English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
සිවිල් සංවිධාන පොදු අරමුණක් ඔස්සේ වීථි බසින්නට තීරණය කරයි
(2018-07-05)

<< Go Back
Share |   


වර්තමාන ශ‍්‍රි ලංකාව මුහුණ දෙමින් සිටින සීග‍්‍රගාමී විනාශය ඉදිරියේ මුනිවත රැකීමෙන් අත්මිදි සමස්ත රටට, එරට ජනතාවට බියෙන් සැකෙන් හා මර්ධනයෙන් තොරව, ආර්ථීක , සමාජ හා දේශපාලන පීඩනයකින් තොරව සම අයිතිවාසිකම් භුක්ති විඳිමින් සාමකාමීව ජීවත්වන්නට අවශ්‍යකරන නිදහස් පරිසරයක් ගොඩනගා ගැනීම වෙනුවෙන් මෙරට සිවිල් සංවිධාන විශාල සංඛ්‍යාවක් එ්කරාශී වෙමින් එකම පොදු අරමුණක් ඔස්සේ වීථි බසින්නට තීරණය කර ඇත. දැන් දැන් ඇසෙන්නේ, පෙනෙන්නේ මෙවැනි කණ්ඩායම් රටපුරා තැන තැන එ්කරාශි වෙමින් රටෙහි පවතින අශීලාචාර, බලකාමී සමාජ පසුබිම වෙනස් කරන්නට උත්සාහයන්  ගන්නා ස්වභාවයකි.

ඉදිරි පරම්පරා කිහිපයක්ම ජන්ම ණයකරුවන් හා කශේරුවක් නැති මිනිසුන් බවට පත්කරවමින් විශාල ජිම්කානා ඉදිරියේ සිවිල් පුරවැසියන්ගේ හෘදය සාක්‍ෂිය මිලට දියවී යන ආකාරය ඉතාම ශෝචනීීයය. තම කශේරුව බිඳ ගෙන, හෘදය සාක්‍ෂියට කොන්ක‍්‍රීට් දමා වසා එම ජිම්කානා ඉදිරියේ බලූවන ශ‍්‍රි ලංකාවේ පෘතග්ජනයින් ගැන හා ඒ අතරින් අති මහත් බහුතරය සිංහල වීම ගැන ද ඔවුන් මෙතරම් ම මුග්ධ වීම ගැන ද ඇත්තේ අතීශය කණගාටුවකි. එවැනි සමාජ, ආර්ථීක, දේශපාලන වටපිටාවක දී මානව හිමිකම් වෙනුවෙන් ශ‍්‍රී ලංකාව තුළ ක‍්‍රියාකරන සිවිල් සංවිධාන සහා පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් එකමුතුව, පවතින වියරුවට එරෙහිව, ජීවිත වෙනුවෙන් එකම මාවතක ගමනක් යන්නට සැළසුම්කර ඇත. එම මාවත පිළිබඳව නැතහොත් ඒ ගමන කෙසේ, කොහොම යන්නේ දැයි කරුණු කාරණා දැනගැනිමට එම ගමන් මගෙහි නියමුවන් කණ්ඩායමෙහි එක් ක‍්‍රියාධරයෙකු වන රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානයෙහි විධායක ලේකම් පිලිප් දිසානායකගෙන් මෙසේ විමසුවෙමි.
 
1 පිලිප් , මේ ගමන ගොඩාක් වැදගත් ද ? මෙය ශ‍්‍රි ලංකාව කඩිනමින් මුහුණ දිය යුතු දැඩි අවශ්‍යතාවයක් ද ?

අනිවාර්යෙන්ම, මෙම කාළ පරිජේදය ඉතාම වැදගත්, අපි අවුරුදු ගණාවක සිට කතා කරමින් සිටි සමාජ ප‍්‍රතිසංස්කරණ කි‍්‍රයාවට නැන්වීම සදහා ලැබෙන මහගු අවස්ථාවක්, මෙම අවස්ථාව. අපි මෙම අවස්ථාව උපරිම ලෙස ප‍්‍රයෝජනයට ගෙන කි‍්‍රයාත්මක කිරීම ස`දහා සැලසුම් නොකලොත් විශාල විනාශයක් අපි කර ගන්නෙ. සමහර විට මෙවැනි අවස්ථාවක් තවත් අවුරුදු 15 කට 20කට නොලැබෙන්න පුලූවන්. ඒ නිසා අප උපරිම කැපවීමෙන් නිවැරදි සැලසුමක් මත මේ අවස්ථාවේ කි‍්‍රයාත්මක විය යුතුයි.

ලංකාවේ ඉතිහාසය ගත්තතොත් අපිට මෙවැනි අවස්ථාවන් මින් පෙරත් නිර්මාණය වුනා. නමුත් මින පෙර සිටි වැඩිහිටි පරම්පාරාව එම අවස්ථාවන් නිර්මාණශීලිව ප‍්‍රයෝජනයට ගත්තේ නැහැ. ඒ නිසා මෙම කුණුවී ගිය සමාජ ක‍්‍රමයට එරෙහිව දකුණෙත් උතුරෙත් තරුණ තරුණියෝ පැවති වාමාංශික හෝ ප‍්‍රගතිශීලී ව්‍යාපාර ගැන හෝ හිටපු වැඩිහිටි පරම්පාරවන් ගැනවත් විශ්වාසය නොතබා මහජන ව්‍යාපාර වෙනුවට සන්නද්ධ ව්‍යාපාර ගොඩ නගා මෙම ක‍්‍රමය වෙනස් කරන්න යොමු වුනා. නමුත් ඉන් වුනේ දහස් ගනන් දස දහස් ගනණ ගනනින් මේ රටේ තරුණ තරුණියෝ රටට අහිමි වීමත්, පැවති දුෂිත රාජ්‍ය ක‍්‍රමය තව තවත් තහවුරු වී ¥ෂිතව ඉදිරියට යාමත් පමණයි. අද අප ගමන් කරමින් සිටින්නේ එහි උච්චස්ථාණය වෙතයි.

ඒ නිසා මේ අවස්ථාව නැවත අපතේ නොහැර ඉදිරි පරම්පරාවේ දරුවන් නැවතත් ලක්ෂ ගනනාවකගේ ජීවිත අනතුරේ නොහරිමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රජ්‍ය ප‍්‍රතිසංස්කරණ ලබා ගැනීම වෙනුවෙන් අප කටයුතු කළ යුතුයි. මෙය අපේ ජීවිත කාලය තුළ ලැබෙන අවසන් අවස්ථාව විය හැකියි. ඉතිහාසය දෙස බැලූ විට මෙවැනි අවස්ථාවන් නිර්මාණය වෙන්නෙ අවුරුදු පහලවකට විස්සකට පමණ වරක්.  මේ රාජ්‍යයේ ගමන් ම`ග බැලූවම මෙවැනි අවස්ථාවක් තවත් අවුරුදු විස්සකටවත් නොලැබෙන්න පුලූවන්. ඒ නිසා මෙය ඉතා තීරණාත්මක අවස්ථාවක්.

2.  මේ ගමන් මෙගහි ස්වභාවය ගැන විස්තර කළොත් ? කවදා ද කෙසේ ද ගමන ආරම්භ කරන්නේ ?

අප පසුගිය දා සිවිල් සංවිධාන ගණාවක් එකට එක්ව ලංකාවේ ඇති විය යුතු අත්‍යාවශ්‍ය ප‍්‍රතිසංස්කරණ මොනවාද යන්න හ`දුනාගෙන ඒ සම්බන්ධ සිදු කළ යුතු නිිශ්චිත යෝජනාවලියක් සකසා තිබෙනවා. මෙම සිවිල් සමාජ යෝජනා දේශපාලණ පක්ෂ වෙත ඉදිරිපත් කර ඔවුන්ගේ එක`ගත්වය ලබා ගැනීමත්, එම යෝජනා කි‍්‍රයාත්මක කරන ලෙසට බලපෑම් කිරීම ස`දහා මහජන ව්‍යාපාරයක් ගොඩනැගීමත් අප සිදු කරනවා. මේ ස`දහා අප පාවිච්චි කිරීමට බලාපොරොත්තු වන්නේ මහජන අවකාශය තුළ සිදු කරන කි‍්‍රයාකාරකම්.

නොවැම්බර් 25 අප මෙම ව්‍යාපාරය කොළඹින් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. අප සකස්කර ඇති ප‍්‍රතිසංස්කරණ යෝජනා දේශපාලන පක්ෂ වෙත ඉදිරිපත් කර එම යෝජනා සම්බන්ධව මහජනයා දැනුවත් කීරීමත්, එම යෝජනා කි‍්‍රයාත්ම කරවා ගැනීම වෙනුවෙන් කටයුතු කරනු ලබන පුරවැසියන් පිරිසක් නිර්මාණයකර ගැනීමත් වෙනුවෙනුයි මෙම විධියේ විරෝධය ව්‍යාපාරය අප ආරම්භ කරන්නේ.

නොවැම්බර් 25 අප කොළඹින් ආරම්භ කරන මෙම වැඩසටහන කුරුණෑගල, මහනුවර බදුල්ල, ගාල්ල, මාතර, හම්බන්තොට, අනුරාධපුර ඇතුලූ දිස්ති‍්‍රක්ක 10ක පමණ කි‍්‍රයාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.
      
3.  25 වෙනිදා කොළඹ දී ආරම්භක පියවර ගන්නා මේ වැඩපිළිවෙලහි ඉදිරිය නැති නම් ඉදිරි පියවරයන් සිදුවන්නේ කෙසේද ?

නොවැ. 25 කොළඹින් ආරම්භ කරන මෙම වීදියේ විරෝධය අංග ගණාවකින් සමන්විත දේශපාලණික හා සංස්කෘතික වැඩ සටහන් රාශියකින් සමන්විතයි. වීදි නාට්‍ය, වීදි ගායනා, වීදි සංවාද, වීදියේ ප‍්‍රදර්ශණ, වීදි සිතුවම්, කවි බණ වැනි වැඩසටහන් රාශියකින් සමන්විතයි.
මෙම වැඩසටහන් මහජනයා ගැවසෙන ප‍්‍රධාන නගර, වීදි, මහජනපොල මෙන්ම දුම්රියේ/බස්රිය තුළ දී ත් පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා.
   
4.  මේ සමාජ අවශ්‍යතාවය ඉදිරියට ගෙනයන්නට, උර දෙන්නට කුමන සංවිධානද නැතිනම් කණ්ඩායම් ද පුද්ගලයින් ද ඒකරාශි වී සිටින්නේ ?

මෙම ව්‍යාපාරය ස`දහා දැනටමත් සිවිල් සංවිධාන 100 කට වැඩි සංඛ්‍යාවක් මේ ස`දහා සම්බන්ධ වී තිබෙනවා. තවත් සංවිධාන ගණනාවක් මෙම ව්‍යාපාරය හා සම්බන්ධ වීමට කැමැත්ත පලකර තිබෙනවා. ඊට අමතරව කළාකරුවන්, විද්වතුන්, මාධ්‍යවේදීන් මෙම ව්‍යාපාරය හා සම්බන්ධ වෙමින් තිබෙනවා. 
 
5.  මේ ගමන නැතිනම් සමාජ මෙහෙවර සඳහා, තමන්ගේ හෘදය සාක්‍ෂිය පාවා නොදි කශේරුව නොනමා සෘජුව සමාජ කටයුතුවල නිරතවන සිවිල් ජනතාවට එකතුවන්නට ඉඩක් තිබෙනවාද ? ඒ කොයි ආකාරයෙන් ද?

අනිවාර්යෙන්, අපි ඒ සදහා කෂේරුකාව ඇති පුරවැසියන් හට ආරාධානා කරනවා.  

6. හොඳයි, යම් හෙයකින්, වියරු වැටුණු සමාජ පසුබිමින් කුමන හෝ තර්ජනයකට බාධාවකට මුහුණ දෙන්නට සිදුවුවහොත්?

හැමදාම අපි කටයුතු කළේ අපේ හෘර්ධ සාක්ෂියත් එකක්. අපි අදත් හෙටත් වැඩ කරන්නෙ ඒ අනුවයි. මේ රටේ මේ හොහොතේ සිදු විය යුතු අත්‍යඅවශ්‍ය ප‍්‍රතිසංස්කරණ වෙනුවෙනුයි  අපි පෙනී සිටින්නේ. ඒ නිසා සිහිබුද්ධියක් ඇති අයෙක් ඊට විරුද්ධ විය නොහැකියි. නමුත් ඔබ කියු ආකාරයට වියරු මිනිසුන් කි‍්‍රයාත්මක වුවහොත් මේ රටේ සිටින පුරවැසියන් අපිව ආරක්ෂා කරාවි යැයි අප කල්පනා කරනවා. අපේ ආරක්ෂාව ඇත්තේ ඒ ජනතාව අතරයි.

සංවාද සටහන් - මෙලනි මානෙල් පෙරේරා

 






Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.