝජනා වෙලා තිබුනේ නීතීඥ සංගමයෙන්. ඉතිං ඔය විදිහට පුළුල් සිවිල් සමාජ ක්‍රියාකාරිත්වයක් තුළින් තමයි මේ නම් යෝජනා වෙලා ඉහළට ආවේ. ඉතිං ඒක මම හිතන්නේ ලොකු ශක්තියක්. දැන් මම සභාපතිනිය විදියට වැඩ කිරීමේදී පහසු වෙලා තියෙන්නේ මගේ සහෝදර කොමසාරිස්වරුන්ගේ දක්ෂතා, හැකියාවන්, මානව හිමිකම් සම්බන්ධයෙන් ඔවුන් සතු න්‍යායාත්මක දැනුම සහ ප්‍රායෝගික දැනුම. නිසා හොඳ තුලනයක් කොමිෂන් සභාව තුළ පවතිනවා. ඉතිං අපි ප්‍රණාමය පළ කරන්න  ඕනේ 19 වන සංශෝධනය සම්මත කිරීමට දායක වුන සියළුම දෙනාට. එහිදී අපවත්වී වදාළ සෝභිත ස්වාමින් වහන්සේව අමතක කරන්නම බෑ. මොකද උන්වහන්සේ රට තුළ විශාල හඩක් නැගුවා 19 වන සංශෝධනයේ අවශ්‍යතාවය පිළිබඳව. ඉතිං අපි B fශ්%ණියට යාමට සිදු කළ කාර්යයන් පිළිබඳව කථා කිරීමේදී විශේෂයෙන්ම කියන්න  ඕනේ සඳහා අයදුම් කිරීම ඉතා අපහසු %sයාවලියක්. මොකද හැම තොරතුරක්ම එම ජාත්‍යයන්තර කමිටුව ඉල්ලා සිටිනවා. එහිදී මූලිකවම අපි පෙන්වා දුන්නේ ස්වාධීනත්වය රැක ගන්න අපි කරපු දේවල්. එහිදී අපි පැමිණිලි විමර්ෂණය කිරීම පමණක් නොවෙයි රජයට උපදෙස් ලබා දීම විශාල වශයෙන් සිදු කළා. මොකද එහෙම රජයට උපදෙස් ලබා දීම තුළින් තමයි ලක්ෂ සංඛ්යාත ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීමට හැකියාව ලැබෙන්නේ. එහෙම නැත්නම් එක් එක් පුද්ගලයා ගෙන එන පැමිණිලි විමර්ශණය කිරීම තුළින් පමණක් %තිපත්ති රාමුවක් සකස් කිරීම සිදු කළ නොහැකියි. ඉතිං අපිට එම කමිටුවට දැනුම් දෙන්න පුළුවන්කම තිබුනා අපි විශාල පරාසයක් පුරා පැතිරුනු %ශ්න ගණනාවක් කෙරෙහි %sයාත්මකවුනු බව. එනම් මරණ දඩුවම %sයාත්මක කිරීම, %ස්තවාදය වැළැක්වීමේ පනත ගැන, අතුරුදහන් කිරීම් ගැන, වෛරී කථනයන් ගැන, භාෂණයේ නිදහස පිළිබඳ ගැටළු යනාදිය පිළිබඳව අපි ක්‍රියාත්මක වුනු ආකාරය අපි පෙන්වා දුන්නා. එසේම ආර්ථික, සමාජීය අයිතිවාසිකම් පිළිබඳව අපි විශාල හඩක් නැගුවා. එම අයිතිවාසිකම් නව ආණ්ඩුක% ව්‍යවස්ථාවක් තුළ අන්තර්ගත විය යුත්තේ ඇයි යන කාරණය පිළිබඳව. ඉතිං විශාල විෂය පරාසයක් තුළ අපේ අදහස් ඉදිරිපත් කළා. ඒක එක කරුණක් වුනා. අනෙක් %ධාන කාරණය තමා අපි කිසිම පැකිලීමකින් තොරව  ඕනෙම ආකාරයේ මානව හිමිකම් ගැටළුවකට මැදිහත් වීම සිදු කරන බව පෙන්වා දීමට අපට හැකිවීම. යම් කිසි අකටයුත්තක් රට තුළ සිදු වෙනව නම් එය පෙන්වා දීම මානව හිමිකම් කොමිසමේ කාර්යභාරයයි. රටට මානව හිමිකම් කොමිසමක් ඇති කරල තියෙන්නේ දේ කරන්න. එහෙම නැතිව කොමසාරිස්වරු ඇග බේරගෙන වැඩ කරනවා නම්, එහෙම කොමිෂන් සභාවකින් වැඩක් නැහැ. ඉතිං මම හිතන්නේ අපි ගත්තු මෙන්න මේ පියවරවල් තමයි මානව හිමිකම් කොමිෂන් සභාව A f%aණියට යාමට හේතු වුනේ. ඉතිං මෙතනින් පමණක් අපිට සෑහීමට පත්වෙන්න බෑ. විශාල කාර්යභාරයක් තියෙනවා මානව හිමිකම් කොමිෂන් සභාව අභ්‍යන්තරයෙන් ශක්තිමත් කිරීමට. සඳහා අපිට තව පිරිස් බලය අවශ්‍යයි. නවීන තාක්ෂණය අවශ්‍යයයි. එසේම යල් පැන ගිය පරිපාලන රීති යටතේ කටයුතු කිරීම අසීරු තත්වයක පවතිනවා. %ධාන වශයෙන්ම ජනතාව ඉදිරිපත් කරන පැමිණිලි විමර්ශනය කිරීම සම්බන්ධයෙන් ගත් විට දැනට තියෙන්නේ අපිට කොහෙත්ම සෑහීමට පත්විය නොහැකි තැනක. මොන විදිහේ වෙනස්කම් අපි සිදු කළත් තවමත් පැමිණිලි විමර්ශනයේ %මාදවීම් සිදුවෙමින් තිබෙනවා. ඉතිං මේක වෙනස් කර ගත යුතුමයි. සඳහා පිරිස් බලය සහ පුහුණුව සහ කාර්යමණ්ඩලය Nsපේ%රණය කිරීම අතHdවශය වෙනවා.

 

සටහන

හිරෝෂන් ලක්ෂාන්


Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.