English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
GSP+ සහනය හරහා වධහිංසාව වැලැක්වීම - පිලිප් දිසානායක
(2018-07-05)

<< Go Back
Share |   


නව රජය තවත් වැදගත් කඩ ඉමක් පසුගියදා ඉතා සාර්ථකව පසු කරන ලදී. ඒ ශී‍්‍ර ලාංකික නිෂ්පාදන යුරෝපා සංගමයේ සමාජික රටවල් වෙත අපනනයේ දී ලබා දුන් GSP+ නමින් හදුන්වනු ලබන බදු සහනය නැවත ලබා ගැනීමට නව රජය කටයුතු කිරීමයි. මෙම බදු සහනය ශී‍්‍ර ලංකාව වෙත 2005 වසරේ සිට 2010 වසර දක්වා කාලය තුළ හිමි වූ අතර ඉන් භාණ්ඩ 7200ක් යුරෝපා සංගමය වෙත අපනයනය කිරීමේ දී 12.5% ක තීරු බදු සහනයක් ශී‍්‍ර ලාංකික අපනයනකරුවන් වෙත ලැබුනි.  එම බදු සහනය දිගටම ලබාගැනීම සදහා යුරෝපා සංගමය විසින් ලබා දුන් නිර්දේශ පසුගිය රජය විසින් නිසියාකාරව ඉටු නොකිරීම නිසා මෙම සහනය 2010 වසරේ සිට 2017 මැයි මාසය දක්වා අවුරුදු 7 ක පමණ කාලයක් රටට අහිමි වූ අතර ඉන් දේශීය අපනයන කාර්මාන්තයට විශාල බලපෑමක් ඇති විය. මේ හෙතුවෙන් සමහර කර්මාන්ත පවත්වාගෙන යාම විශාල ගැටලූවක් වූ අතර මින් ඇගලූම් අපනයන කාර්මාන්තයට විශාල පහරක් එල්ල වී කර්මාන්ත ශාලා කිහිපයක් එම කාල සීමාව තුල වැසීයන තත්ත්වයට ද පත් විය.

කෙසේ වුවත් වර්තමාන රජය විසින් ගෙන යනු ලබන ජාතීන් අතර සංහිදියාව ගොඩනැගීමේ කි‍්‍රයාවලියත්, මානව හිමිකම් ඇතුලූ ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන් තහවුරු කිරීම සදහා ගෙන යන කි‍්‍රයා මාර්ගත් හේතුවෙන් හා යුරෝපා සංගමය විසින් මේ සම්බන්ධව ලබා දී ඇති නිර්දේශ අප‍්‍රමාදව කි‍්‍රයත්මක කිරීමට වර්තමාන රජය එකගවීමත් මත පසුගියදා රජය වෙත දැවුරුද්දක් සදහා මෙම සහන නැවත ලබා දී තිබේ.

මෙම දෑ අවුරුද්ද තූළ යුරෝපා සංගමයේ නිර්දේශ රජය විසින් ඉටු කරනු ලබන ආකාරය 2019 වසර දක්වා අධීක්ෂණයට ලක් කරනු ලබන්නේය. මෙම අධීක්ෂණයේ දී විශේෂයෙන් ශී‍්‍ර ලංකා රජය විසින් අපරානුමැතිය ලබා දී ඇති එක්සත් ජාතීන්ගේ විශේෂ ප‍්‍රඥ්ඥාප්තීන් 3ක් කෙරෙහි යුරෝපා සංගමයේ විශේෂ අවධානය යොමු කරේ.
එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලණ අයිතිවාසිකම් පිළිබදව ජාත්‍යන්තර ප‍්‍රඥ්ඥප්තිය (ICCPR)    එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබද ජාත්‍යන්තර ප‍්‍රඥ්ඥප්තිය (CRC)  කෲර හා අමුණුෂික වධහිංසාවට එරෙහි එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ප‍්‍රඥ්ඥප්තිය (CAT) වර්තමාන රජය විසින් රට තුළ  තුළ කි‍්‍රයාත්මක කරන ආකාරය යුරෝපා සංගමයේ අධීක්ෂණයට ලක්වන්නේය.

මෙම සහනය ලබා ගැනීමේ දී රජය සහ යුරෝපා සංගමය ඇති කරගත් එකගත්වයන් අනුව පෙනී යන්නේ ආර්ථික සංවර්ධනය ලබා ගැනීමට නම් කම්කරු නීති රීතීන්වලට අමතරව, රටේ මානව හිමිකම් ඇතුලූ ප‍්‍රජාතන්තී‍්‍ර අයිතිවාසිකම් තහවුරු කිරීම සදහා කටයුතු කළ යුතු බවයි.

වෙළ`දාම දියුණු කිරීම, විශේෂයෙන් අපනයන කර්මාන්ත සංවර්ධනයේ දී නව රජය විසින් ව්‍යපාරික ප‍්‍රජාව සමග සමග ද මෙම තතත්වයන් පිළිබදව සාකච්ඡුා කළ යුතු අතර, මෙම සම්මුතීන් රට තුළ කි‍්‍රයාත්මක කිරීම සදහා යාන්ත‍්‍රණයන් සැකසිය යුතුව තිබේ. 

ශී‍්‍ර ලංකා රජය 1994 වර්ෂයේ දී එක්සත් ජාතීන්ගේ වධහිංසාට එරෙහි කමිටුවේ සාමාජිකත්ව ලබා ගනිමින් වධහිංසාව වැලැක්වීමේ ජාත්‍යන්තර කි‍්‍රයාවලියට ද සම්බන්ධ විය. එතැන් පටන් වසර 4කට වරක් රැුස්වන එම කමිටුව වදහිංසාව වැලැක්වීම සදහා රජය ගෙන ඇති කි‍්‍රයාමර්ගයන් හි ප‍්‍රගතීන් පිළිබදව දීර්ඝව සාකච්ඡුා කරමින්, පසුව එම කමිටුව විසින් ලබා දෙන නිර්දේශ ද අනුව ශ‍්‍රී ලංකාව තුල වධහිංසා වැලැක්වීම ජාත්‍යන්තර ප‍්‍රමීතීන්ට අනුව සිදු කිරීමට එක`ගත්වයන්ට එලබේ.

වසර 4කට වරක් ජිනීවා නුවර දී රැස්වෙන මෙම එක්සත් ජාතීන්ගේ වධහිංසා කමිටුව වෙත රාජ්‍ය අංශයට පමණක් නොවන රාජ්‍ය නොවන අංශටත් කරුණු දැක්වීමට අවස්ථාව ලැබේ. ඒ අනුව 2011 වසරේ රුස්වූ එම කමිටුව වෙත රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානයේ මුලිකත්වයෙන් තවත් ප‍්‍රධාන මානව හිමිකම් සංවිධාන 9ක් හා එක්ව ශී‍්‍ර ලංකාවේ වධහිංසා වැලැක්වීමේ යාන්ත‍්‍රණය කි‍්‍රයාත්මක වන ආකාරය සම්බන්ධව නිරීක්ෂණ ඇතුලත් එක්සත් වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබීය. ඉන් අනතුරුව 2016 වසරේ දී රැස්වූ එක්සත් ජාතීන්ගේ වධහිංසා කමිටුව වෙත ලංකාවේ ප‍්‍රබල සිවිල් සංවිධාන 20ක් හා එක්ව එක්සත් වාර්තාවක් යොමු කරනු ලැබූ අතර, ලංකාවේ වධහිංසාව වැලැක්වීම සදහා විකල්ප යෝජනාවන්ද එම වාර්තාව මගින් ඉදිරිපත් කරනු ලැබීය. එමෙන්ම 2016 දී අප විසින් ඉදිරිපත් කරුනු ලැබූ වාර්තාව එක්සත් ජාතීන්ගේ කමිටුව වෙත යොමු කිරීමට ප‍්‍රථම එය රජය වෙත ඉදිරිපත් කිරීමට ද කටයුතු කරනු ලැබූ අතර, රජය නියෝජනය කරමින් එවකට විදේශ ඇමති ගරු මංගල සමරවීර මහතා විසින් එය නිල වශයෙන් භාර ගනු ලැබීය.
 
එක්සත් ජාතීන්ගේ වධහිංසාවට එරෙහි කමිටුව ශී‍්‍ර ලංකාවේ වධහිංසාව වැලැක්වීම සදහා ලබා දුන් නිර්දේශ කි‍්‍රයාත්මක කරන බවට එකග වීමත් වධහිංසාව ඇතුලූ මානව හිමිකම් කඩකරවීම් වැලැක්වීම සදහා රජයේ පස් අවුරුදු සැලැස්මක් සැකසීමට යොමු වීමත් තවත් වැදගත් කරුණක් ලෙස සැලකිය හැක.

මෙම තත්ත්වයට පාලනය කිරීම සදහා අප සංවිධානයේ මූලිකත්වයෙන් 2016 වසරේ නොවැම්බර් මාසයේ  දී පැවති එක්සත් ජාතීන්ගේ වධහිංසාවට එරෙහි කමිටුව වෙත ලංකාවේ සිවිල් සංවිධාන 20ක් එක්ව යොමු කළ එක්සත් වාර්තාවේ සදහන් නිර්දේශ ද සැලකිල්ලට ගනිමින් එක්සත් ජාතීන්ගේ වධහිංසාවට ලක්වූවන්ට සහාය දැක්වීමේ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් ජුනි 27 වන දින පවත්වනු ලබන සමුලූවේ දී පහත සදහන් මූලික කරුණු 5 ඉලක්ක කරමින් කටයුතු කිරීමට බලාපොරොත්තු වේ.
 
එමෙන්ම ශී‍්‍ර ලංකාව තුළ වධහිංසාව හා අවමන් සහගත සැලකිම වැලැක්වීම සදහා විවිධාකාරයේ නීති රීති පණවා තිබේ. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ තුන්වන පරිච්ඡේදයේ සදහන් මූලික අයිතිවාසිකම් හි 11 ව්‍යවස්ථාව මගින් ද වධහිංසා හා අවමන් සහගත ලෙස සැලකීම මූලික අයිතිවාසිකම් කඩවීමක් ලෙසත්, 1994 වර්ෂයේ දී සම්මත කරනු ලැබු 1994 අංක 22 දරණ වධහිංසාව හා අවමන් සහගත සැලකීම්වලට එරෙහි සම්මුති පණත ම`ගින්  වධහිංසාව අපරාධ වරදක් බවට ද පත්කර තිබේ.

නමුත්, වධහිංසාවට එරෙහිව ජාතික මෙන්ම ජාත්‍යන්තර වශයෙන් විවිධ අණ පනත් හා සම්මුතීන් වලට පැමිණි සිටියත් ශී‍්‍ර ලංකාව තුළ වධහිංසාව තවමත් ඉතා සුලභව භාවිතා වේ. විශේෂයෙන් පොලීසිය ඇතුලූ ආරක්ෂක අංශ අපරාධ පරීක්ෂණයේ දී භාවිතා කරනු ලබන එකම ක‍්‍රමය වන්නේ ද වධහිංසා හා අවමන් සහගත ලෙස සැලකීමයි.
වධහිංසාව වැලැක්වීම ස`දහා නාමිකව හෝ ගොඩනගා ඇති යන්ත‍්‍රණයන් පසුගිය යුධමය පරිසරය තුළ බරපතල ලෙස කඩා වැටීමකට ලක් වූ අතර, පොලීසිය ඇතුලු ආරක්ෂක අංශ විසින් සිදු කරනු ලබන වධහිංසාවන් සදහා රටේ මහජනතාවද යම් නිහඩ සහයෝගයක් ලබා දෙනු ලැබීය. එමෙන්ම, වධහිංසාව නිල නොවන ආකාරයෙන් පවත්වාගෙන යාමට රජයට ද අවශ්‍යතාවයක් තිබුනි. ඒ හේතුවෙන් පසුගිය කාලය තුළ ආරක්ෂක අංශයන්ට එරෙහිව වධහිංසාවට එරෙහි නීති කි‍්‍රයාත්මක නොකර හරිමින් එසේ වධහිංසා කරනු ලබන නිලධාරින්ට රජයේ යන්ත‍්‍රණයේ අනුග‍්‍රහය හා ආශිර්වාදය ද ලබා දෙනු ලැබීය.

මෙම තත්ත්වය යම් පමණකට හෝ වෙනස් කිරීම අරමුණින් 2015 වසරේ දී බලයට පත් වූ වර්තමාන රජය වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පණත ගෙන ඒමත්, 19 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා ගෙන එන ලද ස්වාධීන කොමිෂන් සභා විශේෂයෙන් මානව හිමිකම් කොමිසම හා පොලිස් කොමිසම මගින් වධහිංසාව වැලැක්වීම සදහා යම් යම් පියවර ගෙන තිබුනි.

නමුත් නව රජය පත්වී දෑ අවුරුද්දක් ගෙවී අවසන්ව ඇති මුත් වධහිංසාව වැලැක්වීම සදහා ගනු ලැබු කි‍්‍රයා මාර්ගයන් තුළින් පොලීසිය ඇතුලූ ආරක්ෂක අංශ විසින් සිදු කරනු ලබන වධහිංසාව කැපී පෙනෙන වෙනසක් මෙතෙක් පෙනෙන්ට නොලැබේ. නව රජය පත්වීමෙන් පසුවත් වධහිංසා සිදු කිරීමේ  තීව්රතාවයේ බරපතල වෙනසක් සිදු වී නොමැති බව ශී‍්‍ර ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් 2016 නොවැම්බර් මාසයේ පැවති එක්සත් ජාතීන්ගේ වධහිංසා කමිටුව වෙත යොමු කළ වාර්තාව සැලකිල්ලට ගැනීමේ දී පෙනී යයි. (http://hrcsl.lk/english/wp-content/uploads/2016/11/Report-to-CAT-Committee-.pdf )  

මීට අමතර අප සංවිධානය වෙතත්, අප සංවිධානයේ මූලිකත්වයෙන් දිස්ති‍්‍රක්ක 6 ක් තුල පවත්වාගෙන යනු ලබන මානව හිමිකම් ප‍්‍රථමාධාර මධ්‍යස්ථාන වෙත වාර්තා වී ඇති සිද්ධි ප‍්‍රමාණයන් ද සැලකිල්ලට ගත් විට නව රජය පත්වීමෙන් පසුවත් වධහිංසාවේ සැලකිය යුතු වෙනසක් සිදු වී නොමැති බව පෙනී යයි.

මෙම තත්ත්වය තව දුරටත් වර්ධනයවීම පාලනය කිරීම සදහා GSP+ බදු සහනය නැවත ලබා ගැනීමේ දී ශී‍්‍ර ලංකා රජය යුරෝපා සංගමය සමග පැමිණ ඇති එකගත්වයන් මත ඉහත ජාත්‍යන්තර ප‍්‍රඥ්ඥප්තීන් ශී‍්‍ර ලංකා රජය කි‍්‍රයාත්මක කරන ආකාරය යුරෝපා සංගමය සමග එක්ව අධීක්ෂණය කිරීමත්, එම අධීක්ෂණ කි‍්‍රයාවලිය සදහා ස්වාධීන කොමිෂන් හි සහාය ලබා ගැනීමත්, එමෙන්ම වෙළද ව්‍යාපාර සාර්ථකව පවත්වාගෙන යාමට නම් කම්කරු නීති සමග මානව හිමිකම් ද රට තුළ ආරක්ෂා විය යුතු බවට ව්‍යාපාරික ප‍්‍රජාව අතර මතයක් ඇති කිරීමත් මේ හරහා සිදු කළ යුතුය.  

ඉහත අරමුණින් එක්සත් ජාතීන්ගේ වධහිංසාවට ලක්වූවන්ට සහාය දැක්වීමේ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් 2017 ජුනි 27 වන දින කොළඹ ඔලිම්පික් හවුස් ශ‍්‍රවණාගාරයේ දී සමුලූවක් පැවැත්වීමට බලාපොරොත්තු වේ.


පිලිප් දිසානායක




Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.