ආරක්ෂක ලේකම්ගෙන් පොලිසියට රතු එළියක්

මත්කුඩු ජාවාරම්, කප්පම් ගැනීම්, පාතාල ක්‍රියාකාරකම්, ගස් කැපීම්, ගණිකා මඩම්, වැලි ගොඩ දැමීම් සහ අනෙකුත් නීති විරෝධී ක්‍රියා මහා පරිමාණයෙන් සිදුවනවා නම් එම පළාත් භාර උසස් පොලිස් නිලධාරීන් නිල ඇඳුමක් ඇඳ සිටීම පිලිබඳව ලැජ්ජාවිය යුතු බව ආරක්‍ෂක ලේකම් (විශ්‍රාමික) මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පවසයි. ඔහු කියා සිටින්නේ “තමා රාජකාරී කරන ප්‍රදේශ වල විවිධ බලවේග වලට යටත් නොවී, තමාගේ නිල ඇඳුමේ ගෞරවය රැකගැනීමට මේ නීති විරෝධී ක්‍රියා මහා පරිමාණයෙන් සිදුවීමට ඉඩ නොදෙන ලෙසය. මේ සිදුවන වැරදි වලින් ඒ පළාත් වල සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ හා නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ සිට පොලිස් ස්ථානාධිපතිවරුන් දක්වා…

Read More

මානව හිමිකම් ආරක්ෂා කිරීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්මේ කරුණු තවමත් ඉටු වී නෑ! – SLCAT

ශ්‍රී ලංකා රජය විසින් හඳුන්වාදුන් 2017-2021 දක්වා වූ මානව හිමිකම් ආරක්ෂා කිරීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්මේ වධහිංසාවෙන් තොරවීම සම්බන්ධ බොහෝ කරුණු මේ වන තෙක් ඉටුවී නොමැති බවත් එහි ඇතුළත් කරුණු නොපමාව ඉටු කිරීමට කටයුතු කරන ලෙසත් වධහිංසාවට ඒරෙහි ශ්‍රි ලංකා එකමුතුව රජයට කියා සිටියි. අදට (ජූනි 26) යෙදී ඇති වධහිංසාවට හා කෲර, අමානුෂික, අවමන් සහගත සැලකීම්වලට ලක්වූ වින්දිතයන්ට සහය දැක්වීමේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් වධහිංසාවට ඒරෙහි ශ්‍රි ලංකා එකමුතුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා ඇත. හිංසනය සම්බන්ධයෙන් දීර්ඝ කාලීන අත්දැකීම් ඇති ශ්‍රී ලංකාව හිංසනයෙන් විනිර්මුක්ත ශිෂ්ට සම්පන්න රටක් බවට පත් කිරීම…

Read More

ෆැපරල් සංවිධානයෙන් මැතිවරණ පැමිණිලි භාර ගැනීමට ඒ්කකයක්

සමබිමක් තුළ නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට කැපවෙමින් මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නීතිවිරෝධී ප‍්‍රචාරක කටයුතු ආදිය සොයා බැලීම සඳහා ෆැපරල් සංවිධානය විසින් පැමිණිලි ඒ්කකයක් ස්ථාපිත කර ඇත. ඒළැඹෙන අගෝස්තු 05 වන දිනට පැවැත්වීමට සැලසුම්කොට ඇති පාර්ලිමේන්තු මැතිවරණය නිදහස් හා සාධාරණ අයුරින් මෙන්ම මැතිවරණ නීතියට අනුකූලව සිදුවිය යුතු බවද ඒ අනුව පෙර මැතිවරණවලදී මෙන්ම නිදහස් හා සාධාරණ මැතිවරණයකට බලපෑම් එල්ලවන රාජ්‍ය දේපල අවභාවිතයන් , මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නීතිවිරෝධී ප‍්‍රචාරක කටයුතු ආදිය සොයා බලමින් අදාල මැදිහත්වීම් සිදුකිරීමට පැමිණිලි ඒකකයක් ස්ථාපිත කළ බව ෆැපරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි. ඒ අනුව නිදහස්…

Read More

නාමල් පෙරටුගාමීන්ට සිදුකළ පහර දීම සම්බන්ධයෙන් පරික්ෂණයක් ඉල්ලන්නේ ඇයි?

නාමල් පෙරටුගාමීන්ට සිදුකළ පහර දීම සම්බන්ධයෙන් පරික්ෂණයක් ඉල්ලන්නේ ඇයි?

පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට සිදු කළ සාමකාමී විරෝධතාවයට පහර දෙමින් පුද්ගලයින් 53 කු පොලිසිය අත්අඩංගුවට ගත් අයුරු මේ වන විට මුලු රටම දන්නා කරුණකි. මීටරයේ දුරස්ථභාවය පවත්වා ගනිමින්, සෞඛ්‍ය නීති රිතීන්ට අනුකූලව සිදු කළ මෙම සාමකාමී විරෝධතාවයේදි පොලිසිය පහර දුන් අයුරු, පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා අමානුෂික ආකාරය පිලිබඳ මේ වන විට මුලු රටේම යම් කථිකාවතක් ගොඩනැගෙමින් තිබේ. බොහෝ අය මෙම විරෝධතාවයට කළ පහර දීම තරයේ හෙළා දකිමින් අප්‍රසාදය පළ කරන අයුරු දැකිය හැකිය. පොලිසිය කළ මෙම අමානුෂික පහරදීම කිසිවෙකුත් නම් අනුමත කරන්නේ නැත. විශේෂයෙන්ම තරුණියන්ට පොලිසිය සිදු කළ…

Read More

‘මුස්ලිම් ප්‍රජාවට එරෙහි වෙනස්කම්’, ත්‍රස්ත විරෝධී නීතිය සහ හිජාස් හිස්බුල්ලා

අදින් මාස කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පැවති විභාගයකදී තරුණ නීතිඥවරයෙක් පෑ වාග් පෙළහර එහි සිටි බොහෝ දෙනාගේ සිත් ඇදගැනීමට සමත්විය. රට පුරා මහත් ආන්දෝලනයකට ලක් වූ ඒ නඩු විභාගයේදී ඔහු මතු කළ තර්ක කෙතරම් අවධානයට ලක් වූයේ ද යත් ඔහුගේ මිතුරන් මතු නොව, අධිකරණයේ දී ඔහුගේ ප්‍රතිවාදීන් වූ සගයින් ද ඔහු පැසසීමට පසුබට නොවූහ. නඩුව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් නීති විරෝධී ලෙසින් අගමැතිවරයා පදවියෙන් පහකොට පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීමට එරෙහිව පැවති මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳ විභාගයයි. එම තරුණ නීතිඥයා පෙනී සිටියේ ජාතික මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල්…

Read More

අපේකම හා සදාචාර පද්ධතිය -බැසිල් ප්‍රනාන්දු

‘‘හෝමෝසේපියන්ස්’’ නමින් හදුන්වනු ලබන මානවයා ඇතිවීමත්, ඉන් පසු දීර්ඝ කාලයක් ඔස්සේ එම මානවයන්ගේ අත්දැකීම් හා කල්පනා ධාරාවන් තුලින් වර්ධනය වූ ආධ්‍යාත්මික ගතිගුණත්, පසු කාලීනව ඇති වූ සියල්ලන්ගේම දායාදයක් බවට පත් විය. එම දායාදය ඉතාමත් පොහොසත් කාලයකට එලබෙන්නේ එම මානවයන් අතර ඇති වූ ආචාරධර්මයන් හෙවත් සදාචාරයන්ගේ වර්ධනයත් සමගය. ඇත්තෙන්ම එම මානවයන්ගේ සාමූහිකත්වයේ ඇගිලි සලකුණ වන්නේ එම සදාචාර පද්ධතියයි. අප‍්‍රිකාවෙන් උපත ලැබූ එම මානවයා ලෝකයේ බොහෝ දිසාවලට ගමන් කලහ. ඉන් පසු ඔවුහු යම් යම් දේශවලට අවතීරණව එම දේශවල තිබූ සම්පත් යොදා ගනිමින් තමන්ගේ පැවැත්ම කරගෙන ගියහ. එම පැවැත්මේ දී මෙම මානවයා තුල…

Read More

අපේකම යනු කුමක්ද? – බැසිල් ප‍්‍රනාන්දු

මේ දිනවල අපේකම පිළිබදව වැදගත් සාකච්ඡාවක් නිර්මාණය වෙමින් පවතී. මෙයට එක් ප‍්‍රධාන හේතුවක් වන්නේ දැනට ලංකාෙව් සමස්ථ ජනතාව තුලම ලංකාෙව් ප‍්‍රාග් ඉතිහාසය පිළිබද ගෙව්ශණ වල සොයා ගැනීම් පැතිරීමට පටන්ගෙන තිබෙන නිසාය. මෙය අතිශයින් වැදගත් වන සාකච්ඡාවක මුල් අවධියකි. මේ නිසා අපේකම යන්න පිළිබද අදහස ලංකාෙව් විකාශනය වී ඇති ආකාරය පිළිබදව කල්පනා කිරීම වටී. ඉතිහාසයේ ප‍්‍රධාන අවධීන් හිදී මෙම අදහස පිළිබදව වෙනත් අර්ථකතනයන් පැවතී ඇති බව පෙනී යයි. අපේකම පිළිබද අදහසේ විකාශනය පහත සදහන් අවධීන් තුලින් සිදු වූ බව පෙනී යයි. පළමු වන අවධිය ලංකාවට ආදිවාසී කණ්ඩායම් දැනට අවුරුදු එක් ලක්ෂ…

Read More

ආදිවාසීන් විසින් ලංකාවට දායාද කල මහා උරුමය – බැසිල් ප්‍රනාන්දු

ආදිවාසීන් කිසිදු සංස්කෘතික උරුමයක් ලංකාවට එකතුකර නැත යන පදනම මත ලංකාෙව් ඉතිහාසය බොහෝදුරට ලියවී ඇත. එහෙත් ලංකාෙව් ආදිවාසීන් ජීවත් වූ කාලය, ඉන්පසු ඇති වූ කාලයට වඩා ඉතා ගැඹුරු සාධනීය සාධකයන් ලංකාෙව් සංස්කෘතියට උරුමකර දී ඇති බව ඉතා පැහැදිලිව පෙන්නුම් කල හැකිය. මෙවනි සුලු ලිපියකින් එම කාර්ය කල නොහැකි නමුත් කෙටියෙන් එම බලපෑම සිදු වූ ආකාරය පෙන්නුම් කල හැකිය. ආදිවාසී යුගය පුරාම පවතින්නේ පරිසර හිතකාමී පැවැත්මක් හා චින්තන ක‍්‍රමයකි. එම කාලය තුල ස්වභාවධර්මය හෝ ශ‍්‍රමය සූරා කෑම තුලින් ධනය එකතු කිරීම පිළිබද සංකල්පය නොපැවතින. එසේ පැවතීමට හේතුවක් තිබුනේද නැත. කෙටියෙන් කීවොත්…

Read More

ජන ජීවිතයේ අතීතය – බැසිල් ප්‍රනාන්දු

ලංකාෙව් අතීත ඉතිහාසය කොපමන කාලපරිච්ඡේදයකට දිව යන්නේද යන ප‍්‍රශ්ණය පැන නැගුවහොත් ඊට ක්ෂනිකවම ලැබෙන පිළිතුර වන්නේ ලංකාවට අවුරුදු 2500 වැඩි ඉතිහාසයක් පවතින බවයි. මෙය බොහෝ දුරට නීර්ණය කර ඇත්තේ විජය රජු හා ඔහු සමග පැමිණි කණ්ඩායම පැමිණි දින සිට පටන්ගන්නා ඉතිහාසයක් වශයෙනි. විජය රජු පිළිබද මිත්‍යා කතා වටා ඇත්තේ ලංකාවට සංක‍්‍රමණිකයන් පැමිනීමත්, එම සංක‍්‍රමණිකයන් අතරින් පටන්ගත් ඉතිහාසයක් ලංකාෙව් පහළ වූ බවය. එහෙත් ඉතිහාසය පිළිබදව වර්තමානයේදී කරනු ලබන සාකච්ඡාවල් එයට බොහෝ ඈත කාලයක් පිළිබදව කෙරෙන කතාවක් සේ පවතී. ලෝකයේ පැවැත්ම වසර බිලියන ගනනාවකට පෙර සිදුවූවක් සේ අද විද්‍යාත්මකව පිළිගනු ලබයි. එහි…

Read More

ජනතා ඉතිහාසයක අවශ්‍යතාවය – බැසිල් ප‍්‍රනාන්දු

ඉතිහාසය නායකයන්ගේ හා බලවතුන්ගේ ක‍්‍රියාකාරකම් පිළිබදව සටහනක් සේ සැලකීම සාමාන්‍ය සිරිතකි. එවැනි ආකාරයේ ඉතිහාසය ලිවීම බොහෝ කාලයක් පුරාම පැවත ඇත. විවිධ රජවරුන්ගේ හෝ බලවත් සෙනෙවියන්ගේ හෝ පසු කාලීනව රාජ්‍ය නායකයන්ගේ කෙරුම්කාරකම් පිිළිබදව ලියවී ඇති ඉතිහාස ග‍්‍රන්ත අපමණය. ඉතිහාසය හුදෙක් රජවරුන්ගේ හා බලවතුන්ගේ ක‍්‍රියාකාරකම් පිළිබදව සටහනක් නොවන බවත්, සමාජයන්හි විසූ මිනිසුන් කලකී හා හිතූදේ බවත් ලිවීම, ඓතිහාසික ක්ෂේත‍්‍රයට එලබුනේ මෑත කාලයේදීය. මේ අනුව ඇමරිකානු ඉතිහාසය සම්බන්දයෙන් ජනතා ඉතිහාසය ලියවී ඇති අතර ඒ තුලින් සාමාන්‍ය ඉතිහාස ග‍්‍රන්ත වලට ඇතුලත් නොවන බොහෝ කරුනු හෙලිදරව් විය. මේ ආකාරයටම ඉන්දියාව තුලද ඉතිහාසය පිළිබදව, ලිවීම පිළිබදව…

Read More