English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
වීදියේ විරෝධය ඉදිරියේ ඇති අභියෝග - පිලිප් දිසානායක
(2018-07-05)

<< Go Back
Share |   


වර්තමාන ආණ්ඩුවේ කි‍්‍රයාකාරීත්වයත්, පරාජිත බලවේගයන්ගේ හැසිරීම් හා අප අනාගතයේ දී ගත යුතු කි‍්‍රයා මාර්ගයන් ගැන වීදියේ විරෝධය වෙනුවෙන් විශාල දායකත්වයක් සැපයූ ප‍්‍රාදේශීය කි‍්‍රයාධරයන් සම`ග සාකච්ඡ කිරීමට පසුගිය සතියේ අවස්ථාවක් ලැබිණ. මෙම සාකච්ඡුාවන්වලදී බොහෝ දෙනෙකු පැවසුවේ මහින්ද රාජපක්ෂ රෙජීමය අප විසින් පරාජය කිරීම පිළිබ`දව සතුටු වන නමුත් වර්තමාන ආණ්ඩුවේ සමහර කි‍්‍රයාකාරීත්වයන් පිළිබ`දව සෑහීමකට පත්නොවන බවයි. එහිදී ඔවුන් ඉදිරිපත් කළ ප‍්‍රධාන විවේචන කිහිපයක් විය.

පැරණි දුෂිත හා විවිධ චෝදනාවන්ට ලක්වූ දේශපාලනඥයින් හා නිලධාරීන් නැවත මේ ආණ්ඩුවට සම්බන්ධ කර ගැනීම හා ඔවුන්ට තනතුරු හා වරප‍්‍රසද ලබා දීම.
¥ෂිතයන්ට දඩුවම් දීම ප‍්‍රමාද කිරීම, සිල්ලර සිද්ධි සම්බන්ධව පමනක් විශාල ප‍්‍රචාරයක් ලබා දෙමින් කටයුතු කිරීම. මහා පරිමාණ ¥ෂණ සම්බන්ධව මෙතෙක් කටයුතු නොකිරීම.

ගෝඨාභයට පක්ෂව ලබා දුන් නඩු තීන්දුව පිළිබ`දව අගවිනිසුරු හා මේ සම්බන්ධව කටුයුතු කළ යුතු මැති ඇමතීන් හා නිලධාරීන් මෙතෙක් මැදිහත් නොවීම. මේ සම්බන්ධව මාධ්‍ය මගින්, විශේෂයෙන් රජයේ මාධ්‍ය මගින් හෝ විධිමත් සංවාදයක් ගොඩ නොනැගීම නව රජය විසින් පත්කළ සමහර නිලධාරීන්, විශේෂයෙන් මහ බැංකු අධිපති සම්බන්ධ ප‍්‍රශ්නය නිසා යහපාලනය සංකල්පය හාස්‍යයට ලක්වීම හා රජය අපකීර්තියට පත්වීම.

නව සංකල්පයක් යටතේ තාවකාලික රජයක් පත්කර තිබෙන බව තේරුම් නොගෙන එජාප රජයක් පත් වූ ආකාරයෙන්, විශේෂයෙන් එජාපයේ සමහර මැති ඇමතීන් කටයුතු කිරීම.

සිදු කළ ප‍්‍රතිසංස්කරණ යෝජනා පිළිබ`ද මහජනතාව සමග හෝ විශේෂයෙන් යෝජනා ඉදරිපත් කළ සිවිල් සංවිධාන සමග හෝ විධිමත් සාකච්ඡුාවක් සිදු නොකිරීම.

රජයේ ප‍්‍රධානීන් මුණගැසීමට තබා ඔවුන් දුරකතනයෙන් හෝ සම්බන්ධකර ගැනීමට නොහැකි වීම ජනාධිපතිවරණයෙන් පසුව මහ මැතිවරණයකට ගොස් නව රජයක් පත්කර නොගත් නිසා සුලූතර රජයට සැම විටම ¥ෂිතයන්ගේ සහාය ලබා ගැනීමට සිදුවීම.

විධායක ජනාධිපතිධුරය අහෝසි කරන සාකච්ඡුාව අමතකර කර මේ වන විට එහි බලතල සීමා කිරීම ගැන පමනක් කතා කිරීම. මෙම විවේචන සමග නව රජය ජාතික සමගිය ගොඩනැගීම වෙනුවෙන්, විධායක බලය පාවිච්චි නොකිරීම සම්බන්ධව, ආර්ථික සහන ලබාදීම හා අනව්‍ය වියදම් කපා දැමීම, සංශෝධන සහිතව හෝ 19 වන ව්‍යවස්ථා සංශෝධනය, ඖෂධ පණත, සාක්ෂිකරුවන් හා අපරාධ වින්දිතයන් ආරක්ෂා කර ගැනීමේ පණත ඇතුලූ නව පණත් ගෙන ඒම, ¥ෂිතයන්ට දඩුවම් කිරීම ආරම්භ කිරීම, රාජ්‍ය නිලධාරීන්ට සාධාරණව හා අපක්ෂපාතීව රජකාරී කිරීමට ඉඩ හැරීම සම්බන්ධව රජය වෙත ප‍්‍රසාදයක් හිමි විය.
නමුත්, ඉහත විවේචන අවම කිරීම ස`දහා රජය මීට වඩා අවබෝධයකින් හා කැපවීමකින් කටයුතු කළ හැකිව තිබුනි. සුලූතර රජයට බහුතර විපක්ෂයේ සහාය ලබා ගැනීමට සිදුවීම නිසා ඉහත තත්ත්වය නිර්මාණය වූ බවට ඉදිරිපත් කරන මතය ද සැලකිල්ලට ගත යුතුව තිබේ. ජනාධිපතිවරණයෙන් පසුව එම ශක්තිය ද ගෙන වහාම මහ මැතිවරණයකට ගොස් නව රජයක් පිහිට විය යුතුය යන මතයක් පැවතිය ද, පසුගිය මැතිවරණයේදී අපටත් වඩා කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කළ විශේෂයෙන් සාධාරණ සමාජයක් ස`දහා වූ ජාතික ව්‍යාපාරය, පිවිතුරු හෙටක්, පුරවැසි බලය, ජාතික හෙළ උරුමය වැනි බලවේග කල්පනා කරනු ලැබුවේ ජනාධිපති බලතල යටතේ හැකි ඉක්මනින් ප‍්‍රධාන ප‍්‍රතිසංස්කරණයන් සිදු කර පසුව මහ මැතිවරණයට යා යුතු බවයි.

එහි ප‍්‍රථිපලයක් ලෙස දින 100 වැඩසටහන ඉහත බලවේගයන්ගේ ප‍්‍රධානත්වයෙන් නිර්මාණය විය. නමුත් ඒ ස`දහා පාර්ලිමේන්තුවේ සහාය ලබා ගන්නේ කෙසේද යන්න සම්බන්ධව එතරම් අවබෝධයක් එම දින 100 තුළ තිබූ බවක් නොපෙනුණි. ඒ නිසාම දින 100 වැඩසටහනට සහාය ලබා ගැනීමට පසුගිය රජය නියෝජනය කළ එස්.බී, රිෂාඞ්, පවිත‍්‍රා, වැනි ¥ෂිතයන්ට පවා මැති ඇමති අල්ලස් ලබා දීමට සිදු විය. එමෙන්ම පසුගිය රජයට ප‍්‍රසිද්ධියේ විවිධාකරයෙන් සහාය දැක් වූ සමහර ¥ෂිත නිලධාරීන් පවා තවමත් එම ස්ථානයන් හි තබා ගැනීමට පවා සිදුව තිබේ.

මීටත් වඩා බරපතල සාධකය වී ඇත්තේ පසුගිය ජනවාරි 08 අප විසින් පරාජය කළ ජාතිවාදී හා ¥ෂිත බලවේග විවිධ මුහුණුවරයන්ගෙන් නැවත හිස එවීමට කටයුතු කිරීමයි. ඒ ස`දහා පසුගිය රජයේ පහස ලද පුද්ගලික මාධ්‍ය ප‍්‍රසිද්ධියේ සහාය ලබා දෙන අතර, ඉහත ¥ෂිත නිලධාරීන් හා නව රජයේ පත්වීම් ලද මැති ඇමතිවරුන් ද මෙම කි‍්‍රයා දාමයන් ස`දහා ප‍්‍රසිද්ධියේ සහාය පල කරමින් සිටී. පසුගියදා ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවත් එහිම දිගුවක් ලෙස සැලකිය හැකිය.

මෙම පිළිබ`දව පැවැති සාකච්ඡුාවකදී අප සංවිධායකයෙකු පැවසුවේ ... උසාවියට ගේන හැම එකාටම පපුවෙ අමාරුව හැදෙනව නම්, ඇමතිකමේ දිවුරුම් දීල පස්සෙ ගිහින් මහින්දගේ ස්ටේජ් නගිනවා නම්, ¥ෂිතයො අත්අඩංගුවට ගන්න එපා කියල අධිකරණ නියෝග ලබා දෙනව නම්, පුද්ගලික මාධ්‍ය අන්ත ජාතිවාදී ලෙස හැසිරෙනවා නම්, මාධ්‍ය මගින් මහින්දව රට වටේ පන්සල්වලට ගෙනියනවා නම්, පත්කළ නව ලේකම්වරු හිටපු හොරුන්ට සුදු හුණු ගානවා නම්, මැරුම් නොකා අමාරුවෙන් ආණ්ඩුවක් හදාගෙන මෙච්චර දේවල් වෙනකම් අපිට පොන්නයො වගේ බලා ඉන්නද කියන්නෙ...? සාධාරණව කටයුතු කරන්න ඉඩ දෙන්නෙ නැත්නම් විධායක බලය පාවිච්චි කරල හරි කරන්න  ඕන දේ කරන්න  ඕන... බවයි.

වර්තමාන රජය බලයට ගෙන එන්න විශාල කැපවීමක් හා ශ‍්‍රමයක් වැය කළ මේ අය ඉදිරිපත් කරන මෙම විවේචන බැලූ බැල්මට ඉතා සාධාරණ ලෙස පෙනුණත්, මෙවැනි ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය වීම පිළිබ`දව අවබෝධකර ගත යුතුව තිබේ.

පොදු අපේක්ෂකයා ජනාධිපති වූ පසු ඔහු ස්වාධීනව කටයුතු කරනු ඇතැයි ඔහු බලයට ගෙන එන්න කටයුතු කළ එජාපය ඇතුලූ සමහර බලවේගයන් හි බලාපොරොත්තුව විය. නමුත් නොසිතූ ආකාරයෙන් ශී‍්‍රලංනිප යේ නායකත්වය ඔහුට හිමි වූ අතර පක්ෂය එක්සත් කිරීමත්, පක්ෂය ඉදිරි මැතිවරණය වෙනුවෙන් සංවිධානය කිරීමත් මෙම දින 100 තුළම ඔහුට පැවරණු තවත් රජකාරියක් විය. මෙය දින 100 තුළ යෝජිත වැඩපිළිවෙල හා පරස්පර කි‍්‍රයාවක් වූ අතර, පක්ෂය එක්සත් කිරීමට ගන්නා සෑම පියවරයකින්ම පොදු අපේක්ෂක බලයට ගෙන ඒමට කටයුතු කළ බලවේග වල කලකිරීමට හා අසහනයට ද එය හේතු විය. එමෙන්ම මේ අතර, එජාප විරෝ්ධීන් හා විශේෂයෙන් රනිල් විරෝධී කණ්ඩායම් ජනාධිපතිවරයාට සමීප වී එජාප රජයක් ඇතිවීම වැලැක්වීමට හෝ එජාපය බලවත් වීම වැලැක්වීමට අවශ්‍ය පියවර ගනිමින් තිබීමත් මෙම ආතතිය වැඩි කිරීමට තවත් හේතුවක්ව තිබේ.

පොදු අපේක්ෂක බලයට ගෙන ඒමට කටයුතු කළ බලවේගයන්ගෙන් බහුතරය මේ මොහොතේ පවතින ගැටලූ සදහා ඇති එකම විසදුම ලෙස මහ මැතිවරණය යෝජනා කරනු ලැබුවත්, එය කි‍්‍රයාත්මක නොවන්නේ ඉහත එජාප හා රනිල් විරෝධී බලවේගයන්ගේ ශක්තිය නිසා වෙනි. හැකි තරම් කාලයක් ගෙන ශී‍්‍රලනිප ඇතුලූ අනෙකුත් බලවේග ශක්තිමත් කර ගෙන මහ මැතිවරණයට යාම එම බලවේගයන්ගේ අදහස වී තිබේ. නමුත් මහ මැතිවරණය දිනෙන් දින කල් දැමීම ම ජනාධිපතිවරයා ඇතුලූ නව රජය අපකීර්තියට හා අසාර්ථකත්වයට පත්වීම වැලැක්විය නොහැකි කරුණක් ව තිබේ.

පවතින තත්ත්වය තුළ වීදියේ විරෝධය ලෙස අපගේ අනාගත කි‍්‍රයාකාරීත්වය කෙබදු විය යුතුද යන්න ගැඹුරින් සැලකිල්ලට ගත යුතුව ඇත. ඊට පෙර පසුගිය කි‍්‍රයාකාරීත්වයේ දී අප ලත් අසාර්ථකත්වයන් හා අප වෙත එල්ල වූ විවේචන සැලකිල්ලට ගත යුතුව ඇත. පසුගිය කාලය තුළ කි‍්‍රයාත්මක වූ සංවිධාන හා විවිධ ව්‍යාපාරයන්ට සාපෙක්ෂව වීදියේ විරෝධය වෙත සෑහෙන පිරිසක් කි‍්‍රයාකාරී ලෙස සම්බන්ධ වූ අතර, ඔවුන්ගෙන් වැඩි දෙනෙකු මේ වන විටත් සකී‍්‍රය මට්ටමේ සිටීම ඉතා වැදගත් සාධකයකි.

ඉතා අවධානම් කාලයක අප සම`ග එක්වූ පිරිස් රැුක ගෙන ඔවුන් සම`ග ශක්තිමත්ව ඉදිරියට යාමත්, සුපුරුදු විරෝධතා ව්‍යාපාර, උද්ඝෝෂණ වැනි කි‍්‍රයාකාරකම් මානසිකත්වයෙන් පමණක් කි‍්‍රයාත්මක නොවී රජය සමග සාකච්ඡුා හා බලපෑම් කිරීම් වෙත යොමු වීමත්, වෙනත් වැඩ නොමැති වෙලාවට පමණක් වීදියේ විරෝධයේ කි‍්‍රයාකාරකම් සිදු නොකොට, ඒ ස`දහා අනිවාර්්‍යයෙන් කාලය වෙන්කරගෙන වගකීමෙන් මෙම කටයුත්තට මැදිහත් වීමට හැකි වුවහොත් පමණක් ජාතිවාදය පරදා ලැබු ජය අර්ථවත්ව ඉදිරියට ගෙන යාමට වීදියේ විරෝධයට හැකියාව උදාවනු ඇත.

පිලිප් දිසානායක
2015 මැයි 19

Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.