ව්‍යවස්ථා සංශෝධනයේ අනිටු විපාක – ජනාධිපති නීතිඥ අලි සබ්‍රි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් වරින්වර විවිධාකාරයේ කතිකා දකින්නට පුළුවන. වර්තමානයේද එවන් කතිකාවක් ඇත්තේ විසුරුවා ඇති පාර්ලිමේන්තුව පදනම් කරගෙනය. අද පවතින්නේ වරින්වර සංශෝධනය වූ 1977 දී සම්මත කරගත් ව්‍යවස්ථාවය. ව්‍යවස්ථාමය ගැටුම්, අර්බුද සම්බන්ධව කාරණා කරළියට එන්නේ කොතැනකදී හෝ වූ වැරැද්දක් අඩු පාඩුවක් නිසාද? එය මේ සියල්ලට පසුබිමින් මතු කෙරෙන ප්‍රශ්නයකි. රටේ ජනතාවගේ අවශ්‍යතාව අනුව ව්‍යවස්ථාව සකස් කෙරෙනවා වෙනුවට තම තමන්ට අවශ්‍ය ආකාරයට ව්‍යවස්ථාවත් සමඟ සෙල්ලම් කිරීම මෙයට ප්‍රධාන හේතුවකි. එදා සිටි දේශපාලනඥයන් කටයුතු කර ඇත්තේ කවරාකාරයෙන් දැයි ඇතිවී තිබෙන තත්ත්වයෙන් හොඳින්ම ප්‍රකට වන්නකි. 1931 ව්‍යවස්ථාවක් තිබුණි. ඒ වගේම 1947 ද ව්‍යවස්ථාවක් අපට…

Read More

ඇතුළේ මීටරයක් තියා , සෙන්ටිමීටරයක් වත් ඈතින් ඉන්න අමාරුයි – නීතිඥ සේනක පෙරේරා

නීතිඥ සේනක පෙරේරා – සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව

නීතිඥ සේනක පෙරේරා – සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ඔබ සමාජයෙහි කිසිම ගෞරවයකට ලක් නොවෙන කණ්ඩායම්වල අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින කෙනෙක්. කොවිඩ්-19 වසංගතය හමුවේ එවැනි ජන කණ්ඩායම් විශේෂ පීඩාවක් විඳිනවාද? සමාජීය වශයෙන් කුණු බක්කියට වැටුණ, කොන්වුණ, ජන කණ්ඩායම් රැසක් ඉන්නවා. මේ අය සංස්කෘතික ජන කණ්ඩායම්වලට වඩා පීඩාවට ලක්වුණ පීඩිත ජන කණ්ඩායම්. විශේෂයෙන්ම සිරකරුවන්, ලිංගික ශ්‍රමිකයන්, සනීපාරක්ෂක කම්කරුවන් ආදි විවිධ කොටස් ඉන්නවා. මේ අය කොවිඩ්-19 වගේ ආර්ථික කඩාවැටීමක්, බලපෑමක් ඇතිවුණාම ඒ බලපෑමෙනුත් පීඩා විඳිනවා. ඒ වගේම ඔවුන්ගේ අනන්‍යතාව නිසාත් පීඩාවට ලක්වෙනවා. ඒ අනුව ඔවුන් දෙපැත්තකින් පීඩාවට ලක්වෙමින් ඉන්නවා. රජය ක්‍රියාත්මක කරන සුභසාධන…

Read More

ආණ්ඩුවට මේ තත්වය වාසිදායකයි – ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි

ආණ්ඩුවට මේ තත්වය වාසිදායකයි – ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි

කොරෝනා වසංගතයෙන් පසු ලෝකයම වෙනස් වේවි කියන අදහස සාකච්ඡාවට ලක්වෙනවා. ඉදිරිය ගැන ඔබේ අදහස මොකක්ද? ඇත්තටම කියනවා නම් මට වෙනස් වීමේ සාකච්ඡාව ගැන උනන්දුවක් නෑ. ලංකාවෙත් එහෙම සාකච්ඡාවක් තියෙනවා. මට එහෙම උනන්දුවක් නැත්තේ හේතු කිහිපයක් නිසා. මම හිතනවා සාමාන්‍යයෙන් කොහොමත් ලෝකය වෙනස් වෙන බව. මේ කාලයේ ඉක්මනට වෙනස් වෙනවා. අවුරුදු විස්සකට කලින් තිබුණ ලෝකය නෙවෙයි දැන් තියෙන්නේ. දැනටමත් ලෝකය වෙනස් වෙනවා. ජාත්‍යන්තර ගමන් බිමන් අඩු වෙනවා. පිටරටවල ගිහින් කරපු සමුළු ආදිය දැන් අන්තර්ජාලය හරහා කරනවා. මෙවැනි බලපෑම් ගොඩක් තියෙනවා. එවැනි සිදුවීම් නිසා වෙනත් බලපෑම් සිද්ධවෙන්න පුළුවන්. ඒකෙන් ආර්ථිකයට විශාල බලපෑමක්…

Read More

අයිතිවාසිකම් වෙනුවෙන් කතාකරන කාන්තාවන් දිහා බලන්නේ වපරැහින් – ආචාර්ය දීපිකා උඩුගම

Human Rights commission in sri lanka

මානව හිමිකම් කොමිෂන් සභාව ජාත්‍යන්තර කාන්තා දිනය සමරන්නට සැලසුම් කරලා තියෙන්නේ කෙලෙසද? ජාත්‍යන්තර දින සමරනකොට උත්සවයකට සීමා නොකර සමාජයට ප‍්‍රතිඵලයක් ඇතිවෙන විදියට ඒවා සමරන එක තමයි අපේ අරමුණ. මේ ජාත්‍යන්තර දිනයන් ඒ ඒ ක්ෂේත‍්‍ර වලට තියෙන ප‍්‍රශ්න ගැන සංවාදයක් ඇති කරගන්න හරිම වැදගත්. ඒ නිසා අපි වාර්ෂිකව ජාත්‍යන්තර කාන්තා දිනය විවිධ තේමා යටතේ සැමරුවා. අපි යම් ජන කොටසක් පීඩාවට ලක් වන විට මේ වගේ ආයතනයක් ඔවුන්ව හඳුනාගෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් හා සමාජයීය වශයෙන් හිමි අයිතිවාසිකම් ලබාගන්නට හයියක් දෙන්න  ඕනෑ. එහෙම වෙනකොට ඒ ක්ෂේත‍්‍රවල පිබිදීමක් ඇති වෙනවා. ඒ නිසයි මේ වගේ ස්වාධීන…

Read More

කොවිඩ්-19 ගැන වැරදි වාර්තා ලැබුණේ සාම්පල් පිටට යවපු නිසා – රවී කුමුදේශ්

කොවිඩ්-19 ගැන වැරදි වාර්තා ලැබුණේ සාම්පල් පිටට යවපු නිසා - රවී කුමුදේශ්

පිළියන්දල මාළු වෙළෙන්දෙක්, බණ්ඩාරණායකපුර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, යුධ හමුදා සෙබළෙක්, ජාතික රෝහලේ නිලධාරිනියක් ඇතුළු සැලකිය යුතු පිරිසකට කොවිඩ්-19 රෝගය ඇති බව පීසීආර් පරීක්ෂණ ප‍්‍රතිඵල වලින් තහවුරු වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියනු ලැබීය. එහෙත් පසුව සෞඛ්‍ය අමාත්‍යාංශයම කීවේ ඒ අයට කොවිඩ්-19 රෝගය නැතැයි පසුව ලැබුණු වාර්තාවකින් තහවුරු වූ බවය. මෙය සාමාන්‍ය පුරවැසියන්ට මහා අපභ‍්‍රංශයක් වී තිබේ. මෙතෙක් කොවිඩ්-19 පිළිබඳව ලැබී ඇති දත්ත ගැනද සැකයක් ඇතිව තිබේ. කොවිඩ්-19 රෝගය ඇති බවට වැරදි වාර්තා බොහොමයක් ලැබී ඇත්තේ ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායනාගාරයෙන්ය. දැන් ඇතිව තිබෙන ආන්දෝලනය ඇතිවීමට පෙර සිටම ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායනාගාරය ඇතුළු…

Read More

බෝඩිම්වලින් එළෙව්වත්, ඉටිකොළ බැඳන් හෙද නිලධාරීන් වැඩ – සමන් රත්නප්‍රිය

බෝඩිම්වලින් එළෙව්වත්, ඉටිකොළ බැඳන් හෙද නිලධාරීන් වැඩ - සමන් රත්නප්‍රිය

ලංකාවේ වසංගත මර්දනයේදී ‘වීරෝදාර’ කියන වචනය ඉදිරියට දමාගෙන වැඩකරන පාර්ශ්ව කිහිපයක් ඉන්නවා. ඒ අතර හෙද නිලධාරීන්ගේ දායකත්වය මොකක්ද? කොවිඩ්-19 වසංගත රෝග තත්වය මර්දනය කරන්නට ලෝකයේ වැඩිම දායකත්වයක් සපයන්නේ හෙද නිලධාරීන්. රටක් විදියට ලංකාවේ තත්වයත් ඒක. කොරෝනා වාට්ටුවක් වුණත් වෙන අංශයක් වුණත් පැය විසිහතරේම රාජකාරී කරන්නේ හෙද නිලධාරීන්. වැඩිම අවදානමක් තියෙන්නේත් හෙද නිලධාරීන්ට. රෝගීන්ව පරීක්ෂා කිරීමට නියැදි ගැනීමත් හෙද නිලධාරීන් කරනවා. බෙහෙත් ලබාදීම, ඉන්ජෙක්ෂන් ලබාදීම, ආහාර ලබාදීම හෙද නිලධාරීන් කරනවා. දැනට වෛද්‍යවරුන් කරන්නේ වීදුරුවෙන් එහාපැත්තේ ඉඳගෙන රෝග ලක්ෂණ අහලා ප‍්‍රතිකාර නියම කිරීම.  ඕක තමයි ඇත්ත. සමහර වෛද්‍යවරුන් දවසකට පැය දෙකක්වත් රාජකාරීවලට…

Read More

පාර්ලිමේන්තුව වහා කැඳවන්න : එම්.ඒ. සුමන්තිරන්

පාර්ලිමේන්තුව වහා කැඳවන්න : එම්.ඒ. සුමන්තිරන්

පවතින වසංගත තත්වය හමුවේ වහා පාර්ලිමේන්තුව කැඳවිය යුතු බව දෙමළ ජාතික සන්ධානයේ ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීතිඥ එම්.ඒ. සුමන්තිරන් ප‍්‍රකාශ කරයි. අප්‍රේල් 01 වැනිදා යූටියුබ් වෙබ් අඩවියට වීඩියෝවක් එකතු කරමින් ඔහු මේ බව පවසා තිබේ. හදිසි තත්වයක් යටතේ, විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව යළි කැඳවීමේ හැකියාව ජනාධිපතිවරයාට තිබෙන බව එම්.ඒ. සුමන්තිරන් මහතා එහිදී පෙන්වාදුන්නේය. හදිසි තත්වය ඉවත්වන තුරු පාර්ලිමේන්තුව රැස් කළ හැකි බවද ඔහු සඳහන් කළේය. බොහෝ රටවල් මේ හදිසි අවස්ථාවේ පාර්ලිමේන්තුව රැස් කරවා අත්‍යවශ්‍ය නීතිරීති සම්මත කරගත් බව ඔහු කියයි. මෙය ඉතා වැදගත් තත්වයක් බවත්, මෙය පෙර අපේක්ෂා නොකළ තත්වයක්…

Read More

ඉඩම් ඩිජිටල්කරණ ව්‍යාපෘතියේ වාසිය ඇමෙරිකන්කාරයාට නොව අපටයි – මහාචාර්ය රොහාන් සමරජීව

ඉඩම් ඩිජිටල්කරණ ව්‍යාපෘතියේ වාසිය ඇමෙරිකන්කාරයාට නොව අපටයි - මහාචාර්ය රොහාන් සමරජීව

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (MCC) ගිවිසුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ (ICTA) කාර්යභාරය සහ ඒ සම්බන්ධයෙන් එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධයෙන් එහි සභාපති හා එක්සත් ජාතීන්ගේ ඩිජිටල් සහයෝගිතා කමිටුවේ සාමාජික මහාචාර්ය රොහාන් සමරජීව සමඟ කළ කතාබහකි. MCC ගිවිසුම පදනම් කරගෙන විවිධ අදහස් සමාජ ගතවෙමින් තිබෙනවා. මේ ගිවිසුම යටතේ ඉඩම් සිතියම්ගත කර ඩිජිටල්කරණය කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන ඔබ ආයතනය ඒ පිළිබඳ කිසියම් පැහැදිලි කිරීමක් කළොත්? ඉඩම් සිතියම් ගත කිරීමේ ව්‍යාපෘතියේ අපේක්ෂාව වන්නේ පෞද්ගලික ඉඩම් සහ අවම ලෙස භාවිතට ගැනෙන රජයේ ඉඩම් පිළිබඳ තොරතුරු පහසුවෙන් එක් රැස් කිරීමට හැකි…

Read More

රට ණයයි ආර්ථිකය ලොකු අවුලක – මහින්ද රාජපක්ෂ

රට ණයයි ආර්ථිකය ලොකු අවුලක - මහින්ද රාජපක්ෂ

අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා සිය ප්‍රථම නිල සංචාරය සඳහා ඉන්දියාව බලා පිටත් වූයේ පසුගිය 7 වැනිදාය. එම සංචාරයේදී ඒ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ජනාධිපති රාම් නාත් කෝවින්ද්, හිටපු අග්‍රාමාත්‍ය මන් මෝහන් සිං, කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි යන මහත්වරුන් මුණගැසී සාකච්ඡා පැවැත්වීය. මෙම සංචාරයේදී අග්‍රාමාත්‍යවරයා ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකටද එක්විය. එහිදී ඉන්දියාවෙන් ගත් ණය සඳහා සහන කාලයක් බලාපොරොත්තු වන බව ප්‍රකාශ කළ අග්‍රාමාත්‍යවරයා ඉකුත් ආණ්ඩුව එකඟතාව පළ කළ ව්‍යාපෘති තම ආණ්ඩුව ඉදිරියට ගෙන නොයන බව ද කීවේය. ‘ද හින්දු’ පුවත්පතේ මාධ්‍යවේදිනී ‘සුහාසිනි…

Read More