‘මුස්ලිම් ප්‍රජාවට එරෙහි වෙනස්කම්’, ත්‍රස්ත විරෝධී නීතිය සහ හිජාස් හිස්බුල්ලා

අදින් මාස කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පැවති විභාගයකදී තරුණ නීතිඥවරයෙක් පෑ වාග් පෙළහර එහි සිටි බොහෝ දෙනාගේ සිත් ඇදගැනීමට සමත්විය. රට පුරා මහත් ආන්දෝලනයකට ලක් වූ ඒ නඩු විභාගයේදී ඔහු මතු කළ තර්ක කෙතරම් අවධානයට ලක් වූයේ ද යත් ඔහුගේ මිතුරන් මතු නොව, අධිකරණයේ දී ඔහුගේ ප්‍රතිවාදීන් වූ සගයින් ද ඔහු පැසසීමට පසුබට නොවූහ. නඩුව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් නීති විරෝධී ලෙසින් අගමැතිවරයා පදවියෙන් පහකොට පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීමට එරෙහිව පැවති මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳ විභාගයයි. එම තරුණ නීතිඥයා පෙනී සිටියේ ජාතික මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල්…

Read More

ඇතුළේ මීටරයක් තියා , සෙන්ටිමීටරයක් වත් ඈතින් ඉන්න අමාරුයි – නීතිඥ සේනක පෙරේරා

නීතිඥ සේනක පෙරේරා – සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව

නීතිඥ සේනක පෙරේරා – සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ඔබ සමාජයෙහි කිසිම ගෞරවයකට ලක් නොවෙන කණ්ඩායම්වල අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින කෙනෙක්. කොවිඩ්-19 වසංගතය හමුවේ එවැනි ජන කණ්ඩායම් විශේෂ පීඩාවක් විඳිනවාද? සමාජීය වශයෙන් කුණු බක්කියට වැටුණ, කොන්වුණ, ජන කණ්ඩායම් රැසක් ඉන්නවා. මේ අය සංස්කෘතික ජන කණ්ඩායම්වලට වඩා පීඩාවට ලක්වුණ පීඩිත ජන කණ්ඩායම්. විශේෂයෙන්ම සිරකරුවන්, ලිංගික ශ්‍රමිකයන්, සනීපාරක්ෂක කම්කරුවන් ආදි විවිධ කොටස් ඉන්නවා. මේ අය කොවිඩ්-19 වගේ ආර්ථික කඩාවැටීමක්, බලපෑමක් ඇතිවුණාම ඒ බලපෑමෙනුත් පීඩා විඳිනවා. ඒ වගේම ඔවුන්ගේ අනන්‍යතාව නිසාත් පීඩාවට ලක්වෙනවා. ඒ අනුව ඔවුන් දෙපැත්තකින් පීඩාවට ලක්වෙමින් ඉන්නවා. රජය ක්‍රියාත්මක කරන සුභසාධන…

Read More

අපේකම හා සදාචාර පද්ධතිය -බැසිල් ප්‍රනාන්දු

‘‘හෝමෝසේපියන්ස්’’ නමින් හදුන්වනු ලබන මානවයා ඇතිවීමත්, ඉන් පසු දීර්ඝ කාලයක් ඔස්සේ එම මානවයන්ගේ අත්දැකීම් හා කල්පනා ධාරාවන් තුලින් වර්ධනය වූ ආධ්‍යාත්මික ගතිගුණත්, පසු කාලීනව ඇති වූ සියල්ලන්ගේම දායාදයක් බවට පත් විය. එම දායාදය ඉතාමත් පොහොසත් කාලයකට එලබෙන්නේ එම මානවයන් අතර ඇති වූ ආචාරධර්මයන් හෙවත් සදාචාරයන්ගේ වර්ධනයත් සමගය. ඇත්තෙන්ම එම මානවයන්ගේ සාමූහිකත්වයේ ඇගිලි සලකුණ වන්නේ එම සදාචාර පද්ධතියයි. අප‍්‍රිකාවෙන් උපත ලැබූ එම මානවයා ලෝකයේ බොහෝ දිසාවලට ගමන් කලහ. ඉන් පසු ඔවුහු යම් යම් දේශවලට අවතීරණව එම දේශවල තිබූ සම්පත් යොදා ගනිමින් තමන්ගේ පැවැත්ම කරගෙන ගියහ. එම පැවැත්මේ දී මෙම මානවයා තුල…

Read More

ආණ්ඩුවට මේ තත්වය වාසිදායකයි – ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි

ආණ්ඩුවට මේ තත්වය වාසිදායකයි – ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි

කොරෝනා වසංගතයෙන් පසු ලෝකයම වෙනස් වේවි කියන අදහස සාකච්ඡාවට ලක්වෙනවා. ඉදිරිය ගැන ඔබේ අදහස මොකක්ද? ඇත්තටම කියනවා නම් මට වෙනස් වීමේ සාකච්ඡාව ගැන උනන්දුවක් නෑ. ලංකාවෙත් එහෙම සාකච්ඡාවක් තියෙනවා. මට එහෙම උනන්දුවක් නැත්තේ හේතු කිහිපයක් නිසා. මම හිතනවා සාමාන්‍යයෙන් කොහොමත් ලෝකය වෙනස් වෙන බව. මේ කාලයේ ඉක්මනට වෙනස් වෙනවා. අවුරුදු විස්සකට කලින් තිබුණ ලෝකය නෙවෙයි දැන් තියෙන්නේ. දැනටමත් ලෝකය වෙනස් වෙනවා. ජාත්‍යන්තර ගමන් බිමන් අඩු වෙනවා. පිටරටවල ගිහින් කරපු සමුළු ආදිය දැන් අන්තර්ජාලය හරහා කරනවා. මෙවැනි බලපෑම් ගොඩක් තියෙනවා. එවැනි සිදුවීම් නිසා වෙනත් බලපෑම් සිද්ධවෙන්න පුළුවන්. ඒකෙන් ආර්ථිකයට විශාල බලපෑමක්…

Read More

අපේකම යනු කුමක්ද? – බැසිල් ප‍්‍රනාන්දු

මේ දිනවල අපේකම පිළිබදව වැදගත් සාකච්ඡාවක් නිර්මාණය වෙමින් පවතී. මෙයට එක් ප‍්‍රධාන හේතුවක් වන්නේ දැනට ලංකාෙව් සමස්ථ ජනතාව තුලම ලංකාෙව් ප‍්‍රාග් ඉතිහාසය පිළිබද ගෙව්ශණ වල සොයා ගැනීම් පැතිරීමට පටන්ගෙන තිබෙන නිසාය. මෙය අතිශයින් වැදගත් වන සාකච්ඡාවක මුල් අවධියකි. මේ නිසා අපේකම යන්න පිළිබද අදහස ලංකාෙව් විකාශනය වී ඇති ආකාරය පිළිබදව කල්පනා කිරීම වටී. ඉතිහාසයේ ප‍්‍රධාන අවධීන් හිදී මෙම අදහස පිළිබදව වෙනත් අර්ථකතනයන් පැවතී ඇති බව පෙනී යයි. අපේකම පිළිබද අදහසේ විකාශනය පහත සදහන් අවධීන් තුලින් සිදු වූ බව පෙනී යයි. පළමු වන අවධිය ලංකාවට ආදිවාසී කණ්ඩායම් දැනට අවුරුදු එක් ලක්ෂ…

Read More

ආදිවාසීන් විසින් ලංකාවට දායාද කල මහා උරුමය – බැසිල් ප්‍රනාන්දු

ආදිවාසීන් කිසිදු සංස්කෘතික උරුමයක් ලංකාවට එකතුකර නැත යන පදනම මත ලංකාෙව් ඉතිහාසය බොහෝදුරට ලියවී ඇත. එහෙත් ලංකාෙව් ආදිවාසීන් ජීවත් වූ කාලය, ඉන්පසු ඇති වූ කාලයට වඩා ඉතා ගැඹුරු සාධනීය සාධකයන් ලංකාෙව් සංස්කෘතියට උරුමකර දී ඇති බව ඉතා පැහැදිලිව පෙන්නුම් කල හැකිය. මෙවනි සුලු ලිපියකින් එම කාර්ය කල නොහැකි නමුත් කෙටියෙන් එම බලපෑම සිදු වූ ආකාරය පෙන්නුම් කල හැකිය. ආදිවාසී යුගය පුරාම පවතින්නේ පරිසර හිතකාමී පැවැත්මක් හා චින්තන ක‍්‍රමයකි. එම කාලය තුල ස්වභාවධර්මය හෝ ශ‍්‍රමය සූරා කෑම තුලින් ධනය එකතු කිරීම පිළිබද සංකල්පය නොපැවතින. එසේ පැවතීමට හේතුවක් තිබුනේද නැත. කෙටියෙන් කීවොත්…

Read More

අයිතිවාසිකම් වෙනුවෙන් කතාකරන කාන්තාවන් දිහා බලන්නේ වපරැහින් – ආචාර්ය දීපිකා උඩුගම

Human Rights commission in sri lanka

මානව හිමිකම් කොමිෂන් සභාව ජාත්‍යන්තර කාන්තා දිනය සමරන්නට සැලසුම් කරලා තියෙන්නේ කෙලෙසද? ජාත්‍යන්තර දින සමරනකොට උත්සවයකට සීමා නොකර සමාජයට ප‍්‍රතිඵලයක් ඇතිවෙන විදියට ඒවා සමරන එක තමයි අපේ අරමුණ. මේ ජාත්‍යන්තර දිනයන් ඒ ඒ ක්ෂේත‍්‍ර වලට තියෙන ප‍්‍රශ්න ගැන සංවාදයක් ඇති කරගන්න හරිම වැදගත්. ඒ නිසා අපි වාර්ෂිකව ජාත්‍යන්තර කාන්තා දිනය විවිධ තේමා යටතේ සැමරුවා. අපි යම් ජන කොටසක් පීඩාවට ලක් වන විට මේ වගේ ආයතනයක් ඔවුන්ව හඳුනාගෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් හා සමාජයීය වශයෙන් හිමි අයිතිවාසිකම් ලබාගන්නට හයියක් දෙන්න  ඕනෑ. එහෙම වෙනකොට ඒ ක්ෂේත‍්‍රවල පිබිදීමක් ඇති වෙනවා. ඒ නිසයි මේ වගේ ස්වාධීන…

Read More

කොවිඩ්-19 ගැන වැරදි වාර්තා ලැබුණේ සාම්පල් පිටට යවපු නිසා – රවී කුමුදේශ්

කොවිඩ්-19 ගැන වැරදි වාර්තා ලැබුණේ සාම්පල් පිටට යවපු නිසා - රවී කුමුදේශ්

පිළියන්දල මාළු වෙළෙන්දෙක්, බණ්ඩාරණායකපුර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, යුධ හමුදා සෙබළෙක්, ජාතික රෝහලේ නිලධාරිනියක් ඇතුළු සැලකිය යුතු පිරිසකට කොවිඩ්-19 රෝගය ඇති බව පීසීආර් පරීක්ෂණ ප‍්‍රතිඵල වලින් තහවුරු වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියනු ලැබීය. එහෙත් පසුව සෞඛ්‍ය අමාත්‍යාංශයම කීවේ ඒ අයට කොවිඩ්-19 රෝගය නැතැයි පසුව ලැබුණු වාර්තාවකින් තහවුරු වූ බවය. මෙය සාමාන්‍ය පුරවැසියන්ට මහා අපභ‍්‍රංශයක් වී තිබේ. මෙතෙක් කොවිඩ්-19 පිළිබඳව ලැබී ඇති දත්ත ගැනද සැකයක් ඇතිව තිබේ. කොවිඩ්-19 රෝගය ඇති බවට වැරදි වාර්තා බොහොමයක් ලැබී ඇත්තේ ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායනාගාරයෙන්ය. දැන් ඇතිව තිබෙන ආන්දෝලනය ඇතිවීමට පෙර සිටම ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායනාගාරය ඇතුළු…

Read More

ජන ජීවිතයේ අතීතය – බැසිල් ප්‍රනාන්දු

ලංකාෙව් අතීත ඉතිහාසය කොපමන කාලපරිච්ඡේදයකට දිව යන්නේද යන ප‍්‍රශ්ණය පැන නැගුවහොත් ඊට ක්ෂනිකවම ලැබෙන පිළිතුර වන්නේ ලංකාවට අවුරුදු 2500 වැඩි ඉතිහාසයක් පවතින බවයි. මෙය බොහෝ දුරට නීර්ණය කර ඇත්තේ විජය රජු හා ඔහු සමග පැමිණි කණ්ඩායම පැමිණි දින සිට පටන්ගන්නා ඉතිහාසයක් වශයෙනි. විජය රජු පිළිබද මිත්‍යා කතා වටා ඇත්තේ ලංකාවට සංක‍්‍රමණිකයන් පැමිනීමත්, එම සංක‍්‍රමණිකයන් අතරින් පටන්ගත් ඉතිහාසයක් ලංකාෙව් පහළ වූ බවය. එහෙත් ඉතිහාසය පිළිබදව වර්තමානයේදී කරනු ලබන සාකච්ඡාවල් එයට බොහෝ ඈත කාලයක් පිළිබදව කෙරෙන කතාවක් සේ පවතී. ලෝකයේ පැවැත්ම වසර බිලියන ගනනාවකට පෙර සිදුවූවක් සේ අද විද්‍යාත්මකව පිළිගනු ලබයි. එහි…

Read More

ජනතා ඉතිහාසයක අවශ්‍යතාවය – බැසිල් ප‍්‍රනාන්දු

ඉතිහාසය නායකයන්ගේ හා බලවතුන්ගේ ක‍්‍රියාකාරකම් පිළිබදව සටහනක් සේ සැලකීම සාමාන්‍ය සිරිතකි. එවැනි ආකාරයේ ඉතිහාසය ලිවීම බොහෝ කාලයක් පුරාම පැවත ඇත. විවිධ රජවරුන්ගේ හෝ බලවත් සෙනෙවියන්ගේ හෝ පසු කාලීනව රාජ්‍ය නායකයන්ගේ කෙරුම්කාරකම් පිිළිබදව ලියවී ඇති ඉතිහාස ග‍්‍රන්ත අපමණය. ඉතිහාසය හුදෙක් රජවරුන්ගේ හා බලවතුන්ගේ ක‍්‍රියාකාරකම් පිළිබදව සටහනක් නොවන බවත්, සමාජයන්හි විසූ මිනිසුන් කලකී හා හිතූදේ බවත් ලිවීම, ඓතිහාසික ක්ෂේත‍්‍රයට එලබුනේ මෑත කාලයේදීය. මේ අනුව ඇමරිකානු ඉතිහාසය සම්බන්දයෙන් ජනතා ඉතිහාසය ලියවී ඇති අතර ඒ තුලින් සාමාන්‍ය ඉතිහාස ග‍්‍රන්ත වලට ඇතුලත් නොවන බොහෝ කරුනු හෙලිදරව් විය. මේ ආකාරයටම ඉන්දියාව තුලද ඉතිහාසය පිළිබදව, ලිවීම පිළිබදව…

Read More