අලුත් පාර්ලිමේන්තුවේ මැති, මැතිණියන්ට වැඩ වරදින ලකුණු!

අලුත් පාර්ලිමේන්තුවේ මැති, මැතිණියන්ට වැඩ වරදින ලකුණු!

මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වන මන්ත්‍රීවරුන් විසින් කරන “අපරාධ චර්යාවන් පිළිබදව” වාර්තා  ඇතුලත් වෙබ් අඩවියක් පවත්වාගෙන යෑමට අපේක්ෂා කරන බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි. ඒ සදහා වන මුලික කටයුතු මේ වන විටත් සිදු කර අවසන් බවයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක පවසන්නේ. මාධ්‍යවේදීන් සඳහා පැවැත්වෙන පුහුණු සැසියක් වෙනුවෙන් සකස් කළ වීඩියෝවක් සිය මුහුණු පොතේ ප්‍රචාරය කරමින් ඔහු ඒ බව සදහන් කර තිබේ. යම් අපේකෂකයන් සතුව අපරාධ චර්යාවන්  පවතින්නේ නම් එය වාර්තා කිරීම මගින් ඔවුන් සම්බන්ධයෙන් නිසි තොරතුරු ජනගත කිරීමට එමගින් හැකි බව මංජුල ගජනායකගේ…

Read More

උපන් බිමේම අනාථයන් වී සිටින වන්නියේ වැසියන්ගෙන් අඛණ්ඩ විරෝධතාවක්!

උපන් බිමේම අනාථයන් වී සිටින වන්නියේ වැසියන්ගෙන් අඛණ්ඩ විරෝධතාවක්!

රාජ්‍ය ආයතන වල කඹ ඇදීම නිසා ගමට අහිමිව ඇති විදුලි බලය සහ පාරම්පරික භූමියේ අයිතිය ලබා ගැනීම සඳහා උතුරේ යුද පීඩිතයන් පිරිසක් අඛණ්ඩ විරෝධතාවක් දියත් කර තිබේ. තාවකාලික අට්ටාලයක වාඩිලාගෙන ජුනි 22 සඳුදා ආරම්භ කළ විරෝධතාවය  අඛණ්ඩව නම වැනි දිනටත් ක්‍රියාත්මක බව උතුරේ වාර්තාකරුවෝ පවසති. ගමට විදුලි බලය ලබාගැනීම සදහා ජනාධිපතිවරයාගේ මැදිහත්වීම ඉල්ලා සිටිමින් මෙලෙස විරෝධතාවයක් ආරම්භ කර ඇත්තේ  වව්නියාව උතුර මරුතෝඩෙයි  ග්‍රාම සේවා වසමට අයත් කාංචනමොටෙයි  ගම්වැසියන් පිරිසකි. යුද්ධයෙන් ජීවිත බේරා ගැනීම සඳහා ගම්බිම් හැර පලා ගොස් සිටියදී වන සංරක්ෂණ බලධාරීන් තමන් සතු ඉඩම් ද අයුතු ලෙස පවරාගෙන ඇති…

Read More

මැතිවරණය මුවාවෙන් පුද්ගලික දත්ත එක් රැස් කිරීමේ කූඨ කුමන්ත්‍රණයක්.

මැතිවරණය මුවාවෙන් පුද්ගලික දත්ත එක් රැස් කිරීමේ කූඨ කුමන්ත්‍රණයක්.

මහ මැතිවරණය මුවාවෙන් මෙරට ජනතාවගේ පෞද්ගලික තොරතුරු එක් රැස් කිරීමේ ක්‍රියාවලියක් සමාජ මාධ්‍ය හරහා ක්‍රියාත්මක කර තිබේ. විවිධ අපේක්ෂකයින්ට සහාය දක්වන කණ්ඩායම් ලෙස පෙනී සිටිමින් විවිධ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ එක්තරා කණ්ඩායමක් විසින් ජනතාවගේ තොරතුරු මෙලෙස ඒකරාශී කරමින් සිටින බවට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට නිරීක්ෂණය වී තිබේ. මැතිවරණ දින ආසන්න වීමත් සමඟ මෙලෙස පුද්ගලයින්ගේ තොරතුරු එක් රැස් කිරීම ඉහළ යන බවට ඔවුන්ට නිරීක්ෂණය වී ඇති අතර මෙම තත්ත්වය ඉතාම භයානක බවද ඔවුන් පෙන්වා දෙයි. විවිධ දැන්වීම් හෝ කෙටි පණිවිඩ හරහා යොමු කෙරෙන පණිවිඩ වලට තමන් නොදැනුවත්ම තමන්ගේ සියලු පුද්ගලික…

Read More