ටිරාන් අලස් සියඹලා ගෙන්නලාම නැද්ද? – කේ. සංජීව

ටිරාන් අලස් සියඹලා ගෙන්නලාම නැද්ද?

පසුගිය ජූලි 10 වෙනිදා පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මවුබිම ඡායාරූප මාධ්‍යවේදී අඛිල ජයවර්ධන බලහත්කාරයෙන් කොළඹ මහාධිකරණයේ පොලිස් මුරපොළට ඇදගෙන යාමේ පුවත තවමත් සමාජ මාධ්‍ය උනුසුමින් නහවමින් තිබෙයි. නියෝමාල් රංගජීව යනු කුප්‍රකට වැලිකඩ සිරගෙදර සිරකරුවන් මරාදැමීමේ නඩුවේ ප්‍රධාන සැකකරුවෙක් ය. ඔහු ජූලි 10 දා කොළඹ මහාධිකරණ පරීශ්‍රයට එන්නේ එම නඩු විභාගය සඳහා සහභාගී වීමට ය. එම නඩුවට කළින් තවත් වැදගත් නඩු විභාගයක් පැවතී ඇත. ඒ මවුබිම පුවත්පතේ හිමිකරු ටිරාන් අලස් ප්‍රමුඛ විත්තිකරුවන් 4 දෙනෙකුට විරුද්ධව පැවති ‘රාඩා’ නඩු විභාගයයි. මවුබිම මාධ්‍යවේදියාට බලහත්කාරය පා ඔහුව පොලිස් පෝස්ට් එක තුළට ඇදගෙන ගොස් කැමරාවේ…

Read More

රංගජීව සම්බන්ධයෙන් පොලිස්පතිවරයා නීතිය ක්‍රියාත්මක කල යුතුයි! – නාමල් රාජපක්ෂ

රංගජීව සම්බන්ධයෙන් පොලිස්පතිවරයා නීතිය ක්‍රියාත්මක කල යුතුයි! - නාමල් රාජපක්ෂ

පොලිස් මත් ද්‍රව්‍ය වැටලීම් කාර්යාංශයේ හිටපු ස්ථානාධිපති නියෝමාල් රංගජීව මහතා විසින් පුවත්පත් ඡායාරූප ශිල්පයෙකුට සිදු කරන ලද බාධා කිරීම පිළිබදව මමත් මාධ්‍ය මගින් දැන ගත්තා. ඒ සම්බන්ධයෙන් පොලිස්පති වරයා යම් සොයා බැලීමක් කළ යුතු යැයි  හම්බන්තොට දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ  මහතා ඊයේ (10) තංගල්ලේදී  පැවසීය. කිසිදු හේතුවක් නොමැතිව ඡායාරූප ශිල්පියාට බාධාකිරීමක් සිදුව තිබේනම් ඒ සම්බන්ධයෙන් පොලිස් පතිවරයා නීතිය ක්‍රියාත්මක කළ යුතු බවද නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේය. ඒ මහතා එසේ පවසා සිටියේ අද (10) සවස තංගල්ල කදුරුපොකුණ ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක හමුවකට සහභාගිවීමෙන් අනතුරුවය. එහිදී වැඩි දුරටත් අදහස්…

Read More

අද සියලු මාධ්‍යන් සිවිල් ක්‍රීයාධරයන්ට තහනම් ප්‍රදේශ වෙලා! – මහාචාර්ය සරත් විජේසූරිය

අද සියලු මාධ්‍යන් සිවිල් ක්‍රීයාධරයන්ට තහනම් ප්‍රදේශ වෙලා! - මහාචාර්ය සරත් විජේසූරිය

අද සියලු මාධ්‍ය සිවිල් ක්‍රියාධරයන්ට තහනම් ප්‍රදේශ බවට පත් කර ඇතැයි මහාචාර්ය සරත් විජේසුරිය මහතා පවසයි. අද තමන්ගෙන් බොහෝ දෙනෙක් විමසන්නේ ඇයි දැන් ශබ්ද නැතුව ඉන්නේ, බයයිද යන්න බවත් ඇත්ත වශයෙන්ම තමන් ඇතුලු කණ්ඩායම අඛණ්ඩවම නිදහස හා ප්‍රජාත්‍රන්තවාදය වෙනුවෙන් හඬ නඟන අතර හඬ නැඟිය හැකි අවකාශය තුල උපරිමයෙන්ම හඬ නගන බවත් ඔහු කියා සිටියි. මාධ්‍ය නිදහස මාධ්‍යවේදියාට මෙන්ම නීතිගරුක පුරවැසියාටත් අවශ්‍ය බව සඳහන් කරන ඔහු කියා සිටින්නේ ඉන් ජනතාව සවිඥානක වන බවය. ජනතාව සවිඥානක නොවනතාක් කල් අවිද්‍යාව ඉහළ සිට පහළට ගලා ගෙන යන බවද ඔහු පෙන්වා දෙයි. මේ පවතින ක්‍රමය…

Read More