මහජන ව්‍යවස්ථා සම්පාදනයක් දිනා ගැනීම – වික්ටර් අයිවන්

දැන් ලංකාව තිබෙන්නේ විධිමත් ව්‍යවස්ථාවක් නැති අවුල්සහගත තත්ත්වයකය. දෙවන ජනරජ ව්‍යවස්ථාව තිබෙන්නේ දිගින් දිගට කරන ලද කෙළෙසීම් නිසා ප‍්‍රයෝජනයට ගත නොහැකි වැරහැලි තත්ත්වයකය. ව්‍යවස්ථාව හදා ගැනීම අත්‍යවශ්‍ය වුවත් එය හදා ගත යුතුව තිබෙන්නේ පරණ යල් පැනගිය ක‍්‍රමයට නොවේ. පරණ යල්පැනගිය ක‍්‍රමය ලෙස සැලකිය හැක්කේ ව්‍යවස්ථා සම්පාදනය ව්‍යවස්ථාදායකයේ මන්ත‍්‍රීවරුන්ට සීමාකළ ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රමයටය. මහජන සහභාගි ව්‍යවස්ථා සම්පාදන ව්‍යවස්ථා සම්පාදනයේ නූතන මාදිලියයි. එම මාදිලිය තුළ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට අතිරේකව මහජනතාවටද ව්‍යවස්ථා සම්පාදනයට ක‍්‍රියාකාරී ලෙස සම්බන්ධ විය හැකිය. ආණ්ඩුක‍්‍රමයේ ඇතිකර ගන්නා වෙනසකට සීමා නොවී සමස්ත ක‍්‍රමයේ පූර්ණ වෙනසක් ඇතිකර ගත හැක්කේ ද ඒ ක‍්‍රමටය.…

Read More

ඒස් . එම් චන්ද්‍රසේන බරටම රාජ්‍ය දේපල අවභාවිතයේ!

ඒස්.ඒම් චන්ද්‍රසේන බරටම රාජ්‍ය දේපල අවභාවිතයේ!

අනුරාධපුර දිස්ත‍්‍රික්කයෙන් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂයෙන් තරඟ වදින එස් . එම් චන්ද්‍රසේන මහතා තවමත් ඔහු කලින් අමාත්‍යධුරය දැරූ ඉඩම් හා ඉඩම් සංවර්ධන පරිසර හා වනජීවී අමාත්‍යාංශයට අදාල ලිපි ශිර්ෂ  ආදිය භාවිතා කරමින් සිටින බවට තොරතුරු අනාවරණය වෙමින් ඇත. මොහු මේ දිනවල අනුරාධපුර දිස්ත්‍රික්කයේ ” උසස් පෙළට අරුනැල්ල” හා  “දිරිමත්ව දිනවමු දරුවන්” නමින් ශිෂ්‍යත්ව වැඩසටහනක් ක‍්‍රියාත්මක කර තිබේ. ඒ් සඳහා ඉඩම් හා ඉඩම් සංවර්ධන පරිසර හා වනජීවී අමාත්‍යාංශයට අදාල ලිපි ශිර්ෂයෙන් දරුවන්ට ලිපියන් සමඟ අයදුම්පතක් මේ දිනවල ලබා දෙමින් සිටියි. ශිෂ්‍යත්වය ලබා ගැනීමට බලාපොරොත්තු වන පුද්ගලයන් අදාල…

Read More

හදිසියේ රතන හිමිගෙන් උලමා විරෝධයක්!

හදිසියේ රතන හිමිගෙන් උලමා විරෝධයක්!

සම්පත් බැංකුවේ සිදු වු පොඩි සිදුවීමකට සම්පත් බැංකුවේ ගිණුම් ගිනි තියන තත්ත්වයට අද මුස්ලිම් පිරිස පත්ව ඇතැයිද, ජමෙයිතුල් උලමා ගොලුවෝ වගේ සියල්ලටම උඩ ගෙඩි දෙමින් සිටිනවා යැයිද අපේ ජාතික පක්ෂයේ රතන හිමියන් පවසයි. පහුගිය කාලයේ සිදු වූ සහරාන්ගේ බෝම්බ පිපිරීමටත්, රටපුරා මද්‍රසා පාසල් ඇති වීමටත් විශේෂයෙන් සිංහල, දෙමළ වගේ ආහාරයන් බෙදීමටත් වැඩ කළේ ජමෙයි තුල්ලා උලමා බවට රතන හිමියන් චෝදනා කර සිටියි. සමාජකරණයේ එක් අංගයක් වන්නේ ආහාර පාන බවත් ජමෙයි තුල්ලා උලමා කළේ සිංහලයන්ගේ කිසිම ආහාරයක් ගන්න බැරි විදිහට හලාල් සංස්කෘතිය ආරම්භ කළ බවද මෙය සම්පුර්ණයෙන්ම ජමෙයි තුල්ලා උලමා ක්‍රියාකාරකමක්…

Read More

එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වෙයි

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් (WHO) ඇමරිකා එක්සත් ජනපදය ඉවත් කර ගැනීමට එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විධිමත් ලෙස පියවර ගෙන ඇතැයි බීබීසි ලෝක සේවය වාර්තා කරයි කොවිඩ් වසංගතය‍යේ සීග්‍ර ව්‍යාප්තිය සමග ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයේ පාලනය යටතට පවත්ව ඇතැයි ද එනිසා තම රට එම සංවිධානයට සපයන අරමුදල් නතර කරන බව ද, මැයි මස අගදී එක්සත් ජනපද ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය. එහිදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ තම රට ලෝක සෞඛ්‍ය සංවිධානයට විශාලම මූල්‍ය දායකත්වය ලබාදෙන රට බවය. ඒ අනුව බීබීසිය වාර්තා කරන්නේ මේ වනවිට ජනාධිපතිවරයා එම සංවිධානයෙන් එක්සත් ජනපදය ඉවත් කරගැනීමේ ක්‍රියාවලිය ආරම්භ…

Read More

ජපානයේ ගංවතුරෙන් පුද්ගලයන් 50 ක් මිය යයි

ජපානයේ කියුෂු දූපතේ වාර්තාගත වර්ෂාපතනයක් හේතුවෙන් ඇතිවූ හදිසි ගංවතුර තත්ත්වයක් නිසා පුද්ගලයන් බොහෝ දෙනෙකු මියගොස් හෝ අතුරුදන් වී ඇති අතර දිවි ගලවා ගත් අය සෙවීමේ දැඩි උත්සාහයක පොලිසිය සහ ආරක්ෂක අංශ නිරතව සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වර්තා කරයි. ගංවතුරේ බලපෑමෙන් බොහෝ නිවාස ඇතුලු දේපල විශාල ප්‍රමාණයක් විනාශ වී තිබේ. ජපානයේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මින් පෙර නොවූ විරූ වර්ෂාපතනයක් පිළිබඳව පසුගිය සෙනසුරාදා (04) අනතුරු ඇඟවීමක් කළ අතර කියුෂු හි පදිංචිකරුවන්ට උපරිම ලෙස ප්‍රවේශම් වන ලෙස දැනුම් දී තිබේ . ඒ් අනුව ප්‍රාන්ත හතරක් තුළ පදිංචිව සිටි පුද්ගලයින් අවම වශයෙන් 270,000…

Read More

කුසල් මෙන්ඩිස් සහ රිය අනතුරු වන්දි – අථිල අතාවුද

කුසල් මෙන්ඩිස්ගේ රිය අනතුර හා සමගාමීව ඔහු විසින් එම රිය අනතුරෙන් මරණයට පත්වූ පාර්ශවයට ගෙවීමට එකග වූ වන්දි මුදල වූ ලක්ෂ 10 පිළිබදව විවිධාකාර කතිකාවන් සමාජයේ ඇතිවන ආකාරය පෙනේ. එහිදී මිනිස් ජීවිතයක වටිනාකම ලක්ෂ 10ක් වන්නේද යනාදී වශයෙන් ඉතා කෝපාන්විත ප්‍රශ්න යොමු වන ආකාරය මම දුටුවෙමි. එබැවින් ඒ පිළිබදව සංක්ෂිප්ත සටහනක් තැබීම කාලෝචිත යැයි සිතමි. රිය අනතුරකදී අනතුර සිදුකරනු ලබන පුද්ගලයාට ආකාර 2කින් වගකීම ආරෝපණය වේ. අපරාධමය වගකීම එනම් රිය අනතුර සිදු කිරීමෙන් යම් පාර්ශවයකට සිදුකරනු ලබන ශාරීරික හානිය සම්බන්ධයෙන් පැවරෙන අපරාධ වගකීම වේ. මේ පිළිබදව සළකා බලන්නේ මහේස්ත්‍රාත් අධිකරණය…

Read More

තරුණ පරපුරට බැණලා සාහිත්‍යය දියුණු කරන්න බෑ – ලියනගේ අමරකීර්ති

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්යවරයකු වන ලියනගේ අමරකීර්ති මහතා සම්මානනීය නිර්මාණ රචකයකු සේම විචාරකයකු ලෙස ද ප්‍රකටය. පරිවර්තකයකු, ශාස්ත්‍රීය කෘති රචකයකු, කවියකු, ළමා කෘති රචකයකු, නවකතාකරුවකු හා කෙටිකතාකරුවකු වශයෙන් ඔහු මෙරට සාහිත්‍යයට අගනා කෘති පෙළක් දායාද කොටදී ඇත. ඔහු රචනා කළ ‘මම දැන් නිදමි’ කෙටිකතා සංග්‍රහයට රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමිවූ අතර ඔහු ලියූ කුරුලු හදවත,  අහම්බකාරක යන නවකතාවලට ස්වර්ණ පුස්තක සම්මානය හිමිවිය. ගෙදර වට සිතියම, ඔහුගේ නවතම කෙටිකතා සංග්‍රහයයි. විදර්ශන ප්‍රකාශනයක් වන එය ඔහුගේ කෙටිකතාවලියෙහි අටවැන්නයි. ඔහු සමඟ මේ සංවාදය ඒ නිමිත්තෙනි. • ඔබගේ කෙටිකතා සංග්‍රහයක් නිකුත් වුණේ වසර…

Read More

බ්‍රසීල ජනාධිපතිටත් කොරෝනා..!

Brazil's President Jair Bolsonaro

බ්‍රසීලයේ ජනාධිපති ජෙයාර් බොල්සනාරෝට කෝවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය වැලදී ඇති බවට ඒරට ‌සෞඛ්‍ය අංශ විසින් තහවුරැ කර තිබේ. ඇමරිකානු ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප්ගේ අඩි පාරේ යමින් සිටි ජෙයාර් බොල්සනාරෝ ද මෙම වෛරසය පිළිබදව ඒතරම් සැලකිල්ලක් නොගෙන දිගටම කටයුතු කළාය. මෙම වෛරසයෙන් වැලකී සිටීම සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලබා දුන් නිර්දේශ හා නිර්ණායකයන්  ඇමරිකානු ජනාධිපතිවරයා මෙන්ම, බ්‍රසීල ජනාධිපතිවරයා ද ඒතරම් මායිම් නොකලාය. ඒමෙන්ම, ඇමරිකානු ජනාධිපතිවරයා මෙන්, ඔහුද බොහෝ ප්‍රසිද්ධ කටයුතු වලදී පවා මුඛ ආවරණ නොපැලදීය. වරෙක ඒරට අධිකරණයක් විසින් ඔහුට මුඛ ආවරණ පලදින ලෙස ද නිර්දේශ කරනු ලැබීය. ඒ් කෙසේ…

Read More