පාර්ලිමේන්තුව වහා කැඳවන්න : එම්.ඒ. සුමන්තිරන්

පාර්ලිමේන්තුව වහා කැඳවන්න : එම්.ඒ. සුමන්තිරන්

පවතින වසංගත තත්වය හමුවේ වහා පාර්ලිමේන්තුව කැඳවිය යුතු බව දෙමළ ජාතික සන්ධානයේ ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීතිඥ එම්.ඒ. සුමන්තිරන් ප‍්‍රකාශ කරයි. අප්‍රේල් 01 වැනිදා යූටියුබ් වෙබ් අඩවියට වීඩියෝවක් එකතු කරමින් ඔහු මේ බව පවසා තිබේ. හදිසි තත්වයක් යටතේ, විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව යළි කැඳවීමේ හැකියාව ජනාධිපතිවරයාට තිබෙන බව එම්.ඒ. සුමන්තිරන් මහතා එහිදී පෙන්වාදුන්නේය. හදිසි තත්වය ඉවත්වන තුරු පාර්ලිමේන්තුව රැස් කළ හැකි බවද ඔහු සඳහන් කළේය. බොහෝ රටවල් මේ හදිසි අවස්ථාවේ පාර්ලිමේන්තුව රැස් කරවා අත්‍යවශ්‍ය නීතිරීති සම්මත කරගත් බව ඔහු කියයි. මෙය ඉතා වැදගත් තත්වයක් බවත්, මෙය පෙර අපේක්ෂා නොකළ තත්වයක්…

Read More